WFTW Body: 

"අනාවැකි කීමට දැඩි ලෙස ආශාවන්න ..."(1කොරින්ති 14:39 )

1.අර්ථ දැක්වීම .

“අනාවැකි (ධර්මවාක්‍ය) පැවසීම” යනු උපදේශය, අනුශාසනාව සහ ආලෝසනය”හෝ වෙනත් වචනවලින් කිවහොත්, “දිරිගැන්වීම, ශක්තිමත් කිරීම සහ සැණසීම” උදෙසා මිනිසුන්ට කථා කිරීමයි ( 1 කොරින්ති 14: 3 - නව ජීවමාන බයිබල් පරිවර්ථනය-NLT). නව ගිවිසුම තුළ අනාවැකි පැවසීම යන්නෙහි අර්ථ දැක්වීම මෙය වෙයි. හෙබ්‍රෙව් 3: 13 හි අපට පවසා ඇත්තේ එකිනෙකාව ප්‍රේමයෙන් දිරිමත් කර ඔවුන්ව ඔසවා තබන ලෙසය. එබැවින්, අනාවැකි පැවසීමේදී, අපි මූලික වශයෙන් දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය - එවිට අපට අධෛර්යමත් වූවන් ඔසවා තැබිය හැකිය - එමගින් පාපය නිසා ඔවුන්ගේ සිත් දැඩි වීමෙන් වළක්වා ගත හැකිය. අපට එය හොඳින් කිරීමට ඉගෙන ගත හැකි නම්, එමගින් ස්වාමින් වහන්සේද නියම වේලාවට ඔවුන්ට අභියෝග කරන, අනුශාසනා කරන සහ පාපය හඟවා දෙන වචන කථා කිරීමට අපට හැකියාව ලබාදෙන සේක. අන්‍ය-භාෂාවලින් කථා කිරීමේ දීමණාවට වඩා ධර්මවාක්‍යය පැවසීමේ දීමනාව හොඳය, මන්ද ධර්මවාක්‍යය පවසන්නා සභාවේ මිනිසුන්ව දියුණු කරන අතර “අන්‍ය-භාෂාව” කථා කරන තැනැත්තා තමාව පමණක් දියුණු කර ගන්නේ ය (1 කොරින්ති 14: 4).

2. අනාවැකි(ධර්මවාක්‍ය) පැවසීම සෑම කෙනෙකුටම වේ.

සභාවේ සිටින සෑම කෙනෙකුම අනාවැකි (ධර්මවාක්‍ය) පැවසීමේ දීමණාව සෙවිය යුතුය. (1 කොරින්ති 14: 31 ට අනුව). එය සහෝදරයින්ට පමණක් නොව සහෝදරියන්ට ද තිබිය හැකි දීමනාවකි. සහෝදරියන් අනාවැකි කියන විට ඔවුන්ගේ හිස වසා ගත යුතුය. ඊට හේතුව මෙයයි: 1 කොරින්ති 11: 3-15 ස්ත්‍රියකගේ හිස සැමියා බව උගන්වයි. තවද කාන්තාවක් තම හිස වසාගත් විට, දෙවියන් වහන්සේගේ මහිමය පමණක් පෙණෙන පරිදි - මිනිසාගේ මහිමය සභාව තුළ ආවරණය කළ යුතුය යන්න ඇය නිහඬව සාක්‍ෂි දරන්නීය.

3.එය පුද්ගලික බව සහතික කර ගන්න.

දේශනා කිරීමට වචනයක් සකස් කිරීමේදී, එය අපගේ පුද්ගලික අත්දැකීමක් මිස හුදු න්‍යායක් නොවන බවට අප වග බලා ගත යුතුය. යේසුස් වහන්සේ කථා කළේ උන්වහන්සේ දැනටමත් අත් දැකඇති දේ ගැන පමණි (ක්‍රියා 1: 1 පවසන්නේ: “යේසුස් වහන්සේ ප්‍රථමයෙන්ම කරන්ටත්, පසුව උගන්වන්ටත්”). අපි කිසිවිටෙකත් අත් නොදුටුන්‍යායන් දේශනා නොකළ යුතුයි! අපට අලුතින් බෙදා ගැනීමට කිසිවක් නොමැති නම්, අප කළින් කථා කර ඇති දේ නැවත නැවත කිරීම වඩාත් සුදුසුය - නමුත් අප අපගේ ජීවිතයේ කිසිදා අත් නොදුටු දේ නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ ආධිපත්‍යය අපට පිටුබලය දෙන්නේ අප උන්වහන්සේට කීකරුව ජීවත් වී ඇත්නම් පමණි. එබැවින්, අප දෙවියන් වහන්සේ ගේ වචනය අධ්‍යයනය කරන විට, අප එසේ කළ යුතුය, ප්‍රථමයෙන්ම, අපගේම ජීවිතයේදී එයට කීකරු වීමට. එවිට අපට අපගේ ජීවිතයේ පුරුදු වී ඇති සහ අත්විඳ ඇති දේ ගැන කථා කළ හැකිය.

4. යටහත් හදවතක පවතින්න.

අප කිසිවිටෙක තම-ආත්ම විශ්වාසයකින් කිසිදු අනාවැකියක් නොකිව (දේශනාවක් නොකළ) යුතුය. ඒ වගේම අපි කවදාවත් මිනිසුන් හට දේශනා නොකළ යුතුයි. අප ජීවිතයේ සියලු ගැටළු විසඳා ඇති බවට හැඟීමක් අන් අයට ලබා නොදිය යුතුය! ඒ වෙනුවට, අප අනාවැකි කිව යුත්තේ අපගේ ඇදහිල්ලේ මට්ටමට අනුව පමණි (රෝම 12: 6). ඒ වගේම අපි හැම විටම යේසුස් වහන්සේව පමණක් ඔසවන යටහත් හදවතකින් කථා කළ යුතුයි. යේසුස් වහන්සේ පමණක් ඔසවන විට, උන්වහන්සේ මිනිසුන් තමන්වහන්සේ වෙතට ඇදගනු ඇත (යොහාන් 12: 32). එබැවින්, උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරන විට, සෑම විටම යටහත් හදවතක් ඇති කර ගැනීමට ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන ලෙස අපි බොහෝ සේ යාච්ඤා කළ යුතුය.

5. මාංසය කෙරෙහි විශ්වාසය නොතබන්න.

"මාංසය තුළ විශ්වාසය නොතබන සැබෑ චර්මච්ඡේදිතයෝ නම් අපිය" (පිලිප්පි3: 3). අපට ප්‍රසිද්ධියේ කථා කිරීමට නිර්භීතකමක් නොමැති නම්, අප පසුනොබැස, බලය උදෙසා ස්වාමින් වහන්සේ සෙවිය යුතුය - එවිට උන්වහන්සේ අපව ශක්තිමත් කරනු ඇත. නමුත් ප්‍රසිද්ධියේ හොඳින් කථා කිරීමට අපට ස්වභාවික හැකියාවක් තිබේ නම්, අප ඒ මත රඳා නොසිටීමට වග බලා ගත යුතුය. නමුත් අපව ශක්තිමත් කිරීම සඳහා යාච්ඤාවෙන් ඊටත් වඩා ස්වාමීන් වහන්සේ මත රැඳී සිටින්න. ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ යැපීම අනාවැකියේ පරම අත්‍යවශ්‍යථාවය වේ.

6.බොහෝ සේ යාච්ඤා කරන්න.

අප, හරියටම කිව යුත්තේ කුමක්ද සහ කිව නොයුත්තේ කුමක්ද යන්න පිළිබඳව දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කළ යුතුය (යාකොබ් 1: 5) . නිවැරදි ආත්මයෙන් සහ නිවැරදි චේතනාවෙන් කථා කිරීමට අපට හැකියාව ලබා දීම සඳහා අප කථා කරන විට ශුද්ධාත්මයාණන්ගේ බලය ඉල්ලා සිටිය යුතුය (ලූක් 11: 13) . එලෙසම අප අවසන් වූ පසුවද යාච්ඤා කිරීම පුරුද්දක් කර ගත යුතුයි. වපුරන ලද බීජය යම් හොඳ බිමක වැටී ඵළ දරන්න කියා අපි යාච්ඤා කළ යුතුයි; තවද, අප බෙදාගත් දේ අන් අය අගය කරන්නේ නම්, ස්වාමීන් වහන්සේ අපව උඩඟු වීමෙන් වළක්වන පිණිස ද අප බෙදාගත් දේ අන් අය අගය නොකරන්නේ නම් අධෛර‍්‍යය මත් නොවන පිණිස ද අපි යාච්ඤා කළ යුතුයි. වැදගත්ම දෙය නම්, ස්වාමින් වහන්සේ අපට කථා කිරීමට අවශ්‍ය දේ අප කථා කළාද සහ අප එය යටහත්කමින් යුතුව කථා කළාද යන්න පමණි. අපි ඒවා කළා නම්, දෙවියන් වහන්සේව මහිමයට පත් වනු ඇත - එහි වැදගත් වන්නේ එපමණයි.

