දෙවියන් වහන්සේ තවදුරටත් සභාවක වැඩ සිටින බවට සාක්ෂි දෙකක් නම්, උන්වහන්සේ එයට මුළු හදවතින්ම යුත් ගෝලයින් එකතු කිරීම සහ ස්වාමින් වහන්සේ අනුගමනය කිරීමට උනන්දුවක් නොදක්වන අය එයින් ඉවත් කිරීමයි. අප ශුද්ධ ලියවිල්ලේ කියවන්නේ:
“ස්වාමීන්වහන්සේ වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක්කළසේක. (ඒ දවස්වල, ගෝලයින් වීමේ පණිවිඩය පිළිගත් අය පමණක් "ගැළවීම ලැබූවන්" ලෙස සැළකේ) (ක්‍රියා 2: 47).
ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක, "මම ඔබ අතරින් ඔබේ උඩඟුවූ ප්‍රීතිමත්වන්නන් ඉවත් කර, යටහත් පහත් සෙනඟක් ඔබ අතර තබන්නෙමි. ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ (එවිට) ඔබ මැද සිට ප්‍රීති ඝෝෂා නඟමින් ඔබ ගැන ප්‍රීති වනසේක (ශෙපනියා 3: 8-17).
අපගේ දේවසභාවේ ආරම්භයේ සිටම අපගේ ස්වර්ගික පියාණන් මෙම ක්‍රම දෙකෙන්ම ක්‍රියා කරන ආකාරය අප දැක ඇත්තෙමු.
බිලියනයකට අධික ජනතාවක් සිටින ඉන්දියාව වැනි රටක, යේසුස් වහන්සේගේ ගෝලයින් වීමට කැමති අය සොයා ගැනීම පිදුරු ගොඩවල් ලක්ෂයක ඉඳිකටු කිහිපයක් සොයනවා හා සමානය!! අපි ජීවිත කාලය පුරාම මෙම පිදුරු ගොඩවල් වල හොයලා බැලුවද, අපට හොයා ගැනීමට පුළුවන් වෙන්නේ ඉඳිකටු එකක් හෝ දෙකක් පමණි. නමුත් අවම උත්සාහයකින් වඩාත් කාර‍්‍යක්ෂම ක්‍රමයක් වනුයේ මෙම පිදුරු ගොඩවල්වලට පිටතින් ඉතා බලවත් චුම්බක තැබීමයි. එවිට චුම්බක මගින් ඉඳිකටු පිදුරු ගොඩෙන් පිටතට ඇද ගනු ඇත! මුළු හදවතින්ම යුත් අය සොයා ගැනීමට හොඳම සහ කාර‍්‍යක්ෂම ක්‍රමය මෙයයි. තවද දෙවියන් වහන්සේට අවශ්‍ය ක්‍රමයද මෙයම වේ. අප එකිනෙකාට දක්වන ආදරය දකින විට අපි උන්වහන්සේගේ ගෝලයින් බව අන් අය දැනගනු ඇතැයි යේසුස් වහන්සේ පැවසූසේක. (යොහන් 13: 33-35). අන් අයව අප වෙත ඇද ගත යුත්තේ සභාවක් ලෙස අපගේ ඇති සාක්‍ෂිය තුළිනි.
.එබැවින් අපට අවශ්‍ය වූයේ අපගේ සභාව (සහ ස්වාමීන් වහන්සේ අප තුළින් රෝපණය කරන ලද සියලුම සභා) ඉන්දියාවේ සහ වෙනත් තැන්වල දහස් ගණනින් පිදුරු ගොඩවල් අතරින් ගෝලයින් ඇද ගන්නා එවැනි චුම්බකයක් වීමටය.
ස්වාමීන් වහන්සේ අපට ගෝලයින් බිහි කිරීමට (හුදෙක් ක්‍රිස්තියානියට හැරුණු තැනැත්තන් නොව) මතෙව් 28: 18-20 හි ආඥා කළ බැවින්, අප ආරම්භයේ සිටම ලූක් 14: 26-33 හි සඳහන් ගෝලයන් වීමේ කොන්දේසි තුන දේශනා කළෙමු - උත්තරීතරව යේසුස් වහන්සේට ප්‍රේම කිරීම, දිනපතාම තම-කමට මැරීම සහ අප සතු ද්‍රව්‍යමය දේවලට ඇලී සිටීමෙන් නිදහස් වීම. අපට අපගේ සභාවලට එක්රැස් කිරීමට අවශ්‍ය වූයේ මෙම ගෝලයන් වීමේ කොන්දේසි සපුරාලීමට උනන්දුවක් දක්වන අය පමණි.
