WFTW Body: 

අපගේ කාලයේ දී ශුද්ධාත්ම බෞතීස්මය (බලයෙහි ගිල්වීම) අවතක්සේරුවීම ගැන අප බරපතල ලෙස සැළකිලිමත් විය යුතුය. අද කිතුණු ප්‍රජාවේ අපට අන්ත දෙකක් තිබේ: ශුද්ධාත්ම බෞතීස්මය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අය සහ බාල, ව්‍යාජ චිත්තවේගීය (හැගීම් බර) අත්දැකීම් තුළ පාරට්ටු කර ගන්නා අය (එයින් ඔවුන්ට සේවය උදෙසා බලය හෝ ජීවිතයේ ශුද්ධකමවත් ගෙන ඒමට හැකිවී නැත). අප මෙම අන්ත දෙකෙන්ම ඉවත් වී, යුතු ලෙස ජීවත්වීමටත් සේවය කිරීමටත් හැකි වන පිණිස, සැබෑ බලයෙන් පැළඳවීමක් උදෙසා දෙවියන් වහන්සේව සෙවිය යුතුය.

 

අපට, අපවම වර්ධනය වූ තැනට වඩා, උසස් තැනකට සභාවක් මෙහෙයවිය නොහැක. අපට ඇත්තේ ව්‍යාජ අත්දැකීමක් පමණක් නම්, අපි අන් අයව ද ව්‍යාජ අත්දැකීම් වෙත යොමු කරන්නෙමු. අප අව්‍යාජ ලෙස ශුද්ධාත්මයෙන් බෞතීස්මව සිටීමට අත්‍යවශ්‍යය. නමුත් එය ප්‍රමාණවත් නොවේ. අප ස්වාමින් වහන්සේට ඵළදායී වීමට නම්, ආත්මයේ පූර්ණත්වයෙන් අපි නොකඩවා ජීවත් විය යුතුය. අපි නිතරම "ආත්මයෙන් පිරීමෙන් සිටිය යුතුයි" (එපීස 5: 18 - වචනාර්ථය).

 

අපගේ සභාවේ ඵළදායි දේවසේවයක් කිරීමට නම්, අපගේ සභාවේ සහෝදර සහෝදරියන්ගේ ආත්මික වර්ධනය ගැන සැබෑ සැළකිල්ලක් අපට තිබිය යුතුය. අපගේ සෙසු ඇදහිළිවන්තයින්ට ඵළදායී ලෙස සේවය කිරීමට හැකි වන තරම්, මෙය අපව ධර්මවාක්‍ය පැවසීමේ දීමණාව උදෙසා දෙවියන් වහන්සේ සෙවීමට පොළඹවනු ඇත. මෙම ආත්මික දීමණාව නොමැතිව වචනයේ සේවාවේ ඵළදායී ලෙස දෙවියන් වහන්සේට කිසිසේත්ම සේවය කළ නොහැක. ඒ නිසා අපි මුළු හදවතින්ම එය සෙවිය යුතුයි. මධ්‍යම රාත්‍රියේ තම මිතුරාට කෑම ගෙන ඒමට අසල්වැසියාගේ නිවසට ගිය මිනිසා ගැන යේසුස් වහන්සේ පැවසූ උපමාවෙන් අපට උගන්වන්නේ අපේ සභාවේ අවශ්‍යථාවයෙන් පෙළෙන අය ගැන සැළකිල්ලක් දැක්වීමයි. එය අපව දෙවියන් වහන්සේගේ දොරට තට්ටු කර "ශුද්ධාත්මයාණන්ගේ බලය අපට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන තෙක්" උන්වහන්සේව සොයන්නට සළස්වයි (ලූක් 11: 8 සමඟ 13 වන පදය සසඳන්න). නව ගිවිසුමේ දී, ධර්මවාක්‍ය (අනාවැකි) කීමෙන් අදහස් වන්නේ සභාවට අනුශාසනා, දිරිගැන්වීම සහ ගොඬනැංවීම සඳහා ශුද්ධාත්මයාණන්ගේ ආළේප කිරීම යටතේ දෙවියන් වහන්සේගේ වචනය කථා කිරීමයි (1 කොරින්ති 14: 4, 24, 25). 1 කොරින්ති 14 හි පාවුල්තුමා තම-සභාවේ රැස්වීම්වලදී ධර්මවාක්‍ය කීමේ වැදගත්කම අවධාරණය කරයි. එවැනි ආළේප ලත් අනාවැකි නොකියා සභාව ගොඬනඟා ගත හැකි නම්, දෙවියන් වහන්සේ මෙම දීමණාව සභාවට ලබා දීම අනවශ්‍ය බවයි අපට පැවසිය හැකි වන්නේ. එවිට "අනාවැකි කීමට දැඩි ආශාව" යන අනුශාසනාවද අනවශ්‍ය වනු ඇත (1 කොරින්ති 14: 1, 39). නමුත් ඇත්ත වශයෙන්ම මෙම දීමණාව සභාව ගොඬනැඟීම සඳහා අත්‍යාවශ්‍යවේ. ආත්මයෙන් ධර්මවාක්‍ය කියන එක සහෝදරයෙක්වත් නැති සභාවක් ඉක්මනින්ම ආත්මික මරණයෙන් අවසන් වේවි.

