WFTW Body: 

සමහර වෙලාවට මිනිස්සු අපිත් එක්ක තරහා වෙන අවස්ථා වලට අපි මුහුණ දෙන්නෙමු. අපි පොඩි කාලෙත් ඒක අත්විඳින්නෙමු. නිවසේ සහෝදර සහෝදරියන් සමඟ රණ්ඩු දබර ඇති වේ, පාසලේදී හිරිහැර කරන්නන් හෝ කුරිරු මිතුරන් සිටිති. අපි වයසට ගියාම සමහරවිට වැඩ කරන අය හෝ පවුලේ අය අපිත් එක්ක තරහ වෙලා මාස ගණන් අවුරුදු ගණන් කථා නොකර ඉන්න පුළුවන්. සමහර විට අපි වැරදි දෙයක් කර ඇති අතර එය අපගේ වරදක් විය හැකිය, සමහර විට අපි ඔවුන්ට එරෙහිව පව් කළෙමු. එසේත් නැතිනම් එය මූලික වශයෙන් අපගේ වරදක් නොවේ, නමුත් යමක් සිදු වූ අතර ඔවුන් ඒ ගැන අප සමඟ කෝපයෙන් සිටිති.

අප නැඟිට සිටින්නේ පියාණන්ගේ ප්‍රේමය මත මිස,අන් කිසිවෙකුගේ ප්‍රේමයෙහි හෝ අනුමැතියෙහිනොවේ. අපශක්තිමත් වීමට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ ප්‍රේම හාඅනුමැතිය පමණයි.

ඔවුන් අපට සමාව නොදෙන්නේ නම්, අපවද කෝපයට පත් පත්කරවීමට හෝ දුකට හෝ කණස්සල්ලට පත්කළ හැක. අප සමඟ ඔවුන්ගේ අමනාප‍යේ හේතුවෙන් ඔවුන් එතරම් අධර්මිෂ්ඨ යැයි අපට හැඟෙන නිසා ඔවුන්ව පහත් ලෙස සැළකීමට එය හේතු විය හැක. ඒ කිසිවක් දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ.

යමෙකු අප සමඟ අමනාප වූ විට අප කරන්නේ කුමක්ද?

මම විශ්වාස කරන්නේ පළමු දෙය අප යටහත් වීමයි. එමෙන්ම අපවම යටහත් කරගැනීමේ එක් අංගයක් වන්නේ: ප්‍රතිෂ්ඨාපනය (යථා තත්‍වයට පත්වීම) සොයන පළමු පුද්ගලයා අප වීමයි.

වාදයකදී, වඩාත්ම ආත්මික තැනැත්තා සමාව අයැදීම සහ ප්‍රතිෂ්ඨාපනය සොයන්නේය. මට යේසුස් වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍ය නම්, ප්‍රථමයෙන් ප්‍රතිෂ්ඨාපනය සොයන තැනැත්තා මා විය යුතුය.

මතෙව් 5: 23-24 හී යේසුස් වහන්සේ පැවසුවේ අපගේ සහෝදරයා අප සමඟ කෝපව සිටී නම්, අපි දෙවියන් වහන්සේ වෙතට පැමිණීමට පෙර ඔහු සමඟ සමාදාන වීමට උත්සාහ කළ යුතු බවයි. සමාව ඉල්ලන්න, එය නිවැරදි කරන්න, නැවත සමගිවීමට උත්සාහ කරන්න - සමහර විට අපි වැරදිව සිටියා විය හැකියි. අපි වරදක් නොකළත්, අපට තවමත් යථා තත්ත්වයට පත් විය හැකිය… සමහර විට අපට අපගේ වරදක් නොවන දෙයකට සමාව ගැනීමට පවා සිදු වේ! යේසුස් වහන්සේගේ නොවන බොහෝ පව් වෙනුවෙන් මිය ගිය යේසුස් වහන්සේගේ හදවත එය බව මම විශ්වාස කරමි - අප, අප-කැමැත්තට මිය යා යුතුව තිබුණත්, නැවත සමගිවීමට සොයන්න. අනෙක් පුද්ගලයා අපගේ සමාව පිළිගන්නා බවට එය සහතික නොවේ, නමුත් ප්‍රශ්ණය නම්, සාමය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අප අපගේ බලයේ ප්‍රකාරයට අනුව සියල්ල කර තිබේද යන්නයි.

