WFTW Body: 

රහසිගත ස්ථානයේ දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියෙහි ජීවත් වන්න, උන්වහන්සේ කෙරේ ඔබේ හදවතේ නිරන්තර මොරගැසීමට ඉඩ දෙන්න. දෙවියන් වහන්සේ කෙරෙහි ඇති මෙම ආශාව නැති වූ විට ක්‍රිස්තියානිකම වියළි හිස් ආගමක් බවට පත්වේ. එබැවින් ඕනෑම මිළයක් ගෙවා දෙවියන් වහන්සේ කෙරෙහි ඇති මෙම දැඩි ආශාව රැක ගන්න. ඔබේ ඇදහිල්ලේ වැදගත්ම කොටස එයයි. ජලය සඳහා පිපාසයෙන් පෙළෙන මුව පොව්වෙකු මෙන් අප නිරන්තරයෙන් දෙවියන් වහන්සේ පසුපස හඹා යා යුතුය.

" කිතුනුවන් වශයෙන් අපගේ සාක්‍ෂිය ලෝකයේ ප්‍රමිතියට වඩා බෙහෙවින් උසස් විය යුතුය"

අප සඳහාවන දෙවියන්වහන්සේගේ අධ්‍යාපනයට ලෝකය "කලකිරීම්" ලෙස හඳුන්වන බොහෝ දේ ඇතුළත් වේ. නමුත් මේවා අප උදෙසා යම් වඩා යහපත් දෙයක් පිණිස "උන්වහන්සේගේ සැලසුම්" වේ. එවැනි බලාපොරොත්තු සුන්වීම්වලට මුහුණ නොදුන්නේ නම්, අපට කිසි විටෙකත් අන් අයට උපදෙස් දීමට නොහැකි වනු ඇත. ජීවිතයේ අධ්‍යාපනයට අසාර්ථක වීම්ද ඇතුළත් වේ, මන්ද මිනිසුන්ගෙන් 99.9% ක් අසාර්ථක වන ලෝකයක අන් අයට උපකාර කිරීමට නම් අසාර්ථක වීම අවශ්‍ය වේ. අසාර්ථක වීමේ අරමුණු දෙකක් නම් (1) අපව යටහත් කිරීම (අපව බිඳ දැමීම) සහ (2) අන් අය කෙරෙහි අපව අනුකම්පා සහගත කිරීමය.

ඔබේ ආත්මික සටන් ද ඔබේ අධ්‍යාපනයේ කොටසකි. ඔබ තාවකාලික භූමික උපාධි සඳහා මෙතරම් වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නම්, සදාකාලික, ස්වර්ගීය එකක් සඳහා සටන් කිරීමට ඔබ කොතරම් වෙහෙස මහන්සි වීමට කැමති විය යුතුද? කාලය කෙටි වන අතර දින නපුරුය. අපගේ සියලු භූමික ලුහුබැඳීම් වලදී අපි සදාකාලික ඉදිරිදර්ශනය මනසේ තබා ගත යුතුය. ඔබ ගැන නිරන්තර විනිශ්චයක සහ සෑම විටම ස්වාමින් වහන්සේ සමඟ පිරිසිදු අභ්‍යන්තර ගමනක ජීවත් වන්න.

පාවුලු තුමා තිමෝතිට පැවසුවේ, "ඔබට භාර දී ඇති නිධානය අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන් කරණ කොටගෙන ආරක්‍ෂා කරන්න" (2තිමෝති1:14). අපගේ භූමිකගමනේදී උන්වහන්සේ වෙනුවෙන් ආරක්‍ෂා කළ යුතු පරිශුද්ධ වස්තුවක් ලෙස දෙවියන් වහන්සේ අපගේ ශරීර අපට ලබා දී ඇත. අපි මේවා සෑම දිනකම උන් වහන්සේට භාර කළයුතු අතර එමගින් යම් දිනක අපි ජීවන ගමන සම්පූර්ණ කරන තුරු ඒවා සියලු පාපයෙන් පවිත්‍ර වී ශුද්ධකමෙන් ආරක්‍ෂා වන්නේය.

නිදර්ශනයක් දෙන්නේ නම්: එය හරියට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ආරක්‍ෂිතව රැගෙන යාමට සමාගමක් අපට රුපියල් මිලියන පහක් ලබා දුන්නා වැනිය. නමුත් එයින් යම් ප්‍රමාණයක් අප නාස්තිකර ඉතිරිය යන මඟදී අප අතින් නැති වී ඇත. දැන් අපි පසුතැවිලි වී අසාර්ථකව නැවත ස්වාමීන් වහන්සේ වෙතට පැමිණ සිටින්නෙමු. උන්වහන්සේ කරන්නේ කුමක් ද? උන්වහන්සේ අපව ප්‍රතික්‍ෂේප කරන්නේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ අපට සමාව දී තවත් රුපියල් මිලියන පහක් ලබා දී එය අපගේ ජීවිතයේ අවසානය දක්වා ආරක්‍ෂිතව රැගෙන යන ලෙස අපට පවසයි. දෙවියන්වහන්සේ කෙතරම් යහපත්ද.

කිතුනුවන් වශයෙන් අපගේ සාක්‍ෂිය ලෝකයේ ප්‍රමිතියට වඩා බොහෝ උසස් විය යුතුය. නපුරු පෙනුමක් හෝ ඇති කිසිවක් අප නොකළයුතුය. සැකයක් ඇති විටදී ප්‍රතිවිරුද්ධ පැත්තට වඩා ප්‍රවේශමෙන් සහ වටහා ගැනීමේ ශක්තිය පරිදි ක්‍රියා කිරීමට තීරණය කිරීම වඩා හොඳය.

©Zac Poonen – [email protected]