WFTW Body: 

ලෙඩ රෝග යනු අපගේ භූමික ගමන සම්පූර්ණ කිරීමට පෙර අප උපාධිය ලබා ගත යුතු අපගේ ආත්මික අධ්‍යාපනයේ එක් පාඨමාළාවකි. අපගේ පූර්වගාමියා වන යේසුස් වහන්සේ ද මෙම පාඨමාළාවෙන් උපාධිය ලබා ඇත. අපි අපක්‍ෂපාතී මණසකින් ශුද්ධ ලියවිල්ල දෙස බලමු:

 

"යේසුස් වහන්සේ තුළ අපගේ පරීක්ෂාවන්ට පමණක් නොව අපගේ රෝගාබාධවලටද අනුකම්පා කළ හැකි පුදුමාකාර පෙරගමන්කරුවෙකු අපට සිටීම ගැන ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා!"

 

යෙසායා 53: 3 පවසන්නේ, " මිනිසුන් විසින් උන්වහන්සේව පිළිකුල් කර ප්‍රතික්ෂේප කරන ලදී, අසනීප යනු කුමක්දැයි දැන සිටි දුක්විඳි මිනිසෙකි" (හෝල්මන් ක්‍රිස්තියානි සම්මත බයිබලය).

මිනිසාට ලෙඩ රෝග පැමිණෙන්නේ මේ පොළොවට ඇති ශාපය නිසාය. එහි ප්‍රතිඵළයක් වශයෙන්, අපි ද දහදිය දමන අතර කටු ආදියෙන් ද තුවාළ වන්නෙමු, (උත්පත්ති 3: 17-19 බලන්න). යේසුස් වහන්සේ මේ පාපිෂ්ඨ ශාප-ලත් පොළොවට පැමිණි විට, උන්වහන්සේගේ ශරීරයද දහදිය දමා කටුවලින් වේදනාවට පත් වුණු අතර, සමහර අවස්ථාවල උන්වහන්සේ ද රෝගාතුර විය. බයිබලය පවසන්නේ යේසුස් වහන්සේ "ලෙඩ අත් විදූ" බවයි (යෙසායා 53: 3 - විස්තාරණය කළ බයිබලය - වචනාර්ථයේ පරිවර්ථනය).(*පහත සටහන බලන්න)

අප ශාරීරිකව අත්විඳින සෑම දෙයක්ම අත්විඳීමට නම්, යේසුස් වහන්සේට අසනීපද අත්විඳීමට යුතු විය. එවැනි දුක් වේදනා උන්වහන්සේගේ භූමික අධ්‍යාපනයේ කොටසක් විය (හෙබ්‍රෙව් 5: 8). අප දැඩි ලෙස පරීක්ෂාවට ලක් වූ විට යේසුස් වහන්සේද අප මෙන් සෑම කරුණකදීම පරීක්ෂාවට ලක් වූ බව දැනගැනීම අපට සහනයක් වන්නා සේම අප රෝගාතුරව සිටින විට මෙම සත්‍යය දැනගැනීම අපට මහත් සහනයකි (හෙබ්‍රෙව් 4: 15).

එමනිසා, අපගේ ආත්මික අධ්‍යාපනයේ කොටසක් ලෙස “අසනීප ගැන දැනගැනීමට” දෙවියන් වහන්සේ අපට ඉඩ සළසන සේක. අප අසනීප වූ විට, අපගේ ස්වාමින් වහන්සේට අවශ්‍ය වන්නේ අප “උන්වහන්සේ ජයගත් ආකාරයටම ජය ගැනීමයි” - අප ගැනම දුක් ඇති නොවී, අනුකම්පාව නොසොයා, කිසිවෙකුගෙන් ඉල්ලීම් නොකර, කිසිවිටෙකත් මැසිවිළි නොනඟා හෝ අසතුටින් නොසි, නමුත් ඒවා වෙනුවට නිතරම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කිරීම සහ ස්තුති කිරීම (එළිදරව් 3: 21). අපි මිහිපිට අපේ සෑම දවසක්ම එසේ ජීවත් වෙමු. ඒ සඳහා උන්වහන්සේගේ අනුග්‍රහය ප්‍රමාණවත්ය.

