WFTW Body: 

" මම ඔවුන් අතරේ පවුර ගොඩනඟා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට එක් මිනිසෙකු සෙව්වෙමි ........ නමුත් මට එක මිනිසෙකුවත් හමු නොවීය" ( එසකියෙල් 22: 30 ). ඉශ්‍රායෙලයෙහි හා සභාවෙහි ලෝක ඉතිහාසයෙහි, දෙවියන් වහන්සේ යම් විශේෂිත තත්වයකදී උන්වහන්සේගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා බොහෝ විට එක් පුද්ගලයෙකු මත පමණක් රඳා සිටින ආකාරය පිළිබඳ උදාහරණ ගණනාවක් අපට දැකගත හැකිය. නමුත් දෙවියන් වහන්සේ සමඟ එක් මිනිසෙකු සෑම විටම බහුතරයකි.

නෝවා : මුළු ලෝකයම දෙවියන් වහන්සේට විරුද්ධව දුෂ්ඨකමින් හා කැරලි ගැසීමෙන් පිරී ගිය විට, නෝවාගේ කාලයේදී, දේව-බියැති මිනිසුන් අටදෙනෙක් මිහිපිට සිටියද, දෙවියන් වහන්සේගේ අරමුණු ඉටු කිරීම මුළුමනින්ම රඳා පැවතියේ නෝවා නම් එක් මිනිසෙකුගේ විශ්වාසවන්තකම මතය. එකළ දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ කරුණාව ලැබූ එකම මිනිසා වූයේ නෝවා ය ( උත්පත්ති 6: 8 ). ඒ එක් මනුෂ්‍යයා දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත (ද්‍රෝහි) වී සිටියා නම්, මුළු මිනිස් සංහතියම අතුගා දැමීමට ඉඩ තිබුණු අතර අද අප කිසිවෙකු ජීවතුන් අතර නොසිටින්නට තිබුණි !! නෝවා විශ්වාසවන්තව සිටීම ගැන අපට ඒකාන්තයෙන්ම දෙවියන් වහන්සේට ස්තුති කළ හැකිය.

මෝසෙස් : ඉශ්‍රායෙල්වරු ඊජිප්තුවේ සිටියදී, තමන්ව නියෝජනය කිරීමට සුදුසු මිනිසෙකු උන්වහන්සේ සොයා ගන්නා තුරු දෙවියන් වහන්සේට ඔවුන්ව ඔවුන්ගේ වහල්භාවයෙන් නිදහස් කිරීමට නොහැකි විය. එවැනි මිනිසෙකු සූදානම් වන තුරු දෙවියන් වහන්සේ ඉවසීමෙන් බලා සිටි සේක. වරක් මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගෙන් දින 40 ක් වෙන් වී සිටියදී, ඔවුන් මුළු මිළියන 2 ක්ම නොමඟ ගියෝ ය ( නික්මයාම 32 ). වරක් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා එම ස්ථානයෙන් ඈත්ව සිටියදී, මුළු ජාතියකටම සැබෑ දෙවියන් වහන්සේව අත්හැර දමා පිළිම වන්දනා කර නොමඟ යෑමට ගතවූයේ දින කිහිපයක් පමණකි.

යෝෂුවා : ‘ ඉශ්‍රායෙල්වරු “යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේට සේවයකළෝය.” ( විනිශ්චයකාරයා 2: 7 ). යෝෂුවාගේ බලපෑම ඉශ්‍රායෙලිතයන් කෙරෙහි කොතරම් ප්‍රබලද කිවහොත්, ඔහුගේ ජීවිත කාලය පුරාම සහ ඔහුගේ සෙසු වැඩිමහල්ලන්ගේ ජීවිත කාලය පුරාම පිළිම වන්දනා කිරීමට ඔවුන් අභියෝගයක් ගැනීමට තරම්වත් එඩිතර වූයේ නැත. නමුත් යෝෂුවා මිය ගිය පසු ඉශ්‍රායලය තදින්ම පසුබට වුණ බව අප කියවන්නෙමු. දෙවියන් වහන්සේගේ එක් මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ බලපෑම එයයි.

එලියා : එලියා සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ “ධර්මිෂ්ඨ මිනිසෙකුගේ ඵළදායී යාච්ඤාවෙන් බොහෝ දේ කළ හැකිය” කියා ය( යාකොබ් 5: 16,17). එක් මිනිසෙක් තනිවම මුළු ජාතියක්ම දෙවියන් වහන්සේ වෙතට හරවා, දුෂ්ඨ බලවේගයන් පළවා හැර බාල්ගේ සියලු අනාගතවක්තෘවරුන් මරා දැමුවේය.

එලීෂා : එලියාගේ කාලයේ “ ප්‍රොපේත පුත්‍රයන්ගෙන්” පනස් දෙනෙක් (බයිබල් පාසැල් සිසුන්) සිටි අතර ඔවුන් සියල්ලෝම එක් දිනක ඉශ්‍රායෙලයේ අනාගතවක්තෘවරුන් වීමට බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මයාණන් ඒ සියල්ල මඟ හැර “ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් කෙනෙකු” නොවූ එලිෂා වෙතට පැමිණියේය ( 2 රාජාවලිය 2: 7,15 ). එලිෂා ඉශ්‍රායෙලයේ ප්‍රසිද්ධ වූවේ සේවකයෙකු ලෙස පමණි - “එලියාගේ දෑත්වලට වතුර වත් කළ තැනැත්තායනුවෙනි (2 රාජාවලිය 3: 11 ).

