රෝග සහ සුවය

කර්තෘ :   සැක් පූනන්
Article Body: 

අද දවසේ රෝග සහ සුවය යන විෂය පිළිබඳව බයිබලයට අනුකූලවු පැහැදිලිවු ඉගැන්වීම් ඉතාමත් අල්පය. මෙම විෂය ගැන බොහෝ අන්තවාදී ඉගැන්වීම් ඇති නිසා ඇදහිලිවන්තයින් වියවුල් වන අතර බොහෝ අය නිශ්ඵල භාවයට සහ කලකිරීමට පත්වෙති.

නමුත් මෙම පොත් පිංච තුළින් සහෝදර සැක් පූනන් රෝග සහ සුවය යන වැදගත් විෂය පිළිබඳව අලූත් ගිවිසුමට අනුකූලවු සමතුලිත ඉගැන්වීම් කරන කොට ගෙන ඔබ දිරිගන්වනේය.

මෙම පොත කියවා ඔබද ආශිර්වාද ලබන අතර අවෂ්‍යතාවයෙන් පෙලෙන්නාවු අන් අයටද මෙම නිදහස් කරනන්නාවු වචන කියවන්නට සලස්වනන්නේ යැයි ප්‍රාර්ඵනා කරමු. 2015 වසරේදී ඉන්දියාවේ පැවති සම්මේලනයකදී සහෝදර සැක් පුනන් විසින් කරනලද පර්‍ණවිඩයක් කියවීමේ පහසුව තකා කතාකරන විලාසයෙන්ම පරිවර්ථීතය

_______________________________

අප මෙනෙහි කරමින් සිටියාවූ පරිච්ඡේදය වන පිලිප්පි 2ට පෙරලා ගනිමු. අප පවිත්‍රතාවය ලබා ගත යුත්තාවූ පාපයේ මුල් දෙකක් ගැන මෙහි සඳහන් වන්නේය. ඒවා කුමක්ද කියා ඔබට මතකද? ඒවා නම් උඩඟුකම සහ ආත්මාර්ථය වේ. ඒ වාගේම මෙම දෙවන පදයේ සභාව තුළ එක්සිත්භාවය ගැන සඳහන් වන්නේය. සභාව තුළ එක්සිත් භාවය පවත්වා ගන්නා පිර්‍ණස සෑම සාමාජිකයෙකුම ලුනු ගෙඩියක සිවිය අරින්නාක් වැනිවූ මේ ඉහත දැක්වූ කාරනා දෙක සමඟ කටයුතු කිරීමට අවශ්‍ය වන්නේය. අපි එම කාරනා දෙක ගැන කටයුතු කරන්නේ නැතිනම් සභාවේ එකමුතුභාවයක් දැකගැනීමට නොහැකි වන්නේය. පුරුෂයා සහ භාර්යාව අතර ඇතිවන්නාවූ සෑම ඛෙදීමකටම හේතුව වන්නේ මේ පාපයන් දෙකමය. එක් අයෙකු හෝ නැතිනම් දෙදෙනාම මේ පාප වලින් පිරිසිඳු නොවීම ඒ ඛෙදීම් වලට හේතුව වන්නේය.

ම​ම කීවාක් සේ අලූත් ගිවිසුමේ යේසුස් වහන්සේ අපට ආදර්ශයක්ව සිටින සේක. උන්වහන්සේ දේව නියෝගයක් නොව ආදර්ශයක්ව සිටි සේක. උන්වහන්සේ තුළ ආත්මාර්ථය ශුන්‍යව තිබුර්‍ණ. උන්වහන්සේ කිසිවිටකත් ස්ව කැමැත්ත නොකළ සේක. සැමවිටම පියාණන් වහන්සේව සතුටු කිරීම සොයා බැලු සේක. ඒ වාගේම උන්වහන්සේ තුළ කිසිම උඩඟුකමක් නොතිබිනි. එයද අපි පිලිප්පි 2වන පරිච්ඡේදයේ දකින්නෙමුව. උන්වහන්සේව යටහත් කරගෙන දාසයෙකුගේ ස්වරූපය ගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිර්‍ණ සේක. එහි අර්ථය නම් ඔබ මනුෂ්‍යයෙකු හෝ ස්ත්‍රියක වන විට ඉබේම දාසයෙකු වන බවය. එය එහි සැබෑ අර්ථයයි. මනුෂ්‍යයන් දාසයන් විය යුතු බව යේසුස් වහන්සේ දැන සිටි සේක. ඉතින් උන්වහන්සේ මනුෂ්‍යයෙකු වුන ක්‍ෂනයෙන්ම එම ස්ථානය ගත් සේක. එලෙස දෙවියන් වහන්සේගේ සේවකයෙකු විය.