යේසුස් වහන්සේ ද ඇතැම් විට රෝගාතුර වූ කාරණාව නිශ්චිතව ඔප්පු කරන්නේ අසනීප සෑමවිටම පාපය නිසාම නොවන බවයි - මක්නිසාද යේසුස් වහන්සේ පව් රහිත වූ බැවිනි. යේසුස් වහන්සේ තුළ අපගේ පරීක්ෂාවන්ට පමණක් නොව අපගේ රෝගාබාධවලටද අනුකම්පා කළ හැකි පුදුමාකාර පෙරගමන්කරුවෙකු අපට සිටීම ගැන, ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා!

පාවුල්තුමා සහ ඔහුගේ සෙසු-සේවකයින් වන තිමෝති, එපප්‍රොදිතස් සහ ට්‍රොෆිමස් ද මෙම "අසනීප" පාඨමාලාවෙන් උපාධිය ලබා ගත්තේ පෘථිවියේ ඔවුන්ගේ ආත්මික අධ්‍යාපනය තුළයි (බලන්න 2 කොරින්ති 12: 7-9; 1 තිමෝති 5: 23; පිලිප්පි 2: 27; 2 තිමෝති 4: 20).

පාවුල්තුමා ගලාතියෙහි ශුභාරංචිය දේශනා කර සභා පිහිටුවීමට දෙවියන් වහන්සේට අවශ්‍ය වූ නිසා පාවුල්තුමාව එක් වරක් අසනීපයෙන් ගලාති ප්‍රදේශයේදී නතර කළේය. පාවුල්තුමා මුලින් සැලසුම් කළේ ගලාතිය හරහා කුඩා ආසියාවට යාමටයි, නමුත් අපි කියවන්නේ ඔහු ගලාතියෙන් ඉවත්ව යාමෙන් “ශුද්ධාත්මයාණන් විසින් වළක්වනු ලැබූ” බවයි (ක්‍රියා 16: 6). ආත්මයාණන්ගේ මෙම වැළැක්වීම ආශ්චර‍්‍යයවත් දර්ශනයකින් නොව, දෙවියන් වහන්සේ හරහා පාවුල්තුමාට ගමන් කිරීමට නොහැකි වන පරිදි ගලාතියේ අසනීප වීමට ඉඩ හැරීමෙනි. අපට මෙය පැහැදිළිව පෙණෙන්නේ ගලාති කිතුණුවන්ට ඔහුගේ ලිපියේ ය, එහිදී ඔහු පවසන්නේ තමා ගලාතියේ ඔවුන්ට දේශනා කිරීම සඳහා නැවැත්වීමට හේතුව තමා අසනීප වූ නිසා බවය (ගලාති 4: 14,15),!

දෙවියන් වහන්සේ අපට රෝගාතුර වීමට (සමහර අවස්ථාවලදී) ඉඩ සලසන තවත් හේතුවක් නම්, ලෝකයේ රෝගාතුරව සිටින අන් අය හට වඩා හොඳින් අනුකම්පා කිරීමට අපට හැකිවනු පිණිසය. එසේ නොවුවහොත් ලෝකයේ බොහෝ දෙනෙකු මුහුණපාන දේ ගැන අපි කිසිවක් දැන නොගන්නෙමු.

නමුත් තවද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දයාවෙන් අපව සුව කරන සේක (පිලිප්පි 2: 25-27). දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට සැළකුවා සේම, උන්වහන්සේ අප ගැනද සැලකිළිමත් වනු ඇත. ඒ නිසා අපට අසනීප වූ විට සුවය ඉල්ලා සිටිය හැකිය.

අපගේ සම්පූර්ණ පුද්ගලයා වන - ආත්මයෙහි, ප්‍රාණයෙහි සහ ශරීරයෙහි මිදීම උදෙසා යේසුස් වහන්සේ මැරුණ සේක්ද? ඔව්, උන්වහන්සේ ඒකාන්තයෙන්ම ඒ උදෙසා මැරුණසේක. 

නමුත් අප යථාර්ථයට මුහුණ දිය යුතු අතර මුළාවෙන් හා මිත්‍යාවෙන් යුත් ලෝකයක ජීවත් නොවිය යුතුය.

ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ බලපෑම දැන් ආරම්භ වී ඇත්තේ නැවත ඉපදුණු කෙනෙකුගේ ආත්මය තුළ පමණි. එහි, අපගේ ආත්මය තුළ, අපව මළවුන්ගෙන් උත්ථාන කොට සහ නව මැවිල්ලක් ලෙස සාදා ඇත (එපීස 2: 1-6; 2 කොරින්ති 5: 17).

නමුත් අපගේ ප්‍රාණය (මණස, හැඟීම් සහ කැමැත්ත) සහ ශරීරය තවම අලුත් වී නැත. එම ක්ෂේත්‍ර දෙකෙහි ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ක්‍රියාවන්වල සම්පූර්ණ ප්‍රයෝජනය අපට තවමත් ලැබී නැත. අපගේ මණස ලෝකයේ දෘෂ්ඨිකෝණයෙන් දෙවියන් වහන්සේගේ දෘෂ්ඨිකෝණයට වෙනස් කිරීමට අප ශුද්ධාත්මයාණන්ට ඉඩ දෙන්නේ නම්, අපගේ මණස සෙමින් හා වඩ වඩාත් අලුත් කරණු ලැබිය හැක (රෝම 12: 2).

කෙසේ වෙතත් අපගේ ශරීරය පරිවර්ථනය වන්නේ ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන විට පමණි (පිලිප්පි 3: 21 එය ඉතා පැහැදිළිව සඳහන් කරයි). ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන විට, අපගේ ශරීරය සම්පූර්ණ නැවත නැඟිටීමේ ජීවනය භුක්ති විඳිනු ඇත - රෝග හා මරණය නැත. නමුත් දෙවියන් වහන්සේ අපට දැන් පවා, උන්වහන්සේගේ දයාවෙන්, අපගේ ශරීරයේ ඉඳහිට " එන්නට තිබෙන යුගයේ බලයන්" ස්වල්පයක් රස බැලීමට ඉඩ සළසන සේක (හෙබ්‍රෙව් 6: 5) - උන්වහන්සේගේ ආශ්චර‍්‍යයවත් සුව කිරීමේ බලයේ රසය. බොහෝ ඇදහිළිවන්තයින් ආශ්චර‍්‍යයවත් ලෙස ඔවුන්ගේ රෝගවලින් සුවය අත්විඳ ඇත්තේ එලෙසයි. දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සමහරෙකුට සුව කිරීමේ සහ ප්‍රාතිහාර‍්‍යයේ දීමණා ලබා දී ඇත්තේ එබැවිනි.

නමුත් ශරීරය සුව කිරීම සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය කැමැත්ත තුළ පවතින අතර සුව කළ යුත්තේ කවුරුන්ද යන්න අපට උන්වහන්සේට නියම කළ නොහැක. එසේම, අප උදෙසාවූ යේසුස් වහන්සේගේ මරණය ඇදහීමෙන්, පසුතැවිලි වීමෙන්, පාපෝච්චාරණයෙන් අපගේ සියළු පාප උදෙසා කමාව ලබා ගන්නවාසේ සුවය අපට කැමති වෙලාවක, උරුමයක් ලෙස, මෙතන සහ දැන් ලෙස - එය ලබා ගත නොහැක. 

සුවය අපට අයිතිවාසිකමක් ලෙස ප්‍රකාශ කළ නොහැකි බවටත්, අප ගැළවීම ලැබූ විට අපගේ ශරීරයට ඇති ශාපයේ බලපෑම පහව නොයන බවටත් ඇති පැහැදිළිම සාක්ෂිය නම්, මිනිසුන් කොපමණ සුවය හා ඔවුන් වෙනුවෙන් ජීවනය ප්‍රකාශ කර යාච්ඤා කළත්! අවසානයේ සියලු ඇදහිළිවන්තයින් මිය යෑමේ සිද්ධාන්තය තුළ පෙණේ.! දහදිය, කායික විඩාව සහ නිදිමත මෙන්ම, ලෙඩවීම සහ මරණය පොළොවේ ශාපයේ ප්‍රතිඵළ වේ. ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන තුරු මේ සියල්ල අපගේ ශරීරයට බලපානු ඇත. අපගේ ආත්මයන් දැනටමත් ශාපයෙන් මිදී ඇතත් (ගලාති 3: 13,14), අපගේ ශරීරය දූවිල්ලෙන් බැවින්, තවමත් පොළොවේ දූවිලි මත ශාපයෙන් පීඩා විඳී.

