යේසුස් වහන්සේ යෙහෝවා ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවෙකු වූ සේක. තවද "මෙහෙකරුවෙකු ගැන වඩාත්ම වැදගත් දෙය නම්, ඔහු තම ස්වාමියා තමාට කියන දේම කිරීමය" (1 කොරින්ති 4: 2 TLB) . උන්වහන්සේ තම ස්වර්ගීය පියාණන් වහන්සේට සවන්දෙමින් තම ජීවිතය ගත කළ අතර, එමඟින් වෙහෙසට පත්වීමෙන් හෝ කළකිරීමෙන් පිරි 'කාර්යබහුලත්වයකින්' තොරව පියාණන් වහන්සේගේ මුළු කැමැත්ත ඉටු කළ සේක. උන්වහන්සේ තමන්ගේම මානුෂික ආශාවන් මරණයට පත් කළ සේක. උන්වහන්සේ ප්‍රාණික (ලෞකික) නොවූ සේක; උන්වහන්සේ ආත්මික වූ සේක.
යේසුස් වහන්සේ තම ජීවිතයේ යාච්ඤාවට ඉහල ප්‍රමුඛත්‍වයක් දුන් සේක. උන්වහන්සේ බොහෝ විට පාළු ස්ථානවලට වෙන්ව ගොස් යාච්ඤා කළ සේක (ලූක් 5: 16). වරක් උන්වහන්සේ ගෝලයන් දොළොස්දෙනා තෝරාගැනීම පිළිබඳව පියාණන් වහන්සේගේ කැමැත්ත දැනගැනීම සඳහා මුළු රැයක්ම යාච්ඤාවෙන් ගත කළ සේක (ලූක් 6: 12, 13). ප්‍රාණික (ලෞකික) කිතුණුවා දෙවියන් වහන්සේ ඉදිරියේ බලා සිටීමට ගතකරන කාලය නාස්ති වූ කාලයක් ලෙස සළකන අතර, යාච්ඤා කරන්නේ තමාගේ හෘද සාක්ෂිය රැවටීමට පමණි. ඔහු තමා කෙරෙහිම විශ්වාසය තබන බැවින්, යාච්ඤාව යනු ඔහුගේ ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක් නොවේ. නමුත් ආත්මික මනුෂ්‍යයා සෑම දෙයකදීම නිරන්තරයෙන් දෙවියන් වහන්සේ මත යැපෙන අතර, එම අත්‍යවශ්‍යතාවය නිසාම යාච්ඤාවට යොමු වේ.
අවශ්‍යව තිබෙන්නේ එක දෙයක් පමණක් බවත්, ඒ උන්වහන්සේගේ වචනයට සවන්දීම බවත් යේසුස් වහන්සේ වදාළ සේක (ලූක් 10: 42). බෙතානියේ මරියා මෙයට හොඳම උදාහරණයයි. අනිත් අතට, මාර්තා පරාර්ථකාමි මෙහෙයක කාර්යබහුලව සිටියද, ඇය නොසන්සුන්ව සිටි අතර මරියාට චෝදනා කළාය. ඒ සහෝදරියන් දෙදෙනා තුළින් ආත්මික සහ ප්‍රාණික (ලෞකික) ක්‍රියාකාරකම් අතර ඇති වෙනස අපි දකිමු. ස්වාමීන් වහන්සේට සහ උන්වහන්සේගේ ගෝලයන්ට සේවය කිරීමෙන් මාර්තා කිසිදු පවක් කළේ නැත. එසේ වුවද ඇය නොසන්සුන්ව මරියාට චෝදනා කළාය. ලෞකික සේවයේ පැහැදිලි චිත්‍රය මෙයයි. ලෞකික කිතුණුවා නොසන්සුන්ය, කෝපයට පත්වේ. ඔහු තමාගේ "තමන්ගේමවූ ක්‍රියාවලින්" නතර වී නැත, දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුල් වී නැත (හෙබ්‍රෙව් 4: 10). ඔහුගේ අභිප්‍රායයන් හොඳ විය හැකිය, නමුත් තමාගේම ක්‍රියා කොතරම් යහපත් වුවත්, පසුතැවිලි වී නැවත උත්පාදනය ලැබීමට පසුව පවා, දෙවියන් වහන්සේගේ දෘෂ්ටියට ඒවා තවමත් "කිළුටු වස්ත්‍රයක්" වැනි බව ඔහු වටහාගෙන නැත (යෙසායා 64: 6).