රෝම 12: 18 - "පුළුවන්නම් නුඹලාට වියහැකි තරමට සියලු මිනිසුන් සමඟ සාමයෙන් ජීවත් වෙයල්ලා."

මම දැක ඇති තවත් දෙයක් නම්, මාගේ යටහත් වීමේ කොටසක් ලෙස, දෙවියන් වහන්සේ මට කොපමණ සමාව දී ඇත්ද යන්න සහ උන්වහන්සේ සෑම මොහොතකම මට කෙතරම් දයාව වඟුරවන්නේද යන්න මතක තබා ගැනීමයි.

නිදසුනක් වශයෙන්, මගේ දරුවා යම් දෙයකදී මට අකීකරු වීම නිසා මම කෝප වූ විට මට උපකාර වන එක් දෙයක් නම්, මගේ කෝපය මගේ දරුවාගේ අකීකරුකමට වඩා බරපතල බව මතක තබා ගැනීමයි, මන්ද මම වයසින් වැඩි නිසාත් මම හොඳින් දන්නා නිසාත් ය! දෙවියන් වහන්සේ මට උන්වහන්සේගේ ප්‍රේමය, දයාව සහ සමාව දීම ගැන පවසා ඇත, මම දෙවියන් වහන්සේට අකීකරු වූ ආකාරය මම හොඳින් දනිමි ... එබැවින්, මගේ දරුවන් මට අකීකරු වීම නිසා මට ඔවුන් සමඟ ඇත්තෙන්ම කෝපයක් ඇති වූ විට, එය මතක තබා ගැනීම - එය මුලින්ම මා සහ මට පමණක්ම ඔවුන්ට වඩා දෙවියන් වහන්සේගෙන් කරුණාව සහ දයාව අවශ්‍ය වන බව සිහිකර ගැනීමට - මට උපකාර කරයි.

අපි අනෙක් පුද්ගලයා සමඟ සමාදාන වීමට අපට කළ හැකි සෑම දෙයක්ම කර ඇත්නම් සහ ඔවුන් තවමත් අප සමඟ අමනාපයෙන් ඇත්නම්, එය අපව කණස්සල්ලට, කලබලයට හෝ ඔවුන් සමඟ නැවත කෝපයට පත් වීමට අපව පොළඹවා ගත හැකිය. මට සමාව දීමට ඉක්මන් නොවන විට මෙවැනි අවස්ථාවන්හිදී මට සමහර විට අන් අය ගැන දැඩි කළකිරීමක් දැනී ඇත. මගේ විශ්‍රාමය සහ ශක්තිය දෙවියන් වහන්සේ තුළ පමණක් සොයා ගත යුතු බව මම ඉගෙන ගතිමි - වැදගත් වන්නේ උන්වහන්සේගේ ප්‍රේමය සහ අනුමැතිය පමණි.

මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ දාවිත්ය:

1 සාමුවෙල් 30: 6 තව ද තම දරුවන් නිසා දාවිත්ට ගල් ගසන්ට කථා කරමින් සියළු සෙනඟ තමන් සමඟ තික්ත කමින් සිටි නිසා දාවිත් බෙහෙවින් ශෝකයට පත් විය. නමුත් දාවිත් තම දෙවි සමිඳාණන් වහන්සේ තුළ ශක්තිමත් විය.

අප නැඟිට සිටින්නේපියාණන්ගේ ප්‍රේමය මත මිස,අන් කිසිවෙකුගේ ප්‍රේමයෙහිහෝ අනුමැතියෙහිනොවේ. අපශක්තිමත් වීමට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේප්‍රේමය හාඅනුමැතිය පමණයි.

යමෙකු මා සමඟ කථා නොකරන්නේ නම්, දෙවියන් වහන්සේ තවමත් සිටින බැවින් මට දිරිමත් විය හැකිය! මම පසුතැවිලි වූ පසුවත් යමෙකු මගේ පාපය මට විරුද්ධව තබාගෙන සිටින්නේ නම්, මට කරදර විය යුතු නැත, මන්ද දෙවියන් වහන්සේ එසේ නොවේ! දෙවියන් වහන්සේ මගේ පාපය තවදුරටත් මට විරුද්ධව තබා නොගනී, එය මගේ පාපය වෙන කිසිවකු මට විරුද්ධව තබා ගන්නවාට වඩා අසීමිත ලෙස වැදගත් වේ.