ඉතින් අපි යාච්ඤා කළා එවැනි ගෝලයින් වෙන්න කැමති අයව උන්වහන්සේ අපේ ගණනට එකතු කරන්න කියා. අපේ සභාවලට බැඳෙන්න කියා කිසිවිටක අප කාටවත් ආරාධනා කළේ නැත. අපට අවශ්‍ය වූයේ මිනිසුන් ස්වෙච්චාවෙන් අප හා එක්වීමටය. 1975 සිට මේ වසර ගණනාව තුළම මම අපේ කිසිම සභාවක සාමාජිකත්වය ලබා ගැනීමට එක පුද්ගලයෙකුට ආරාධනා කර නැත. අපට ලැබී ඇත්තේ මුළුමණින්ම ස්වෙච්චාවෙන්ම අප වෙත පැමිණි අය පමණි. අප විසින් එඬේරකම් කරනු ලැබ සහ සේවය කරනු ලැබීමට කැඳවූවන්ව, ස්වාමීන් වහන්සේම අප වෙත එවන බව අපි විශ්වාස කළෙමු. ස්වාමින් වහන්සේගේම සභාවට මිනිසුන් එකතු කරන්නේ ස්වාමින් වහන්සේමය. යේසුස් වහන්සේ මෙසේ පැවසු සේක,
පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත. (යොහන් 6: 37).
පොළොවෙහි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස අප සම්බන්ධයෙන්ද, මෙය සත්‍ය වනු ඇතැයි අපි විශ්වාස කළෙමු.
අපට ගෝලයින් එකතු කිරීමට ස්වාමීන් වහන්සේ පුදුමාකාර මාර්ග භාවිතා කළසේක. මෙන්න උදාහරණ කිහිපයක්.
ළඟපාත රටක යුද්ධයක් ඇති වූ අතර බොහෝ මිනිසුන්ට සියල්ල අතහැර කුඩා බෝට්ටුවලින් තම පවුල් සමඟ පලා යාමට සිදු විය. ඉන් බෝට්ටු සමහරක් මුහුදේ ගිලී බොහෝ දෙනෙකු දියේ ගිලී මිය ගියෝය. නමුත් සමහරු බේරී ඉන්දියාවේ වෙරළට පැමිණියහ. ඉන්දීය රජය මෙම සරණාගතයින් කඳවුරක රඳවා තැබුවේය. අපේ සභා දෙකක් මේ කඳවුර ආසන්නයේ තිබුනි. ඒ නිසා ඒ සභාවල අපේ සමහර සහෝදරයෝ මේ සරණාගතයින්ව (නොහැරුණු නාමික කිතුණුවන්) බැහැ දැක ඔවුන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමේ ප්‍රතිඵළයක් ලෙස එහි සිටි ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නැවත උත්පාදනයට පැමිණියෝය (born again). පසුව අපේ සහෝදරයින් ඔවුන්ගේ කඳවුරේ ඔවුන්ව නිතරම බැලීමට ගොස් ඔවුන්ව සභාවක් ලෙස ස්ථාපිත කළෝය. ඔවුන් වසර දෙකක් පමණ බැංගලෝරයේ සහ වෙනත් තැන්වල අපගේ සම්මන්ත්‍රණ ගණනාවකට ද සහභාගී වූහ. ඔවුන්ගේ සාක්ෂිය බෙදා ගැනීමට ඔවුන් තුළ තිබූ උනන්දුව කෙතරම්ද යත්, ඔවුන් අපගේ සම්මන්ත්‍රණවලදී අල්තාරය වෙත දිව ගොස් නිර්භීතව සාක්ෂි දෙනු ඇත. අපේ අනෙකුත් සභාවල සාමාජිකයින්ට, ඔවුන් එහි සිටියදී සාක්ෂි දීමට අවස්ථාවක් ලැබුණේ නැති තරම්ය!! ඔවුන්ගේ ජ්වලිතය අප සියල්ලන්ටම අභියෝගයක් විය. එක් සම්මන්ත්‍රණයකදී, සභාව ක්‍රිස්තුස් වහන්සේට මෙන් භාර්‍යාවන් තම ස්වාමිපුරුෂයන්ට යටත් විය යුතු බව, බයිබලයේ ඉගැන්වූ ආකාරය ගැන මා කථා කළ පසු, ඔවුන් අතරින් අලුත විවාහ වූ එක් භාර්‍යාවවක් හඬා වැළපෙමින් ස්වාමීන් වහන්සේට යාච්ඤා කරමින්, තම විවාහය ආරම්භයේ සිටම යටත් වන්නා වූ භාර්‍යාවක් වීමට ඇයට කරුණාව දෙන ලෙස ඉල්ලා සිටියාය. මගේ ජීවිතයේ කිසි දිනෙක බිරිඳක් මෙතරම් දැඩි ඉල්ලීමක් කරමින් හඬා වැළපෙමින් යාච්ඤා කරනු මා අසා තිබුණේ නැත!!
