WFTW Body: 

එළිදරව් 18: 4 හි පැහැදිළි කරන්නාක් මෙන් - අද බොහෝ දෙවියන් වහන්සේගේ ජනතාව සිටින්නේ බබිලෝනියාවේය. දෙවියන් වහන්සේ එම වාක්‍යයේ ඔවුන්ට පවසනුයේ, මාගේ ජනතාව ඇය වෙතින් එළියට එන්න”. ගැටළුව පවතින්නේ රැළ නොමඟ ගෙනියන ඔවුන්ගේ නායකයන් හා සභා පාලකයන් තුළය. යේසුස් වහන්සේගේ කාලයේ මෙන්, අදද බොහෝ දෙවියන් වහන්සේගේ ජනතාව සැබෑ “එ ඬේ රුන් නැති බැටළුවන් වැනිය” ( මතෙව් 9: 36 ). ටිකක් හිතා බලන්න, යේසුස් වහන්සේ වයස අවුරුදු 12 සිට අවුරුදු 30 දක්වා මෙම ස්ථානවලට ගිය විට, සෑම වසරකම තුන් වතාවක් ජෙරුසලමේ දේවමාළිගාවේ සහ සෑම සතියකම නාසරෙත්හි සිනගෝගයේ දී දෙවියන් වහන්සේව අගෞරවයට පත් කරන්නාවූ හැම දෙයක්ම දකින්නට ඇති. නමුත් උන්වහන්සේ ඒ සියල්ල ගැන කිසිවක් කීවේ හෝ කළේ නැත, මක්නිසාද එය තවමත් දෙවියන් වහන්සේගේ කාලය නොවූ බැවිනි. නමුත් පසුව උන්වහන්සේගේ දේවසේවය සඳහා එම අවුරුදු සහ එම අත්දැකීම් නාසරෙත්හි උන්වහන්සේගේ අධ්‍යාපනයේ වැදගත් කොටසක් විය.

පේතෘස් තුමා විසින් යේසුස් වහන්සේට පැවසූ : අපි එයින් ලබා ගන්නේ කුමක්ද?” යන වචනවලින් බබිලෝනියේ ආත්මයේ සාරය පෙණේ මතෙව් 19: 27 ( ජීවමාන බයිබලයේ පරිවර්ථනය). අප ස්වාමින් වහන්සේ වෙනුවෙන් බොහෝ දේ අත්හැර ඇත්නම්, උන්වහන්සේ අපට මෙළොවෙදී සහ පසුව ස්වර්ගයේ දී විපාක දෙන්නේ කෙසේදැයි අපටද කල්පනා කළ හැකිය. එවිට දේව භක්තිවන්තකම අපටම ළාභය ගෙන දෙන මාධ්‍යයක් හැටියට අපි සිතන අතර අපගේ සිතුවිළි තවමත් අපතුළම-කේන්ද්‍රගත වී ඇති බව එයින් ඔප්පු වෙයි. සමහරුන් තම දේශනා කිරීම් හා ස්වාමින් වහන්සේ උදෙසා කරන සේවය තුළින් මෙළොවේදී මුදල් හෝ ගෞරවය සොයන්නට පුළුවන. තවත් සමහරුන් විපාකයක් හෝ ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය තුළ ස්වර්ගයේ ස්ථානයක් සොයන්නට පුළුවන. එය කුමක් වුවත්, අප වෙනුවෙන් යමක් සොයන තාක් කල්, අප තුළ තවමත් පවතින්නේ බබිලෝනීය ආත්මයය. අප විසින් පවිත්‍ර කළ යුතු, අප තුළ ඇති ආත්මයේ දූෂිතභාවය මෙයයි.

