WFTW Body: 

මිනීමස් කන ගෝත්‍රිකයින්ගේ නිවහන වූ දකුණු පැසිෆික් සාගරයේ දූපත් බොහෝමයකට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය ප්‍රචාරය කිරීමට තම ජීවිතය කැප කළ මිෂනාරිවරයෙකුගේ ජීවිත කථාව මම මෑතකදී කියවමින් සිටියෙමි. බොහෝ දුෂ්කර පීඩා මැද ස්වාමීන් වහන්සේ ඔහුව ගළවා ගත් ආකාරයත්, ඔහුව ශක්තිමත් කර, ධෛර්යමත් කළ ආකාරයත්, ඔහුව සැණසූ ආකාරයත් දැකීමෙන් මා උද්‍යෝගිමත් වුණෙමි. ඒ වගේම මගේ හදවතේ ආශාවන් නැඟී එන බවත්, එවැනි සාක්ෂියක් මගේ ජීවිතයේ අද දවසේ මට දිය හැකි දේට වඩා විශේෂ යැයි සිතීමේ පෙළඹවීමක් ද මම දුටුවෙමි.

නමුත් ස්වාමීන් වහන්සේ මට ඉතා වැදගත් සත්‍යයක් මතක් කිරීමට එම අත්දැකීම භාවිතා කළසේක. මට දිය හැකි වැදගත්ම සාක්ෂිය මම මගේ තොල්වලින් අනෙක් මිනිසුන්ට දෙන සාක්ෂිය නොවේ; ඒ වෙනුවට, මම ස්වර්ගීය ස්ථානවල සිටින පාලකයින්ට සහ බලධාරීන්ට මාගේ ජීවිතයෙන් දෙන සාක්ෂිය වේ.

…..ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයෙහි සභාව කරණකොටගෙන උන්වහන්සේගේ අනේකවිධ ප්‍රඥාව දැගන්ට ලැබෙන පිණිසය (එපීස 3:11).

සාතන්, ඌට චෝදනා කළ හැක්කේ කාටදැයි සොයමින් පොළොව පුරා ගමන් කරන බව බයිබලයේ මුල්ම වාර්තා වලින් අපට පෙණේ (යෝබ් 1: 6), තවද සාතන්ව ප්‍රතික්ෂේප කර ඌ වැරදිය කියා පෙන්වා දිය හැකි දෙවියන් වහන්සේ ඉදිරියේ ජීවත් වන පිරිමින් සහ කාන්තාවන් උන්වහන්සේ සොයන බවත්, මිනිසා මැවීමේ දෙවියන් වහන්සේගේ උදාර සැළැස්මේ ප්‍රඥාව පෙන්වීමටත් බව අපට පෙණේ (යෝබ් 1: 8).

“සියළුම නොසන්සුන්ථාවයන් ඇති වන්නේ උඩඟුකම නිසා ය. එබැවින් අප දෙවියන් වහන්සේගේ විශ්‍රාමය නොමැති බව දැණෙන සැමවිටම, අප එය බරපතළ ලෙස ගත යුතු ය”.

නමුත් එය දැන ගැනීමෙන් පසුව පවා, මගේ ජීවිතයෙන් ස්වාමින් වහන්සේව මහිමයට පත් කරනවාට වඩා, කථා කරන සාක්ෂිය අගය කිරීම තවමත් ඉතා පහසු බව මට පෙනී යයි!

සාක්ෂි දරන ජීවිතයක ලකුණ :

මාගේ ජීවිතය තුළින් දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම ගැන මා සිතන සෑම විටම, මාගේ මතකයට එන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේගේ ජීවිතයෙන් “පියාණන් වහන්සේව ප්‍රකාශ කළ බවය” (යොහාන් 1: 18). අප ක්‍රිස්තුස් වහන්සේ තුළ වර්ධනය වන අතර, එම ප්‍රකාශවීම උදෙසා අප හුදෙක්ම උන්වහන්සේ කථා කරන වචන පමණක් නොව, නමුත් වැඩි වැඩියෙන් යේසුස් වහන්සේගේ ජීවිතය දෙස බැලිය යුතුය. මට නම්, උන්වහන්සේගේ ජීවිතයේ අවස්ථා තුනක පියාණන් පිළිබඳව එකම ගැඹුරු ප්‍රකාශ කිරීමක් ඉදිරිපත් කරයි - එකම දීප්තියේ විවිධ කෝණ - බහුවිධ දියමන්තියක් මෙනි. 

“ඔරුව රළ පහරින් වැසී යන තරමට මුහුදේ මහා කුණාටුවක් ඇති විය. නමුත් යේසුස් වහන්සේම නිදාගෙන සිටීසේක" (මතෙව් 8: 24).

