WFTW Body: 

ලූක් 22:31 හි යේසුස් වහන්සේ පේතෘස්ට අනතුරු අඟවන්නේ තමාට ඉදිරියේදී සිදුවීමට තිබෙන අනතුරක් ගැනයි. "සීමොන්, සීමොන්, බලව, නුඹව ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය. නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි" යේසුස් වහන්සේ පේතෘස්ට කීසේක.

පේතෘස්ට අසාර්ථක වීමට දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ අරමුණක් ඇතුවයි. ඒ අරමුණ පේතෘස්ව පෙරීමයි. සාතන්ට ඇත්තටම අවශ්‍ය වුණේ පේතෘස්ව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමටයි, නමුත් දෙවියන් වහන්සේ ඔහුට එසේ කිරීමට ඉඩ නොදුන්සේක. අපගේ හැකියාවෙන් ඔබ්බට අපව පරීක්‍ෂා කරනු ලැබීමට දෙවියන් වහන්සේ ඉඩ නොදනසේක. ඒ නිසා පේතෘස්ව පොලන්න සාතන්ට අවසර ලැබුණි. පේතෘස්ගේ අසාර්ථකත්වයේ ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු ඔහුගේ ජීවිතයේ ඇති බොහෝ වටිනාකමක් නැති දේ වලින් පවිත්‍ර විය. දෙවියන් වහන්සේ අපටත් අසාර්ථක වීමට ඉඩහරින සැබෑ අරමුණ එයයි. අපේ ජීවිතයෙන් බොල්පොතු ඉවත් කිරීම හොඳ දෙයක් නොවේද? අපේ ජීවිතයෙන් බොල්පොතු ඉවත් කිරීම හොඳ දෙයක් නොවේද? නිසැකවම. ගොවියෙක් තිරිඟු අස්වැන්න නෙළන විට, එය භාවිතා කිරීමට පෙර එය පොලන්නට සිදුවේ. එහි ඇති බොල්පොතු ඉවත් කරනු ලැබෙන්නේ එවිට පමණකි.

ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතයෙන් බොල්පොතු ඉවත් කිරීමට සාතන්ව භාවිතා කරනසේක. පුදුමයට කරුණක් නම්, දෙවියන් වහන්සේ මෙම අරමුණ ඉටු කරන්නේ අපට නැවත නැවතත් අසාර්ථක වීමට ඉඩ දීමෙනි!! පේතෘස්ගේ එම අරමුණ ඉටු කිරීමට දෙවියන් වහන්සේ සාතන්ව යොදාගත් අතර අපගේ ජීවිත තුළද එම අරමුණ ඉටු කිරීමට සාතන්ව යොදාගනු ඇත. අපි හැමෝම තුළම බොල්පොතු බොහෝ තිබේ - උඩඟුකම, ආත්ම විශ්වාසය සහ තම ධර්මිෂ්ඨකම නමැති බොල්පොතු. ඒවගේම දෙවියන් වහන්සේ සාතන්ව යොදාගෙන අපිව නැවත නැවතත් අසාර්ථක කරවන්නේ, ඒ බොල්පොතු සම්පූර්ණයෙන්ම අපෙන් ඉවත් කරලනු පිණිසය.

ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතයේ මෙම අරමුණ ඉටු කිරීමට සමත් වනවාද නැද්ද යන්න දන්නේ ඔබම පමණි. නමුත් බොල්පොතු ඉවත් කෙරෙන්නේ නම්, ඔබ යටහත් කෙනෙකු සහ තම-ධර්මිෂ්ඨකමද අඩු කෙනෙකු වනු ඇත. ඔබ අසමත් වූ අන් අය දෙස පහත් කොට බලන්නේ නැත. ඔබ අන් කිසිවකුට වඩා ඔබ හොඳ යැයි නොසිතනු ඇත.

