WFTW Body: 

බලාපොරොත්තුව :

“බලාපොරොත්තුව” නව ගිවිසුම් වචනයකි, හරියට “අනුග්‍රහය”, "මෘදුකම", “ආත්මයෙන් දිළිඳුකම”, සහ “ජයගැනීම” යනාදිය මෙන් ය. බලාපොරොත්තුව ගැන බොහෝ දේ සිතා බලන ඇදහිළිවන්තයින් ඉතා ස්වල්ප දෙනෙක් ය. නමුත් එය සමපද විවරණයකින් හෙවත් බයිබල් අකාරාදියකින් අධ්‍යයනය කිරීමට හොඳ වචනයකි.

රෝම 5: 2-4 අපට පවසන්නේ දෙවියන් වහන්සේගේ මහිමය බලාපොරොත්තුවෙන් අපි ප්‍රීති වන බවයි. අපි පීඩාවන්හි සතුටු වන්නේ, එම පීඩාවලදී අප ඉවසිළිවන්තව කටයුතු කරන්නේ නම් අපට සහතික ලත් චරිතයක් ලැබෙන නිසාය. එය අනෙක් අතට අපට බලාපොරොත්තුව ලබා දෙයි. එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ අපව වෙනස් කර ඇති ආකාරය අපගේ අතීත ජීවිතයෙන් අප දැක ඇති හෙයින්, ඉදිරි දිනවලදී දෙවියන් වහන්සේ විසින් අප තුළ වැඩ නිම කරනු ඇතැයි අපට බලාපොරොත්තුවක් ඇති බවය.

දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අනාගතය උදෙසා අපව බලාපොරොත්තුවෙන් පුරවන්නටය. අප, අප අවට සිටින, ත්‍රාසය නිසා සිත් කැලඹුනාවූ හා ඛේදසහගතවූ අය මෙන් අනාගතයට මුහුණ නොදිය යුතු ය. අප තුළ යහපත් වැඩක් ආරම්භ කළ තැනැන්වහන්සේ නියත වශයෙන්ම එය සම්පූර්ණ කර එය අප තුළ පරිපූර්ණත්වයට ගෙන එනු ඇතැයි විශ්වාස කරමින් අපි ඉමහත් බලාපොරොත්තුවකින් බලා සිටිමු. ( පිලිප්පි 1: 6 ). අධෛර්‍යමත්වීම සහ මනෝභාවය සඳහා නිශ්චිත ඖෂධය බලාපොරොත්තුවයි.

අපගේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම අප තදින් අල්ලා ගත යුතුය ( හෙබ්‍රෙව් 10: 23 ). වෙනත් වචන වලින් කිවහොත්, අප මේ මොහොතේ පරාජයට පත් වුවද, දෙවියන් වහන්සේ අපට ජයග්‍රහණය ලබා දෙන බවත්, උන්වහන්සේ අප තුළ කිරීමට පොරොන්දු වූ දේ කරන බවත්, අපගේ මුඛයෙන් ප්‍රකාශ කිරීමට නිර්භීත විය යුතුය. අපි බලාපොරොත්තුවේ ප්‍රීතියෙන් ප්‍රීති විය යුතුයි. දෙවියන් වහන්සේ ඔවුන් වෙනුවෙන් කර ඇති දේට ඇදහිළිවන්තයන් දෙවියන් වහන්සේට ස්තුති කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කරන්න යන දේ ගැන අපි බලාපොරොත්තුවෙන් ප්‍රීති විය යුතුයි.

“ඔහු කරන සියල්ල සඵල වේ” යන්න ගීතාවලිය 1: 3 හි ඇති පොරොන්දුව යි. මෙය අපගේ ජීවිත උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්ත වන අතර, අප එය ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ උපන් උරුමය ලෙස ප්‍රකාශ කළ යුතුය.

ප්‍රීතිය :

උතුරා ගලා යන ප්‍රීතිය, අප දෙවියන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන බව අපට දැන ගත හැකි එක් ක්‍රමයකි - මන්ද “උන්වහන්සේගේ අභිමුඛ‍යේ ප්‍රීතියෙන් පිරී ඇත්තේ ය” ( ගීතාවලිය 16: 11 ). දෙවියන් වහන්සේගේ රාජ්‍යය සැබවින්ම අපගේ හදවත් තුළට ද පැමිණ ඇති බැව් අප දැන ගන්නේ එළෙස ය - මක්නිසාද යත්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය නම් ධර්මිෂ්ඨකම, සමාදානය හා ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියයි” ( රෝම 14: 17 ). මෙම ප්‍රීතිය අපේම විය හැක්කේ අප පාපයට වෛර කර ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන්න ගත් විටදි පමණි - මක්නිසාද ප්‍රීතිය නැමැති තෛළයෙන් ආළේපය ලබාදෙණු ලබන්නේ “ධර්මිෂ්ඨකමට ප්‍රේම කර අයුක්තියට වෛර කරන” අයටය ( හෙබ්‍රෙව් 1: 9). ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සෑම විටම ඔබේ ශක්තිය වේවා ( නෙහෙමියා 8: 10 ). ප්‍රීතිය, පෙළඹවීමට (පරික්ෂාවට) එරෙහි ඔබේ සටන වඩාත් පහසු කරයි.

හේතු දෙකක් නිසා, අප මුහුණ දෙන පීඩා වලදී පවා අපි ප්‍රීති විය යුතු බව යාකොබ්තුමා ( යාකොබ් 1: 1- 4 ) හි පවසයි: (1) අපගේ ඇදහිල්ල අව්‍යාජද නැද්ද යන්න අපි සොයා ගන්නෙමු (එය අප සතුව ඇති රත්තරන් අව්‍යාජද නැද්ද යන්න සොයා ගැනීම හා සමානයි - සැබැවින්ම දිළිඳුකමින් පෙළෙන අප ධනවත් යැයි අපවම රවටා නොගන්නා පිණිස). (2) අපගේ ඉවසීම පරිපූර්ණත්වයට වර්ධනය වේ - එවිට අපි හිඟකමින් තොරව පරිපූර්ණ හා සම්පූර්ණ වෙමු.

අපගේ පරීක්‍ෂාවන්හීදී අපි ප්‍රීති වන්නේ නම් - ඉන් පැමිණිය හැකි ප්‍රතිඵල පුදුමාකාර වේ. ඇදහිළිවන්තයින් අතරේ අපතේ යැවූ දුක් වේදනා රාශියක් ඇත. ඔවුන් ප්‍රීති වනවා වෙනුවට චෝදනා හා මැසිවිලි නන බැවින්, ඔවුන්ගේ දුක් විඳීම් තුළින් කිසිදු ධනයක් ඔවුන් ලබා ගන්නේ නැත.