WFTW Body: 
Document

අපගේ අභ්‍යන්තරයේ සිට ශුද්ධාත්මයාණන් ගලා එන ජීවිතයක් කරා යන පළමු පියවර වන්නේ පසුතැවිලි වීම හෝ දෙවියන් වහන්සේ වෙතට ආපසු හැරීම බව යේසුස් වහන්සේ අපට ඉගැන්වූ සේක (මතෙව් 4: 17). පොළොවේ දේවල් සෙවීමෙන් පමණක් නොව, සියල්ලටම වඩා පාපයෙන් හැරීමයි. අප ශුද්ධාත්මයාණන් ලැබීමට පෙර පාපය ජයගත යුතු නැත. ශුද්ධාත්මයාණන් වහන්සේ පැමිණෙන්නේ පාපයෙන් ජයගැනීමට අපට උපකාර කිරීමටය. අපි කරත්තය අශ්වයාට ඉදිරියෙන් තබන්නේ නැත. අශ්වයා කරත්තය ඉදිරියෙන් සිටිය යුතුය. මට පාපය අත්හැර පසුව "ස්වාමීනි මට ශුද්ධාත්මයාණන් දෙන්න" කියා පැවසිය නොහැක. ඒ වෙනුවට මා පවසන්නේ, "ස්වාමීනි, මට පාපය ජය ගැනීමට ශුද්ධාත්මයාණන් අත්‍යවශ්‍යයි" යනුවෙනි. නමුත් මට, මාගේ මණසින් පාපයෙන් හැරෙන්නට පුළුවන; එයින් අදහස් කරන්නේ මගේ ආකල්පය නම් මම සියලු පාපයන් අත්හැරීමට අවංකවම කැමති බවයි.

දෙවියන් වහන්සේ ඔබෙන් ඉල්ලන්නේ එපමණයි. ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේට අගෞරවයක් වන සෑම දෙයක්ම අත්හැරීමට අවශ්‍ය ආකල්පයක් ඔබට තිබේද? ඒවා ඇත්ත වශයෙන්ම ජය ගැනීමට ඔබට වසර කිහිපයක් ගත විය හැකිය, නමුත් එය වැදගත් නොවේ. ඔබේ ආකල්පය සැමවිටම ඔබේ පැරණි ජීවන රටාවෙන් දෙවියන් වහන්සේ වෙතට ආපසු හැරෙන්නාවූ පසුතැවීමේ එකක් වන බවට වග බලා ගන්න. අප කිතුණු ධාවන තරඟයේ ආරම්භක රේඛාවට පැමිණෙන්නේ පසුතැවීමෙන් සහ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළිණි. හෙබ්‍රෙව් 12: 1-2 පවසන්නේ කිතුණු ජීවිතය තරඟයක් වැනි බවත්, මට ආරම්භක රේඛාවට පැමිණිය හැක්කේ මා පසුතැවී ඇත්නම් පමණක් බවත්ය. ඒ පසුතැවීමේ සහ පාපයෙන් හැරවීමේ පණිවිඩය අද කිතුණු ප්‍රජාවේ දුර්ලභම පණිවිඩයයි.

පසුතැවීම ගැන ශුභාරංචි පණිවිඩ කීයක් ඔබට ඇසෙනවාද? පසුතැවීම ගැන ඔබට ගීත කීයක් ඇසෙනවාද? ඕනෑම ගීතිකා පොතක් දෙස බලන්න, පසුතැවීම පිළිබඳ ගීත කීයක් තිබේදැයි බලන්න - කිසිසේත්ම නැතුවාක් මෙන්‍ ය. විශ්වාස කිරීම ගැන බොහෝ ගීත ඔබට හමුවනු ඇත. නිදසුනක් වශයෙන්, 'දෙවියන් වහන්සේ කළ මහත් දේට, උන්වහන්සේට මහිමයවේ' යනුවෙන් ඉතා ප්‍රසිද්ධ ගීතයක් තිබේ. එම ගීතයේ එක් පද පේළියක සඳහන් වන්නේ, "දුෂ්ට වරදකරුවෙකු සැබෑ ලෙස විශ්වාසකරන මොහොතේදීම යේසුස් වහන්සේගෙන් කමාව ලබාගනී" යනුවෙනි. මම එයට එකඟ නොවෙමි. ශුභාරංචිය ගැන කිසිවක් නොදන්නා - සම්පූර්ණයෙන්ම අසරණ පව්කාරයෙකු වන මිනිසෙකු රැස්වීමකට සහභාගී වේ යැයි සිතන්න. ඔහු එතැනට පැමිණ එම ගීතයට සවන් දෙයි - "දුෂ්ට වරදකරුවෙකු සැබෑ ලෙස විශ්වාසකරන මොහොතේදීම යේසුස් වහන්සේගෙන් කමාව ලබාගනී" එවිට ඔහු "ඔව්, එම දුෂ්ට අපරාධකරුවා මමයි", එය පිළිගෙන, "යේසුස් වහන්සේව විශ්වාස කිරීම පමණයි මට හුදෙක්ම කරන්න තියෙන්නේ යැයි පවසයි. මම උන්වහන්සේව විශ්වාස කරනවා, උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා, උන්වහන්සේ මගේ පව් වෙනුවෙන් මැරුණා." ඔහුට සමාව ලැබේද? ඔහු පසුතැවී නොමැති නම්, නැත. පසුතැවී විශ්වාස කරන දරුණුම පව්කරුවාටයි සමාව ලැබෙණුයේ. බොහෝ අය පවසන්නේ, “සැබෑ ලෙස විශ්වාස කිරීම” යන්නෙහි තේරුම එයයි කියාය. නමුත් එය ගැලවීම නොලැබුවා වූ, අදේව භක්තික පව්කාරයෙකු නොදන්නා දේවධර්මීය පැහැදිලි කිරීමකි. ඔහු පසුතැවිලි විය යුතු බව ඔහුට පැවසිය යුතුය. පෙන්තකොස්ත දවසේදී අපොස්තුළු පේත්‍රැස් තුමා පැහැදිළි කළේ එයයි: පසුතැවීම. එමෙන්ම පාවුල්තුමා සෑම තැනකම දේශනා කළේ එයයි. ඔහු කරුණු දෙකක් දේශනා කළේය - "දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිලි වීම සහ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහා ගැනීමයි " (ක්‍රියා 20: 21).

