WFTW Body: 

දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක (එපීස 2: 4). අප හැරුණා (පරිවර්ථනයවූ) විට අප සෑම කෙනෙකුටම මුණගැසුණු දිව්‍ය ස්වභාවයේ පළමු ලක්ෂණය නම් උන්වහන්සේගේ දයාවයි. ඇත්ත වශයෙන්ම අප දිව්‍යමය ස්වභාවයට පංඟුකාර වී ඇත්නම්, අන්‍යයන් අපව මුණගැසෙන විට ඔවුන් තුළ අප ගැන ඇති වන පළමු හැඟීම ද එය විය යුතුය.


“දෙවියන් වහන්සේගේ ස්වභාවය එයයි. තවද නව ගිවිසුමේ ශුභාරංචිය නම් අපට උන්වහන්සේගේ ස්වභාවයට පංඟුකාරයන් විය හැකි බවයි”.

අපායේ දයාවක් නැත, අපගේ මාංසයේ ද සොයා ගතහැකි දයාවක් නැත. අපගේ මාංසය ස්වභාවයෙන්ම අන් අය කෙරෙහි දැඩි වන අතර එවැනි දැඩිකම දිව්‍යමය සැරකමේ කොටසක් බව සිතමින් අපවම රවටා ගැනීම පහසුය. පාපයේ මුළාව එබඳු ය.

අපට මේ දැන් ස්වර්ගය දෙස බැලීමට හැකි නම්, දෙවියන් වහන්සේ නිරන්තරයෙන් අන් අයට සමාව දෙන බව අපට පෙනී යනු ඇත. මේ ලෝකයේ සෑම ස්ථානයකින්ම, ඇදහිළිවන්තයින් සහ නොඇදහිළිවන්තයින් ඔවුන්ගේ පාපයන් සහ ඔවුන්ගේ අසාර්ථකත්වයන් සඳහා සමාව ඉල්ලා උන්වහන්සේට නිරන්තරයෙන් මොරගසයි. එසේම උන්වහන්සේ සෑමවිටම ඔවුන්ට සමාව දෙන සේක - සෑම දිනකම පැය 24ම. සමහරු තමන් 1000 වෙනි වතාවට කරපු පාපයකට සමාව ඉල්ලනවා විය හැකිය. උන්වහන්සේ තවමත් සමාව දෙයි, මන්ද එය උන්වහන්සේගේ ස්වභාවයයි. යේසුස් වහන්සේ පැවසුවේ අපද අන් අයට සමාව දිය යුත්තේ එම ආකාරයටම බවයි (මතෙව් 18: 35)

 තවද එක දිනකදී අපගේ සහෝදරයින්ට හත් වරක් සමාව දිය යුතු බව යේසුස් වහන්සේ පැවසූ සේක (ලූක් 17: 4). දිනයක් පැය 12ක් ලෙස ගණන් බලා ඇත. මෙයින් අදහස් කළේ ඔබේ සහෝදරයා උදේ 6 ට ඔබට විරුද්ධව පව් කර 7 ට සමාව ඉල්ලා සිටියහොත් ඔබ ඔහුට සමාව දිය යුතු බවයි. ඔහු පෙරවරු 8 ට ඔබට එරෙහිව එම පාපයම කර 9 ට සමාව ඉල්ලා සිටියේ නම් ඔබ ඔහුට නැවත සමාව දිය යුතුය. ඊට පස්සේ උදේ 10 ට ඔහු තුන්වෙනි වතාවටත් ඒ දේම කරනවා, 11 ට ඔබෙන් සමාව ඉල්ලනවා ඔබ ඔහුට සමාව දිය යුතුයි. ඔහු තුන්වෙනි වතාවටත් එයම කරයි, උදේ 11 ට ඔබෙන් සමාව ඉල්ලයි, ඔබ ඔහුට සමාව දිය යුතුයි. ඔහු දවල් 12 ට සහ සවස 2 ට හරියටම එම පාපය නැවත නැවතත් කරයි. සහ ප.ව. 4ට සහ සෑම අවස්ථාවකදීම ආපසු පැමිණ පැයකට පසුව සමාව ඉල්ලයි. සෑම අවස්ථාවකදීම, ඔබ ඔහුට සමාව දිය යුතුය, එදිනම ඔබ ඔහුට දැනටමත් සමාව දී ඇති වාර ගණන පිළිබඳ කිසිදු වාර්තාවක් තබා නොගන්න. නීතිමය ස්වභාවයකින් සංලක්ෂිතවූ මණසක් ඇති සමහරුන් පවසන්නේ යේසුස් වහන්සේ අපට හත් වරක් දක්වා වාර්තාවක් තබන ලෙස පැවසූ බවයි. පේදුරු වරක් යේසුස් වහන්සේට පැවසූ දේ හරියටම එයම වන අතර, උන්වහන්සේ තම සහෝදරයාට 490 වතාවක් සමාව දිය යුතු බව ඔහුට පවසා ඇත (මතෙව් 18: 21,22).

දෙවියන් වහන්සේගේ ස්වභාවය එයයි. තවද නව ගිවිසුමේ ශුභාරංචිය නම් අපට උන්වහන්සේගේ ස්වභාවයට පංඟුකාරයන් විය හැකි බවයි. ඇත්ත වශයෙන්ම එයට පංඟුකාර වීමට වඩා මේ ගැන කථා කිරීම පහසු බව අප සැවොම අත්දැකීමෙන් දන්නෙමු. නමුත් "දෙවියන් වහන්සේගේ රාජ්‍යය වචනයෙන් නොව බලයෙන් ප්‍රකාශ වන්නේය" (1 කොරින්ති 4: 20).

 

ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය අප තුළින් විහිදෙන්නේ, අප බොහෝ පුදුමාකාර "සත්‍යයන්" සහ ධර්මයන් කටින් කීමෙන් නොව, දෙවියන් වහන්සේගේ ප්‍රේමය අන් අයට ප්‍රකාශ කිරීමෙනි.