“වහාම යූදාස් යේසුස් වහන්සේ ළඟට ගොස්, ‘රබ්බි, ඔබට ආයුබෝවන්!’ කියා උන්වහන්සේව සිපගත්තේය. එවිට යේසුස් වහන්සේ ඔහුට කථා කොට, ‘මිත්‍රයා, ඔබ කරන්නට ආ දේ කරන්නැ’යි වදාළ සේක. එවිට ඔව්හු ඇවිත් යේසුස් වහන්සේව අල්ලා ගත්හ (මතෙව් 26: 49-50).

“පිලාත් යේසුස් වහන්සේගෙන් ‘ඔබ කොතැනින් දැයි?’ කියා ඇසුවත්, යේසුස් වහන්සේ ඔහුට උත්තර නොදුන්සේක. එවිට පිලාත්, 'ඔබ මට කථා කරන්නේ නැද්ද? ඔබව නිදහස් කිරීමට මට බලය ඇති බවත්, ඔබව කුරුසියේ ඇණ ගසන්නට මට බලය ඇති බවත් ඔබ දන්නේ නැද්ද? යේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්: ‘ඉහළින් ඔබට දෙන ලද්දේ නම් මිස මා කෙරෙහි ඔබට කිසිඳු අධිපත්‍යයක් නැතැයි...’ කීසේක’ (යොහාන් 19: 9-11).

මේ සෑම අවස්ථා තුනෙන්ම මා දකින දෙය නම් යේසුස් වහන්සේ විශ්‍රාමයෙන් සිටී බවයි! උන්වහන්සේ තම පියාව විශ්වාස කළ නිසා උන්වහන්සේට කුණාටුවක් තුළදිත් නිදා සිටීමට හැකි වූසේක. කුසළානය පැමිණියේ තම පියාගෙන් බව උන්වහන්සේ දුටු නිසා, උන්වහන්සේට යූදාස්ව උන්වහන්සේගේ 'මිතුරෙකු' ලෙස හැඳින්වීමට හැකිවූසේක. උන්වහන්සේ තම පියාණන්ගේ උත්තරීතර ආධිපත්‍යය කෙරෙහි විශ්වාසය තැබූ නිසා උන්වහන්සේට භූමික පාලකයින්ට එරෙහිව නැඟී සිටීමට හැකිවූසේක. උන්වහන්සේගේ ජීවිතයේ සාක්ෂිය ප්‍රේමණීය, බලවත් ස්වර්ගික පියෙකු තුළ සම්පූර්ණවූ "විශ්‍රාමයක" සාක්ෂියකි!

දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න, අද අපටද එම සාක්ෂියම දැරිය හැකිය. මිහිපිට කිසිවකු නොදුටුවත්, අප වචනයක් නොකීවත් (යේසුස් වහන්සේ ඔරුවේ නිදා සිටියදී කථා නොකළාක් මෙන්) එසේ වුවද ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ගේ උත්තරීතර විශ්වාසනීභාවය, අපගේ ජීවිත ස්වර්ගීය ස්ථානවල පාලකයින්ට සහ බලධාරීන්ට දෙන සාක්ෂියක් විය හැකිය.

අප එම සාක්ෂිය දරන්නේ කෙසේද? අප මුහුණ දෙන කුණාටු මැද, අප යේසුස් වහන්සේ අසල බෝට්ටුවේ වැතිර සිටිමු. ශුද්ධාත්මයාණන් නොමැති ගෝලයින්ට කුණාටුව පහව යන තුරු විශ්‍රාම ගැනීමට නොහැකි විය. නමුත් කුණාටුවට පෙර සහ කුණාටුව තුළ පවා අපට යේසුස් වහන්සේ සමඟ විශ්‍රාම ගත හැකිය. යේසුස් වහන්සේ මෙන්, පාවා දෙන්නන්ගේ ප්‍රහාර මධ්‍යයේ අප ආරක්ෂා වීම ප්‍රතික්ෂේප කරමු. ශුද්ධාත්මයාණන් නොමැති ගෝලයින්ට, සටන් කිරීමේ පෙළඹවීමට විරුද්ධ විය නොහැකි විය; නමුත් අපට අසාධාරණයක් වන විට යේසුස් වහන්සේ සමඟ දෙවියන් වහන්සේට අපව භාර දිය හැකිය. උසස් බලධාරීන් විසින් අපට එරෙහිව ගෙන එන අභියෝග මධ්‍යයේ, යේසුස් වහන්සේ කළාක් මෙන්, දෙවියන් වහන්සේ අවසාන බලධාරියා වීම ගැන අපි සැණසීමක් ලබන්නෙමු.

