WFTW Body: 

1993 අගෝස්තු මාසේ දවසක මාව මගේ මෝපෙඩ් පැදියෙන් රේල් පාරට විසිවී වැටුනු විට දෙවියන් වහන්සේ මගේ ජීවිතය ආරක්‍ෂා කළ සේක. රේල් ගේට්ටුව ක්‍රියාත්මක කළ කෙනා ආධුනිකයෙක් වූ නිසා මම රේල්පාර එතර වෙන්න කලින් දෙවැනි බාර් එක පහත් කළ නිසා ඒක මගේ පපුවට වැදී මාව බිම ඇද වැටුණි. මම ටික වේලාවක් සිහිසුන්ව රේල් පාරේ වැතිර සිටියෙමි - කොපමණ වේලාවක් එසේ වැටී සිටියේ දැයි මම නොදනිමි. කෝච්චියක් එන්න කලින් කවුරුහරි මාව ඔසවාගෙන තිබෙනවා. මට දැන් දැනෙන්නේ මළවුන්ගෙන් නැවත පැමිණි කෙනෙකු ලෙසයි (මන්දයත් මගේ වැටීම මාරාන්තික විය හැකි නිසා).

මගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ මම දෙවියන් වහන්සේට ණයගැති බව එය මට නැවුම් මතක් කිරීමක් විය. මට මගේ කාලය හෝ ශක්තිය හෝ මුදල් මා කැමති පරිදි වියදම් කළ නොහැක. මම කැමති දේ මට කියවන්න බැහැ. මට කැමති ඕනෑම දෙයක් කතා කරන්න බැහැ. දෙවියන් වහන්සේව මහිමයට පත් කරන දේ මත සෑම දෙයක්ම තීරණය කළ යුතුය. එවන් ජීවිතයක් ජීවත් වීමට අපහසුවක් නොවනු ඇත (සාතන් අපව විශ්වාස කිරීමට යොමු කරන පරිදි), නමුත් ඕනෑම කෙනෙකුට ජීවත් විය හැකි වඩාත්ම තේජාන්විත ජීවිතය එය වනු ඇත - මන්ද අපගේ ස්වාමින් වහන්සේ ජීවත් වූ ආකාරය එයම වේ. ඔබටත් මාරක රිය අනතුරුවලට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් ඇති. නමුත් දෙවියන් වහන්සේගේ දූතයන් ඔබව ආරක්‍ෂා කළා. එබැවින් දෙවියන් වහන්සේට ඔබේ ණය ද ඒ හා සමාන වේ. අපගේ ජීවිත ආරක්‍ෂා කිරීම ගැන ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. මළවුන්ගෙන් උත්ථාන වූවන් ලෙස ජීවත් වෙමු.

අනතුරෙන් පසු උළුක්කු වූ මගේ අත සහ උරහිස 95% ක් සාමාන්‍ය තත්ත්වයට පැමිණියේ අනතුරෙන් සති 3 ක් ඇතුළතය. ඒක ආශ්චර්‍යයක්, ඒකට මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ සති 3 තුළ මම ඉගෙන ගත්ත දෙයක් තමයි ජීවිතයේ සාමාන්‍ය දේවල් සුළුවට නොගැනීම - දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන විට මගේ අත උස්සන්න පුළුවන්කම පවා මට ඒ සති 3 තුළ කරන්න බැරි වුණා. වසර 54 කට පසු පළමු වතාවට මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන විට මගේ අත් දෙකම එසවීමට හැකි වූ භාග්‍යය ගැන දෙවියන් වහන්සේට ස්තූති කළෙමි. එතෙක් මම ඒ ක්‍රියාමාර්ගය ගත්තෙ සාමාන්‍ය දෙයක් විදිහටය. ඇස්, කන්, දිව වැනි මගේ ශරීරයේ වෙනත් බොහෝ කොටස් ද භාවිතා කිරීම ගැන මවිසින් ස්තූතිවන්ත වීමට එය මා යොමු කළේය.

සෑම දෙයකටම දෙවියන් වහන්සේට ස්තුති කිරීමට අප ඉගෙන ගත යුතුය. මාළුවාගේ බඩේ සිටින විට යෝනාගේ යාච්ඤාව වඩාත් උපදේශාත්මකය ( යෝනා 2 ). එය පටු ස්ථානයක් වුවද, මාළුවාගේ බඩේ අම්ල ඔහු මතට වැටුණත්, යෝනා ඔහුට එහි සිටීමට ඉඩ දීම ගැන ස්වාමීන් වහන්සේට ස්තුති කළේය. ඔහු ස්වාමීන් වහන්සේට ස්තුති කිරීමට පටන් ගත් විට පමණක්, යෝනා වියළි බිමට වමාරන ලෙස ස්වාමීන් වහන්සේ මත්ස්‍යයාට අණ කළ සේක ( යෝනා 2:9,10 ප්‍රවේශමෙන් කියවන්න).

එබැවින් ඔබේ නිවස හෝ ආහාර හෝ වාතාවරණයන් ගැන කිසි විටෙකත් පැමිණිලි නොකරන්න. ස්තූතිවන්ත වන්න. බොහෝ දරුවන් පුළුල් ලෝකයට ගොස් ජීවිතය කෙතරම් කටුකදැයි දැන ගන්නා තෙක් තම දෙමාපියන්ට සහ තම නිවසට ස්තුතිවන්ත වන්නේ නැත. ස්තුතිවන්තකමේ ආත්මයකට ඔබව බොහෝ සිරගෙවල්වලින් ගලවා ගත හැකිය - යෝනාව නිදහස් කළාක් මෙන්.

හිමිකම් -Zac Poonen – [email protected]