දානියෙල් : යුදෙව්වන්ව බබිලෝනියෙන් ජෙරුසලමට ගෙන ඒමට දෙවියන් වහන්සේට අවශ්‍ය වූ විට උන්වහන්සේට මිනිසෙකු අවශ්‍ය විය. උන්වහන්සේට දානියෙල්ව සම්භවිය. දානියෙල් තරුණ වියේ සිටම විශ්වාසවන්තව සිටි අතර සෑම පරීක්ෂණයකින්ම ඉහළම තත්වයෙන් සමත් විය. බබිලෝනියේ යෞවන ගැටවරයෙකු ලෙස, ඔහු ස්වාමින් වහන්සේ වෙනුවෙන් ස්ථිර ස්ථාවරයක් ගත්තේය. “ඔහුතමාවම අපවිත්‍ර නොකරගන්නා බවට ඔහුගේ හදවතින්ම තීරණය කළේය” ( දානියෙල් 1: 8 ) - එය සියලු යෞවනයන්ට මතක තබා ගත ‍යුතු හොඳ පදයකි. රජුට බියෙන් අනෙක් තරුණ යුදෙව්වන් රජුගේ කෑම මේසයේ බෙදපු ආහාර (ලෙවී කථාවේ දෙවියන් වහන්සේ විසින් තහනම් කරන ලද ආහාර) පහසුවෙන් අනුභව කළ අතර, දානියෙල් පමණක් එය අනුභව කිරීම ප්‍රතික්ෂේප කළේය. එදින මේසයෙහි සහභාගි වූ තවත් තරුණයන් තිදෙනෙක් සිටී අතර දානියෙල් ස්ථාවරයක් ගණු දැක ඔවුහුද, ඔහු සමඟ එක් විය. දානියෙල් සහ ඒ තරුණයින් තිදෙනා එවිට, බබිලෝනියේ දෙවි‍යන් වහන්සේ උදෙසා ප්‍රබල බලපෑමක් වූවෝ ය.

පාවුලු : පාවුලුතුමා වෙනත් ඕනෑම සභාවකට වඩා වැඩි කාලයක් එපීසියේ ගත කළේය. වසර 3 ක් පුරා, සෑම දිනකම, ඔහු එහි දෙවියන් වහන්සේගේ මුළු උපදේශයම (පාපයෙන් ගැළවීමේ සම්පූර්ණ සුභ-ආරංචියම) දේශනා කළේය ( ක්‍රියා 20: 31 ). එය සියලුම සභාවලින් වඩාත්ම වරප්‍රසාද ලත් එක විය. පාවුලුතුමා ඔවුන්ට ලියූ ලිපියේ උසස් ඉගැන්වීම්වලින් පෙනී යන්නේ එය ආත්මික-මණසක් ඇති සභාවක්ද වූ බවයි. එබැවින්, ඇදහිළිවන්තයින් විශාල වශයෙන් නව ගිවිසුම් ජීවිතයට ඇතුල් විය යුතු එක් සභාවක් තිබුණේ නම්, එය එපීසයේ මෙම සභාව විය යුතුව තිබුණි. නමුත් අහෝ, එය එසේ නොවීය. එහි සිටි වැඩිමහල්ලන් පවා එවැනි ජීවිතයකට අවතීර්ණ වී නැත. පාවුල්තුමා ඔවුන් හැර යන විට එම වැඩිමහල්ලන්ට මෙසේ කීවේය: “ මා පිටත්ව ගිය පසු රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව මම දනිමි. රැළ ඉතුරු නොකරමින්; දුර්මත දේවල් පවසමින් ගෝලයන් ඔවුන් වෙත ඇදගැනීම පිණිස මිනිසුන් ඔබ අතරින්ම නැඟිටිණු ඇත” ( ක්‍රියා 20: 29 , 30 ). පාවුලුතුමා එපීසයේ සභාවේ පෞද්ගලිකව සිටිතාක් කල් කිසිම වෘකයෙකුට එයට ඇතුල්වීමට නොහැකි විය. මන්ද, පාවුලුතුමා රැළේ සෝදිසියෙන් සිටි එඬේරෙකු වූ අතර ස්වාමීන් වහන්සේගේ ගෘහයේ දැඩි දොරටු පාලකයෙක් වූවේය.

සෑම පරම්පරාවකම උන්වහන්සේගේ නාමයට පවිත්‍ර සාක්ෂියක් දෙවියන් වහන්සේට අවශ්‍යය. අපගේ පරම්පරාවේදී පවා උන්වහන්සේට සාක්ෂියක් නොමැතිව උන්වහන්සේ නොහරින සේක. ඔබ මෙම පරම්පරාවෙහි දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම භාරවීම උදෙසා මිළය ගෙවීමට ලෑස්තිද?