මාගේ කුඩා බෝට්ටුවට කුණාටුව පහර දෙන අතරවාරයේ "යේසුස් වහන්සේ සමඟ ඔරුවේ වැතිර සිටින්න" කියා බොහෝ වාරයක් ස්වාමින් වහන්සේ මට ආරාධනා කර ඇත. විශේෂයෙන් මට අභියෝග කළ කරුණු දෙකක් නම්:

විශ්‍රාමය විකල්පයක් නොවේ :

 

"එබැවින්, උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුල්වීමේ පොරොන්දුවක් ඉතිරිව තිබියදීත්, නුඹලාගෙන් යමෙකුට එය හීන වීම නිසා යම් මදිකමකින් ඊට පැමිණෙන්ට බැරිවූ බැව් පෙණේදෝ කියා භයවෙමු" (හෙබ්‍රෙව් 4: 1).

මා සියලු නොසන්සුන්ථාවයන් ඉතා බරපතළ ලෙස ගත යුතුය. සියළුම නොසන්සුන්ථාවන් ඇති වන්නේ උඩඟුකම නිසා බව මෑතකදී අපගේ සභා රැස්වීමකදී අපට අසන්නට ලැබුණි. එබැවින් අප දෙවියන් වහන්සේගේ විශ්‍රාමය නොමැති බව දැණෙන සැමවිටම, අප එය බරපතළ ලෙස ගත යුතු අතර, උන්වහන්සේගේ විශ්‍රාමයෙන් අපව වළක්වන උඩඟුකම ගැන ආලෝකය ලබා දෙන මෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුය. බයිබලයේ පවසන්නේ “අපට එය අඩු වී ඇති බව පෙණේ නම් අපි බිය වෙමු” කියායි. එබැවින් කුඩා ලෙස හෝ තිබෙන නොසන්සුන්ථාවයන් අප බරපතළ ලෙස ගත යුතුය! 

විශ්‍රාමය යනු කම්මැලිකම නොවේ :

පොරොන්දු වූ විශ්‍රාමය මම කිසිවක් නොකරමි යන අරුතට සූක්ෂම ලෙස විකෘති කිරීමට මගේ මාංශය උත්සාහ කරන බව මම දුටුවෙමි. එය වැරදිය. ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්‍රාම ගැනීම යන්නෙන් අදහස් කරන්නේ අප කිසිවක් නොකර වාඩි වී සිටීම නොවේ. ඒ වෙනුවට, එයින් අදහස් කරන්නේ අපගේ සියලු ක්‍රියාවන් හට (යේසුස් වහන්සේගේම සිද්ධියේදී මෙන්) අපගේ පියාණන්ගේ සදාකාලික ප්‍රේමය සහ සැළකිල්ලෙන් උපකාර කරන බවයි.

දෙවියන් වහන්සේ මට උන්වහන්සේගේ විශ්‍රාමයට ආරාධනා කරන මේ කාලය තුළ, මගේ ලෞකික වැඩ වැනි “සුළු සුළු” කාරණාවලදී පවා වඩාත් කඩිසරව හා වඩා අවධානයෙන් සිටින ලෙස උන්වහන්සේ මට අණ කර සිටින සේක.

නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන් වහන්සේට මෙන් ඔබේ හදවතින්ම කරන්න.” (කොලොස්සි 3: 24).

එබැවින් විශ්‍රාමය පිළිබඳ සියලු වැරදි අර්ථ දැක්වීම් ප්‍රතික්ෂේප කිරීමටත්, උන්වහන්සේ අපට පොරොන්දු වූ සැබෑ විශ්‍රාමය සඳහා ආශාවෙන් යේසුස් වහන්සේ වෙතට පැමිණීමටත් මට අවශ්‍යය. මට අවශ්‍ය වන්නේ නොසන්සුන්ථාවයෙන් සිටීම ප්‍රතික්ෂේප කිරීමටත්, සතුරා මට ලබා දිය හැකි ඕනෑම ව්‍යාජ “විශ්‍රාමයක්” ප්‍රතික්ෂේප කිරීමටත් ය.

“වෙහෙසට පත්ව සිටින, බර උසුලන සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබට විශ්‍රාමය දෙමි. මාගේ වියගහ ඔබ කරට ගෙන මගෙන් ඉගෙන ගන්න, මක්නිසාද මා මෘදු හා යටහත් හදවතකින් යුක්ත බැවින්, ඔබ ඔබේ ප්‍රාණයට විශ්‍රාමය සොයා ගනු ඇත. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බර සැහැල්ලුය.” (මතෙව් 11: 28-30).