7.සූදානම් වීමේ කාලය ගත කරන්න.

අපට කථා කිරීම පරිශ්‍රමයක් නම්, අප කියන්නට යන දේ සැකසූම් කිරීමට, කථා කිරීමට ලබා දී ඇති කාලයට ගරු කිරීමට සහ අප අවධාරණය කරන ප්‍රධාන කරුණ ප්‍රකාශ කිරීමට වැඩි කාලයක් ගත කළ යුතුය. අපට බෙදා ගැනීමට අවශ්‍ය දේ අපි ලියා තැබුවහොත්, තේමාව තුළ රැඳී සිටීමට මෙන්ම ලබා දී ඇති කාලයට ගරු කිරීමටද පහසු වනු ඇත. නමුත් අපි ඊට පෙර වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. බයිබලය පවසන්නේ අප වපුරන දේ නෙළා ගන්නා බවයි (ගලාති 6: 7). හිතෝපදේශ 13: 4 පවසන්නේ උත්සාහවන්තයාගේ ආත්මය තර වන බවයි. දෙවියන් වහන්සේ වෙහෙස මහන්සි වී කරන වැඩ වලට විපාක දෙන සේක. 1 කොරින්ති 14: 40 අපට පවසන්නේ "සියල්ල නිසි ලෙස හා පිළිවෙලට කළ යුතු" බවයි. එමනිසා, සෑම විටම පැහැදිළිව හා පිළිවෙලට කථා කිරීමට උත්සාහ කරන්න. මිනිසුන්ට පහසුවෙන් දිරවිය හැකි ආහාර වේලක් පිළියෙළ කිරීමට හොඳ වෙහෙස මහන්සි වී වැඩ කරනවා සේම, අපි සැමවිටම දෙවියන් වහන්සේගේ වචනය මිනිසුන්ට පහසුවෙන් ලබා ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුය. අපි සමහර කාරණා නැවත නැවත කීමට කැමැත්තෙන් සිටිය යුතු අතර, සෑම විටම අලුත් දෙයක් කථා කිරීමට උත්සාහ නොකරන්න. ස්වාමීන් වහන්සේ අපගේ හදවත් මත තබා ඇති දේ ඉතා උද්යෝගිමත් නොවන බව පෙනියහැක. නමුත් දෙවියන් වහන්සේ අපට බෙදා ගැනීමට අවශ්‍ය දේ (අපගේ දැණුමේ උපරිමයෙන්) බෙදා ගන්නා බව අපට විශ්වාස නම්, ස්වාමීන් වහන්සේ එයට ආශීර්වාද කරන බව අපට සහතික විය හැකිය.

8.එය සරලව තබා ගන්න.

යේසුස් වහන්සේ නිතරම කථා කළේ සරලව. උන්වහන්සේ ඉගැන්වූ දෙයෙහි උන්වහන්සේ ප්‍රායෝගික විය - උන්වහන්සේගේ වචන සෑම විටම තේරුම් ගැනීමට පහසු විය. මිනිසුන් දක්ෂ වචන සහ ඔවුන්ගේ කථික කුසළථා භාවිතා කිරීමට උත්සාහ කරන විට සත්‍යය නැති විය හැකිය. අපි හැම විටම කථා කළ යුත්තේ දරුවෙකුට පවා අප කියන දෙයින් යමක් තේරුම් ගත හැකි වන පරිදිය.

9.කොයි මොහොතේ නිම කළ යුතු වේද යන්න දැන සිටින්න.

