WFTW Body: 

පසුගිය සති කිහිපය තුළ අපි ගෝලයින් වීමේ කොන්දේසි දෙස බලමින් සිටියෙමු. මෙම කොන්දේසි බෞතීස්මය උදෙසා වූ පූර්වාවශ්‍යථාවයන් වේ. මතෙව් 28: 19 හි ඇති මහා ආඥාව වෙත ආපසු යමින්, යේසුස් වහන්සේ පැවසුවේ, "ඔබ ඔවුන්ව ගෝලයින් කළ පසු, ඔබ ඔවුන්ව පියාණන්ගේ, පුත්‍රයාණන්ගේ සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් බෞතීස්ම කළ යුතුයි" කියාය.

“බෞතීස්මය යනු පුද්ගලයෙකු තමන්ගේම කැමැත්ත කිරීම මරණයට පත්කිරීමට දැනටමත් තෝරාගෙන ඇති බවට තිබෙන සංකේතයක් පමණි ”

වෙනත් වචන වලින් කිවහොත්, අපි පුද්ගලයෙකු බෞතීස්ම කිරීමට පෙර, අපි ඔවුන්ට ගෝලයෙකු වීමේදී හිමිකම් පෑමට අවශ්‍ය කාරණා ඉදිරිපත් කළ යුතු අතර, " ඔබ ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙනවිට, ඔබ මළ පසු ස්වර්ගයට යාමට පමණක් අප ඔබට ආරාධනා නොකරන්නෙමු. ඔබගේ පාප කමා කර ගැණීමට පමණක් අප ඔබට ආරාධනා නොකරන්නෙමු. අප ඔබට ආරාධනා කරන්නේ යේසුස් වහන්සේ ඔබගේ ජීවිතයේ ස්වාමියා කරගන්නා ලෙසයි. ඔබ සතියකට වරක් ඉඳහිට බලන්නට යන කෙනෙකු ලෙස නොව, නමුත් ඔබගේ ස්වාමිපුරුෂයා වන්නට යන කෙනා ලෙසටයි."

කාන්තාවක් විවාහ වූ විට, ඇය තම දෙමාපියන්ගේ නම පවා අතහැර දමා, ඇය සම්පූර්ණයෙන්ම තම ස්වාමිපුරුෂයා සමඟ එක් වේ. ඇය විය යුත්තේ එලෙස වන අතර, ක්‍රිස්තුස් වහන්සේට අප සෑම කෙනෙකු සමඟම ඇති කර ගැනීමට අවශ්‍ය සම්බන්ධථාවය මෙයයි. ගෝලයෙකු වීමේ අදහස වනුයේ මෙයයි. “මට මගේ ස්වාමිපුරුෂයා සමඟ ගත කිරීමට ඇත්තේ සතියකට එක් දිනක් පමණි” හෝ “මට මගේම ජීවිතයක් ගත කළ හැකි අතර වරින් වර ඔහු හමුවීමට යා හැකිය” යන සිතුවිල්ලෙන් කාන්තාවක් විවාහ නොවිය යුතුය. විවාහයේදී, එය ඇය විවාහ වීමට යන මේ මිනිසා කෙරෙහි වන සම්පූර්ණ කැපවීමක් බවට වන සත්‍යයෙන් ඇයව දැණුවත් කළ යුතුය.

ශුභාරංචිය දේශනා කිරීමේදී පවා, කිතුණු ජීවිතයට සම්පූර්ණ කැපවීම අවශ්‍ය බව අප දේශනා කරන මිනිසුන්ට විස්තර කරන ආකාරයෙහි පැහැදිළි බවක් තිබිය යුතුය. එහි තේරුම ගෝලත්වයයි. එහි අර්ථය ස්වාමීන් වහන්සේ අනුගමනය කිරීමයි. ඒ සඳහා සූදානම් අය බෞතීස්ම වීමට සූදානම්ය. පුද්ගලයෙකු පරිපූර්ණ වන තෙක් අපි බලා නොසිටින්නෙමු, නමුත් අපි ඔවුන්ට ගෝලයෙකු වීමේදී හිමිකම් පෑමට අවශ්‍ය කාරණා ඉදිරිපත් කළ යුතු බව පවසන්නෙමු. ඔහු ගැළම්කරුවා සහ ස්වාමින් වහන්සේ ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ මෙම ප්‍රකාශයන් පිළිගන්නා විට, අපි ඔහුව පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් බෞතීස්ම කරන්නෙමු. අපේ සභාවල, අප කෙනෙකුව බෞතීස්ම කරන්න කළින් එම කෙනා ස්වාමින් වහන්සේව අනුගමනය කරන්න කැමතිද කියා බලන්නට යම් කාලයක් ගන්නට කැමැත්තක් දක්වන්නේ ඒ නිසයි.