අමලෙක්ගේ (මාංසයෙහි) හොඳ බැටළුවන් ද නරක බැටළුවන් මෙන්ම දෙවියන් වහන්සේට පිළිගත නොහැකිය (1 සාමුවෙල් 15: 3, 9-19). නමුත් මානුෂික තර්කනයට මෙය වටහාගත නොහැක. එම හොඳ බැටළුවන් දෙවියන් වහන්සේට පූජා කළ හැකිව තිබියදී උන් විනාශකර දැමීම අනුවණකමක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් දෙවියන් වහන්සේ ඉල්ලන්නේ කීකරුකමය, පූජා නොවේ. "පූජාවට වඩා කීකරුකම යහපත් ය" (1 සාමුවෙල් 15: 22). නමුත් දෙවියන් වහන්සේ පවසන දේට අප සවන් නොදෙන්නේ නම් අප කීකරු වන්නේ කෙසේද? කීකරුකමට පෙර සවන්දීම තිබිය යුතුය. එබැවින් යේසුස් වහන්සේ වදාළේ අවශ්‍යව තිබෙන්නේ උන්වහන්සේගේ හඞට සවන්දීම නැමැති එකම දේ බවයි. අන් සියල්ලම රැඳී තිබුණේ ඒ මතය.
මාර්තා මෙන් 'සේවය' කරන අය, කොතරම් අවංක වුවත්, ඇත්ත වශයෙන්ම සේවය කරන්නේ තමන්ටමය. ඔවුන් දෙවියන්වහන්සේගේ දාසයින් යයි කිවනොහැකිය, මන්ද දාසයෙක් සේවය කිරීමට ප්‍රථම ස්වාමියා පවසනදේට ඇහුම්කන් දීමට රැඳී සිටී.
අපට අපේ සියලු වුවමනා පිරිමසා ගත හැකි බවට අප කෙරෙහිම ඇති විශ්වාසයෙන් අප හිස් වන්නෙමු නම්, සාලමොන් රජු කළාක් මෙන්, "අනේ මාගේ දෙවිවූ ස්වාමීනි, හොඳ සහ නරක අතර වෙනස හඳුනාගැනීමට ඔබවහන්සේගේ මෙහෙකරුවාට සවන්දෙන සිතක් දුන මැනව" කියා අපි යාච්ඤා කරන්නෙමු (1 රාජාවලිය 3: 7, 9). හොඳ දේ (එහි ඉහළම අර්ථයෙන්) සහ යහපත් නොවන දේ අතරත්, පියාණන් වහන්සේගේ කැමැත්ත කුමක්ද සහ නොවේද යන්න අතරත් වෙනස හඳුනාගැනීමට නම්, තමන් පියාණන් වහන්සේට සවන්දිය යුතු බව යේසුස් වහන්සේ දැන සිටි සේක.
ජෙරුසලමේ දෙවූමැදුරේ අලංකාර ගේට්ටුව අසල, කොර මිනිසෙකු හිඟමන් යදිමින් සිටිනවා යේසුස් වහන්සේ බොහෝ විට දැක තිබුණි. නමුත් පියාණන් වහන්සේගෙන් ඒ සඳහා මඟ පෙන්වීමක් නොලැබුණු බැවින් උන්වහන්සේ ඔහුව සුව කළේ නැත. පසුව, උන්වහන්සේ ස්වර්ගයට නැඟුණා වූ පසු, පේත්‍රැස් සහ යොහන් විසින් පියාණන් වහන්සේගේ නිසි කාලයේදී එම මිනිසාට සුවය ලබා දුන් අතර, එහි ප්‍රතිඵළයක් ලෙස බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේ වෙතට හැරුණාහ (ක්‍රියා 3: 1-4). එම මිනිසා සුව කිරීමට පියාණන් වහන්සේගේ කාලය වූයේ එයයි, ඊට පෙර නොවේ. යේසුස් වහන්සේ ඊට පෙර ඔහුව සුව කළා නම් උන්වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්තට බාධා කරනු ඇත. පියාණන් වහන්සේගේ වේලාව පරිපූර්ණ බව උන්වහන්සේ දැන සිටි සේක, එබැවින් උන්වහන්සේ කිසිවක් කිරීමට නොඉවසිලිමත් වූයේ නැත.
