සෑම දෙයකටම, සෑම අවස්ථාවකදීම සහ සියලු මනුෂ්‍යයින්ට ස්තුති කරන ලෙස බයිබලය අපට පවසයි.
"අපගේ ස්වාමීන් වන යේසුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුති කරන්න" (එපීස 5: 20).
“සියල්ලේදී ස්තුති කරන්න; මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙයයි" (1 තෙසලෝනික 5: 18).
“සියලු මනුෂ්‍යයන් උදෙසා ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි (1 තිමෝති 2: 2).
අපට මෙය අර්ථාන්විතව කළ හැක්කේ, දෙවියන් වහන්සේගේ සර්වබලධාරිත්වය අප දුටු විට පමණි.
දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට සැළකූ සේම අපටද සලකන සේක. යේසුස් වහන්සේට උපකාර කළ එම අනුග්‍රහයම, උන්වහන්සේට ජය ගැනීමට හැකියාව ලබා දුන්නා වූ එම ශුද්ධාත්මයාණන්ගේ බලයම, දැන් අපට ලැබිය හැකිය.
යුදාස් යේසුස් වහන්සේව පාවා දුන්නේය, පේතෘස් උන්වහන්සේව ප්‍රතික්ෂේප කළේය, උන්වහන්සේගේ ගෝලයින් උන්වහන්සේව අත්හැරියෝය, සමූහයා උන්වහන්සේට විරුද්ධව හැරුණෝය, උන්වහන්සේව අසාධාරණ ලෙස විභාග කළා අධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කළෝය, බොරු චෝදනා කර කුරුසිපත් කිරීමට මග සැලැස්වූවෝය. එහෙත් කල්වාරියට යන අතරමගදී, උන්වහන්සේ සමූහයා වෙත හැරී, "මා වෙනුවෙන් අඬන එක නවත්වන්න, නමුත් ඔබ සහ ඔබේ දරුවන් වෙනුවෙන් හඬන්න" (ලූක් 23: 28) යැයි පැවසූ සේක.
උන්වහන්සේ තුළ තමන් ගැනම දුක් වීමේ කිසිම සලකුනක් නොවීය.
තමන් බොමින් සිටි කුසළානය තම පියා විසින් එවන ලද්දක් බව උන්වහන්සේ දැන සිටිසේක. යුදාස් ඉස්කාරියොත් කුසළානය ගෙන ආ දූතයා පමණි. එබැවින් උන්වහන්සේට යුදාස් දෙස ආදරයෙන් බලා ඔහුට "මිත්‍රය" ලෙස ආමන්ත්‍රණය කළ හැකි විය. ඔබට දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සර්වබලධාරිත්වය කෙරෙහි විශ්වාසයක් නොමැති නම්, ඔබට එය කළ නොහැකි වනු ඇත.
යේසුස් වහන්සේ පිලාත්ට පැවසුවේ, " ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත " (යොහන් 19: 11).
රජෙකු ලෙස ගෞරවාන්විතව මේ ලෝකයෙහි ගමන් කිරීමට යේසුස් වහන්සේට හැකි වූයේ මෙම සහතිකය නිසාය. උන්වහන්සේ ඒ ආත්ම-ගෞරවයෙන් ජීවත් වූ අතර එම ආත්ම-ගෞරවයෙන්ම මරණයට පත්වූසේක.
දැන් අපව කැඳවා ඇත්තේ "යේසුස් වහන්සේ ගමන් කළ ආකාරයටම ගමන් කිරීමට"ය. උන්වහන්සේ පිලාත් ඉදිරියෙහි "යහපත් ප්රකාශනයකින් සාක්ෂි දුන්" පරිදි, අපද නොඇදහිළිවන්ත පරම්පරාවක් ඉදිරියේ අපගේ ප්රකාශනය කළ යුතුය.
පාවුලුතුමා 1 තිමෝති 6: 13-14 හි තිමෝතිට පවසන්නේ "අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්රකාශවීම දක්වා නුඹ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්වන ලෙස, සියල්ල ජීවත්කරන්නාවූ දෙවියන්වහන්සේද පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යහපත් ප්රකාශනය කළාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේද ඉදිරියෙහි නුඹට ආඥාකරමි".
අප දැනටමත් දැක ඇති පරිදි, දෙවියන් වහන්සේ ක්‍රියා කරන අවසාන යහපත නම්, අපව උන්වහන්සේගේ ස්වභාවයට, උන්වහන්සේගේ ශුද්ධකමට පංගුකාරයන් කිරීමයි. උන්වහන්සේගේ විස්මිත සර්වබලධාරිත්වය තුළ, උන්වහන්සේගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා අපගේ මාර්ගයේ මුණගැසෙන සෑම කෙනෙකුම උන්වහන්සේ භාවිතා කරන සේක. අපට සියලුම මනුෂ්‍යයින්ට ස්තූති කළ හැක්කේ ඒ නිසාය.
එම කරදරකාරී අසල්වැසියාට, එම වදකාරී ඥාතියාට සහ එම කුරිරු ලොක්කාට ඔබට දිගින් දිගටම හිරිහැර කිරීමට දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ මන්ද? උන්වහන්සේට පහසුවෙන් ඔවුන්ව වෙනත් තැනකට ඉවත් කිරීමට හෝ ඔවුන්ගේ ජීවිත පවා ගැනීමට හැකි වන අතර එමඟින් ඔබට ජීවිතය වඩාත් සුවපහසු කළ හැකිය. නමුත් උන්වහන්සේ එවැනි දෙයක් නොකරන්නේ මන්ද? මක්නිසාද උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔවුන්ව භාවිතා කිරීමෙන් ඔබව විශුද්ධ කිරීමටය. උන්වහන්සේට ඔවුන්ව - ඔබ විසින් ගලවා ගැනීමට පවා අවශ්‍ය විය හැකිය.