WFTW Body: 

ගෝලකමේ තුන්වන කොන්දේසිය ලූක් 14: 33 හි ඇත: “තමා සන්තක සියල්ලම අත්නාරින කවරෙකුටවත් මාගේ ගෝලයා වෙන්ට බැරිය (තවත් නිරපේක්ෂ ප්‍රකාශයක්)".

“ගෝලකමේ තුන්වන කොන්දේසිය මෙයයි: මම සියලු භූමික දේවලට වඩා යේසුස් වහන්සේට ප්‍රේම කළ යුතුයි”

ප්‍රායෝගිකව මෙයින් අදහස් කරන්නේ කුමක්ද? අප එය තේරුම් ගත යුතුයි. එයින් අදහස් කරන්නේ අප පැවිදි වී හෝ සන්යාසි වී සියල්ල අත්හැර කැළෑවට ගොස් එහි වාසය කළ යුතුයි කියාද? නැත. "සන්තක වස්තුව" යන්නෙන් අදහස් කරන්නේ අපව යටත් කරගෙන සිටිනා දේවල්‍ වේ. මාව යටත් කරගෙන සිටින්නේ මාගේ වස්තුවවේ. මගේ නිවස මට අයිති නම්, එය මගේ නිසා මම එයට ඇලී සිටිමි. එය මා සතුය, එබැවින් එය මාව සතු කරගෙනය. එය ඔබ සතුව ඇති මිළ අධික මෝටර් රථයක් හෝ ඉතා වටිනා ව්‍යාපාර වස්තු කොටස් විය හැකිය; ඒවා ඔබ සතු කර ගනී, මක්නිසාද ඔබේ මණස කොතෙකුත් ඒ දේවල්ම කෙරෙහි පවතින බැවින්, ඉන්පසු ඒවා ඔබව සන්තකයේ තබා ගනී. ඔබේ මණස ඔබේ නිවසේ ඇති නොවටිනා දේවල් කෙරෙහි නොව, නමුත් මෙම ඉතාමත් වටිනා වස්තු ගැන වන්නේය.

එසේනම් අපට උන්වහන්සේගේ ගෝලයින් වීමට නම් "ඔබගේ සියලු වස්තු අත්හැරිය යුතුය" යනුවෙන් පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මා සතුව ඇති සියල්ල විකුණා දැමිය යුතුද? මාර්ක් 10 හි යේසුස් වහන්සේ වෙත පැමිණි එක් සුවිශේෂිත තරුණයෙකු සිටියේය, ඔහු සතුව තිබූ සියල්ල විකුණන ලෙස යේසුස් වහන්සේ පැවසූ නමුත් යේසුස් වහන්සේ කිසිවිටෙකත් එම අණ සෑම කෙනෙකුටම නොදුන්සේක. නිදසුනක් වශයෙන්, සකෙවුස්, ලූක් 19 හි යේසුස් වහන්සේට පැවසුවේ, ඔහු තම සන්තකයෙන් භාගයක් දිළිදුන්ට ලබා දෙන බවත්, ඔහු වංචා කළ අයට ආපසු ගෙවන බවත්, එය යහපත් ‍යැයි යේසුස් වහන්සේ පැවසූසේක. "මෙම නිවසට ගැළවීම පැමිණ ඇතැයි." උන්වහන්සේ පැවසූසේක. ධනවත් තරුණ පාලකයාට මෙන් සියල්ල අත්හැරිය යුතු යැයි උන්වහන්සේ සකෙවුස්ගෙන් ඉල්ලා සිටියේ නැත. මරියා, මාර්තා සහ ලාසරස්ගේ නිවසේ, ඔවුන් කිසිවක් අත්හැරිය යුතු යැයි යේසුස් වහන්සේ ඉල්ලා සිටියේ නැත. එමනිසා සියලු දේම විකුණන මෙන් උන්වහන්සේ සියල්ලන්ටම නොකීසේක.