යේසුස් වහන්සේගේ ජීවිතය පරිපූර්ණ නිශ්චල වූ ජීවිතයක් විය. පියාණන් වහන්සේගේ මුළු කැමැත්ත කිරීමට දිනකට පැය 24 ක කාලය උන්වහන්සේට ප්‍රමාණවත් විය. නමුත් තමන්ට යහපත් යයි පෙනෙන දේ කිරීමට උන්වහන්සේ තීරණය කළේ නම්, දිනකට පැය 24 ප්‍රමාණවත් නොවනු ඇත, එසේම උන්වහන්සේ බොහෝ දිනවල නොසන්සුන්තාවයකින් කෙළවර කරනු ඇත. තමන් වෙත පැමිණි සෑම බාධාවකදීම ප්‍රීති වීමට යේසුස් වහන්සේට හැකි විය, මන්ද ස්වර්ගයේ සිටින සර්වඥවූ පියාණන් වහන්සේ තමන්ගේ දෛනික කාලසටහන සැළසුම් කරන බව උන්වහන්සේ පිළිගත් බැවිනි. එබැවින් බාධාවන් නිසා උන්වහන්සේ කිසිවිටෙකත් කෝපයට පත් වූයේ නැත. යේසුස් වහන්සේගේ ජීවිතය අපගේ අභ්‍යන්තරයටද පූර්ණ විවේකය ගෙනෙනු ඇත. මෙයින් අදහස් කරන්නේ අප කිසිවක් නොකර සිටින බව නොවේ, නමුත් අපගේ ජීවිත සඳහා පියාණන් වහන්සේගේ සැළැස්මේ ඇති දේ පමණක් කරන බවයි. එවිට අපගේම කළින් තීරණය කළ වැඩසටහනට වඩා පියාණන් වහන්සේගේ කැමැත්ත නිම කිරීමට අපි වඩාත් ආශා ඇත්තෝ වන්නෙමු.
ප්‍රාණික කිතුණුවන් 'තමන්ගේම දේ' කිරීමට කෙතරම් උත්සාහ කරන්නේද යත්, ඔවුන් නිතරම කෝපයට පත්වන අතර නොසන්සුන් වෙති. අවසානයේ ඔවුන්ගෙන් ඇතැමෙක් ශාරීරික හෝ ස්නායු භංගත්වයකට ඇද වැටීමකින් කෙළවර වෙති.
යේසුස් වහන්සේගේ අභ්‍යන්තරයේ පූර්ණ නිශ්චලත්වය තිබූ බැවින්, උන්වහන්සේට ස්නායු භංගත්වයකට ඇද වැටීමක් සිදුවිය නොහැකිය. උන්වහන්සේ අපට මෙසේ වදාරන සේක:
මාගේ වියගහ ඔබ පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න; එවිට ඔබේ ආත්මවලට සැණසිල්ල ලැබෙන්නේය (මතෙව් 11: 29).
දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ වචනය තුළින් අපට පෙන්වා දෙන, උන්වහන්සේ අපට ලබාදීමට සහ අප තුළින් ප්‍රකාශ කිරීමට ආශාකරන යේසුස් වහන්සේගේ මහිමය මෙයයි.
ස්වාමීන් වහන්සේ අපගේ එඩේරාණන් වහන්සේය, උන්වහන්සේ තමන්ගේ බැටළුවන් නිශ්චල ගොදුරුබිම්වලට ගෙන යන සේක. බැටළුවන් තමන්ගේම වැඩසටහන් සැලසුම් කරන්නේවත්, මීළඟට යා යුත්තේ කුමන ගොදුරුබිමටදැයි තීරණය කරන්නේවත් නැත. උන් තමන්ගේ එඩේරා පසුපස යති. නමුත් එම ආකාරයෙන් එඩේරා පසුපස යාමට නම් යමෙකුට තමා කෙරෙහිම-විශ්වාසයෙන් සහ තමාගේම ස්ව-සමාර්ථකමින් හිස් විය යුතුය. යේසුස් වහන්සේ යටහත්පහත්ව තමන්ගේ පියාණන් වහන්සේ පසුපස ගිය සේක. නමුත් ප්‍රාණික කිතුණුවන්ට බැටළුවන් වීමට අවශ්‍ය නැත, එබැවින් ඔවුන් තමන්ගේ බුද්ධිය විසින් මුළාකරනු ලබයි. අපගේ බුද්ධිය දෙවියන් වහන්සේගේ අතිවිශිෂ්ඨ හා ඉතා ප්‍රයෝජනවත් ත්‍යාගයකි, නමුත් එය අපගේ ජීවිතයේ ස්වාමිත්වයේ ස්ථානයට ඔසවා තැබුවහොත්, එය සියලු ත්‍යාගයන්ගෙන් වඩාත්ම අන්තරායදායක ත්‍යාගය බවට පත්විය හැක.