සඵලත්‍වය සහ සුවය වෙත නොව දෙවියන්වහන්සේ වෙත හැරීමයි‍. පසුතැවිලිවීම යනු රෝගයෙන් සුවය කරා හැරීම නොවේ. මා දිළිදුකමෙන් සමෘද්ධියට හැරෙන්නේ නැත. නැත! එය අද දේශනා කරමින් තිබෙන ව්‍යාජ ශුභාරංචියයි. මෙහි සඳහන් වන්නේ, මගේ ජීවිතයේ දෙවියන් වහන්සේට විරුද්ධ වූ සෑම දෙයක් ගැනම පසුතැවිලි වී අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහා ගැනීමයි. පාවුල්තුමා තෙසලෝනිකවරුන්ට ලියන විටත් එයම පවසයි. දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් වෙත පැමිණි බවත්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කිරීම සඳහා පිළිමවලින් ඈත් වී ඔවුන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු බවත් ඔහු ඔවුන්ට පවසයි" (1 තෙසලෝනික 1: 8-10).

පිළිමයක් යනු කුමක්ද? පිළිමයක් යනු ඔබේ හදවතේ දෙවියන් වහන්සේගේ ස්ථානය ගන්නා ඕනෑම දෙයකි. එය ඔබගේ සෞඛ්‍යය, ධනය, රැකියාව, නිවස, වාහනය, බිරිඳ හෝ දරුවන් විය හැක. එය ඔබගේ හදවතේ දෙවියන් වහන්සේගේ ස්ථානය ගන්නා ඕනෑම දෙයක් විය හැකිය. ඊසාක් ආබ්‍රහම්ගේ හදවතේ දෙවියන් වහන්සේගේ තැන ගත්තාක් මෙන් ය. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ රූප වන්දනාවෙන් මිදෙන්න කීසේක. පිළිමවලින් සහ දෙවියන් වහන්සේ ඔබේ හදවතේ පළමුව හා ඉහළින්ම සිටීම වළක්වන සෑම දෙයකින්ම දෙවියන් වහන්සේ වෙත හැරීම - එය පසුතැවීමයි. අපගේ සියලු භූමික අවශ්‍යථා අපට එකතු වන ආකාරයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රථමයෙන් සෙවීමේ තේරුම එයයි (මතෙව් 6: 33). ඔබට කිසිදාක ලෞකික අවශ්‍යථා හිඟ නොවන බවට ඔබට නිසැක විය හැකිය -- ඔබ කිසිවිටෙක කෝටිපතියෙකු නොවුනත්, උන්වහන්සේ ඔබගේ භූමික අවශ්‍යථා ඔබට එකතු කිරීමට වග බලා ගනීවි -- ඔබ ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය සොයන්නේ නම්. ඒ සඳහා දෙවියන් වහන්සේට ස්තුති කරන්න.

සෑම කිතුණුවකුම ජීවත් විය යුතු ආකාරය මෙයයි. අද භෞතිකමය සඵලතාවය සහ ශාරීරික සුවය දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ සළකුණු යැයි කිතුණුවන් සිතන විට එය ඉතා කණගාටුදායක දෙයකි. එය සත්‍ය විය නොහැක්කේ ආත්මික කිතුණුවන්ට වඩා බොහෝ භෞතිකමය සඵලතාවය සහ වැඩි ශාරීරික සෞඛ්‍යයක් ඇති කිතුණු නොවන අය රාශියක් සිටින බැවිනි. එයම, මෙය සැබෑ ශුභාරංචිය නොවන බව ඔප්පු කරයි. එපමණක්ද නොව, සැබෑ ගෝලයෙකුට ඇති පාපයෙන් නිදහසක් ඔවුන්ට නැත.

යේසුස් වහන්සේ ප්‍රථමයෙන් ප්‍රකාශ කළ සහ අප දිගටම ප්‍රකාශ කළ යුතු පණිවිඩය පසුතැවීමයි. “මා ඉගැන්වූ සියල්ල කිරීමට ඔවුන්ට උගන්වන්න” කියා යේසුස් වහන්සේ පැවසූ විට උන්වහන්සේ ඉගැන්වූයේ කුමක්ද? පළමු පියවර වන්නේ පාපයෙන් හැරී (180°) දෙවියන් වහන්සේ වෙතට හැරී ඔබේ හදවත ස්වර්ග රාජ්‍යයට විවෘත කිරීමයි, එවිට ඔබේ මණස දැන් ඉහළින් ඇති දේවල්, දෙවියන් වහන්සේගේ දේවල් කෙරෙහි - ධර්මිෂ්ඨකම, සාමය සහ ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතිය‍ කෙරෙහි යොමුවී තිබේ.