WFTW Body: 

කුරුසියේ පණිවිඩයේ දීප්තිමත් පැත්තක් ඇත - එය ධණාත්මක එකකි. එය නම්, කුරුසිය කුරුසියෙන්ම අවසානය නොවන බවයි. එය නැවත නැඟිටීමේ ජීවිතය අත්පත් කරගැනීමේ මාර්ගයයි. කුරුසියේ ක්‍රියාවලිය පිළිගැනීමට කැමති, සියල්ලන් ඉදිරියේ ප්‍රීතියක් සකසා ඇත (හෙබ්‍රෙව් 12: 2). පොළොවට වැටී මිය යන තිරිඟු බීජය සදහටම එහි එළෙසම නොපවතී; එය ජයග්‍රාහී ඵළදාවකට දළුලා වර්ධනය වේ. කුරුසියේ මාර්ගය පිළිගන්නා ඇදහිළිවන්තයා, අන් අය විසින් කොතරම් වරදවා වටහා ගත්තද, අවසානයේදී දෙවියන් වහන්සේ විසින් නිදොස් කරනු ලැබේ. තමකමට මරණයට පත්වීම තුළින් ඵළදායිත්වයකට පැමිණේ. මෙහි සමහර ඵළ පොලොවේ සිටියදී පවා අපට දැකිය හැකි නමුත් ඒ සියළු ඵළ දැකිය හැක්කේ ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනයේදී, ස්වාමින් වහන්සේ තම විශ්වාසවන්තයින්ට විපාක දෙන විට පමණි.

“මෙතෙක් පොලොවේ දිනාගත් විශාලතම ජයග්‍රහණය වූයේ කල්වාරියයි”

 කුරුසියේ මාර්ගය ජයග්‍රහණයේ එකම මාර්ගයයි. යේසුස් වහන්සේ ඒ මාර්ගයේ යෑම වළක්වන්නට සාතන් උපරිම උත්සාහ කළේ එනිසයි. මිනිසුන් සහ ස්ත්‍රීන් තම ජීවිතයට එම මාර්ගය පිළිගැනීම වැළැක්වීමට සාතන් නිතරම උත්සහ කරන්නේ ඒ නිසාමය. පේතෘස් තුමා, කුරුසියේ දුක් විඳීමෙන් යේසුස් වහන්සේ වැළැක්වීමට යහපත් ප්‍රේමයකින් ක්‍රියා කළේය, නමුත් යේසුස් වහන්සේ ක්‍ෂණිකව එහි සාතන්ගේ හඬ හඳුනා ගත් සේක (මතෙව් 16: 21-23). අපගේ මාර්ගය දුෂ්කර වූ විට අපගේ මිතුරන් සහ ඥාතීන් ද අපට ඒහා සමාන උපදෙස් දිය හැකිය. නමුත් මතක තබා ගන්න, අපගේ හදවත් තුළ හෝ අන් අයගෙන් අපට ඇසෙණ හඬවල්, සෑම විටම කුරුසියේ මාර්ගයෙන් අපව හරවා යැවීමට හැකි, යක්ෂයාගේ කෙඳිරිළි බව. අපි ඒවා සැමවිටම එවැනි දේ යැයි හඳුනා ගන්නෙමුද?

එළිදරව් පොතේ අපි දකින්නේ යේසුස් ස්වාමීන් වහන්සේ මරනු ලැබූ බැටළු පැටවා ලෙසයි. එහිදී අපට කල්වාරිය ගැන ස්වර්ගීය දර්ශනයක් ඇත. මනුෂ්‍යයාගේ ඇස් හමුවේ, කල්වාරිය පරාජය වූවකි. යේසුස් වහන්සේගේ නැවත නැඟිටීමෙන් පසු, කිසිඳු නොඇදහිළිවන්තයෙකු දුටු බවට අපට කිසිදු වාර්තාවක් නොමැති අතර, එබැවින් කල්වාරිය තවමත් මිනිසා විසින් පරාජයක් ලෙස සළකනු ලැබේ. නමුත් ස්වර්ගයේ ඇස් හමුවේ මෙතෙක් පොලොවේ දිනාගත් විශාලතම ජයග්‍රහණය වූයේ කල්වාරියයි. පොළොවේ ඔවුන් දෙවියන් වහන්සේගේ බැටළු පැටවා කුරුසියේ ඇණ ගැසූ නමුත් ස්වර්ගයේ ඔවුන් උන්වහන්සේට නමස්කාර කරති. ඔබ යේසුස් වහන්සේව අනුගමනය කරන විට, ඔබ ඔබේ අයිතිවාසිකම් භාර දෙන විට, ඔබට කොන්දක් නැතැයි මිහිපිට සිටින මිනිසුන් පැවසිය හැකි නමුත්, ජයග්‍රාහී ස්ථාවරයක් ගත් දෙවියන් වහන්සේගේ දරුවෙකු සම්බන්ධයෙන් ස්වර්ගයේ ප්‍රීතිය ඇති වේ. "ඔවුන් ඌව (සාතන්ව) අභිබවා ගියහ ... ඔවුන් මරණය (කුරුසියෙහි) දක්වා ඔවුන්ගේ ජීවිතවලට ප්‍රේම කළේ නැත ...එබැවින්, ස්වර්ගයෙහි, එහි වසන්නෙනි ප්‍රීති වෙයල්ලා"(එළිදරව් 12: 11, 12).ගීතාවලිය 124: 7 හි, අපට කිතුණු ජීවිතය, උගුළකින් ගැළවී ගිය කුරුල්ලෙකුගේ සංකේතයෙන් නිරූපණය කර ඇත. ඉහළ අහසේ නැඟී සිටින කුරුල්ලෙකු දෙවියන් වහන්සේ තම සියලු දරුවන්ට අත්විඳීමට අවශ්‍ය තේජාන්විත විමුක්තිය පිළිබඳ පරිපූර්ණ චිත්‍රයකි. කඳු හා ගංඟාවලට පෘථිවියේ සිටින ජීවීන්ගේ ඉදිරි ගමනට බාධා කළ හැකි නමුත් කුරුල්ලෙකුගේ ජීවිතයට එසේ නොවේ. එම කුරුල්ලා එම සියලුම බාධාවලට වඩා ඉහළට නගී. දෙවියන් වහන්සේ මිනිසා මැවුවේ ඔහු එම කුරුල්ලා මෙන් පරිපූර්ණව නිදහස්ව, සියල්ල කෙරෙහි ආධිපත්‍යය දැරීමට සහ ඔහු යටතේ සියල්ල යටපත් කිරීමටය V(උත්පත්ති 1: 28). නමුත් මනුශ්‍යයාගේ අකීකරු කම ඔහුව උගුළකට හසු වූ පියාසර කළ නොහැකි කුරුල්ලෙකු බවට පත් කර ඇත. 