 

ශුද්ධාත්මයාණන්ගේ ආළේප කිරීම නොසලකා හැරීම පෙන්තකොස්ත දිනයේ ආත්මයාණන්ගේ පැමිණීම අනවශ්‍ය බවත්, ස්වාමින් වහන්සේගේ බලගැන්වීමෙන් තොරව අපට උන්වහන්සේගේ කාර‍්‍යය හොඳින් කිරීමට හැකි බවත් පැවසීමට සමාන වේ! එය යේසුස් වහන්සේ මෙළොවට පැමිණීම අනවශ්‍ය බවත්, උන්වහන්සේ නොමැතිව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අපට හොඳින් හැකියාව ඇති බවත් පැවසීම තරම් බරපතල වරදකි! ත්‍රිත්වයේ තුන්වන පුද්ගලයාගේ පැමිණීම නොසලකා හැරීම ශුද්ධාත්මයාණන් වහන්සේට නිග්‍රහ කිරීමක් වන අතර ත්‍රිත්වයේ දෙවන පුද්ගලයාගේ පැමිණීම නොසලකා හැරීම තරම්ම බරපතල පාපයකි.

          

සමහර ඇදහිළිවන්තයින් විසින් එය අයුතු ලෙස භාවිතය කර ඇති නිසා, ආත්මයේ ආළේප කිරීම අප විසින් අවතක්සේරු නොකළ යුතුය. ඔබට ආත්මයාණන්ගේ බලය නොමැති නම්, ඔබ ස්වාමින් වහන්සේගේ කාර‍්‍යය කිරීමට ඔබගේම මානව කුසලතා සහ අත්දැකීම් මත තම විශ්වාසය තබණු ඇත. එයින් කිසිදා දෙවියන් වහන්සේගේ අරමුණු ඉටු වෙන්නේ නැත.

 

අපි එක පැත්තකින් පරිසිවාදයෙන් සහ ව්‍යවස්තාවාදයෙන් මිනිසුන් නිදහස් කළ යුතු අතර අනෙක් පැත්තෙන් මධ්‍යම ප්‍රතිපදාවෙන්  හා ලෞකිකත්වයෙන් මිනිසුන් නිදහස් කළ යුතුයි. මෙවැනි සේවාවකට ප්‍රමාණවත් වන්නේ කවුද? ශුද්ධාත්මයාණන්ගෙන් බලගැන්වුනු  කෙනෙකු පමණි. ශුද්ධාත්මයාණන්ගේ ප්‍රඥාව සහ උන්වහන්සේගේ බලය සඳහා අප දෙවියන් වහන්සේව නිරන්තරයෙන් සෙවිය යුත්තේ එබැවිනි. පාවුල්තුමා එපීසයේ කිතුණුවන් වෙනුවෙන් යාච්ඤා කරන විට, ඔහු යාච්ඤා කරන්නේ ඔවුන් ශුද්ධාත්මයාණන්ගේ ප්‍රඥාව මෙන්ම උන්වහන්සේගේ බලයද දැන ගන්නා ලෙසයි (එපීස 1: 17; 3: 16). අපත් යාච්ඤා කළ යුත්තේ මේවා උදෙසාය.

 

©Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.