යේසුස් වහන්සේ කිසිවිටෙකත් උන්වහන්සේගේ පණිවිඩ දිගටම ඇද ගෙන ගියේ නැත. කන්ද උඩ දේශනාව විනාඩි 20ක් විතර දිගය. දෙවියන් වහන්සේට ඉතා කෙටි කාලයක් තුළ බලවත් වචනයක් ලබා දිය හැක! වැඩි වේලාවක් කථා කිරීම බොහෝ දෙනෙකුට දිරවා ගැනීමට අපහසු විය හැකිය. එය බොහෝ දෙනෙකුගේ අවධානය නැති කර දැමිය හැකිය. ප්‍රමාණයට වඩා ගුණාත්මක බව වැදගත්ය. දේශනාකාරයා 6: 11 හි පවසන්නේ, “ඔබ වැඩිපුර කථා කරන තරමට, ඒවායේ තේරුම අඩුය. ඉතින් එහි ඇති යහපත කුමක්ද? ” (නව ජීවමාන බයිබල් පරිවර්ථනය) මිනිසුන්ගේ අවධානය දිගු කාලයක් රඳවා තබා ගැනීමේ හැකියාව ඇත්තේ ඉතා සුළු පිරිසකටය. දිගු පණිවිඩ දේශනා කරනවාට වඩා ස්වාමින් වහන්සේ අපගේ හදවත් තුළ තැබූ ඕනෑම දෙයක් කෙටියෙන් කථා කිරීම වඩා හොඳය. එසේ නොවේනම් මිනිසුන්ගේ උනන්දුව නැති වී නිතරම ඔවුන්ගේ ඔරලෝසු දෙස බලාවි (ලූක් 14: 8-11).

10.බියසුළු හෝ ලැජ්ජා සහගත නොවී නිර්භීත වන්න.

"දෙවියන් වහන්සේ අපට දී ඇත්තේ ලැජ්ජා සහගත හෝ බියසුළු ආත්මයක් නොව නිර්භීතකමේ ආත්මයකි" (2 තිමෝති 1: 7) . අපට නිර්භීත විය හැක්කේ ක්‍රිස්තුස් යනු කවුරුන්ද යන්නත්, උන්වහන්සේ අපගේ ජීවිත තුළ කර ඇති දේ අප දන්නා නිසාත් ය. දෙවියන් වහන්සේට අපගේ අසම්පූර්ණකම් පවා භාවිතා කර ඒවා තුළින් අන් අයට ආශීර්වාද කළ හැක. අපට කළ හැකි සුළු දෙය අප කළහොත්, දෙවියන් වහන්සේ අපට කළ නොහැකි දේ කරන සේක. අප කථා කරන ඕනෑම දෙයකට ආශීර්වාද කරන සේක. බැරල් වතුරෙන් පුරවන්නට අපි හුදෙක් විශ්වාසවන්ත වන්නෙමු නම්(කානාහි මෙන්), එවිට ස්වාමින් වහන්සේ වතුර වයින් බවට පත් කරන සේක (යොහාන් 2: 1-11) . මෙය කිරීමට අප දෙවියන් වහන්සේ විශ්වාස කළ යුතුය. අප උන්වහන්සේව විශ්වාස කරන්නේ නම්, අපගේ දුර්වලකම තුළින් දෙවියන් වහන්සේට බොහෝ දෙනෙකුට ආශීර්වාද කළ හැකිය.

11.සෑම විටම හදවතින්ම අනාවැකි කියන්න.

අපි ඔළුවෙන් (දැනීමෙන්) ඉගැන්විය යුතු නැත. බයිබලය පවසන්නේ සෑම කෙනෙකුටම අනාවැකි පැවසිය හැකි බවයි (1 කොරින්ති 14: 31) නමුත් සෑම කෙනෙකුටම ගුරුවරුන් විය නොහැක (1 කොරින්ති 12: 29) . ඉගැන්වීම ඉතා වැදගත් ය. එහෙත් ගුරුවරුන් වීමට කැඳවණු ලබන්නේ ඉතා ස්වල්ප දෙනෙකි; දෙවියන් වහන්සේ අපට එවැනි කැඳවීමක් ලබා දී නොමැති නම්, අපි කිසිවිටෙකත් ඉගැන්වීමට උත්සාහ නොකළ යුතුය, 1 කොරින්ති 8: 1 පවසන්නේ “දැණුම මිනිසුන් අහංකාර කළ හැකි” බවයි. එය අප අනිත් අයව පහත්කොට සළකන්නට සැලැස්විය හැකිය. වැදගත් වන්නේ අප කියන දේ පමණක් නොව, එය කියන්නේ කෙසේද (සහ කුමණ චේතනාවෙන්ද) යන්නයි. අප සෑම විටම අන් අයගේ යහපත මණසේ තබා නොගන්නේ නම්, අපි දැණුම, ධර්මය සහ හුදෙක් මිනිසුන්ගේ මණස උත්තේජනය කරන සහ ඔවුන්ට විනෝදාස්වාදය ලබා දෙන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට නැඹුරු වෙන්නෙමු !! කෙසේ වෙතත්, අපගේ කැඳවීම වන්නේ මිනිසුන් ඔසවා ඔවුන්ට අභියෝග කිරීමයි.

12.අන්‍යයන්ට ඇති ප්‍රේමයෙන් - අනාවැකි දීමණාව උදෙසා ආශාවෙන් සොයන්න (1කොරින්ති 14: 1).

අප කරන සෑම දෙයක්ම ප්‍රේමයෙන් ගලා යා යුතුය. ප්‍රේමයෙන් නොවූ හොඳම ක්‍රියාව පවා නිෂ්ඵළයි. එබැවින්, සභාවට ඇති ප්‍රේමය නිසාත්, අන් අයව ගොඩනඟා ගැනීමට සහ ඔවුන්ට උපකාර කිරීමට ඇති ආශාව නිසාත් අපි අනාවැකි කීමේ දීමණාව සෙවිය යුතුය. මෙය සැමවිටම අපගේ චේතනාව විය යුතුය. සහෝදර සැක් පූනන් පවසා ඇති පරිදි, "දෙවියන් වහන්සේගේ සේවකයෙකුගේ හදවතේ සැමවිටම තිබිය යුතු කරුණු දෙක නම් දෙවියන් වහන්සේගේ වචනය සහ දෙවියන් වහන්සේගේ ජනතාවයි".

13.පුද්ගලික සංවාදයකදී පවා අනාවැකි කීම.

අප ප්‍රසිද්ධියේ සභා-රැස්වීමක කථා කරන විටදී පමණක් අනාවැකි පැවසීම සීමා නොවේ. අන් අය සමඟ කරන කථා බහේදී පවා අපට අනාවැකි කියන්නට පුළුවන. එය දුරකථනයෙන් හෝ කෙටි පණිවිඩයක් හරහා හෝ ඔවුන්ගේ නිවසේ සිටින කෙනෙකු සමඟ බෙදා ගන්නා අතරතුර දිරිගැන්වීමක් විය හැකිය. දිරිගැන්වීම යනු අනාවැකියක් වන අතර, අපි සෑම දිනකම මිනිසුන්ව දිරිමත් කිරීමට උත්සාහ කළ යුතුයි (හෙබ්‍රෙව් 3: 13). එමගින් අප ප්‍රේම කරන මිනිසුන් පාපයෙන් දැඩි වීමෙන් වළක්වනු ඇත. අපට අන් අයට ආශීර්වාද කිරීමට අවශ්‍ය නම් අපට එය කළ හැක්කේ මෙලෙසයි. අවස්ථා උදෙසා අපි අපේ දෑස් විවෘතව තබා ගත යුතුයි. ස්වාමීන් වහන්සේ අපට ආශීර්වාද කරන දෙයක් අපට පැවසුවොත්, අපි එ‍යින් තවත් කෙනෙකුට ආශීර්වාද කරමු. අනාවැකි කීම යනු "නිවැරදි වචනය - නියම වේලාවට බෙදා ගැනීමයි". එය අන් අයට වඩාත්ම ආශීර්වාද ගෙන එනු ඇත (හිතෝපදේශ 15: 23).

දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා අනාවැකි කීමට අපි උනන්දුවෙන් උත්සාහ කරමු!

©Boby McDonald – [email protected]