WFTW Body: 

දෙවියන් වහන්සේව දැණ හැඳින ගැනීමට වඩා බයිබලය දැණ ගැනීම පහසුය - මන්ද බයිබලය දැණ ගැනීමට ඔබට මිළයක් ගෙවීමට සිදු නොවේ. ඔබට කරන්නට අවශ්‍ය වන්නේ එය අධ්‍යනය කිරීම පමණයි.

ඔබේ පෞද්ගලික ජීවිතයේදී ඔබට බයිබලය ඉතා හොඳින් දැනගන සිටියදීම දුරාචාරවද එමෙන්ම සිතුවිලි-ජීවිතයේදී අශුද්ධවද සිටිය හැකිවේ . ඔබට ප්‍රසිද්ධ දේශකයෙකු විය හැකි අතරම මුදලට මහත් ඇල්මක් දක්වන්නෙකුද විය හැකිය. නමුත් ඔබට දෙවියන් වහන්සේව දැණ හැඳිනගෙන ඔබේ ජීවිතයේ දුරාචාරයෙකු විය නොහැක. ඔබට දෙවියන් වහන්සේව හැඳිනගෙන මුදලට ලොල් වෙන්න බැරිය. එය කිසිසේත් වන්නට බැරිය. බොහෝ දේශකයින් දෙවියන් වහන්සේව දැණ හැඳින ගැනීමට වඩා බයිබලය දැණගැනීමේ පහසු මාවත ගන්නේ එබැවිනි.

සහෝදරවරුනි මට ඔබෙන් ඇසීමට අවශ්‍යයි: ඔබ බයිබලය දැණ ගැනීමෙන් පමණක් තෘප්තිමත්ද නැතහොත් ස්වාමින් වහන්සේව දැණ හැඳින ගැනීමට ඔබගේ හදවත්වල මහත් උත්සුකභාවයක් (ආශාවක්) තිබේද? ප්‍රේරිත පාවුලුතුමා පිලිප්පි 3: 8-10 හි පැවසුවේ ඔහුගේ ලොකුම ආශාව වූයේ ස්වාමින් වහන්සේව වඩා හොඳින් දැණ හැඳින ගැනීම බවයි. ස්වාමින් වහන්සේ දැණ හැඳින ගැනීම හා සසඳන විට ඔහු අනෙක් සියල්ල කුණු ලෙස සැළකුවේය. මෙම මිළ අධික මුතු ඇටය වෙනුවෙන් පාවුලුතුමා සිය මුතු සියල්ල අත් හැරියේය. පාවුලුතුමාගේ දේවසේවයේ රහස සොයාගත හැක්කේ ඔහු ගමාලියෙල්ගේ සෙමනේරියේ බයිබලය පාඩම් කිරීමට ගත කළ වසරවලදී නොව, ස්වාමින් වහන්සේව ඔහුගේ පෞද්ගලික දැණ හැඳින ගැනීම තුළිණි.

සදාකාල ජීවනය නම්දෙවියන් වහන්සේ හා යේසුස් වහන්සේව පෞද්ගලිකව දැණ හැඳින ගැනීමය” (යොහාන් 17: 3).

අපි සමහරවිට සදාකාලික ජීවනය අර්ථ දක්වා ඇත්තේ ස්වර්ගයේ සදාකාලිකව ජීවත් වීමයි කියාය. නමුත් යේසුස් වහන්සේ එය නිර්වචනය කළේ එලෙස නොවේ. . සදාකාල ජීවනයට, ස්වර්ගයට යෑම හෝ අපායෙන් ගැළවීම සම්බන්ධව කිසිඳු සම්බන්ධයක් නැත . එය ස්වාමීන් වහන්සේ දැණ හැඳින ගැනීම හා සම්බන්ධය. දෙවියන් වහන්සේව කුළුපගව (ඉතා සමීපව) හා පෞද්ගලිකව දැණ හැඳින ගැනීම මාගේ ජීවනයේ ආශාව සහ මාගේ හදවතේ බරයි. මාගේ දේවසේවයට දිව්‍යමය ආධිපත්‍යයක් තිබිය හැක්කේ දෙවියන් වහන්සේව, මා පෞද්ගලිකව දැණ හැඳින ගැනීමෙන් පමණක් බව මා දනිමි. එබැවින්, අපගේ සියලුම සභාවල, දෙවියන් වහන්සේවම දැණ හැඳින ගැනීමක් වෙත මිනිසුන්ව යොමු කිරීමට මා උත්සාහ කළෙමි.

ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා අද බයිබල් දැණුම වැඩිය. පෙන්තකොස්ත දවසෙන් අවුරුදු 1500කට ආසන්න කාලයක් කිසිම තැනක මුද්‍රිත බයිබල් තිබුණේ නැත. පසුගිය ශතවර්ෂ දෙක තුළ පමණක් බයිබලය මෙතරම් පහසුවෙන්ම ලබා ගත හැකිව ඇත. අද, අපට බොහෝ අනුවාද සහ වචනසුචියන් සහ අධ්‍යයන-උදව්ද ඇත.