වසර දෙකකට පමණ පසු ඔවුන් නැවත ඔවුන්ගේ මව්බිමට යැවීමට ඉන්දීය රජය තීරණය කළේය. නමුත් ඒ වන විට, මෙම ඇදහිළිවන්තයින් ඇදහිල්ලේ හොඳින් ස්ථාපිත වී සිටි අතර ඔවුන් ආපසු යාමට පෙර ඔවුන් අතරින් තිදෙනෙකු වැඩිමහල්ලන් ලෙස පත් කිරීමට අපට හැකි විය. එම නිසා, දෙවියන් වහන්සේ ඔවුන් ඉන්දියාවේ රැඳී සිටි කාලය පරිපූර්ණ ලෙස නියම කළසේක. ඔවුන් තම මව්බිමට ආපසු ගොස් ටික කලකට පසු, ඔවුන්ගේ ප්‍රදේශයේ නැවත යුද්ධයක් ඇති වූ අතර, ඔවුන් විවිධ ප්‍රදේශ තුනකට විසිරී ගියහ. නමුත් පුදුමයට කරුණක් නම්, මෙම කණ්ඩායම් තුනේ සෑම කණ්ඩායමකටම ඔවුන් අතර අප විසින් පත් කරන ලද වැඩිමහල්ලන්ගෙන් එක් අයෙකු සිටීමයි! එබැවින් එම වැඩිහිටියන්ගේ නායකත්වය යටතේ ඔවුන්ට සභා තුනක් ලෙස කටයුතු කළ හැකි විය. ඔවුන්ගේ සාක්ෂිය මගින් තවත් බොහෝ අය මෙම සභාවලට එකතු කරන ලදී. අපේ සහෝදරයෙක් කිහිප වතාවක්ම ඔවුන් බැලීමට ගොස් ඔවුන් අතර රැස්වීම් පවත්වා ඔවුන්ව දිරිමත් කළෝය.
අපේ තවත් සහෝදරයෙක් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස නව ස්ථානයක පදිංචි වීමට තීරණය කළේය. මෙහි ද ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ සිට එක සභාවක් වත් තිබුණේ නැත. එහි මෙම සහෝදරයාගේ සාක්ෂිය තුළින් සමහරු ගෝලයින් බවට පත් වූ අතර අද එහි හොඳ සභාවක් තිබේ - වසර 2000 කට පසු පළමු වතාවට.
කෙසේ වෙතත්, පසුගිය වසර 50 තුළ දෙවියන් වහන්සේ අප මධ්‍යයේ කළ ශ්‍රේෂ්ඨතම ආශ්චර‍්‍යය නම්, වසර 2000 ක් තිස්සේ කිසි සභාවක් නොතිබූ ස්ථානයක සභාවක් රෝපණය කිරීම නොව, බොහෝ සභාවලට නායකත්වය දීමට දේවභක්තික වැඩිහිටියන් ඔසවා තැබීමයි. කිසිම ගෙවීමක් නොමැතිව දෙවියන් වහන්සේගේ බැටළු පැටවුන්ට සහ බැටළුවන්ට එඬේරුන් වී සේවය කිරීමට කැමති ආත්මික මණසක් ඇති නායකයින් සොයා ගැනීම, ඉන්දියාව වැනි රටක ඉතාමත් ආශ්චර්‍යජනක වේ. මන්දයත් ඉන්දියාවේ බොහෝ ක්‍රිස්තියානි සේවකයින් වැටුප් ලබන සේවකයින් වන අතර ප්‍රධාන වශයෙන් විදේශීය රටවලින් මුදල් ආධාර ලබති. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ අපගේ සභාවල වැඩිමහල්ලන් සහ එඬේරුන් ලෙස නොමිළේ සේවය කළ මිනිසුන් දැන් දශක ගණනාවක් තිස්සේ අප වෙත එවා ඇත. අපි කිසිම වැඩිමහල්ලෙකුට පඩි නොගෙවන නිසා අපිත් එක්ක එකතු වෙන "ක්‍රිස්තියානි ජාවාරම්කාරයින්ගෙන්" අපිව ආරක්ෂා වී ඇත. අද බොහෝ වෙනත් ක්‍රිස්තියානි සභා සහ සංවිධාන මුහුණ දෙන ගැටළුව මෙයයි.
රට පුරා විසිරී ඇති අපගේ චුම්බක පිදුරු ගොඩෙන් සියුම් සහ අව්‍යාජ ඉඳිකටු කිහිපයක් ඇද ඇත. ඉදිරි දිනවලදී තව බොහෝමයක් අඳින්න බලාපොරොත්තු වන්නෙමු.
ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා!