WFTW Body: 

අප ජීවත් වන්නේ මහත් මුළාවේ දවස්වල වන අතර මිනිසුන් ප්‍රේමයෙන් හීනවී එකිනෙකා (සහෝදරයාට එරෙහිව සහෝදරයා) පාවා දෙන බවට යේසුස් වහන්සේ අපට අනතුරු ඇඟවූ කාලවලදීය. එබැවින් අප, සෑම දෙනා කෙරෙහි ප්‍රේමයෙන් විඳදරාගැනීම පමණක් නොව, ආරවුල් සහ මතභේදයන් වලට නිරන්තරයෙන් නැඹුරු වී සිටින මිනිසුන්ගෙන් වැළකී සිටීමටද බුද්ධිමත් විය යුතුය.

කිතුණුවන් වශයෙන්, අපි කිසිවිටෙකත් කිසිවෙකුට නපුරක් නොකරන අතර මිනිසුන් සමඟ සටන් නොකරමු. නමුත් අපි දිගින් දිගටම වැරදි ධර්මයන් හෙළිදරව් කරන්නෙමු.

අපි "සියලු අවාසනාවන්තයින්ගේ අයිතිවාසිකම් සඳහා අපගේ මුඛය විවෘත කළ යුතු අතර පීඩිත සහ අසරණයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය" (හිතෝපදේශ 31: 8, 9). අහිතොපෙල්ගේ උපදෙස් හරහා කැරළිකාර අබ්සලොම්ගේ කඳවුර තුළ දෙවියන් වහන්සේ ව්‍යාකූළත්වය ඇති කරන ලෙස දාවිත් යාච්ඤා කළ අතර (2 සාමුවෙල් 15: 31) දෙවියන් වහන්සේ එම යාච්ඤාවට පිළිතුරු දුන් සේක (2 සාමුවෙල් 17: 23) . යේසුස් වහන්සේ යාච්ඤා කළේ තමන්ට රිදවන අයට සමාව දෙන ලෙසයි. නමුත් උන්වහන්සේ අනුන්ට රිදවන අයව අනුකම්පාවෙන් තොරව හෙළා දුටුසේක ( මතෙව් 23 හි පරිසිවරුන් ගැන උන්වහන්සේගේ හෙළා දැකීම බලන්න).

දැන් ඥානවන්ත කන්‍යාවන්ගේ උපමාව ගැන වචනයක්:

උපමාවක එක් අර්ථකථනයක් අප අසා ඇති විට, එම අර්ථ නිරූපණය කෙරෙහි අපගේ මණස කෙතරම් ගැඹුරට බැදී ඇත්ද යත්, ස්වාමින් වහන්සේට කිසිවිටෙකත් එහි වෙනත් අර්ථකථනයක් ලබා දිය නොහැක. කලකට පෙර, මෙම උපමාව එහි සන්දර්භය තුළ තේරුම් ගැනීමට එවන් බැඳීමකින් මිදීම පිණිස මම ස්වාමින් වහන්සේව සෙව්වෙමි - ඕනෑම උපමාවක් අර්ථකථනය කිරීමට සැමවිටම හොඳම ක්‍රමය එයයි:

මතෙව් 24: 12 හි, යේසුස් වහන්සේ වහන්සේ පැවසුවේ බොහෝ දෙනෙකුගේ ප්‍රේමය අවසාන දිනවලදී හීනවන්නේය නමුත් අවසානය දක්වා විඳදරාගත් අය (ඔවුන්ගේ ප්‍රේමය හීනවී මළාණික නොවී සිටින්නාම) ගැළවෙන බවයි (හෝ, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළුවීමයි) (මතෙව් 24: 13). ඉන්පසුව උන්වහන්සේ - පහන් නිවී ගිය කන්‍යාවන් පස් දෙනෙකුද, අවසානය දක්වා ස්ථීරව සිට ගෘහයට ඇතුළු වූ කන්‍යාවන් පස් දෙනෙකුගේද - කන්‍යාවන්ගේ උපමාව වදාළ සේක (මතෙව් 25). එබැවින් උන්වහන්සේ පැවසූ තෙල්වල එක් අර්ථයක් නම්, ශුද්ධාත්මයාණන් විසින් අපට දෙන ලද දිව්‍යමය ප්‍රේමය ගැන විය හැකිය. එනිසා මනමාලයා පැමිණි කළ දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුල් වෙන්න නම් අපි අවසානය දක්වා දිව්‍ය ප්‍රේමයෙන් පිරී ස්ථීරව සිටිය යුතුය. අපේ පහන් අවසානය දක්වාම දැල්වෙන "අතිරේක තෙල් කුප්පියක්" තිබීම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි.

" ඔවුන් හේතුවක් නොමැතිව මට වෛර කළේ යැයි" යේසුස් වහන්සේ පැවසූසේක (යොහන් 15: 25). නමුත්, උන්වහන්සේගේ ප්‍රතිචාරය වූවේ කිසිම හේතුවක් නොමැතිව ඔවුන්ට ප්‍රේම කිරීමයි. අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කර අවසානය දක්වා ප්‍රේම කරමු. එසේ නොමැතිනම් තමකැමැත්තට මරණය ගැන දේශනා කරන බොහෝ දෙනෙකුට මෙන් එය හිස් ධර්මයක් බවට පත්විය හැකිය. කුරුසියේ මාර්ගයේ ගමන් කිරීම ගැන කථා කරන බොහෝ "ඇදහිළිවන්තයින්" ප්‍රේමයෙන් පමණක් නොව, සරල මානව විනීතභාවයෙන් හා ආචාරශීලීත්වයෙන්ද අඩු බව මට පෙණේ. ඔවුන් ඔවුන්ගේ "පවිත්‍ර ධර්මය" ගැන පාරට්ටු කරගනනා නමුත්, ඔවුන්ගේ ජීවිතය දුගඳය. අපගේ ධර්මය සැබවින්ම නිර්මල නම්, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ සුවඳ සුඝන්දය අපගේ ජීවිතයෙන් විහිදේ.

19 වන සියවසේ ක්වේකර් මිෂනාරි, ස්ටීවන් ග්‍රෙලට් වරක් පැවසුවේ, "මා මේ ලෝකය හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වෙමි,නමුත් එය එක් වරක් පමණකි. එබැවින් මට කළ හැකි ඕනෑම යහපත් දෙයක් හෝ ඕනෑම සෙසු-මැවිල්ලකට මට දැක්විය හැකි ඕනෑම කරුණාවක්, මට, දැන් එය කිරීමට ඉඩ දෙන්න. මට එය කල් දැමීමට හෝ නොසළකා හැරීමට ඉඩ නොදෙන්න - මක්නිසාද මම නැවත මේ මාර්ගයෙන් නොයමි." එම උපදෙස පිළිපැදීමට මම ඔබව දිරිමත් කරමි.

©Zac Poonen – [email protected]