WFTW Body: 

යේසුස් වහන්සේ කුඩා කළ සිටම ප්‍රඥාවෙන් වැඩුණ බව අප ලූක් 2: 40, 52 හි කියවන්නෙමු. යෞවනයන්, තරුණ බැවින් අඥාණ දේ කරයි කියා අපි අපේක්ෂා කළත්, එහෙත් යේසුස් වහන්සේ යෞවන වියේ සිටිය දී කිසිදු අඥාණ දෙයක් නොකළ සේක. අපගේ යෞවන වියේදී බොහෝ අඥාණ දේවල් කිරීමෙන් වැළකෙන පිණිස අපි යේසුස් වහන්සේව ආදර්ශය කරගනිමු.

ස්වාමින් වහන්සේට බියවීම ප්‍රඥාවේ පටන් ගැන්මයි. ආත්මික මරණයෙන් ගැළවීමට උපකාර ලැබෙන පිණිස යේසුස් වහන්සේ යාච්ඤා කළ සේක - එමෙන්ම “උන්වහන්සේගේ දේව බිය නිසා, උන්වහන්සේට සවන් දෙන ලදි” ( හෙබ්‍රෙව් 5: 7 ). යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන් දෙවියන් වහන්සේ අපටද ප්‍රේම කරන සේක. එම නිසා යේසුස් වහන්සේ මෙන් අපද දෙවියන් වහන්සේට බිය වන්නේ නම්, අපගේ යාච්ඤා ද අසණු ලබන්නේ ය.

ආබ්‍රහම් තම එකම දරුවා පූජා කිරීමට සූදානම් වූ විට, “ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන කෙනෙක් බව දැන් මම දනිමි යි” කියමින් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට සහතිකයක් දුන් සේක (උත්පත්ති 22: 12). එදින ඒ කඳු මුදුනේදී ආබ්‍රහම්ම පමණක් දෙවියන් වහන්සේට තනිවම කීකරු විය. දෙවියන් වහන්සේ පමණක්ම ඔහුගේ කීකරු කම දැකීමට ඔහුට අවශ්‍ය විය. ආබ්‍රහම් එක් රාත්‍රියක තනිව සිටියදී දෙවියන් වහන්සේ ඔහුට කථා කොට තිබුණි ( උත්පත්ති 22: 1 ). දෙවියන් වහන්සේ ඔහුට කියූ දේ කිසිවෙකු දැන සිටියේ නැත. ආබ්‍රහම් දෙවියන් වහන්සේට රහසින් කීකරු විය. අප රහසින් කරන දේවල දී (අප කරන දේ වෙන කිසිවෙකු නොදන්නා විට) අප දෙවියන් වහන්සේට බිය වන්නේද නැද්ද යන්න සොයා ගත හැක.

යෝබ්, දෙවියන් වහන්සේට බිය ඇත්තෙක් යැයි සාතන් ඉදිරියේ දෙවියන් වහන්සේයෝබ්ට සහතිකයක් ප්‍රදානය කළ සේක (යෝබ් 1: 8). එවගේම දෙවියන් වහන්සේට ඔබ ගැනත් සාතන්ට පුරසාරම් දෙඩීමට හැකි නම් එය හොඳය - මක්නිසාද සාතන් අදටත් ලෝකය පුරා සැරිසරා අපගේ පෞද්ගලික ජීවිතය ගැන සියල්ල දන්නා බැවිණි. යෝබ් කිසි විටෙකත් ස්ත්‍රීයක් කෙරෙහි රාගයෙන් නොබළන ලෙස ඔහුගේ දෑස් සමඟ ගිවිසුමක් ඇති කර ගත්තේය (යෝබ් 31: 1). ව්‍යවස්ථාව දීමටත්, නව ගිවිසුම ඇතිවීමට සියවස ගණනාවකටත් පෙර ජීවත් වූ කෙනෙකුට බයිබලයක් නොමැතිව, ශුද්ධාත්මයාණන් නොමැතිව, සහ ඔහුව ධෛර‍්‍යය මත් හෝ අභියෝග කිරීමට වෙනත් සහෝදරයන් නොමැතිව, එවැනි තීරණයක් ගැනීමට හැකිවීම පුදුම සහගතය! විනිශ්චය දවසේදී යෝබ් නැඟිට රාගය හා පාපය උදෙසා මේ පරම්පරාව හෙළා දකිනු ඇත.

ඔබට අනුගමනය කළ හැකි තවත් විශිෂ්ට ආදර්ශයකි යෝසෙප්. ඔහු තම දෙමාපියන්ගෙන් ඈත්ව ජීවත් වූ තරුණයෙකි. එහෙත් ඔහු දිනෙන් දින පව්කාර ස්ත්‍රියක විසින් පරීක්‍ෂාවට ලක් වූ විට, ඔහු දෙවියන් වහන්සේට භය වූ බැවින්, ඇයට නොකඩවා විරුද්ධ වී ඇය වෙතින් පලා ගියේය ( උත්පත්ති 39: 9 ).

යෝබ්ගේ සහ යෝසෙප්ගේ උදාහරණ අපට පෙන්වා දෙන්නේ ලිංගික ආශාව සහ කාමමිථ්‍යාචාරය යන මෙම භයානක පාපයෙන් අපව ගලවා ගැනීමට දෙවියන් වහන්සේට භයවීම පමණක් ප්‍රමාණවත් බවයි. ස්වාමින් වහන්සේ කෙරෙහි භය යනු ප්‍රඥාවේ පටන් ගැන්මය (අක්‍ෂර මාලාව අ, ආ ය).

ඔබ "ඔබ ගැන සැලකිලිමත් වන්නේ" නම්, "ඔබේ දියුණුව සියල්ලන්ටම පෙනෙනු ඇත" ( 1 තිමෝ. 4:15, 16 ).