නමුත් මේ සියලු බයිබල් දැණුම වැඩිවීමෙන් ශුද්ධ කිතුණුවන් බිහි කර ඇතැයි ඔබ සිතනවාද? නැත. බයිබල් දැණුමට ශුද්ධකම ඇති කළ හැකි නම්, අද ජීවත් වන ඉතිහාසයේ සිටින දේව භක්තිකම මිනිසුන් අපට සිටිය යුතුය. නමුත් අපි එසේ නොවන්නෙමු. බයිබල් දැණුමට ශුද්ධකම ඇති කළ හැකි නම් සාතන්ටම වුවද ශුද්ධවන්ත වන්නට තිබුණි - මක්නිසාද ඌ තරම් බයිබලය දන්නා කිසිවෙකු නැත.

දහස් ගණන් සිසුන්ට බයිබලය උගන්වන බොහෝ සෙමනේරි අද අපට තිබේ. නමුත් අද ලෝකයේ සිටින දේව භක්තිකම මිනිසුන් එම සෙමනේරිවල සිටිනවාද? නැත. අද බොහෝ සෙමනේරි උපාධිධාරීන් නොඇදහිළිවන්තයින්ටත් වඩා අන්තය.

මීට වසර කිහිපයකට පෙර, මට ඉන්දියාවේ ඉහළම එවැන්ජලිකල් සෙමනේරියකදී සෙමනේරි උපාධිධාරියෙකු මුණගැසුණි, ඔහුගේ උපාධි පන්තියේ, ඔහු පළමු ස්ථානයට පත් විය. එම සෙමනේරියේ වසර තුනක් ගත වූ පසු ඔහුගේ ආත්මික තත්ත්වය ඔහු මුලින්ම එයට සම්බන්ධ වූ කාලයට වඩා නරක තත්ත්වයට පත් වූ බව, ඔහු මට පැවසීය. එසේ නම් එම සෙමනේරිය ඔහුට ඉගැන්වූයේ කුමක්ද? ඒකෙන් ඔහුට බයිබලය ගැනත් ක්‍රිස්තියානි ආගම ගැනත් කරුණු උගන්වා තිබුණි. එවැනි සෙමනේරියකින් සාතන්ටම වුවද, පන්තියේ පළමුවැන්නා ලෙස උපාධිය ලබා ගත හැකිව තිබුණි.

තරුණයෙකු ක්‍රෝධය, තිත්තකම, තෘෂ්ණා සිතිවිලි සහ මුදලට ඇති ආශාව ජය නොගත්තේ නම්, ඔහු අර්ථ විවරණ ශාස්ත්‍රය සහ " උසස් විචාරකයින්" පැවසූ දේ සහ ග්‍රීක වචනවල මූල අරුථ ඉගෙන ගැනීමේ ඵළය කුමක්ද? ඔහුගේ අලුත ලබාගත් සහතිකයෙන්, ඔහු ඉක්මණින් සභාවක දේවගැතිවරයෙකු බවට පත් වනු ඇත. නමුත් දේව ධර්මය නොව සදාචාරාත්මය තම ප්‍රධානතම ප්‍රශ්ණ වූ ඔහුගේ සභාවේ මිනිසුන්ට, ඔහු උගන්වන්නේ කුමක්ද? ඒ කිසිම ක්ෂේත්‍රයක ඔවුන්ට උදව් කිරීමට ඔහුට කිසිසේත්ම නොහැකි වනු ඇත. ඉන්දියාවේ දෙවියන් වහන්සේගේ සේවය විනාශ වෙන්නේ මෙසේය.

දෙවියන් වහන්සේව, ඔබම දැණ හඳුනන්නේ නම් පමණක්, උන්වහන්සේව දැණ හැඳින ගැනීමට ඔබේ රැළ මෙහෙයවීමට ඔබට හැකි වනු ඇත. ඔබට ඔබේම ජීවිතයේදී පාපයට එරෙහිව ජයග්‍රහණය තිබේ නම්, ඔබේ රැළද පාපයට එරෙහිව ජයග්‍රහණය කරා ගෙන යාමට ඔබට හැකි වනු ඇත. එවිට ඔවුන්ද පිටතට ගොස් ස්වාමින් වහන්සේට සේවය කිරීමට - ආධිපත්‍යයෙන් හා බලයෙන් සන්නද්ධ වනු ඇත.

යමෙකුගේ බයිබල් දැණුම හෝ උපාධි සහතික ගැන යක්ෂයා පැහැදී ඇතැයි ඔබ සිතනවාද? කොහෙත්ම නැත. සාතන් බිය වන්නේ දෙවියන් වහන්සේව හඳුනන ශුද්ධවන්ත, යටහත් මිනිසුන්ට සහ කාන්තාවන්ට පමණි.

©Zac Poonen – [email protected]