“උන්වහන්සේ කෑ කස පහරින් (පහර කෑම්වලින්) අපට සුවය ලැබී තිබේ” කියා පවසන යෙසායා 53: 5 ගැන කුමක් කිව හැකිද? අපි එම පදයට අපගේම අර්ථකථනයක් ලබා නොදී, නව ගිවිසුමේ මෙම පදයට ශුද්ධාත්මයාණන් විසින්ම දෙන අර්ථ නිරූපණය දෙස බලමු:

1 පේදුරු 2: 24 හි අපි මෙසේ කියවමු: “අප පාපයට මැරී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස උන්වහන්සේම කුරුසිය මත අපගේ පාප උන්වහන්සේගේ ශරීරය තුළ දරාගත් (ඉසුලූ) සේක. මක්නිසාද උන්වහන්සේගේ තුවාලවලින් ඔබ සුවය ලැබුවහුය".

මෙහි සඳහන් "සුව කිරීම""පව්වලින් සුවය" බවත් එහි ප්‍රතිඵළයක් ලෙස අපට ලැබෙන "නිරෝගීකම" "ධර්මිෂ්ඨකම" බවත් මෙම පදයෙන් පැහැදිළිය. පව් නොකළ යේසුස් වහන්සේ අනුගමනය කිරීම ගැන කථා කරන මෙම පදයේ ඇති ඡේදයේ සන්දර්භය මගින් මෙය තවදුරටත් සනාථ වේ.

 

මතෙව් 8: 16 17 හි උපුටා දක්වා ඇති “සැබවින්ම අපගේ දුක් උන්වහන්සේම දරා සිටියේය, අපගේ ශෝකය උන්වහන්සේම දැරුවේය” යනුවෙන් පවසන යෙසායා 53: 4 ගැන කුමක් කිව හැකිද: “සවස් වූ විට, ඔව්හු යක්ෂාවේශ වූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත ගෙන ආහ; උන්වහන්සේ වචනයකින් ආත්මයන් දුරු කර, අසනීප වූ සියල්ලන් සුව කළසේක. මෙය සිදු වූයේ, ‘උන්වහන්සේම අපගේ දුබලතා ගෙන, අපගේ රෝග පහකළේය’ යන අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් පැවසූ දෙය ඉටු වීමටය.’”

යේසුස් වහන්සේගේ දේවසේවයේ ආරම්භයේදීම මෙම අනාවැකිය එතැනම ඉටු වූ බව මෙම ඡේදයෙන් නැවතත් පැහැදිළිය. බොහෝ අය පවසන පරිදි යේසුස් වහන්සේ පසුව කුරුසියේ මැරුණු විට එය ඉටු වූ දෙයක් නොවේ. මෙම අනාවැකිය සම්පූර්ණ වූයේ යේසුස් වහන්සේ රෝගීන්ව සුව කළ අවස්ථාවේදීය. යේසුස් වහන්සේ කුරුසියේදී අපගේ සියලු රෝග ඉවත් කළ බවට පොරොන්දුවක් නොවේය.

ඉතින් අපි අසනීප වූ විට කුමක් කළ යුතුද? අපි පාවුල්තුමාගේ ආදර්ශය අනුගමනය කරමු. ඔහුගේ "මාංසයේ කටුව" සුව කරන මෙන් ඔහු යාච්ඤා කළේය. කටුව ඉවත් නොකරන ලෙසත් ජය ගැනීමට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔහුට ලැබෙන බවත් දෙවියන් වහන්සේ ඔහුට පවසනු ඔහුට අවසානයේ ඇසුණි (2 කොරින්ති 12: 7-9). එපප්‍රොදිතස් සම්බන්ධයෙන්, පාවුල්තුමා දිගටම යාච්ඤා කළ අතර දෙවියන් වහන්සේ දයාවෙන් ඔහුව සම්පූර්ණයෙන් සුව කළේය (පිලිප්පි 2: 27). කෙසේ වෙතත්, ට්‍රොෆිමස් සම්බන්ධයෙන්, පාවුල්ගේ යාච්ඤාව නොතකා, ඔහු සුව නොවීය (2 තිමෝති 4: 20). තිමෝති සම්බන්ධයෙන් ගත් කළ, පාවුල්තුමා ඔහු වෙනුවෙන් බොහෝ වාරයක් යාච්ඤා කරන්න ඇති. නමුත් තිමෝති දිගටම ඔහුගේ ආමාශයේ අසනීපයෙන් පීඩා වින්දා. ඒ නිසා අවසානයේ පාවුල්තුමා ඔහුට බෙහෙත් ලෙස වයින් ටිකක් ගන්න කිව්වේය (1 තිමෝති 5: 23).

