යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක: “ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිනෙන්නෝය (නැතහොත් ඔවුන් තෘප්තිමත් වනු ඇත)” (මතෙව් 5:6). එබැවින් මිනිසෙකු මෙසේ පවසන විට, “අනේ සහෝදරවරුනි, මම පාපයට එරෙහිව ජයග්‍රහණය සඳහා බොහෝ උත්සාහ කළෙමි, නමුත් මට එය ලැබී නැත, එවිට මෙම පදය පදනම් කරගෙන මට ඔහුට පැවසිය හැක්කේ ඔහු ශුද්ධ ජීවිතයක් සඳහා සැබවින්ම සාපිපාසාවෙන් නොසිටින බවයි. ඔහු පාපය ජය ගැනීම ගැන සැබවින්ම ඉතාමත් අවශ්‍යතාවයෙන් ක්‍රියාත්මක නොවේ.
පාපයෙන් ජය ගැනීමට යේසුස් වහන්සේ යාච්ඤා කළ ආකාරය සලකා බලන්න. ක්‍රිස්තුස් වහන්සේ අප මෙන් පොළොවේදී පරීක්‍ෂාවට ලක් වූ බවත්, උන්වහන්සේ කිසි විටෙකත් පව් නොකළ බවත් අපි දනිමු, නමුත් එය උන්වහන්සේට පහසු නොවීය. හෙබ්‍රෙව් 5 අපට පවසන්නේ යේසුස් වහන්සේ පරීක්‍ෂාවට මුහුණ දුන් ආකාරය ගැනය. හෙබ්‍රෙව් 4:15 හි අපට කියනු ලබන්නේ උන්වහන්සේ අප මෙන් සෑම අතින්ම පරීක්‍ෂාවට ලක් වූ බවත්, පසුව මෙම ක්‍රිස්තුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ අනුපිළිවෙලට අනුව අපගේ උත්තම පූජකයා බවත් ( හෙබ්‍රෙව් 5:6). එය තවදුරටත් පවසන්නේ 7 වන පදයේ, "තම මාංසයේ දවස්වලදී, මරණයෙන් තමන්ව ගලවා ගැනීමට හැකි තැනැන්වහන්සේට මහත් හඬින් හා කඳුළුවලින් යාච්ඤා සහ කන්නලව් දෙකම ඔප්පු කළ අතර, තමන්ගේ දේව භය (භක්තිවන්තකම) නිසා උන්වහන්සේට සවන් දෙන ලදී" ( හෙබ්‍රෙව් 5:7). මෙය ගෙත්සෙමනෙහි උන්වහන්සේගේ මාංසයේ අවසාන දිනය ගැන නොව, උන්වහන්සේ පොළොවේ මාංසයේ සිටි මුළු කාලය ගැනම කතා කරයි - අවුරුදු තිස් තුනහමාරක්: උන්වහන්සේ යාච්ඤා සහ කන්නලව් ඉදිරිපත් කළ සේක.