වර්ෂ ගණනාවකට කලින් දෙවියන් වහන්සේ මා හට කීවාවූ කාරනය මට මතක ඇත්තේය. නුඹට මගේ සේවකයා වන්නට අවශ්‍ය නම් නුඹ සෑම මනුෂ්‍යයෙකුගේද සේවකයා විය යුතුය. සෑම මනුෂ්‍යයෙකුටම සේවකයෙකු නොවී නුඹට කිසිසේක්ම මාගේ සේවකයකු වන්නට නොහැකිය. ඇයි අද බොහෝ දේව සේවකයන් ප්‍රයෝජන නැති අයව සිටින්නේ? ඇයි ඔවුන් හට දෙවියන් වහන්සේගේ වචනය නොදෙන්නේ? ඇයි කියා මම කියන්නම්. ඔවුන් කැමති නැහැ සියලූ මනුෂ්‍යයන්ගේ සේවකයන් වන්නට ඒ අයට අවශ්‍ය වන්නේ ආණ්ඩුකාරයන් වන්නටය. යේසුස් වහන්සේගේ යටහත්කම දෙස බලන්න. උන්වහන්සේ මනුෂ්‍යයෙකු වූ විගසම, හොඳයි දැන් මම මනුෂ්‍යයෙකු නිසා දාසයෙකු විය යුත්තෙමි. එසේ දාසයෙකු වුනා පමණක්ම නොව උන්වහන්සේ කුරුසියක මරණය දක්වා පහතට ගිය සේක. උන්වහන්සේ උන්වහන්සේව යටහත් කර ගත්තේ කෙසේද? අපි කෙලෙසද යටහත් විය යුත්තේ යන්නට විවිධ අදහස් තිබිය හැකිය. යේසුස් වහන්සේට වඩා යහපත් ආදර්ශයක් නැත්තේමය. පිලිප්පි 2:8 හි සඳහන් වන්නේ පියාණන් වහන්සේට කීකරුවීම තුළින් යටහත් වූ බවය. කුරුසිය මත නුඹ මැරිය යුතුය කියා පියාණන් කියන විටද උන්වහන්සේ කීකරු විය.ඔබව යටහත් කරගන්න යන්නෙහි අර්ථය මෙයමය. එනම් දෙවියන් වහන්සේ කුමන දෙයක් කීවද එයට යටහත් වීමය.

ඒ නිසා යටහත් වීම යන්න ප්‍රාථමීකවම මනුෂ්‍යයන් ඉදිරියේ යටහත් වීම නොවන බව අපි දකිමුව. මනුෂ්‍යයන් යමෙක් ගැන ඔහු හරි යටහත් කෙනෙකැයි කතා කරන විට එහි අර්ථය වන්නේ ඔහු මනුෂ්‍යයන් ඉදිරියේ කෙලෙසද යටහත්ව සිටින්නේ යන්නය. මනුෂ්‍යයන්ට කතා කළ හැකි යටහත්කම එපමණකි. නමුත් අලූත් ගිවිසුම තුළ දෙවියන් වහන්සේ යටහත්කම ගැන කතා කරන විට එය මනුෂ්‍යයන් ඉදිරියේ වන යටහත් වීම ගැන නොවේය. එය දෙවනුවය. නමුත් ප්‍රාථමීකව දෙවියන් වහන්සේට කීකරු වීමය. අපේ ජීවිතයේ රහසිගත ක්‍ෂේත්‍ර​යන්හිදී මම මගේ සිතුවිලි පවිත්‍රව තබා ගැනීමට උත්සුක වන්නේ නම් මම දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත්වූ කෙනෙකි. මගේ රහසිගත ජීවිතයේ සිතුවිලි ගැන සැලකිලිමත් නොවන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ මම උඩඟු කෙනෙකු බවය. මේ පැහැදිලි කිරීම කිසිම මනුෂ්‍යයෙකුට තේරුම් ගත නොහැකිය. ඔබ කියන්න ඔබහට අසභ්‍ය සිතුවිලි එන්නේ නම් ඔබ උඩඟු කෙනෙක් නොවන්නේද? අශුද්ධ සිතුවිලි සහ උඩඟුකම අතර ඇති සම්බන‍ධතාවය කුමක් දැයි කියා ඔබ අසනවා ඇත. සැබෑ යටහත්කම නම් දෙවියන් වහන්සේට කීකරු වීමයි යන්න මම ඔබට කියන්නට කැමැත්තෙමි. එය මෙසේ සඳහන් වන්නේය. උන්වහන්සේ කීකරුවීම තුළින් උන්වහන්සේව යටහත් කර ගත් සේක. කුරුසියක මරණය ලබන තාක්කල් කීකරු වීමෙන්. මෙතුළින් අප දකින්නාවූ දේ නම් යටහත්කම ගැන අපගේ සර්වසම්පූර්ණ ආදර්ශය වන්නේ ක්‍රිස්තුස් වහන්සේම බවය. එලෙස සර්වසම්පූර්ණයෙන්ම ආත්මාර්ථකාමී නොවීම සඳහා ආදර්ශයද උන්වහන්සේමය. ඉන්පසුව අප තිමෝති සහ එපප්‍රොදිතස් ගැනද බැලූවෙමු. මේ දෙදෙනා තුළද මෙම ගුණාංග තිබුණු ආකාරය අපි දුටිමු. එනම් අන් අයගේ යහපත උදෙසා ක්‍රිස්තුස් වහන්සේගේ කාරනා ඔවුන් සෙවූ ආකාරය දෙස බැලීමුව.

