WFTW Body: 

පේතෘස් යේසුස් වහන්සේට කුරුසියට යන්න එපා කියලා කිව්වේ යහපත් චේතනාවකිනි. නමුත් යේසුස් වහන්සේ වහාම එම යෝජනාව සාතන්ගේ හඬ බව හඳුනාගෙන පේතෘස්ට පැවසුවේ, "සාතන්, මා පස්සට යව. නුබේ මනස මිනිසුන්ගේ අවශ්‍යතා මත මිස දෙවියන් වහන්සේගේ අවශ්‍යතා මත නොවේය" (මතෙව් 16:23) කියාය.

දෙවියන් වහන්සේට ගෞරව කිරීමට දැඩි ආශාවක් වර්ධනය කරගන්න

එහිදී අපට පෙනෙන්නේ දෙවියන් වහන්සේගේ හඬ සහ සාතන්ගේ හඬ අතර වෙනස අපගේ හදවත් තුළ හඳුනා ගත හැක්කේ අපගේ මනස දෙවියන්වහන්සේගේ අවශ්‍යතා මත පිහිටුවා ඇත්නම් පමණක් බවයි. අපගේ මනස මූලික වශයෙන් අපගේම අවශ්‍යතා මත පිහිටුවා ඇත්නම්, සාතන්ගේ හඬ දෙවියන්වහන්සේගේ හඬ ලෙස අපට වරදවා වටහාගත හැක. එබැවින් අප කරන සෑම දෙයකදීම - ඔබේ අධ්‍යාපනයේදී, රැකියාවේදී සහ ක්‍රීඩා කිරීමේදී පවා - ස්වර්ගීය දෘෂ්ටිකෝණයක් ඇතිව සිටීම යහපත්‍ ය. දෙවියන් වහන්සේගේ මහිමය සඳහා සියල්ල කරන්න.

විශ්වවිද්‍යාලයේ හොඳින් ඉගෙන ගන්න, පිටියේ හොඳින් ක්‍රීඩා කරන්න, සෑම විටම දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න - ඔලිම්පික් රන් පදක්කමක් අහිමි වීම පවා නොතකා තම විශ්වාසයන් සහ ප්‍රතිපත්තීන් කඩ නොකළ එරික් ලිඩ්ල් මෙන් !! කිතුනුවකු ලෙස ඔබට යම් යම් ප්‍රමිතීන් තිබෙන බව අන් අයට පැවසීමට කිසිවිටෙක ලැජ්ජා නොවන්න. එසේ කිරීමට ස්වාමීන් වහන්සේ ඔබට උපකාර කරන සේක්වා.

පාසැලේදී හෝ විශ්වවිද්‍යාලයේදී, රැකියාවේදී හෝ නිවසේදී ඔබ මුහුණ දෙන සටන් මධ්‍යයේ දෙවියන් වහන්සේට ගෞරව කිරීමට දැඩි ආශාවක් වර්ධනය කරගන්න. සම්මුති මානසීකත්වයක් ඇති කිරීමට උත්සාහ කරන සතුරාගේ සෑම ප්‍රහාරයකටම මුහුණ දීමට සහ ඒවායින් ජය ගැනීමට ස්වාමීන් වහන්සේ ඔබට අනුග්‍රහය සහ ශක්තිය ලබා දෙන සේක. සාතන්ට විරුද්ධව ස්වාමීන් වහන්සේ සැමවිටම ඔබේ පැත්තේ සිටින අතර නපුරා ජය ගැනීමට උන්වහන්සේ ඔබට හැකියාව දෙන සේක.

දෙවියන් වහන්සේ මේ පොළොවේ බොහෝ දේ ආකර්ශනීය වීමට ඉඩ දී ඇත්තේ, එවිට අප ඒවා මගින් පරීක්‍ෂාවට ලක් වූ විට , අපි පෘථිවියේ අන් සියල්ලටම වඩා දෙවියන් වහන්සේට ප්‍රේම කරන බව අපට ඔප්පු කළ හැකි වන පිණිසය. මෙසේ අපි සාතන් ලජ්ජාවට පත් කරන්නෙමු. මැවුම්කරු උන්වහන්සේගේ සියලුම මැවීම් වලට වඩා ඉතා ශ්‍රේෂ්ඨයි, පුදුමාකාරයි, තෘප්තිය ගෙන දෙන්නේය. මෙය සත්‍යයක් වන අතර අපි එය විශ්වාස කරන්නේ එබැවිනි. අපගේ මෙම විශ්වාසය ලෝකයේ ආකර්‍ෂණයන් ජය ගැනීමට අපව සලස්වන්නේය. අප මෙම ඇදහිල්ල කරණකොටගෙන අන්ධ ලෙස ජීවත් වන විට, අපගේ හැඟීම් නියමිත වේලාවට අපව අනුගමනය කරනු ඇත. අපි මුලින්ම හැඟීම් ගැන සෙවිය යුතු නැත.

සාතන්ට එරෙහිව සටන් කිරීම අපගේ ආත්මයට හොඳය. අපට ශක්තිමත් විය හැක්කේ එවිට පමණි. ක්‍රිස්තුස් වහන්සේගේ යහපත් සොල්දාදුවෙක් වන්න. ස්වාමීන් වහන්සේ ඔබ මත යැපෙන සේක. ස්වාමීන් වහන්සේගේ ධජය උසස්ව ජයග්‍රාහී ලෙස ලෙලදෙන පිණිස අපි ද ඔබ මත රඳා සිටිමු - එවිට ස්වාමීන් වහන්සේගේ නාමය කිසි විටෙකත් ලැජ්ජාවට පත් නොවනු ඇත!

සොල්දාදුවන්ට තම රට ස්වාධීනව හා නිදහස්ව තබා ගැනීම සඳහා තම රට වෙනුවෙන් මෙතරම් කැපකිරීම් කළ හැකි නම්, අපගේ ජීවිත තුළින් ස්වාමින් වහන්සේට සෑම ආකාරයකින්ම ගෞරවය ලැබෙන පරිදි සියල්ල (අපගේ ජීවිත පවා) කැප කිරීමට අපි කොපමණ කැමැත්තෙන් සිටිය යුතුද? එලෙසින් සාතන්ව ලජ්ජාවට පත් කරමු.

©Zac Poonen – [email protected]