එබැවින් දෙවියන් වහන්සේගේ කැමැත්ත සුව කිරීම නොවේ නම්, උන්වහන්සේ අපට අනුග්‍රහය ලබා දිය යුතුය යන යාච්ඤාව සමඟ සෑම අසනීපයකින්ම සුවය සඳහා අප සැමවිටම යාච්ඤා කළ යුතුය - උන්වහන්සේ තීරණය කරන දෙකෙන් කවරක් වුවද අපට වඩා හොඳය.

මෙය ශුද්ධ ලියවිල්ලේ සමබර ඉගැන්වීමයි. අපි සත්‍යයට ප්‍රේම කරන්නේ නම්, සෑම ක්‍රිස්තියානි කණ්ඩායමකම රෝගී ඇදහිළිවන්තයින් සිටින බව අපි නිරීක්ෂණය කරන්නෙමු - ඔවුන්ගේ සුව කිරීමේ දේවධර්මය කුමක් වූවත්. නමුත් බොහෝ අය මේ කාරණය දෙස ඇස් පියාගෙන සිටින්නේ ඔවුන් අපක්‍ෂපාතී නිසාය.

ඇසීමට කණ් ඇත්තා, අසාත්වා.

*සටහන: යෙසායා 53: 3 හි“ශෝක” (බොහෝ ඉංග්‍රීසි පරිවර්ථනවල) ලෙස පරිවර්ථනය කර ඇති “choliy” යන හෙබ්‍රෙව් වචනයේ තේරුම ඇත්තෙන්ම “අසනීප” හෝ “රෝග” යන්නයි. ද්විතීය කථාව 7: 15 හි එම වචනයම "අසනීප" ලෙස නිවැරදිව පරිවර්ථනය කර ඇත. ද්විතීය කථාව 28: 61; සහ යෙසායා 1: 5. නමුත් බොහෝ පරිවර්ථකයින්ට යේසුස් වහන්සේ කවදා හෝ රෝගාතුරව සිටිනු ඇතැයි විශ්වාස කිරීමට නොහැකි වූ නිසා ඔවුන් යෙසායා 53: 3 හි වචනය නිවැරදිව පරිවර්ථනය කළේ නැත. ඒ වෙනුවට, ඔවුන් මෙම හෙබ්‍රෙව් වචනය “ශෝක” ලෙස පරිවර්ථනය කිරීමට ඔවුන්ගේම දේවධර්මය භාවිතා කළහ !! මෙම හෙබ්‍රෙව් වචනයේ නිවැරදි පරිවර්ථනය “ලෙඩ” ලෙස දීමට නිර්භීත වී ඇත්තේ හෝල්මන් බයිබලය සහ විස්තාරණය කළ බයිබලය (ඉහත උපුටා දක්වා ඇති) පමණි. "choliy" යන හෙබ්‍රෙව් වචනයේ තේරුම "අසනීප" බවට පැහැදිළි සාක්ෂිය ඊළඟ පදයේ (යෙසායා 53: 4) එම වචනයම භාවිතා කර ඇති ආකාරය දකින විට පෙණේ. මෙහි හෙබ්‍රෙව් භාෂාවෙන් එය නැවතත් "ශෝක" ලෙස පරිවර්ථනය කර ඇත. නමුත් මතෙව් 8: 17 හි නව ගිවිසුමේ මෙම පදය උපුටා දක්වන විට එය එහි පරිවර්ථනය කර ඇත්තේ “ඇස්තීනියා” (ග්‍රීක) යන්නෙන් අදහස් වන්නේ රෝග/අසනීප යන්නයි. [බලන්න: http://bible.cc/matthew/8-17.htm]