ස්වාමින් වහන්සේට සේවය කිරීමෙන් තමාට ලැබෙන්නේ කුමක්දැයි පේතෘස් තුමා ඇසූ විට, යේසුස් වහන්සේ මතෙව් 20: 1-16 හි උපමාවකින් පිළිතුරු දුන් සේක. එහිදී උන්වහන්සේ කම්කරුවන් වර්ග දෙකක් ගැන කථා කළ සේක. (1) විපාකයක් (වැටුපක්) උදෙසා සේවය (වැඩ) කළ අය - සමහරෙකු ඩිනාරියකට (v.2) සහ සමහරෙකු “නීත්‍යානුකූලව පැයකට ගෙවන වැටුප එය කුමක් වුවත්” (v.4) - නමුත් දෙකොටසම වැටුප් උදෙසා; (2) වැටුප් පොරොන්දුවක් නොමැතිව රැකියාවට ගිය අය (v.7). මෙම දෙවන කාණ්ඩයේ කම්කරුවන්ට ඉහළම වැටුප ලැබුණි - පැයකට එක ඩිනාරියක්. අනෙක් සියල්ලන්ටම අඩුවෙන් ලැබුණි - පළමු අයට පැයකට ඩිනාරි 0.08 ක් පමණි, මක්නිසාද ඔවුන් එක් ඩිනාරියක් උදෙසා පැය 12 ක් වැඩ කළ බැවිනි. මේ අනුව, යේසුස් වහන්සේ එහි පැවසූ පරිදි, දැන් අන්තිමයන් වන බොහෝ දෙනෙක් සදාකාලිකව පළමුවැන්නා වනු ඇත - මක්නිසාද ස්වාමින් වහන්සේ "එක් එක් මිනිසාගේ සේවයේ ගුණාත්මකභාවය සහ චේතනාව මත පරීක්ෂා කරනු මිස" ( 1 කොරින්ති 3: 13 සහ 4: 5) ඔවුන්ගේ ක්‍රියාවන් ප්‍රමාණය මත නොවේය.

යෙරුසලමේ වෙළඳපොලේ තමන් උදෙසා මුදල් උපයමින් සිටි අයව යේසුස් වහන්සේ කිසිවිටෙකත් එළෙව්වේ නැත. නැත. මක්නිසාද මුදල් ඉපයීමට සුදුසුම ස්ථානය වෙළඳපොල නිසාය. ජෝන් වෙස්ලි පැවසුවේ කිතුණුවන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තමන්ට හැකි සෑම දෙයක්ම උපයා ගත යුතු බවයි. මම ඒකට එකඟයි. යේසුස් වහන්සේ එළවා දැමුවේ දෙවියන් වහන්සේගේ මාලිගාවේදී තමන්ට වාසි ලබා ගැනීමට උත්සාහ කළ අය පමණි. අද වුවද එසේය ; සභාව තුළ ගෞරවය හෝ කීර්තිය හෝ මුදල් හෝ වෙනත් ආකාරයක ළාභයක් අපේක්ෂා කරන අයව යේසුස් වහන්සේ සභාවෙන් පහ කරන සේක. සභාව පූජා කරන ස්ථානයක් විය යුතුය. සෙකරියාගේ අවසාන පදයේ සඳහන් වන්නේ ස්වාමින් වහන්සේ නැවත පැමිණෙන විට, " ස්වාමීන් වහන්සේගේ ගෘහයේ ගිජු වෙළෙඳුන් තවත් නොසිටිනු ඇතැයි" කියා ය (සෙකරියා 14: 21 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය). අප අපගේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් කරන සේවයේදී අප කිසිවිටෙක අප උදෙසා කිසිවක් නොසෙවිය යුතුය.

මතෙව් සිට එළිදරව් පොත දක්වා අළුත් ගිවිසුමේ පොරොන්දු වී ඇති පරිදි, විශ්වාසවන්තව උන්වහන්සේට සේවය කරන අය උදෙසා දීමට ස්වාමින් වහන්සේට විපාක ඇතත්, අපි විපාක උදෙසා සේවය නොකළ යුතුය. කල්වාරියේදී අප වෙනුවෙන් කළ දේ උදෙසා ස්වාමින් වහන්සේට අපගේ කෘතඥතාව පළ කිරීමක් ලෙස අපි සේවය කරමු. විපාකයක් උදෙසා සේවය කරන අයට කිසිවක් නොලැබේ!