කන්නලව්ව යනු උන්වහන්සේගේ පියාණන්ට කරන නිශ්චිත ඉල්ලීමකි. ඒවා හුදෙක් 'මට ආශීර්වාද කරන්න' යනුවෙන් පවසන සාමාන්‍ය යාච්ඤා පමණක් නොව, ඒවා නිශ්චිත ඉල්ලීම් විය. තවද උන්වහන්සේ මෙම යාච්ඤාවන් ඉදිරිපත් කළේ හඬනගා හැඬීමෙන් සහ කඳුළු සලමිනි. උන්වහන්සේ යාච්ඤා කරන විට එසේ හඬා වැලපෙමින් කඳුළු සලමින් යාච්ඤා කළේ ඇයි? යේසුස්වහන්සේ එසේ යාච්ඤා කරන්නට ඇතිද? ඔබ කඳුළු සලමින් යාච්ඤා කළ ඔබේ ජීවිතයේ කාලයක් ගැන ඔබට සිතිය හැකිද? සමහරවිට ඔබේ දරුවා අසනීප වී ඇත්නම්, නැතහොත් ඔබට දැඩි ලෙස අවශ්‍ය වූ දෙයක් ඔබට අහිමි වුවහොත්, ඔබ හඬා වැලපෙමින් දෙවියන් වහන්සේට යාච්ඤා කර ඇති, නමුත් යේසුස්වහන්සේ එවැනි දෙයක් සඳහා යාච්ඤා කළේ නැත. ඔබ කවදා හෝ හයියෙන් හඬා වැලපෙමින් යාච්ඤා කර තිබේද? සමහරවිට යමෙකු මිය ගිය විට හෝ ඛේදජනක දෙයක් සිදු වූ විට, නමුත් යේසුස්වහන්සේ එවැනි අවස්ථාවන්හිදී යාච්ඤා කළේ නැත. එහි සඳහන් වන්නේ උන්වහන්සේ මරණයෙන් ගලවා ගැනීමට හැකි වූ එකම තැනන්වහන්සේට (එනම් පියාණන්ට) හඬ නගා හැඬීමෙන් සහ කඳුළු සලමින් යාච්ඤා කළ බවයි. උන්වහන්සේගේ දේව බිය නිසා උන්වහන්සේට සවන් දෙන ලදී.
දැන් එම පදයෙන් ධර්මිෂ්ඨකම උදෙසා සාගින්නෙන් හා පිපාසයෙන් සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දේ උගන්වයි. අපට වඩා වෙනස් ආකාරයකින් යේසුස් වහන්සේට ධර්මිෂ්ඨකම තැටියක තබා පූජා කළේ නැත. අපට ආදර්ශයක් වන පිණිස උන්වහන්සේ අප වැනි මිනිසෙකු වූ නිසා, උන්වහන්සේට අප මෙන්, කුසගින්නෙන් හා පිපාසයෙන් ඒ සඳහා අරගල කිරීමට හා සටන් කිරීමට සිදු විය. උන්වහන්සේ සෑම තත්වයකටම, අප මුහුණ දෙන සෑම පරීක්‍ෂාවකටම මුහුණ දුන් අතර, එම පරීක්‍ෂාව ජය ගැනීම සඳහා අප එයට මුහුණ දිය යුතු ආකාරයටම එයට මුහුණ දුන් සේක. මරණයෙන් ගලවා ගැනීමට හැකි තැනන්වහන්සේට යාච්ඤා කිරීමේ තේරුම එයයි.
මෙහිදී ශුද්ධ ලියවිල්ලේ කතා කරන්නේ කුමන මරණයක් ගැනද? යේසුස් වහන්සේ කල්වාරියට යාමට බිය නොවූ සේක. උන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කළාද යත්, අපගේ පාපවලින් අපව ගලවා ගැනීම සඳහා කල්වාරි දහස් ගණනකට යාමට පවා උන්වහන්සේ කැමති වන්නට විය. උන්වහන්සේ ශාරීරික මරණයට බිය නොවීය. තම මරණයේදී ගායනා කළ ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයින් සිටිති. යේසුස් වහන්සේට කවදා හෝ ඒ ගැන බිය විය හැකිද? උන්වහන්සේගේ යාච්ඤාව "අසන ලදී" යනුවෙන්ද එහි සඳහන් වේ, නමුත් උන්වහන්සේ ශාරීරික මරණයෙන් ගැලවී ගියේ නැත. එසේනම් උන්වහන්සේගේ යාච්ඤාව අසන ලද්දේ කෙසේද? එම ප්‍රකාශ දෙකෙන්ම පෙනී යන්නේ උන්වහන්සේ ගැලවීම සඳහා යාච්ඤා කළේ තවත් ආකාරයක මරණයකින් බවයි.