මේවා සමඟ රෝග ගැන යම් වචන කිහිපයක් ඔබ සමඟ ඛෙදා ගන්නට කැමැත්තෙමි. මන්දයත් රෝගය යන්න ලොව පුරාම ඇදහිලිවන්තයන් හට ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබීම දකිමි. එය පළවන ශත වර්ෂයේ මෙන්ම අදද ප්‍රශ්නයක්ව තිබේ. ඛෙහෙත් වර්ග, රෝහල්, ශෛල්‍යකර්ම, වෛද්‍යවරුන් යනාදි පහසුකම් නිසා අද රෝගයෙන් එන ප්‍රශ්නය තරමක් පහසුවී තිබේ. පළමු ශතවර්ෂයේ මේ සියළු පහසුකම් ඔවුන් හට නොතිබිනි. නමුත් ඒදන් උයනෙන් මනුෂ්‍යයා පිටවී ආ දවසේ සිට රෝගය මනුෂ්‍යයා හට ප්‍රශ්නයක් වුනි. කිතුනුවන්වී සිටීම නිසා සමහර විට මේ ගැන අප හට වැරදි තේරුම් ගැනීමක් තිබීමට පුළුවන.

සමහර ක්‍රිස්තියානි කන්ඩායම් කියා සිටින්නේ ඔබ රෝග වන විට ඛෙහෙත් පාවිච්චි කළ යුතු නැති බවය. ඔවුන් එය ඇදහිල්ලේ ලකුනක් ලෙස පවසති. ඔබ ඛෙහෙත් පාවිච්චි කරන්නේ නම් ඔබට ඇදහිල්ල නැත්තේ යැයි පවසති. ඛෙහෙත් පාවිච්චි නොකළ යුතු යැයි අලූත් ගිවිසුමේ ආඥාවක් තිඛෙන්නේ නම් සැබවින්ම මරනයට පත්වුනත් ඔබ ඛෙහෙත් පාවිච්චි නොකළ යුතුය. එවැනි ආසාවක් නැති කළ අපිම එය ආඥාවක් කර ගන්නේ නම් එය මනුෂ්‍යයා විසින් ගොඩනගා ගන්නාවූ ආඥාවකි. ඉතින් මනුෂ්‍යයින්ගේ ආඥාවලට කීකරුවීමට අපට යුතු නැත. ඉතින් ඛෙහෙත් පාවිච්චි නොකරන්නය කියා අලූත් ගිවිසුමේ කිසිම ආඥාවක් නැත.

ඒ වගේම යේසුස් වහන්සේ කුරුසිය මත අපගේ සියළු රෝග දරා ගත්සේකය කියා බොහෝ අය පවසති. 99% ක්ම කිතුනුවන් බයිබලය ඉතාමත්ම නොසැළකිල්ලෙන් කියවන්නෝය කියා මම කියන්නට කැමැත්තෙමි. යේසුස් වහන්සේ අපේ රෝග කුරුසිය මත දරා ගත්තේය කියා සඳහන් වන්නේ කොහේද? මම දන්නවා බොහෝ පෙන්තකොස්ත සභාවල මෙසේ පවසන බවට. නමුත් එලෙස පවසන්නාවූ එකම එක පදයක් වත් මුළු බයිබලය තුලම නැත්තේය. මම මේ බයිබලය අවුරුදු 55ක් තිස්සේ හැදෑරුවෙමි. නමුත් ඔවුන් ඔබට උපුටා පෙන්වන්නාවූ පදය මම ඔබට පෙන්වන්නෙමි. අපි බොහෝ දෙනෙකු රෝගී වන නිසාත් මේ අය ඇවිත් මෙම පදය ඔබට පෙන්වා එය විශ්වාස කරන්න යැයි ඔබ හට පවසන විට අපට එය මහත් වූ ප්‍රශ්නයක් වන නිසා මේ පදය දැනගැනීම අප හට ඉතාමත් වැදගත් වන්නේය.

අලූත් ගිවිසුමේ සුභාරංචි කියවන විට අප නිතර කියවන්නාවූ දෙයකි "මේ සියල්ල සිද්ධවූයේ ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘන් ලවා කියෙවූ කීම සම්පූර්ණ වන පිර්‍ණසය" යන්න. යේසුස් වහන්සේ ඛෙත්ලෙහෙමේ ඉපදුන සේක. මේ නිසා අවුරුදු 700කට කලින් මීකා අනාගත වක්තෘ විසින් කී "ඛෙත්ලෙහෙමින් ආන්ඩුකාරයෙක් නික්ම එන්නේය' යන අනාගත වාක්‍ය සම්පූර්ණ විය. තවද යේසුස් වහන්සේ ඊජිප්තුවට ගිය වග අප කියවන්නෙමුව. එය සිදුවුනේ හෙරෝද් රජු හට යේසුස් වහන්සේ මරන්නට අවශ්‍ය වූ විටදීය. මතෙව් 2:15තවත් අනාගත වාක්‍යයක් සම්පූර්ණ වීම පිර්‍ණස එය සිදුවුනි. එනම් හොෂෙයා ගේ පොතේ 'ඊජිප්තු දේශයෙන් මාගේ පුත්‍රයාව කැඳවා ගන්නෙමියි' කියන්නාවූ අනාවැකිය සම්පූර්ණ වීමය (මතෙව් 2 :14-15). ඉන්පසුව හෙරෝද් රජ විසින් ළදරුවන්ව මරන සිද්ධිය අපි කියවන්නෙමුව. එය සිද්ධවුනේ යෙරෙමියා විසින් 'කියා පැවසූ අනාවැකිය සම්පූර්ණ කිරීමටය (මතෙව් 2:16-18).