ස්වාමීන් වහන්සේ තම ගෝලයන්ට මෙසේ යාච්ඤා කිරීමට ඉගැන්වූ සේක: "පියාණෙනි, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද ඉටු වේවා". ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුවන්නේ කෙසේද? එහි සිටින දේවදූතයන් 'දෙවියන් වහන්සේ උදෙසා යමක්' කිරීමට වටේ දුවන්නේ නැත. ඔවුන් එසේ කළහොත් ස්වර්ගයේ වියවුලක් ඇති වේ. ඔවුන් කරන්නේ කුමක්ද? ඔවුන් දෙවියන් වහන්සේ අණ කරන්නේ කුමක්දැයි ඇසීමට උන්වහන්සේගේ අභිමුඛයෙහි බලා සිටින අතර, තමන්ට වෙන වෙනම කියන දේ එලෙසින්ම කරති. සකරියාට ගාබ්‍රියෙල් දේවදූතයා කී වචනවලට සවන් දෙන්න: "මම දෙවියන් වහන්සේගේ අභිමුඛයෙහි සිටින ගාබ්‍රියෙල් වෙමි; ඔබට කථා කිරීමට මම එවනු ලැබීමි..." (ලූක් 1: 19). යේසුස් ස්වාමීන් වහන්සේද ගත් ස්ථාවරය මෙයයි - එනම් තමන්ගේ පියාණන් වහන්සේගේ අභුමුඛයෙහි බලා සිටීමත්, උන්වහන්සේගේ හඞට සවන්දීමත්, උන්වහන්සේගේ කැමැත්ත කිරීමත්ය.
ප්‍රාණික කිතුණුවන් වෙහෙස මහන්සි වී වැඩ කර බොහෝ කැපකිරීම් කළ හැකිය, නමුත් සදාකාලිකත්වයේ වඩාත් පැහැදිළි ආලෝකයෙහි හෙළිවන්නේ "ඔවුන් මුළු රැය පුරා වෙහෙස මහන්සි වූවත් කිසිවක් අල්ලාගත්තේ නැත" යන්නයි. නමුත් දිනපතා තමන්ගේ කුරුසිය ගෙන (තමන්ගේ ප්‍රාණික/ලෞකික ජීවිතය එපා කර මරණයට පත් කෙරූවන්) ස්වාමීන් වහන්සේට කීකරු වූ අයගේ දැල් එදිනට මසුන්ගෙන් පිරී යනු ඇත
"මා ඔහු උදෙසා සැළසුම් කරන කාර්යයෙන් වෙනතකට යොමුවීමට ඉඩහරින ඕනෑම අයෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැත" කියා යේසුස් වහන්සේ වදාළ සේක (ලූක් 9: 62). "ස්වාමීන් වහන්සේ තුළ ඔබට ලැබුණු සේවය සම්පූර්ණ කිරීමට බලාගන්න" (කොලොස්සි 4: 17).
අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ පැල නොකෙරූ සියලු පැලෑටි උදුරා දමනු ලබන්නේය (මතෙව් 15: 13).
ප්‍රශ්ණය වන්නේ පැලෑටිය හොඳද යන්න නොව, එය පැල කළේ කවුරුන්ද යන්නයි. ඕනෑම දෙයක එකම නීත්‍යාණුකූළ ආරම්භකයා දෙවියන් වහන්සේය. ශුද්ධ බයිබලය ආරම්භ වන්නේ "පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ..." යන වචනවලිනි. අපගේ සියලු ක්‍රියාවන් සම්බන්ධයෙන්ද එය එසේ විය යුතුය: ඒවා සදාකාලයටම පවතිනු පිණිස, ඒවා අපගේ මණසින් නොව දෙවියන් වහන්සේගෙන් ආරම්භ විය යුතුය.
දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන තැනැත්තා සදාකල්ම පවතින්නේය (1 යොහන් 2: 17).
අනෙක් සියල්ල විනාශ වී යනු ඇත.
එබැවින්, අපි අපෙන්ම මෙසේ අසාගනිමු:
මා දෙවියන් වහන්සේගේ කැමැත්තෙහි ජීවත්වෙමින් සේවය කරන්නේද?