WFTW Body: 

දෙවියන් වහන්සේගේ ඉලක්කය වන්නේ අපිව යේසුස්වහණ්සේ මෙන් සෑදීමය. මෙන්න ඒ සම්බන්ධව වැදගත් පද තුනක් :

(අ) රෝම 8:28, 29 : අපගේ පියාණන් මෙම ඉලක්කය කරා ළඟා වීමට අපට හැකි වන පරිදි බාහිරින් සියල්ල එකට ක්‍රියා කිරීමට සලස්වයි.

(ආ) 2 කොරින්ති 3:18 : මෙම ඉලක්කය කරා අපව ගෙන යාමට ශුද්ධාත්මයාණන් අපව අභ්‍යන්තරයෙන් පුරවයි.

(ඇ) 1 යොහන් 3:2,3 : ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ බලාපොරොත්තුව ඇති සියල්ලෝම මෙම ඉලක්කය කරා ක්‍රියා කරනු ඇත.

අපි යේසුස් වහන්සේ සමඟ මිය යන්නෙමු නම්, නිසැකවම අපි උන්වහන්සේ සමඟ ජීවත් වන්නෙමුව. අපට දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබේ නම්, දෙවියන් වහන්සේ අපට ලබා දෙන දිව්‍යමය ජීවිතය අප මරණයට කැප කරන්නාවූ මේ කුණු වූ ආදම්ගේ ජීවිතයට වඩා බෙහෙවින් උසස් වනු ඇතැයි සම්පූර්ණයෙන්ම විශ්වාස කරමින්, දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සකසන අවස්ථාවන්හිදී, අපගේ ස්ව-කැමැත්ත කිරීමේ (අපගේම සතුට, අපගේම ගෞරවය, අපගේම කීර්තිය යනාදිය අපේක්‍ෂා කිරීමේ) ජීවිතයට මිය යමින් අපි මෙම "යේසුස් වහන්සේගේ මරනු ලැබීමට" එකඟ වන්නෙමුව.

යේසුස් වහන්සේගේ නැවත නැඟිටීමේ ජීවිතය නිසැකවම අප සැමට අපගේ දෙමව්පියන්ගෙන් උරුම වූ ජීවිතයට වඩා බෙහෙවින් උසස් ය. නමුත් දෙවියන් වහන්සේ අපට යේසුස් වහන්සේගේ ජීවිතය ලබා දීමට පෙර, එම ආදම්ගේ ජීවිතය මරණයට පත්කිරීමට අප කැමති විය යුතුය (2 තිමෝති 2:11; 2 කොරින්ති 4:10). උදාහරණයක් ලෙස අප අපගේ යාචක ටින් එකේ ඇති කාසි කීපය දෙවියන්වහන්සේ ලබා දෙන රුපියල් මිලියන ගණනකට හුවමාරු කිරීමක් වැනිය. එවැනි හුවමාරුවක් ප්‍රතික්‍ෂේප කරන්නේ මෝඩයෙකු පමණි. නමුත් ලෝකය එවැනි මෝඩයින්ගෙන් පිරී ඇත. තම පොලොවේ දිවිය අවසන් වීමට පෙර තමන්ට එන පරික්‍ෂා ආත්මිකව පොහොසත් වීමට(දිව්‍යමය ස්වභාවය කරණකොටගෙන) පාවිච්චි කළ හැකිව තිබියදී ඔවුන් තවදුරටත් ඔවුන්ගේ එම කාසි කීපයට(කුණුවූ ආදම්ගේ ජීවිතයට) ඇලී බැඳී ජීවිතය අවසන් කරනු ඇත. අපගේ තෘෂ්ණාවන් රැවටිලි කාරයි කියා බයිබලය පැවසීම පුදුමයක් නොවේ(එපීස.4:22), මක්නිසාද ඒවා අපව සතුටට පමුණුවන්නාක් මෙන් අපව රවටයි.

අප අතින් වරදක් සිදු වූ විට, එය සුළු කාරණයක් වුවද, උන් වහන්සේ අපට තරවටු කිරීම සහ දඬුවම් කිරීම දෙවියන් වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමයේ සලකුණු දෙකකි (හෙබ්‍රෙව් 12:5-8; එළිදරව්ව 3:19). එයින් ඔප්පු වන්නේ උන්වහන්සේ අපිව උන්වහන්සේගේ පුත්‍රයන් ලෙසට සලකනවා යන්නය. තවද අපද එම ඉලක්කය ගැන වුවමනාවෙන් සැලකිලිමත් වන විට, අපව යේසුස් වහන්සේ මෙන් කිරීමේ ඉලක්කය කරා දෙවියන් වහන්සේ ස්ථිරව ක්‍රියා කරනසේක.

දෙවියන් වහන්සේට අපගේ ජීවිත උදෙසා සැලැස්මක් ඇති අතර එය ඉටු කළ හැකිවන්නේ අප අපගේ මුළු හදවතින්ම උන්වහන්සේව සොයන්නේ නම් පමණි - වෙනත් ආකාරයකින් නොවේ (මේ සම්බන්ධව යෙරෙමියා 29:11-13 කියවන්න). දෙවියන් වහන්සේ, උනන්දුවෙන් උන්වහන්සේව සොයන අයට විපාක දෙන දෙවිකෙනෙකි (හෙබ්‍රෙව් 11:6 - KJV). ඒ නිසා මේ මොහොතේ පටන් ඔබ උන්වහන්සේව උනන්දුවෙන් සෙවිය යුතුය.

©Zac Poonen –

[email protected]