බොහෝ ස්ථානවල දේව ලියවිල්ලේ අප මෙලෙස කියවමු. ඉන්පසුව යේසුස් වහන්සේ ඇවිත් නාසරෙත්හි ජීවත්වුන බව 23 වන පදයේ අපි කියවන්නෙමු. මෙසේ වූයේ උන්වහන්සේ නාසරීයයෙක් යැයි කියනු ලබන සේකැයි අනාගත වක්තෘවරුන් කරනකොටගෙන කියන ලද කාරනාව සම්පූර්ණ වන පිර්‍ණසය. ඉන්පසුව උන්වහන්සේගේ ජීවිතයේ අවසානයේදී, උන්වහන්සේ කුරුසිපත්ව සිටින විට යොහාන් 19 වන පරිච්ඡේදයේ 28 වන පදයේ අප කියවන්නේ යේසුස් වහන්සේ සියල්ල තීන්දුව තිඛෙන බව දැන දේව වචනය සම්පූර්ණ වන පිර්‍ණස 'මට පිපාස යයි කීසේක" යන්නය. ඉන්පසු උන්වහන්සේ 30 වන පදයේ 'තීන්දු වූනේය' කියා කී සේක. එම නිසා උපතේ සිට මරනය දක්වා දේව වචනය සම්පර්ණ විය. එම නිසා දේව වචනය සම්පූර්ණ විය යන කාරනය අපි විටින් විට දකිමුව.

දැන් එක දෙයක් සැළකිල්ලට ගන්න. ඔබ දේව වචනය ඉතා පරිස්සමින් අධ්‍යනය කළ යුතුය. යම් දෙයක් සිදුවුන විට අනාවැකි සම්පූර්ණ විය. උන්වහන්සේ ඛෙත්ලෙහෙමේ ඉපදුනා එවිට දේව ලියවිල්ල සම්පූර්ණ විය. උන්වහන්සේ ඊජිප්තුවට (මිසරයට) ගොස් නැවත පැමිණුන සේක. එවිට ලියවිල්ල සම්පූර්ණ විය. හෙරොද් ළදරුවන්ව මැරූ විට තව ලියවිල්ලක් සම්පූර්ණ විය. පසුකලක නොව ඒ ක්‍ෂණයෙන්ම ඒවා සම්පූර්ණ විය. යේසුස් වහන්සේ නාසරෙත් වලට ආ විගසම උන්වහන්සේ නාසරීයයෙක්යයි කියනු ලැබීය. ඒ මොහොතේදීම එම අනාගත වාක්‍යය සම්පූර්ණ විය. ඉන්පසු මතෙව් 4:13 ට අනුව උන්වහන්සේ කපර්ණවූමට පැමිණ වාසය කළ සේක. එවිට 14 සහ 15 වන පදවලට අනුව සාබුලෝන් හි අන්ධකාරයේ සිටි අය මහත් ආලෝකයක් දුටුවෝය යන අනාවැකිය සම්පූර්ණ විය. කොයි මොහොතේදීද එය සම්පූර්ණ වුනේ ? අනාගතයේදී නොව ඒ මොහොතේම වචනය සම්පූර්ණ විය.

හොඳයි දැන් මම තවත් පදයක් පෙන්වන්නම්. මතෙව් 8 වන පරිච්ඡේදයෙන් කරුණාකර මේ මූලධර්මය මතක තබා ගන්න. මතෙව් සවස් වූ කල යක්‍ෂාවේශවූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙන ලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරු කළ සේක, රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළ සේක. උන්වහන්සේ එහි සිටියාවූ සියගණන් රෝගාතුර වූවන් සියල්ලන්වම සුව කළ සේක. එක්කෙනෙකුවත් ඉතිරි නොවී සියලූදෙනාවම සුව කළ සේක. එක්කෙනෙකුවත් අඩුම ගානේ උන සනීප වෙන්නෙ නැතුවවත් හැරී නොගියේය. හෙම්බිරිස්සාවක් හෝ පිලිකාවක් හෝ වේවා සියල්ලම සුවවිය. ඇයි එ ? 17 වන පදයට අනුව මෙසේ වූයේ : උන්වහන්සේම අපේ දුර්වලකම් ගත් සේක. අපේ රෝග උසුලා ගත්සේකැයි අනාගත වක්තෘවූ යෙසායා කරනකොටගෙන කියන ලද කාරනාව සම්පූර්ණ වන පිර්‍ණසය.

