අපි අනාගතය දෙස බලන විට, එය ගෙවී ගිය සියලු වසරවලට වඩා හොඳවීම අපට අවශ්‍යය. නමුත් එය වඩා හොඳ වනු ඇත්තේ අප දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට හිමිකම් දරන්නේ නම් පමණි. අප විශ්වාස කරන දේ අපගේ මුඛයෙන් ප්‍රකාශ කළ යුතුය - නමුත් අපගේ ප්‍රකාශනය දෙවියන් වහන්සේගේ පොරොන්දු මත පදනම් විය යුතුය (රෝම 10: 8,9 බලන්න).
දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුවක් දුන් විට - එය ඉටු කළ නොහැකි පොරොන්දුවක් ලෙස පෙනුනත් (මනුෂ්‍යාකාරයෙන් කතා කරමි), ආබ්‍රහම් කළේ කුමක්ද? “ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී, එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්, පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය“(රෝම 4: 19-21).
එබැවින් දෙවියන් වහන්සේ පොරොන්දු වී ඇති දේ කෙරෙහි ඇදහිල්ල ඇතිව, අපි පහත ප්‍රකාශනයන් අට කරමු. එය ඔබටත් සාතන්ටත් ඔබේ හදවතින්ම නිතර පවසන්න:
1. පියාණන් වන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන් මට ප්‍රේම කරන සේක
- එබැවින් මම සැමවිටම ප්‍රීති වන්නෙමි (යොහන් 17: 23).
2. දෙවියන් වහන්සේ මගේ සියලු පව් වලට සමාව දී ඇත
- ඒ නිසා මම කවදාවත් වරදකාරි හැඟීමෙන් ජීවත් වෙන්නේ නැත (1 යොහන් 1: 9; හෙබ්‍රෙව් 8: 12).
3. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් මා පුරවනු ඇත
- එබැවින් සෑම කාර්යයක් සඳහාම මම ශක්තිමත් වනු ඇත (ලූක් 11: 13).
4. දෙවියන් වහන්සේ මගේ සියලු සීමාවන් තීරණය කර ඇත
- එබැවින් මම සැමවිටම ළද දෙයින් තෘප්තිමත් වන්නෙමි (ක්‍රියා 17: 26; හෙබ්‍රෙව් 13: 5).
5. දෙවියන් වහන්සේගේ ආඥා සියල්ල මාගේ යහපත සඳහා ය
- ඒ නිසා මට දෙවියන් වහන්සේගේ සියලුම ආඥාවලට කීකරු වීමට අවශ්‍යයි (1 යොහන් 5: 3; ද්විතීය කථාව 10: 13).
6. දෙවියන් වහන්සේ මට බලපාන සියලුම මිනිසුන් සහ සිදුවීම් පාලනය කරන සේක
- එබැවින් මම සැමවිටම ස්තුති කරමි (රෝම 8: 28).
7. යේසුස් වහන්සේ සාතන්ව පරාජය කර උගේ බලයෙන් මාව නිදහස් කළ සේක
- එබැවින් මම කිසිදා බිය නොවන්නෙමි (හෙබ්‍රෙව් 2: 14,15; හෙබ්‍රෙව් 13: 6).
8. දෙවියන් වහන්සේට මා ආශීර්වාදයක් කිරීමට අවශ්‍යයි
- එබැවින් මම අන් අයට ආශීර්වාදයක් වන්නෙමි (උත්පත්ති 12: 2; ගලාති 3: 14).
“ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන “ (හෙබ්‍රෙව් 11: 6).