අපට නැවත නැවතත් අසාර්ථක වීමට ඉඩ සලසා දීමෙන්, අපෙන් බොල්පොතු ඉවත් කිරීමට දෙවියන් වහන්සේ සාතන්ට අවසර දෙයි. එබැවින් ඔබ අසමත් වුවහොත් අධෛර්‍යමත් නොවන්න. ඔබ තවමත් සිටින්නේ දෙවියන් වහන්සේගේ හස්තයේය. ඔබේ නැවත නැවත අසාර්ථක වීම තුළින් තවමත් ඉටු වමින් පවතින්නාවූ තේජාන්විත අරමුණක් ඇත. නමුත් දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි දක්වන ප්‍රේමය පිළිබඳ ඔබේ ඇදහිල්ල එවැනි අවස්ථාවලදී නැති නොවිය යුතුය. යේසුස් වහන්සේ පේතෘස් වෙනුවෙන් යාච්ඤා කළ දේ සහ අද උන්වහන්සේ අප වෙනුවෙන් යාච්ඤා කරන දේද එයයි. උන්වහන්සේ යාච්ඤා කරන්නේ අප කිසිදා අසාර්ථක නොවන ලෙසට නොව, උන්වහන්සේ යාච්ඤා කරන්නේ අප ඉතාම පහත මට්ටමටම වැටුන විටදී පවා, දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳ අපගේ විශ්වාසය තවමත් නොසැලී පවතිනු ඇති බවටයි.

අසාර්ථකත්වයේ බොහෝ අත්දැකීම් තුළින් පමණක් අපි අවසානයේ "ශුන්‍ය ලක්‍ෂ්‍යයකට" ළඟා වෙමු, එහිදී අප සැබවින්ම බිඳී ඇත. පේතෘස් එම ස්ථානයට පැමිණි විට, ඔහුට දෙවන "පරිවර්තනය" සිදු විය ( ලූක්. 22:32 - KJV ). ඔහු හැරී බැලුවේය. පේතෘස් වෙනුවෙන් යේසුස් වහන්සේ කළ යාච්ඤාවට පිළිතුරු ලැබුණු බවට සාක්‍ෂිය, පේතෘස් ඉතාම පහත් මට්ටමටම පැමිණ විට ඔහු උන්වහන්සේ දෙස හැරී බැලීමෙහි සිද්ධිය බව පෙනේ. ඔහු අධෛර්‍යමත් වී නිකම්ම වැතිර සිටියේ නැත. ඔහු තම ඇදහිල්ල නැති කර ගත්තේ නැත. ඔහු නැගිට්ටා. දෙවියන් වහන්සේ ඔහුට දිගු කඹයක් දිගේ යාමට ඉඩ දී තිබුණි. නමුත් පේතෘස් එම කඹයේ කෙළවරට ළඟා වූ විට, දෙවියන් වහන්සේ ඔහුව පසුපසට ඇද දැමු සේක.

දේව දරුවෙක් වීම පුදුම දෙයකි. දෙවියන් වහන්සේ අපව අල්ලාගත් විට, උන්වහන්සේ අපව ආරක්‍ෂා කිරීමට කඹයක් අප වටා දමන සේක. එම කඹයේ බොහෝ බුරුල් තැන් ඇති අතර, ඔබ දහස් වාරයක් ලිස්සා වැටී, ස්වාමින් වහන්සේගෙන් ඈත් වීමද විය හැක. නමුත් දවසක, ඔබ එම කඹයේ කෙළවරට ළඟා වනු ඇත. එවිට දෙවියන් වහන්සේ ඔබව නැවත උන්වහන්සේ වෙතට ඇද දමනසේක. ඇත්ත වශයෙන්ම, ඔබට එම අවස්ථාවේදී කඹය කපා පලා යාමට තීරණය කළ හැකිය. එසේත් නැතිනම් ඔබට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් බිඳී, වැලපී උන් වහන්සේ වෙත ආපසු යාමට තෝරා ගත හැකිය. පේතෘස් කළේ එයයි. ඔහු හඬා වැලපෙමින් ස්වාමීන් වහන්සේ වෙත හැරී ගියේය. නමුත් යුදාස් ඉස්කාරියොත් එය කළේ නැත. ඔහු කඹය කපා දැමුවේය - ඔහුගේ ජීවිතය කෙරෙහි දෙවියන් වහන්සේගේ අධිකාරියට එරෙහිව කැරලි ගසමින් - සදාකාලිකවම විනාශ විය. නමුත් පේතෘස් කළ දේ ඔබ කරනු ඇතැයි මම විශ්වාස කරමි.