දැන් මට කියන්න මෙය සම්පූර්ණ වුනේ එම මොහොතේදීමද නැතිනම් අනාගතයේ යම් දවසකදී සම්පූර්ණ වන්නට තිබුණේද කියා. එය එම මොහොතේදීම සම්පූර්ණ විය. උන්වහන්සේ සියළුම දුර්වලකම් සහ සියළුම රෝග දරාගත් සේක. අවුරුදු 3 කට පසුව උන්වහන්සේ කුරුසි පත්ව සිටියදී තමන් වහන්සේ මත දරාගත්තේ යැයි බොහෝ කිතුනුවන් වැරදියට සඳහන් කරන්නාවූ පදය මෙයමය. දේව වචනය පවසන්නාවූ දෙය එය නොවේය. අපගේ දුර්වලකම් ගත්සේක, රෝග උසුලා ගත්සේකැයි පවසන අනාවැකිය සම්පූර්ණ වන පිර්‍ණස උන්වහන්සේ ඔවුන්ගේ සියළුම රෝග සුවකල සේක. උන්වහන්සේ ඒවා සියල්ල දරා ගත්සේක. ඔබ දකිනවා එහිදී උන්වහන්සේ සුවකල බව.

ඇයි මෙය මෙතරම් වැදගත් වන්නේ. යේසුස් වහන්සේ කුරුසිය මත අපගේ පාප දරාගත් බව බයිබලය පවසන එක අපි දනිමුව. නමුත් කිසිම තැනක උන්වහන්සේ කුරුසිය මත අපගේ රෝග දරා ගත් බව සඳහන් නොවන්නේය. එමනිසා ඔබගේ පාප ගැන ඔබව වරදට පත් කිරීමක් තිබිය යුතු නැති බව නිසැකවම ඔබට කිව හැකි විය යුතුය. ඔබ පසුතැවිලි වෙනවාත් සමඟම උන්වහන්සේ ඔබගේ පාප වලට කමාව දෙන සේක. මන්දයත් උන්වහන්සේ ඔබගේ පාප දරා ගත් සේක. එ නිසා තමයි කිසි වරදට පත්කිරීමක් නොමැතිව මම ජීවත් වන්නේ. දැන් යේසුස් වහන්සේ මගේ රෝගත් කුරුසිය මත දරා ගත්තේ නම් පළමුකොට මම ඇස් කන්නාඩි නොපැලදින්නෙමි. මන්දයත් එය රෝගයකි. මගේ හිසේ හොඳට කෙස් තිඛෙන්න ගියා මෙසේ තට්ටය නොතිබී. මන්දයත් එයත් එක්තරා රෝගයකි. මට කොන්දේ වේදනාවක් හිසේ කැක්කුමක් යනාදි රෝග නොතිඛෙන්න ගියා. උනක් හෙම්බිරිස්සාවක් මට කිසි විටෙකත් නොසැදෙන්නේය. මම මේ දැන් කිමුහුම් ඇරියාක් මෙන් කිමුහුමක්වත් නොයවන්නෙමි. මන්දයත් යේසුස් වහන්සේ සියල්ල ගත් සේක. එක මනුෂ්‍යයෙකු හෝ එලෙස ජීවත්වෙනවා ඔබ දැක ඇත්තෙහිද?

යේසුස් වහන්සේ කුරුසිය මත අපගේ රෝග දරා ගත්තේ යැයි කියන සියල්ලන්ම බොරු කාරයන්ය. ඔවුන් ඇස් කන්නාඩි පළඳති හිසකෙස් ගොස් තට්ට වී ඇත. ඒ වගේම කැස්ස හෙම්බිරිස්සාව වැනි බොහෝ රෝග වලින් පෙලෙමින් යේසුස් වහන්සේ කුරුසිය මත සියළුම රෝග ගත් සේකැයි කියති. ඒ ආකාරයෙන් නම් යේසුස් වහන්සේ අපේ රෝග කුරුසිය මතදී ගත්තේ එවිට සමහර විට මෙලෙසම වෙන්න ඇතිද මාගේ පාප දරා ගත්තේ කියා ද මට සිතිය හැකිය. එවිට මගේ සියළුම පාපවලට කමාව දුන්නාද කියා මට සහතිකයක් නැති වන්නේය.

