WFTW Body: 

බොහෝ පැරණි ගිවිසුම් චාරිත්‍ර නව ගිවිසුමේ සම්පූර්‍ණවීමක්වී ඇත. පැරණි ගිවිසුම යටතේ චර්මච්ඡේදනය ඉතා වැදගත් චාරිත්‍රයක් විය. නිසැකවම, එවැනි වැදගත් චාරිත්‍රයකට නව ගිවිසුමේ සැලකිය යුතු අධ්‍යාත්මික අර්ථයක් තිබිය යුතුය - එය එසේම වේ.

“දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අප හදවතින් චර්මච්ඡේදනය වීමයි එවිට අපගේ මුළු හදවතින්ම උන්වහන්සේට ප්‍රේම කිරීමට හැකි වන්නේය”

එහි අර්ථය පිලිප්පි 3:3, 4හි අපට විස්තර කර ඇත: "අපි දෙවියන් වහන්සේගේ ආත්මයෙන් නමස්කාර කරන, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්නාවූ සහ මාංසය කෙරෙහි විශ්වාසය නොතබන සැබෑ චර්මච්ඡේදනය වන්නෙමු" . මෙම ප්‍රකාශන තුනම එකිනෙකට සම්බන්ධය. ආත්මයෙන් නමස්කාර කිරීම යනු මාංසය කෙරෙහි අපගේ විශ්වාසයක් නොමැතිවූ ජීවිතයකින් ප්‍රකාශ වන ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් ගෞරවයට පත්වීමයි.

ශාරීරික චර්මච්ඡේදනයේදී මිනිසුන් ඔවුන්ගේ ශාරීරික මාංශයෙන් කොටසක් කපා දමයි. අධ්‍යාත්මික චර්මච්ඡේදනයේදී, අපි මාංශය (අපගේමවූ-ජීවිතය) කෙරෙහි අපගේ විශ්වාසය කපා දමා එය මරණයට පත් කරන්නෙමු. පරණ ගිවිසුමේ චර්මච්ඡේදනය නොකළ අයට ඊශ්‍රායලයේ කොටසක් වීමට නොහැකි විය. (උත්පත්ති17:14). අළුත් ගිවිසුමේ, තමා ගැන විශ්වාසයක් ඇති ඕනෑම කෙනෙකුට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සභාවේ කොටසක් වීමට නොහැක. සැබෑ සභාවේ කොටසක් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් මහිමය ලබන්නාවූ සහ තමන් ගැන විශ්වාසයක් නැති අය පමණි. අපි අපේ සභාව අන් අය ගොඩනඟා ඇති දේට වඩා හොඳින් ගොඩනඟා ඇති බවට අප ආඩම්බරයට පත්වන්නේ නම්, දෙවියන් වහන්සේට උන් වහන්සේගේ සැබෑ සභාව තුළ අපට තැනක් නැත.

ක්‍රියා 7:41 පවසන්නේ තමන්ගේම අතින් කරන වැඩ ගැන පාරට්ටු කරගන්න අය ගැනයි. අප ඉටු කළ දේ ගැන අප පුරසාරම් දොඩන්නේ නම්, අපි ආත්මිකව චර්මච්ඡේදනය වී නැත. ඔබ විසින්ම යමක් ඉටු කර ඇති බව ඔබට හැඟේ නම්, එවිට ඔබේ ඇදහිල්ල අසාර්ථක වී ඇත. එවිට දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි ඇති ප්‍රේමයෙන්, සැබෑ ඇදහිල්ල යනු උන් වහන්සේ මත පමණක් සම්පූර්ණ යැපීම බව ඔබට ඉගැන්වීම පිණිස, "මුළු රාත්‍රිය පුරා මසුන් ඇල්ලීමට සහ කිසිවක් අල්ලා නොගැනීමට" ඔබට ඉඩ සලසයි (යොහන් 21:3).

දිනක් නෙබුකද්නෙශර් ඔහුගේ මාලිගාවේ වහලය මත සිටගෙන ඔහු ගොඩනඟා ඇති බැබිලෝනියේ මහා රාජධානිය ගැන සතුටු විය (දානියෙල් 4:29, 30). ඔහු එසේ සිතූ සැණින් දෙවියන් වහන්සේ ඔහුගේ රාජ්‍යය ඔහුගෙන් ඉවත් කර ඔහු සතෙකු මෙන් කළසේක. ඉන් පසුව ඔහුට නැවත ප්‍රකෘති සිහියට පැමිණීමට වසර ගණනාවක් ගත විය. ඔහු මෙන්, බොහෝ ඇදහිලිවන්තයන් ද තමන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉටු කර ඇති දේ ගැන ඇතුළතින් සතුටු වෙති. නමුත් නෙබුකද්නෙශර් අවසානයේ ඔහුගේ මෝඩකම ගැන පසුතැවිලි වී දෙවියන් වහන්සේව මහිමයට පත් කළේය (දානියෙල්.4:34-36). අවසානයේ ඔහු හදවතින් චර්මඡේදනය කරන ලදී. කණගාටුදායක කරුණ නම් බොහෝ කිතුනු නායකයින් මෙම ආත්මික චර්මච්ඡේදනය අත්විඳ නොතිබීමයි.

දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අප හදවතින් චර්මච්ඡේදනය වීමයි එවිට අපගේ මුළු හදවතින්ම උන් වහන්සේට ප්‍රේම කිරීමට හැකි වන්නේය (ද්විතීය කථාව 30: 6). ඒ හදවතින් චර්මච්ඡේදනය වීමේ ලකුණයි. අප අපටම ප්‍රේම කර අප තුළම ප්‍රශංසා කරගන්නේ නම් අපි චර්මච්ඡේදනයවී නොමැත.

©Zac Poonen – [email protected]

කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.