බයිබලයේ ශාරීරික මරණය සහ ආත්මික මරණය ගැන කතා කරයි. යාකොබ් 1වන පරිච්ඡේදයේ පවසන්නේ, "පාපය සම්පූර්ණ වූ විට, එය මරණය ගෙන එයි." ඔබ පරීක්‍ෂාවට ලක් වී යටත් වූ විට, එය පාපයට මඟ පෙන්වන අතර එය මරණයෙන් අවසන් වේ. පරීක්‍ෂාවේ මොහොතේ දී, යේසුස් වහන්සේ ගැලවීම ඉල්ලා සිටින මරණය එයයි: එනම්, උන්වහන්සේ කිසිදු ආකාරයකින් පරීක්‍ෂාවට ප්‍රතිචාර දැක්වීමේදී ඇති වියහැකි පාපයේ ආත්මික මරණයේ සුවඳක්වත් නොතිබිය යුතුය - සිතුවිල්ලෙන්, ආකල්පයෙන්, චේතනාවෙන්, වචනයෙන් හෝ ක්‍රියාවෙන්. පාපයේ සුවඳක්වත් නොතිබිය යුතුය. පියාණන් වහන්සේට ප්‍රසන්න වීම පිණිස සම්පූර්ණයෙන්ම පිරිසිදුව සිටීමට, උන්වහන්සේ දැඩි ආශාවකින් සිටි නිසා, උන්වහන්සේට හඬ නඟා කඳුළු සලමින් යාච්ඤා කිරීමට සිදු විය.
නාසරෙත්හි අවුරුදු 30 ක් සහ උන්වහන්සේගේ දේවසේවයේ අවුරුදු තුනහමාරක් පුරා (උන්වහන්සේගේ මාංසයේ සියලු දවස්වල), උන්වහන්සේ මෙසේ යාච්ඤා කළ සේක: “පියාණෙනි, මට කිසිදා පව් කිරීමට අවශ්‍ය නැත. මාගේම කැමැත්ත කිරීමට මට කිසිදා අවශ්‍ය නැත, (මන්දයත් එය සියලු පාපයේ මුලවේ).” උන්වහන්සේ ගෙත්සෙමනේදී එම දෙය සඳහාම යාච්ඤා කර අරගල කළ සේක, ලේ බිංදු මෙන් දහඩිය දැමූ සේක, මන්ද උන්වහන්සේට කිසිදා තමන්ගේම කැමැත්ත කිරීමට අවශ්‍ය නොවූ අතර උන්වහන්සේගේ දේව බිය නිසා උන්වහන්සේට සවන් දෙන ලදී.
ඉතින් මේ පදයට අනුව දේව භය යන්නෙහි ලකුණ කුමක්ද? දේව භයේ එක් ලකුණක් නම්, ඔබ කිසිම ආකාරයකින් දෙවියන් වහන්සේව අප්‍රසාදයට පත් නොකරන ලෙස දැඩි ලෙස මොරගැසීමයි. උන්වහන්සේ ගැළවුනා, උන්වහන්සේගේ යාච්ඤාවලට සවන් දුන්නා, උන්වහන්සේ කිසිදා පව් කළේ නැහැ. සමහරවිට අපි පව් කරන්නේ මේ නිසා වෙන්න ඇති - මොකද අපි එයින් ගැලවීමට එතරම් ආශාවෙන් නොසිටින නිසා. බයිබලය පවසන්නේ, "අනාචාරයෙන් පලා යන්න." දේවභක්තික ජීවිතයක් ගත කිරීමේ රහස මෙහි ඇත. පළමු පියවර නම්, "ධර්මිෂ්ඨකමට සාපිපාසයෙන් සිටින අය ආශිර්වාද ලද්දෝය. " තවද මෙහි පොරොන්දුවක්ද තිබේ: ඔබ තෘප්තිමත් වනු ඇත. ඒ ගැන කිසිදු සැකයක් නැත.
©Zac Poonen – [email protected]