යක්‍ෂයා ඇදහිලිවන්තයින්ව රවටන ආකාරය ඔබ දකින්නෙහිද? මගේ සෑම පාපයකම වරදකාරභාවය ඉවත් කරන පිර්‍ණස යේසුස් වහන්සේ සම්පූර්ණ ක්‍රියාවක් කළ සේක්ද? දැන් මගේ ශරීරයේ සියළුම රෝග ඉවත් කරන පිර්‍ණස සම්පූර්ණ ක්‍රියාවක් කර නැති බව මම දනිමි. නමුත් උන්වහන්සේ කුරුසිය මත කල ක්‍රියාව ගැන මට 100%ක්ම විශ්වාසයක් ඇත්තේය. මාගේ සියළුම පාපවලට කමාව ලැබුණු බවට 100%ක්ම නිසැකකමක් ඇත්තේ ඒ නිසාමය. යේසුස් වහන්සේ මගේ පාප සහ මගේ රෝගද දරා ගත්තේ නම්, මුළු විශ්වාසය තිබුණත් මාගේ සියළු රෝග ඉවත් වී නැත. මම තවමත් ඇස් කන්නාඩි පලඳින්නෙමි. ඒ වගේම නොයෙකුත් ශාරීරික වේදනාවන් තවමත් මට ඇත්තේය. එසේ නම් මගේ පාපවලටද සම්පූර්ණයෙන්ම කමාව ලැබුණේය කියා මම විශ්වාස කරන්නේ කොහොමද ? රෝග සුවය ඇසට පෙනෙන්නාවූ දෙයකි පාප කමාව ඇසට නොපෙනෙන්නාවූ දෙයකි. මම ඇස් කන්නාඩි පලඳින්නේද නැද්ද යන්න ඔබ දකින්නෙහුය. රෝගය පෙනෙන්නාවූ දෙයකි. නමුත් පාප කමාව නොපෙනෙන්නාවූ දෙයකි. ඒ නිසා සමහරවිට මට කමාව ලැබුණේයැයි රැවටී සිටිනවා වෙන්න පුළුවනි. මන්දයත් මේ පෙනෙන දේම හරියට ක්‍රියාත්මක වී නැත. යේසුස් වහන්සේ මගේ රෝග දරා ගත්සේකැයි කියන නමුත් මම තවම කන්නාඩි පැලඳිමි. එසේ නම් මගේ පාප වලට කමාව ලැබුණ බවට විශ්වාසයක් ඇත්තේද යන්න මම දැනගන්නේ කෙලෙසද? බොහෝ කිතුනුවන් අස්ථීරය, මන්දයත් ඔවුන් දේව වචනය පරික්‍ෂාකාරිව නොකියවති. උන්වහන්සේ අපගේ වේදනා ගත් සේක, අපගේ රෝග දරා ගත්සේක යන්න සියළු රෝගීන් සුවකල මොහොතේදීම සම්පූර්ණ විය.

දැන් තවත් පදයක් බලමු. මේ පදයෙන් සඳහන් වන්නේ උන්වහන්සේගේ කස පහරින් අපි සුවය ලබන බවය. එය යෙසායා 53:5 හි පවසන්නේ "නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුනේය උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ කියාය. දැන් 'සුවය ලැබී තිබේ' කියා පවසන විට කාරනා දෙකක් දැක්වෙන්නේය. අපට අපේ ආත්මයේ සුවය ලැබිය හැකිය. අපට අපේ ශාරීරික සුවයද ලැබිය හැක. කුමන සුවය ගැනද මෙහිදී කතා කරන්නේ. මන්දයත් ඇතුලාන්ත සුවය ගැනද බයිබලය කතා කරන්නේය. ඔබට සැකයක් ඇති විටදී එක් පදයක් තවත් පදයක් සමඟ සංසන්දනය කළ යුතුය. ඒ නිසා මේ පදය අලූත් ගිවිසුමේ යම් තැනක සඳහන් වන්නේද? ඔව්. එය 1 වන ප්‍රේත්‍රැස් 2 පරිච්ඡේදයේ සඳහන් වන්නේය. වෙන කිසිම ස්ථානයක යෙසායා 55:5 වන පදය උපුටා දක්වන්නේ නැත. 1 වන ප්‍රේත්‍රැස් 2 හි කුමක්ද කියන්නේ

1ප්‍රේත්‍රැස් 2: 21පදයෙහි තේමාව 'නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිර්‍ණස උන්වහන්සේ නුඹලාට ආදර්ශයක් දී ගිය සේක' යන්නය. ඔබ එහි තේමාව බැලිය යුතුය. පාපයක් නොකළාවූ උන්වහන්සේගේ අඩිපාරේ යෑම. උන්වහන්සේගේ මුඛයෙහි කිසි වංචාවක් සම්බවුනෙත් නැත. එයට අමතරව උන්වහන්සේගේ ශරීරයේ කිසි රෝගයක් නොතිබුණේය කියා එහි සඳහන් නොවන්නේය. ශරීරයේ කිසි රෝගයක් නොතිබුණාවූ උන්වහන්සේව අනුගමනය කරන්නය කියා එහි සඳහන් වන්නේ නැත. එය කල නොහැකි දෙයකි. නමුත් පාපයක් නොකලාවූ උන්වහන්සේගේ අඩිපාරේ යන්න. කිසිවිටකත් මුඛයේ කිසි බොරුවක් නොතිබුණාවූ උන්වහන්සේව අනුගමනය කරන්න. 23 වන පදයේ "නින්දා කරනු ලැබූ කල නින්දා නොකල" උන්වහන්සේව අනුගමනය කරන්න. වධ වින්ද කල තර්ජන නොකල උන්වහන්සේගේ අඩිපාරේ යන්න. ධර්මිෂ්ඨ ලෙස විනිශ්වය කරන තැනැන්වහන්සේට කාරනය භාරදුන් තැනැන්වහන්සේගේ අඩිපාරේ යන්න. ඉන්පසු මෙසේ කියන්නේය "මන්දයත් උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලු සේක." අපේ රෝග නොව උන්වහන්සේ දරා ගත්තේ අපේ පාපයන්ය. එ අපි අපේ පාපවලට මැරෙන පිර්‍ණසය. අපගේ රෝග වලින් මිදෙන පිර්‍ණස නොව. අපි අප පාප වලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිර්‍ණසය. මෙයයි පරන ගිවිසුමේ උන්වහන්සේ ලත් පහරවලින් අප සුවය ලැබුවාය යන අනාවැකියේ සම්පූර්ණ වීම. එසේ නම් ඒ පරන ගිවිසුමේ අනාවැකිය සම්පූර්ණ වුනේ කොහේදී ද? උන්වහන්සේගේ කස පහරින් අප සුවය ලැබුවා යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද? එය මෙහි පවසන්නේය. මම මගේ පාපවලට මැරී ධර්මිෂ්ඨකමට ජීවත්විය යුත්තෙමි යන්නය. අප සුවය ලබන්නේ මෙලෙසය.

