WFTW Body: 
Document

උන්වහන්සේට අප තුළ ප්‍රකාශ කළහැකි උන්වහන්සේගේ බලයේ ශ්‍රේෂ්ඨත්වය ඔබ දැක තිබේද? දෙවියන්වහන්සේ මේ විශ්වයේ කවදා හෝ ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨතම බලය ප්‍රකාශ කළේ උන්වහන්සේගේ මැවිල්ලේදී නොව, නමුත් යේසුස් වහන්සේගේ මලවුන්ගෙන් උත්තානයේදීය. (එපීස1:20).

අප වටා ඇති විශ්වයේ අප දකින්නේ පළමු මැවිල්ලයි. යේසුස්වහන්සේගේ උත්ථානයෙන් පසු දෙවන මැවිල්ල, එනම් නව මැවිල්ල ආරම්භ විය. නව මැවිල්ල පැරණි එකට වඩා බලවත්ය. ඔබ යොහන් 20 හි කියවන දේ උත්පත්ති 1 හි කියවන දේට වඩා බලවත්ය. ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැඟිටීම මෙම විශ්වයේ මෙතෙක් දැක ඇති බලයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනයයි. සදාචාරාත්මක බලය භෞතික බලයට වඩා ශ්‍රේෂ්ඨය.

අප විසින් එම බලය අත් විඳීම දෙවියන්වහන්සේට අවශ්‍යයයි යන සත්‍යථාවය පිළිබඳව අපට එළිදරව්වක් ලැබෙන ලෙස පාවුළු තුමා යාච්ඤා කරයි. උන්වහන්සේට අවශ්‍යවන්නේ අප මුලින්ම අපගේ අභ්‍යන්තර ජීවිතයෙහි එම බලය අත්විඳීමයි. පසුව අපි එය අපගේ ශරීරයෙහිද යම් දිනක අත්විඳින්නෙමු. දෙවියන්වහන්සේගේ කාර්යය සැමවිටම අභ්‍යන්තරයෙන් ආරම්භවේ. යම් දිනක අපි අපගේ ශරීරයෙහි ක්‍රිස්තුස්වහන්සේගේ උත්තාණවීමේ බලය අත්විඳින්නෙමු. අද, දෙවියන්වහන්සේට අවශ්‍යවන්නේ අපගේ ආත්මයෙහි එම උත්තාණවීමේ බලය අත් විඳීමයි. උත්තාණවීමේ බලය යනු අපව ආත්මික මරණයෙන් ඔසවා තබන බලයකි.පාපයේ නීතිය අපව ආත්මික මරණයට ගෙන එයි. උත්තාණවීමේ බලය අපව ඊට එරෙහිව ඔසවයි.

මළවුන්ගෙන් උත්තාණවීමේ බලය, පාපයේ නීතියෙන් අපව ඔසවා තැබීම, මම ගුරුත්වාකර්‍ෂණ නීතියට එරෙහිව පොතක් එසවීම හා සමානයි (එය පහළට ඇදදැමීමට උත්සාහකරයි). උත්තාණවීමේ බලය අපව ස්වර්ගීය ස්ථාන කරා ඔසවයි. අපි එපීස 2:1–6 හි කියවන්නේ අප අපගේ පාපවලින් මියගොස් සිටි විට, මෙම බලය, අපව නැඟිටුවා ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගීය ස්ථානවල අපව එකට වාඩි කරවීමට සැලැස්වූ බවයි (එපීස2:6). සමහරු මෙය මනඃකල්පිත, චිත්‍ර භාෂාවක් යැයි සිතිය හැකිය. නමුත් එය එසේ නොවේ. එය ඇත්ත වශයෙන්ම සත්‍යයකි. මෙය සත්‍ය බව ඔබ විශ්වාස නොකරන්නේනම්, ඔබට කිසිවිටෙකත් මෙයින් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙනු ඇත - මන්ද අපගේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව අපට ලැබේ. දෙවියන්වහන්සේ සත්‍ය වේවා, සෑම මිනිසෙකුම බොරුකාරයෙක්වේවා. අපගේ හැඟීම් සියල්ලම රැවටිලිකාරයි. අපගේ දෘශ්ටිය පවා අපව රැවටිය හැකිය.

හිරුබැසීම බලා සිටි කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු පිළිබඳව කථාවක් තිබේ. අවුරුදු 12 ක්වූ පිරිමි ලමයා “ඒයි, ඉර ගමන් කරනවා, එය උදේ නැගෙනහිර තිබුණේ, දැන් එය තියෙන්නේ බටහිරයි”යි පැවසීය. අවුරුදු 6 ක් වූ බාල ලමයා පැවසුවේ, “ නැහැ ඔයාට මතකද තාත්තා කියපුදේ. ඉර නෙමේ ගමන් කලේ. පොලොවයි එයාගේ මාර්ගය වටේ යන්නේ. ” වැඩිමහල් ලමයා පවසන්නේ, “මම විශ්වාස කරන්නේ මම දකින සහ මට දැනෙන දෙයයි. මම දැක්කා ඉර නැගෙනහිර තිබුණා, දැන් එය තියෙන්නේ බටහිරයි. මට දැනුනේ නැහැ පොලොව මගේ කකුල් යට කැරකෙන බවක්, එය නිෂ්චලවයි තිබුනේ. ” බාල ලමයා පැවසුවේ “මම තාත්තාව විශ්වාස කරනවා.” කියාය.

කවුද හරි - තම පියා විශ්වාස කළ තැනැත්තාද, නැතහොත් ඔහු දුටු සහ දැනුණුදේ විශ්වාසකළ තැනැත්තාද? බොහෝ කිතුනුවන්ද ඔවුන් දකින සහ දැනෙනදේ අනුව ජීවත්වෙති. නමුත් අපගේ ඉන්ද්‍රියයන් අපව රැවටිය හැකිය. එබැවින් මම මගේ ස්වර්ගික පියාණන්ව විශ්වාස කරමි; මට එය නොපෙනුනත් දැනෙන්නේ නැතත් උන්වහන්සේ පවසන දේ සැමවිටම නිවැරදිය.

සවන් දීමට.