පීඩා පවතින රටවල හෝ කිතුණුවකු වීම ජනප්‍රිය නොවන රටවල, අපට එතරම් කාලයක් බලා සිටීමට අවශ්‍ය නොවනු ඇත. මුල් කාලයේ, යුදෙව්වෙකුට කිතුණුවකු වීම අතිමහත් පරිත්‍යාගයක් විය (එය අද පවා එලෙසමය), ඒ නිසා ඔවුන්ට ඉක්මනින්ම පාහේ පුද්ගලයෙකු බෞතීස්ම කළ හැකි විය (අප අපෝස්තුළුවරුන්ගේ ක්‍රියාවලින් දකින පරිදි). රූප නමස්කාර කරන්නෙකු තම රූප වන්දනාව අත්හැර කිතුණුවකු වීම යනු ඔවුන්ගේ ඥාතීන් විසින් ඔහුව සම්පූර්ණයෙන්ම කපා හරිනු ලැබීමකි. මේ අනුව, ඔවුන් ගෝලයින් වීමට කැමැත්තෙන් සිටින බව දැන ගැනීම පහසු වූ අතර, එම නිසා ඔවුන්ට ඉතා ඉක්මනින් බෞතීස්ම වීමට හැකි විය. නමුත් වර්තමානයේ, පීඩාවක් නොමැති රටවල, ගෝලත්වයේ ප්‍රකාශයන් පුද්ගලයෙකු තේරුම් ගෙන ඇත්දැයි දැන ගැනීම එතරම් පහසු නැත. ඔහුට හුදෙක්ම ස්වර්ගයට යාමට අවශ්‍ය නිසා ඔහු ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නට ඇත. ගෝලත්වයේ ප්‍රකාශයන් ඔහු වෙත ඉදිරිපත් කර නොතිබිය හැකිය, නැතහොත් ඔහු ඒවා තේරුම් නොගෙන සිටිය හැකිය, නැතහොත් ඔහු ඒවා තේරුම් ගත්තද, ඔහු ගෝලත්වයේ කොන්දේසි සපුරාලීමට කැමති නොවනු ඇත. එවැනි අය බෞතීස්ම කිරීමට අපට අයිතියක් නැත.

පුද්ගලයෙකුට බෞතීස්ම වූ පසු පසුබට විය හැකිය -- එය වෙනත් ප්‍රශ්ණයකි -- නමුත් ගෝලයෙකු වීමේ ප්‍රකාශයන් ආරම්භයේදීම මිනිසුන්ට පැහැදිළි කළ යුතුය. යේසුස් වහන්සේ නිතරම සත්‍යය ප්‍රකාශ කළේ එලෙසයි. ධනවත් තරුණ පාලකයෙකු උන්වහන්සේ වෙත පැමිණ, "සදාකාල ජීවනය උරුම කර ගැනීමට මා කුමක් කළ යුතුද" යනුවෙන් ඇසූ විට, උන්වහන්සේ ධනවත් තරුණ පාලකයාට තමා සතු සියල්ල අත්හරින ලෙස සැබැවින්ම කීසේක. එසේ කිරීමට අකැමැත්තෙන් ඉවත්ව ගිය කල්හි ස්වාමීන් වහන්සේ කිසිවිටෙක ඔහු පසුපස නොගියසේක. ස්වාමීන් වහන්සේ කිසිවිටෙකත් එය පහසු කිරීම සඳහා කොන්දේසි අඩු කිරීමට උත්සාහ නොකළසේක. පියවරෙන් පියවර එන්න කීවේද නැත. උන්වහන්සේ පැවසුවේ, "එය ඒකාන්තමය, ඔබට මා අනුගමනය කිරීමට අවශ්‍ය නම්, ඔබ සියල්ල අත්හැරිය යුතුමය."

බෞතීස්මය වැදගත් වන්නේ, අප රෝම 6 හි කියවන පරිදි, එය එම පරණ මනුෂ්‍යයා භූමදාන කිරීම සංකේතවත් කරන බැවිනි: මාගේ පරණ ජීවන රටාව වන, මූලික වශයෙන් මාගේම කැමැත්ත කිරීම, මා තෘප්තිමත් කරවන දේ කිරීම, මාවම පිණවන දේ කිරීමට හෝ වෙනත් මනුෂ්‍යයින් සතුටු කිරීමට උත්සාහ කිරීම. ඒ පුද්ගලයා, මා තුළ ජීවත් වන එම ආදම්ගේ ස්වාභාවයේ පුද්ගලයා මරණයට පත්වී ඇත. මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසිය මත මගේ ස්ථානය ගෙන ඇති අතර එම ආදම්ගේ ස්වාභාවයේ පුද්ගලයා මරණයට පත්වී ඇත. මම එය පිළිගත් විට, මට බෞතීස්ම විය හැකිය. බෞතීස්මයේ ජලයෙන් පිටතට පැමිණ, මම දැන් අලුත් පුද්ගලයෙකු බවට සාක්ෂි දෙමි. එබැවින් බෞතීස්ම වීම හෝ ගිල්වීම යන්නෙහි තේරුම එයයි. හැරුණාවූ කෙනෙකු සම්බන්ධයෙන් එය සත්‍ය නොවේ නම්, එවිට බෞතීස්මය අර්ථ විරහිත වේ.

ඔබට මිය නොගිය මිනිසෙකු භූමදාන කළ නොහැක, බෞතීස්ම වූ බොහෝ දෙනෙකු මරණයට පත්වී නැත්තේ, ඔවුන් තමකමට මරණය තෝරාගෙන නැති බැවිනි. ඒ වෙනුවට, ඔවුන් චාරිත්‍රයක් ලෙස ජලයට බසී. බොහෝ දෙමාපියන් තම ගෞරවය සඳහා බෞතීස්ම වීමට තම දරුවන්ව උනන්දු කිරීමට කැමතියි. එසේත් නැතිනම් බෞතීස්ම වීමෙන් තම දරුවන් කෙසේ හෝ ලෝකයෙන් ආරක්ෂා වනු ඇතැයි දෙමාපියන් සිතති. එය එසේ නොවන්නේය.

බෞතීස්මය යනු පුද්ගලයෙකු තමන්ගේම කැමැත්ත කිරීම මරණයට පත්කිරීමට දැනටමත් තෝරාගෙන ඇති බවට තිබෙන සංකේතයක් පමණි. ඔහු එවැනි තේරීමක් කර නොමැති නම්, එය තේරුමක් නැති චාරිත්‍රයකි.

©Zac Poonen – [email protected]