මුදලට ඇති ආශාව පිළිකාවක් වැනිය: සමහර අය කෙරෙහි පිළිකාව කොතරම් පැතිරී ඇත්ද යත්, ඔබව සුව කළ හැකි එකම ක්‍රමය සම්පූර්ණ ඉන්ද්‍රිය ඉවත් කිරීම බව වෛද්‍යවරයා පවසයි. එය පිළිකාවක් ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියයක් විය හැකි අතර වෛද්‍යවරයා පවසන්නේ "වෙන මඟක් නැතැයි කියාය. සම්පූර්ණ ඉන්ද්‍රියයම ඉවත් කිරීමට ඔබට සිදුවේ, එසේ නොවුවහොත් ඔබ මිය යනු ඇත." නමුත් වෙනත් අය ගත් කල, ඔවුන්ගේ පිළිකාව එතරම් පැතිරී නැති අතර, ඔවුන්ට යන්තම් ටිකක් කපා හැරිය යුතුවේ. මුදලට ඇති ආශාව පිළිකාවක් වැනිය. ඒ තරුණ ධනවත් පාලකයා සම්බන්ධයෙන්, එය කොතරම් පැතිරී ඇත්ද යත්, "ඔබ සතු සියල්ල විකුණා දුප්පතුන්ට දිය යුතුය" යනුවෙන් ස්වාමින් වහන්සේට පැවසීමට සිදු විය. ඒත් සකෙවුස් වගේ අනිත් අයට නම් ඊට අඩුය. මරියා සහ මාර්තා සම්බන්ධයෙන්, එය බෙහෙවින් අඩු විය. එමනිසා, උන්වහන්සේ සියල්ලන්ටම එකම ආඥාව දුන්නේ නැත. එබැවින් මුදලට ඇති ආශාව ඔබව කෙතරම් ග්‍රහණය කර ගෙන ඇත්ද, පිළිකාව ඔබේ ජීවිතයෙහි කොතරම් පැතිරී තිබේද යන්න මත ස්වාමීන් වහන්සේ ඔබට සැබවින්ම කොපමණ අත්හැරීමට සහ ඔබේ දේපළ විකිණීමට ප්‍රකාශ කරයිද යන්න තීරණය වන්නේය.

අප සතුව ඇති දේ අත්හැරීමේ ආකල්පය වඩාත් හොඳින් වටහා ගත හැක්කේ ආබ්‍රහම් සහ ඊසාක් ගේ කථාව සිතීමෙනි. ආබ්‍රහම් ඊසාක්ව අයිති කරගත්තේ ඔහුගේම සන්තක වස්තුව ලෙසය. ඔහු ඔහුට ආදරය කළේය, ඔහු ඔහුව අයිති කර ගත්තේය. ඊසාක් ඔහුගේ හදවතේ ආදරණීයයා වූ අතර, ඔහු තම බිරිඳ ට වඩා ඔහු ගැන සැලකිළිමත් විය. දෙවියන් වහන්සේ දුටුවේ ඊසාක් ආබ්‍රහම්ගේ හදවතේ කුඩා පිළිමයක් බවත්, ඇත්ත වශයෙන්ම ඊසාක් ආබ්‍රහම්ගේ දෙවියන් බවත්ය. ඔහු ඔහුට ඕනෑවට වඩා ප්‍රේම කළ අතර, දෙවියන් වහන්සේට අවශ්‍ය වූයේ ඊසාක් සන්තක කර ගැනීමේ එම රූප වන්දනාවෙන් ඔහුව වෙන් කිරීමටය. එබැවින් ඔහු ඊසාක්ව මෝරියා කන්ඳට ගෙන ගොස් ඔහුව මරා දමන ලෙස ආබ්‍රහම්ට පැවසූ අතර ආබ්‍රහම් කීකරු විය. දෙවියන් වහන්සේ ඔහුට ඒ ගැන සිතීමට දින තුනක් ලබා දුන් අතර, ඔහු දින තුනක් මුළුල්ලේම ඇවිද ගොස් මෝරියා කන්ඳට ළඟා වූ අතර, පසුව ඔහු පැවසුවේ, "එසේය ස්වාමීනි, මම ඔබට නමස්කාර කරමි. මම ඔබවහන්සේට ඊසාක්ව පූජා කරන්නෙමි." නමුත් ඔහු ඊසාක්ව මරා දැමීමට පිහිය අතට ගත් විට, දෙවියන් වහන්සේ ඔහුට නතර කරන ලෙස ඉල්ලා සිටි අතර, ඊසාක්ව ගෙදර ගෙන යන ලෙස ඔහුට කීසේක. එතැන් පටන් ආබ්‍රහම්ට ඊසාක් සන්තක නොවීය, නමුත් ඔහුට ඔහුව සතු විය. ඊසාක් තවදුරටත් ඔහුගේ නිවසේ සිටියේය - ඔහු තවමත් ඔහුගේ පුත්‍රයාය - නමුත් ආබ්‍රහම් නැවත කිසිදිනෙක ඔහුව සන්තකයේ තබා ගත්තේ නැත, එය අපගේ දේපළ අත්හැරීම යන්නෙන් අදහස් කරන දේ පිළිබඳ ඉතා සුන්දර චිත්‍රයකි.

