WFTW Body: 

මෝසෙස් ගල් පුවරු දෙකක් අතැතිව සීනයි කන්දෙන් බැස ආවේය. එකක දෙවියන් වහන්සේ සමඟ මිනිසාගේ සම්බන්ධතාවය සම්බන්ධයෙන් කටයුතු කරන පළමු ආඥා හතර ලියා තිබුණි. අනික් පුවරුවේ ලියා තිබුණේ මිනිසා තම සෙසු මිනිසුන් සමඟ ඇති සම්බන්ධය සම්බන්ධයෙන් කටයුතු කරන අනෙකුත් ආඥා හයයි.

"දෙවියන් වහන්සේගේ ඉහලින්වන කැඳවීම නම් දෙවියන් වහන්සේ තුළ පරිපූර්ණ ලෙස කේන්ද්‍රගත වීමයි"

යේසුස්වහන්සේ පැවසුවේ මෙම පුවරු දෙක ආඥා දෙකකින් සාරාංශ කළ හැකි බවයි. පළමුවැන්න, "ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබේ මුළු හදවතින්ම, ඔබේ මුළු ආත්මයෙන් සහ ඔබේ මුළු මනසින් ප්‍රේම කරන්න." දෙවනුව, "ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න." (මතෙව් 22:37-39).

යේසුස්වහන්සේ ඉගැන්වූ යාච්ඤාවේදීත් මේ දෙක අවධාරණය කළසේක. පළමු ඉල්ලීම් තුන පළමු ආඥාවට සම්බන්ධයි. ඊළඟ ඉල්ලීම් තුන, "මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න" (යොහන් 13:34) යනුවෙන් යේසුස් වහන්සේ විසින් විස්තාරණය කර සිය ගෝලයන්ට දුන් නව ආඥාවට එනම් දෙවන ආඥාවට සම්බන්ධ වේ.

යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයෙකු තම සිහියෙන්යුක්ත සහ සිහියෙන්යුක්ත නොවූ පැවැත්ම තුළ දෙවියන් වහන්සේ කෙරෙහි පරිපූර්ණ ලෙස කේන්‍ද්‍රගත වීමට උත්සාහ කරයි - ඔහුගේ සෑම ආශාවක්ම, දෙවියන් වහන්සේ සමඟ පරිපූර්ණව ගැලපේ; සහ ඔහුගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටින් කිසිදු ආශාවක්, අභිලාෂයක් හෝ හැඟීමක් නොමැතිවේ. ඒ අතරම, යේසුස්වහන්සේ ඔහුට ප්‍රේම කළාක් මෙන් ඔහු තම සහෝදරයන්ටද පරිපූර්ණ ලෙස ප්‍රේම කිරීමට උත්සාහ කරයි.

කෙසේ වෙතත්, ඔහුගේ ආකල්පය මෙම දිශාවන් දෙකෙහි තිබිය යුතු තරම් පරිපූර්ණ නොවන බව ඔහු නිරන්තරයෙන් දනී. නමුත් ඔහු එම ඉලක්කය කරා නොකඩවා වැඩ කරයි, එහි යාමට ඕනෑම මිලක් ගෙවීමට සැමවිටම කැමැත්තෙන් සිටී.

අපගේ සහෝදරයන්ට ප්‍රේම කිරීම යනු ඔවුන් කෙරෙහි සැලකිල්ලක් දැක්වීමයි. අපට ලෝකයේ සෑම කෙනෙකු ගැනම සැලකිල්ලක් දැක්විය නොහැක. ඒ හැකියාව ඇත්තේ දෙවියන්ට පමණයි. නමුත් අපගේ හැකියාව අනුව, අපගේ සෙසු ඇදහිලිවන්තයන් ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. සහ එම ධාරිතාවය වැඩිවෙමින් පැවතිය යුතුය.

අපි මෙසේ ආරම්භ නොකරන්නෙමු . පළමු පියවර වන්නේ යේසුස් වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් නිවසේ සිටින අපගේ පවුලේ අයට ප්‍රේම කිරීමයි. නමුත් අපි එතනින් නොනවතින්නෙමු. යේසුස් වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් දෙවියන් වහන්සේගේ පවුලේ සහෝදර සහෝදරියන්ට ද ප්‍රේම කිරීමට සොයමින් අපි ඉදිරියට යන්නෙමු.

පරිපූර්ණත්වය යනු ඉදිරියට යාමට ඉලක්කයකි. නමුත් අපි එය කරා ළඟා වීමට අධිෂ්ඨාන කරගත යුතුයි. "මම එක දෙයක් කරමි: පිටුපස ඇති දේ අමතක කර ඉදිරියෙහි ඇති දේ වෙතට ළඟා වෙමින්, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ඉහළටවූ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි" යනුවෙන් පාවුල් තුමා පැවසූ එම දිශාවටය (පිලිප්පි 3:13,14). දෙවියන්වහන්සේගේ ඉහලින්වන කැඳවීම නම් දෙවියන්වහන්සේ තුළ පරිපූර්ණව කේන්ද්‍රගත වීම, දෙවියන්වහන්සේට උත්තරීතර ලෙස ප්‍රේම කිරීම සහ යේසුස්වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රේම කිරීම සහ අපට මෙන් අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීමය.

©Zac Poonen – [email protected]