එවිට යේසුස් වහන්සේ පේතෘස්ට පැවසුවේ “ඔබ ආපසු හැරී නැවත වරක් ශක්තිමත් වන විට ඔබේ සහෝදරයන් ශක්තිමත් කරන්න” කියායි. අනිත් අයව ශක්තිමත් කරන්න තරම් ශක්තිමත් වෙන්න පුළුවන් වෙන්නේ අපි කැඩි බිඳි ගිය විටදීය. පේතෘස් දුර්වලව හා කැඩී ගිය විට පමණක් ඔහු සැබවින්ම ශක්තිමත් විය - කෙතරම් ශක්තිමත් වූ යේද යත් ඔහුගේ සහෝදර සහෝදරියන් ශක්තිමත් කිරීමට පවා ඔහුට හැකි විය. ආත්මයෙන් පිරුණු සේවය සඳහා පේතෘස්ගේ සූදානම ඔහුගේ අසාර්ථකත්වයේ අත්දැකීම හරහා පැමිණි බව අපට පැවසිය හැකිය. ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටියේ නම්, මෙම අසාර්ථකවීමේ අත්දැකීමෙන් තොරව, ඔහු පෙන්තකොස්ත දිනයේදී, කිසිදා අසාර්ථක නොවූ උඩඟු මිනිසෙකු ලෙස, තමා ඉදිරියේ සිටියාවූ අසරණ වූ විනාශය කරා ගියා වූ පව් කරුවන් දෙස සුළුකොට සලකමින් පහත් ලෙස දකින්නට ගියේය. දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ වන නිසා දෙවියන් වහන්සේ ඔහුගේ සතුරා බවට පත් වනු ඇත !!

දෙවියන් වහන්සේට අවශ්‍ය කරන මාදිලියේ තැනැත්තා වීමට පෙර පේතෘස්ටද එවැනි ශුන්‍ය ලක්‍ෂ්‍යයකට පැමිණීමට සිදු විය. අප විසින්ම පතුලට ගිය පසු, තවමත් එහි සිටින අන් අයව අපට හෙළා දැකිය නොහැක. අප විසින්ම පතුලට ගිය පසු, තවමත් එහි සිටින අන් අයව කිසිවිටෙකදිවත් අපට හෙළා දැකිය නොහැක. පව්කාරයන්, හෝ පසුගාමී ඇදහිලිවන්තයන් හෝ වැටෙන කිතුනු නායකයන් දෙස අපට කිසි විටෙකත් පහත්කොට බැලිය නොහැක. පාපයට එරෙහිව අප ලැබූ ජයග්‍රහණය ගැන අපට කිසිදා ආඩම්බර විය නොහැක, මන්ද එක කාලයකදී අප විසින්ම අසාර්ථක වූ දේ අප දන්නා බැවිනි. පේතෘස් වෙනත් කිතුනුවන්ට අනතුරු ඇඟවූයේ එබැවිනි, "ඔබ වරක් ඔබේ පාපයෙන් පවිත්‍ර වූ ආකාරය කිසිදා අමතක නොකරන්න" ( 2 පේතෘස් 1:9 ). එය අමතක කළහොත් ඔවුන් අන්ධ හා අදූරදර්ශී බවට පත් වන බව ඔහු එහිදී ඔවුන්ට අනතුරු අඟවයි. මට කිසිදා අන්ධ වීමට හෝ දුරනොදක්නා වීමට අවශ්‍ය නැත. මට සෑම විටම දිගු දුර දැක්මක් - ස්වර්ගීය වටිනාකම් සහ සදාකාලික වටිනාකම් - ලබා ගැනීමට අවශ්‍යයි.