මන්දයත් කිසිම ශාරීරික රෝගයකට වඩා පාපය කෝටි වාරයක් බැරෑරුම් බව මම විශ්වාස කරමි. මෙහි සඳහන් වන්නාවූ මුළු තේමාව රෝග සුවය නොව පාපය අතහැර ධර්මිෂ්ඨකමට ජීවත්වීමය. එබැවින් අපි රෝගීවන විට අප කුමක් කරමුද? යාකොබ් 5 වන පරිච්ඡේදයේ 14 බයිබලය පවසන්නේ නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද ඔහු සභාවේ වැඩිමහල්ලන්ට කැඳවා යාච්ඤා කරවා ගත යුතු බවය. එම යාච්ඤාව ඉබේම ඔබව සුව කරනවාය කියා මෙහි සඳහන් වන්නේ නැත. 15 වන පදයේ සඳහන් වන්නේ ඇදහිල්ලේ යාච්ඤාවෙන් සුවය ලැඛෙන්නේය කියාය. එහි අර්ථය නම් සුවවීමේ ප්‍රමාණය රදා පවතින්නේ ඇදහිල්ලේ ප්‍රමාණය මත යන්නය. යාකොබ් 5:15‐16 කියවන විට ඔබ යම් දෙයක් දකින්නේය. තවද යාච්ඤා කල යුත්තේ රෝගියාද? වැඩිමහල්ලන්ද?කවුද? යාච්ඤා කල යුත්තේ වැඩි මහල්ලන්ය. දැන් රෝගියෙකු ඇඳේ වැතිර වැඩිමහල්ලන්ව කැඳවා යාච්ඤා කරවා ගන්නේ යයි සිතමු. රෝගියා නොව වැඩිමහල්ලන්ය යාච්ඤා කරන්නේ. මාව කැෙඳව්වේ නම් මමයි යාච්ඤා කළ යුත්තේ. මට යාච්ඤා කිරීමට විශ්වාසයක් තිබිය යුතුය. මට යාච්ඤා කළ හැක්කේ මට ඇති ඇදහිල්ලේ ප්‍රමාණයට පමර්‍ණ. යමෙක් සුවය ලැබුවේ නැත්නම් මා කිව යුත්තේ නුඹට ඇදහිල්ල නැතිව නොවේය, ඇදහිල්ල නැත්තේ මටය. මෙලෙස කියන්නාවූ වැඩිමහල් සහෝදරයෙකුව කවමදාකවත් ඔබ දැක ඇත්තේද
අවංකවූ වැඩිමහල්ලන් බොහෝ සිටිනවා ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. රූපවාහිනි නාලිකාවන් තුරූලින් දකිනන්නාවු මොනයම් හෝ එවැන්ජලිස්තවරයෙක් කිසි විටෙකවත් එසේ පවසනවා ඔබ අසා ඇත්තේ ද? මම ඔබ උදෙසා යාච්ඤා කලා. ඔබ සුවය ලැබුවේ නෑ. සමාවන්න සහෝදරයා මට එතරම් ඇදහිල්ලක් නැහැ. රූපවාහිනි නාලිකාවන් තුරූලින් දකිනන්නාවු කිසිම එවැන්ජලිස්තවරයෙකුගේ මෙලෙස අවංක වීමක් මගේ ජීවිතයේ කිසිමදාක මම දැක නැත්තෙමි. ඒ සියලූදෙනාම බොරු කාරයන්ය. මන්දයත් ඒ අය පවසන්නේ ඔබ හට ඇදහිල්ල නැත්තේය යන්නය. දැනටමත් රෝගය නිසා දුක් විඳින්නාවූ ඒ පුද්ගලයා දැන් ඇදහිල්ල නැත්තේය යන දෝෂාරෝපනයෙන්ද දුක් විඳින්නේය. ඇයි එ? ඒ අය කල්පනාකාරීව තම බයිබලය නොකියවන නිසාය.