මේ උගුළ කඩා අපව නිදහස් කළ හැක්කේ කුරුසියට පමණි. වෙනත් කිසිදු මාර්ගයක් නැත. මේ ලෝකයට සහ ඔබේම තමකමට (ස්ව කැමැත්තට) මරණයට පත්වීම පිළිගන්න, එළෙසින් ඔබ යක්ෂයාගේ බලයටද මිය යනු ඇත. ඔබ කෙරෙහි ඌගේ ග්‍රහණය බිඳී යනු ඇත, එවිට එම කුරුල්ලා මෙන් ක්ෂණිකව ඉහළට නැඟීමෙන් ඔබව වැළැක්වීමට කිසිවෙකුට නොහැක. එය සැබෑ විමුක්තියයි - ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ ජීවිතවලට ගෙන ඒමට උත්සාහ කරන්නේ එයයි (2 කොරින්ති 3: 17). නමුත් එම විමුක්තියට ඇති එකම මාර්ගය කුරුසියේ මාර්ගයයි.

 මාර්ක් 4: 17 හි යේසුස් වහන්සේ එවැනි කිතුණුවන් ගැන පවසන්නේ තමුන් තුළ මුල් නොමැති අය ලෙසය. ඔවුන්ගේ කිතුණුභාවය මතුපිටින් පෙණෙන එකක් පමණක් විය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිත තුළ කුරුසිය පිළිගැනීමට අවස්ථාව ලබා දීමෙන් එහි මුල් ශක්තිමත් කිරීමට උත්සාහ කළ සෑමවිටම ඔවුන් එය වළක්වා ගත්හ. මනුෂ්‍යයෙකුව, ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ තිබූ පූර්ණත්වයේ ජීවිතය කරා රැගෙන යෑමට ඇත්තේ එකම මාර්ගයකි. අපි කැමති නම් අපට වෙනත් මාර්ග ඔස්සේ ගමන් කළ හැකිය, නමුත් අපි කිසිවිටෙකත් වෙනත් මාර්ගයක් ඔස්සේ දෙවියන් වහන්සේගේ අරමුණ ඉටු නොකරන්නෙමු. අප, අපගේ ජීවිතයේ කුරුසියේ මාර්ගය වැළැක්වුවහොත් අපගේ සියලු දීමනා සහ තලන්ත අපතේ යනු ඇත. අපට එය පිළිගත හැකි මෙන්ම ප්‍රතික්ෂේපද කළ හැකිය - තේරීම සම්පූර්ණයෙන්ම අපගේ ය. 

සාධු සුන්දර් සිං නිතරම කීවේ, අපි ස්වර්ගයට ගියවිට, යේසුස් වහන්සේ වෙනුවෙන් කුරුසිය දරන්නට අපට දෙවැනි අවස්ථාවක් නැතැයි කියාය. අපි දැන් එය ප්‍රතික්ෂේප කළ හැකි නමුත්, යේසුස් වහන්සේ ගමන් කළ ලේ තැවරුණු මාවතෙහි ගමන් කිරීමට සදාකාලිකව අපට අවස්ථාවක් නොලැබෙනු ඇත. අපගේ ආශිර්වාදලත් ස්වාමීන් වහන්සේ අපට මුණගැසෙන විට, උන්වහන්සේගේ දෑත්වල සහ පාදවල තවමත් ඇණ ගැසූ සලකුණු පවතිණු ඇත. එවිට අපඅපගේම භූමික ජීවිත දෙස ආපසු හැරී බැලීමේදී සෑම පියවරකදීම අප කුරුසිය පරිස්සමෙන් මඟ හැරිය බව සොයා ගැනීමේදී, කුමක් වනු ඇත්ද? දෙවියන් වහන්ස, අපට ඒ දවසේදී ශෝක නොවන පිණිස,ඒ වෙනුවට, සෑම පියවරකදීම එයට යටත් වන පිණිස අපට ඔබවහන්සේගේ අනුග්‍රහය ලබාදෙන්න. 

©Zac Poonen – [email protected]