අනෙක් අය කෝප වී අපට වහාම සමාව නොදෙන්නේ නම් හෝ යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රතිචාර අපට නොදක්වන්නේ නම්, අපි ඔවුන්ව වහාම අත් නොහැරිය යුතු බව මම දුටුවෙමි. දෙවියන් වහන්සේ අප සමඟ ඉවසීමෙන් සිටින්නාක් මෙන් අපි ඔවුන් සමඟ ඉවසිය යුතුය. අපි සමාව අයැද ඇත්නම් සහ ඔවුන් තවමත් අපට සමාව දී නොමැති නම් අපි ඔවුන්ට කෝපය නිවෙන්නට ඉඩ දිය යුතුය. ඒක හරියට බාබකියු එකක උයනවා වගේය - ගල් අඟුරු දමා ඒවා පත්තු කළ විට, ලොකු ගින්දරක් ටික වෙලාවක් ඇවිළේ. ඔබට තවමත් එය මත උයන්න බැ‍රිය - එම ගල් අඟුරු සමඟ ආහාර පිසීමට හා ඵළදායී වීමට ඔබට ගිනිදැල් මැකී යන තෙක් බලා සිටිය යුතුය. ඒ ආකාරයෙන්ම සමහර විට ඔබට කථා කිරීම ප්‍රතිඵළදායි වීමට පෙර තවත් පුද්ගලයෙකු තුළ ඇති කෝපයේ ගින්න නිවීමට ඉඩ දිය යුතුය. දෙවියන් වහන්සේ මා සමඟ ඉවසනවා සේම අන් අය සමඟ ඉවසීම මට ඉගැන්වීමට උත්සාහ කරනවා විය හැකිය.

බයිබලයේ පවසන්නේ "නපුරට නපුර නොකරන්න, නමුත් යහපතින් නපුරට ප්‍රතිචාර දක්වන්න" (1 පේදුරු 3: 9). අපට යේසුස් වහන්සේ මෙන් වීමට අවශ්‍ය නම්, අයහපතට යහපතින් සැළකීමට වඩා හොඳ ක්‍රමයක් නැත. සතුරුකමට මෘදු වචනවලින් ප්‍රතිචාර දක්වන්න (හිතෝපදේශ 15: 1). තවත් කෙනෙකුගේ කෝණ්තරයට ඉවසීමෙන් සහ කරුණාවෙන් සළකන්න. මෙය යේසුස් වහන්සේගේ ජීවිත කථාවයි - උන්වහන්සේව හෙළා දකින ලෝකයක් වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීමට පැමිණීම. අපේ බළාපොරොත්තුව උන්වහන්සේ කෙරෙහි යි.

"මක්නිසාද තමාටම විරුද්ධව සිටිය පව්කාරයින්ගෙන් එපමණ සතුරුකම් විඳදරාගත් තැනැත්තා ගැන සළකා බලන්න, එවිට ඔබ වෙහෙසට පත්වී ක්ළාන්ත නොවේ." (හෙබ්‍රෙව් 12: 3)

යේසුස් වහන්සේ දෙස බැලීමෙන් සහ උන්වහන්සේ කෙතරම් මෘදුද, උන්වහන්සේ කෙතරම් සතුරුකම් ඉවසීමෙන් සහ දයාවෙන් විඳදරාගන්නේද යන්න දැකීමෙන් අපට දිරිගැන්වීමක් ලැබිය හැකිය.

දෙවියන් වහන්සේගේ ආත්මයේ බලයෙන් අප තුළ ඇති සෑම කෝපයක්ම පාලනය කිරීමටත්, අන් අයට (අපගේ සතුරන් ඇතුළුව) ප්‍රේමයෙන් පිරී සිටීමටත්, අපගේ ප්‍රතිචාරයේදී ප්‍රඥාවන්ත වීමටත්, අන් අය අප සමඟ කෝප වන විට ඉවසීමෙන් සහ දයාවන්ත වීමටත් දෙවියන් වහන්සේ අපට උපකාර කරන සේක්වා.