ඔබේ ජීවිතයේ ඔබට වඩාත්ම වටිනා දේවල් (භූමික දේවල්, ද්‍රව්‍යමය දේවල්) ගැන සිතන්න. ඔබ අගය කරන, ඔබට ඉතා, ඉතා, ඉතාමත් වැදගත් දේවල් කුමක්ද? සමහර විට ඔබට ඒවා ගැන ලැයිස්තුවක් සෑදිය යුතු වේ. ඒවා ඔබේ සන්තක දේවල් වන අතර ඔබට සැබවින්ම ගෝලයෙකු වීමට අවශ්‍ය නම් ඔබ ඉතා අවංක විය යුතුය. සැබවින්ම ඔබේ වස්තුව කුමක්ද යන්න පිළිබඳව ඔබ අවංක විය යුතු අතර, මෙම දේවල් කෙරෙහි සන්තක කර ගැණීමේ ආකල්පයක් තිබීම නැවැත්වීමට ඔබ කැමතිද යන්න තීරණය කළ යුතුය.

ඔබ යමක් තදින් අල්ලාගෙන සිටින විට ඔබ සන්තකව ඇති දේ දැනගතහැක. උදාහරණයක් ලෙස, මම පෑනක් මගේ අතේ තදින් අල්ලාගෙන සිටින්නේ නම්, එය මා සතුව ඇත. එය ඔබේ නිවස විය හැකිය, එය ඔබේ බැංකු ගිණුම විය හැකිය, එය ඔබේ ව්‍යාපාර වස්තු කොටස් විය හැකිය, එය ඔබේ මෝටර් රථය විය හැකිය, එය ඔබේ ඉඩම් හෝ දේපළ වැනි වටිනා ඕනෑම දෙයක් විය හැකිය. එය ඔබට තිබීමෙන් අදහස් වන්නේ ඔබ ඔබේ අත්ල විවෘත කිරීමයි. එය තවම තිබේ -- ඔබ එය වෙනත් කෙනෙකුට භාර දී නැත - නමුත් දැන් ඔබ පවසන්නේ, "ස්වාමීනි, මෙය මාගේ දෙයක් නොවන බව මම දනිමි, එය ඔබවහන්සේගේය, ඔබ එය මට දී ඇත, මම භාරකරුවෙකි. මට එය විශ්වාසවන්තව භාවිතා කිරීමට අවශ්‍යයි, නමුත් මා මෙයට සන්තක නොවෙමි මෙය මාව යටත් කරගන්නේ නැත. එය මට සතුව තිබෙන අතර, එය තබා ගැනීමට ඉඩ දීම ගැන මම ඔබවහන්සේට ස්තූතිවන්ත වෙමි.

සන්තකයේ සහ තිබීමේ වෙනස මෙයයි, යේසුස් වහන්සේ පවසන්නේ මම මාගේ සියලු දේ අත්හැරිය යුතු බවයි. ස්වාමීන් වහන්සේ මට ආපසු දෙන බොහෝ දේ මට තවදුරටත් තබාගත හැකි අතර මට ඒවා භාවිතා කළ හැකිය, නමුත් තවදුරටත් ඒවා මා සන්තක නොවේ.

ගෝලකමේ තුන්වන කොන්දේසිය මෙයයි: මම සියලු භූමික දේවලට වඩා යේසුස් වහන්සේට ප්‍රේම කළ යුතුයි.

©Zac Poonen – [email protected]