මේ දේශකයන් සියල්ලන්ම මා සමඟ ඉතා කෝපයෙන් ඉන්නේ මන්දැයි කියාද ඔබ සිතන්නේ?මන්දයත් මම සෙනඟට සත්‍යය කියා දෙන නිසාය. දේව වචනයේ සඳහන්ව තිඛෙන දේ පෙන්වා දෙන නිසාය. ඉතින් පාවුල් තුමාට රෝගයක් තිබුණු බව අප කියවමුව. 2 කොරින්ති 7 වන පදයේ එය සඳහන් වේ. රෝගය සාතන්ගේ දූතයෙක්ය. එය දෙවියන් වහන්සේගෙන් පැමිණෙන්නේ නැත. කිසිවෙකුට දෙවියන් වහන්සේ රෝග එවන්නේ නැත. මන්දයත් සියලූම යහපත් සහ සම්පූර්ණ වූදේ ඉහළින් පැමිණෙන්නේ යැයි දේව වචනය පවසන්නේය. නපුරු පියවරුන් වූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නේ නම් කොතරම් යහපත් දේ නුඹලාගේ ස්වර්ගයේ පියාණන් වහන්සේ නුඹලාට නොදෙන සේක්ද? මම කිසිවිටකත් මගේ දරුවකුට රෝගයක් නොදෙමි. ඒ වගේම මම එතරම්ම යහපත් පියෙක් නොවෙමි. එසේනම් ස්වර්ගයේ පියාණන් කෙසේද ඔබ හට කිසිවිටකවත් රෝගයක් දෙන්නේ. නමුත් උන්වහන්සේ රෝගයට ඉඩ හරින සේක. සමහරවිට සාතන්ගේ ප්‍රහාරයක් තුලින්. යෝබ්ගේ පොතේ "මට ඔහුගේ ශරීරයට පහර දෙන්න පුළුවන්ද' කියා සාතන් දෙවියන් වහන්සේගෙන් අසා සිටීම අපි කියවමුව. පළවන පරිච්ඡේදයේ ප්‍රාථමීකවම දෙවියන් වහන්සේ නැතැයි කීසේක. නුඹට යෝබ්ගේ මුදල්, පවුල ගතහැකි නමුත් ඔහුගේ ශරීරයට අත ගැසිය නොහැකියැයි කීසේක. නමුත් දෙවන පරිච්ඡේදයේ හොඳයි දැන් යෝබ්ගේ ශරීරයටද අත ගැසිය හැකියැයි පැවසූ සේක. නමුත් ඔහුව මරන්නට නුඹට බැරිය. දෙවියන් වහන්සේ සියල්ල පාලනය කරන්නේ කෙසේද යන්න ඔබ දකින්නෙහිද? යෝබ්ගේ ශරීරයට බිබිලි ආවේ සාතන්ගෙනි. නමුත් දෙවියන් වහන්සේ එයට අවසර දුන් සේක. අවසර දෙන්නට කලින් දෙවියන් වහන්සේ යෝබ් වටා වැටක් දැමූ සේක. ඊට පසුවයි සාතන්ට කිව්වේ හොඳයි නුඹට යන්න පුළුවන් දැන් යෝබ් වෙතට කියා. මරන්නට බැරිය කියා සීමාවක් දී තිබුර්‍ණ සාතන් හට.

එය එක කාරනයකි. අප මතක තබා ගතයුතු දෙවන කාරනය නම් ආදම් පාපයට වැටී ගිය ක්‍ෂනයෙන්ම දෙවියන් වහන්සේ දැන් නුඹට දහඩිය දමන්නේය, කටු ඇවිත් ඒවා ඇනෙන්නේය, ඒ වගේම අවසානයේදී නුඹ මැරෙන්නේය කියා ආදම්ට කීමය. දූවිල්ලට යන්නේ යැයි කී සේක. දූවිල්ලට හැරෙන්න කලින් රෝගාතුරු වන්නේය. ඉතින් එය ශාපයේ එක කොටසකි. ඒ වගේම මේ ශාපය තවමත් ලෝකයේ පවතී. ඒ හේතුව නිසාමය ඇදහිලිවන්තයින් පවා මිය යන්නේ. එනිසා තමයි ඇදහිලිවන්තයින්ටත් දහඩිය දමන්නේ. ඇදහිලිවන්තයින්ට පවා කකුලේ කටු ඇනෙන්නේ මේ නිසාය. ඇදහිලිවන්තයන්ද රෝගී වෙන්නෙත් එනිසාමය. ඒ අය පව්කාරයන් නිසා නොවේය. එයට හේතුව ලෝකයේ තවම ශාපය තිබීමය. ඔබව මදුරුවන් විසින් විදිනු ලබන්නේ ඒ නිසාය. මම ඇදහිලිවන්තයෙකු නිසා කිසි මදුරුවෙකු මට විදින්නට යන්නේ නැතැයි ඔබට කිව නොහැකිය. එසේ කියන්න හැකි එක පෙන්තකොස්ත ඇදහිලිවන්තයෙකු හෝ දැකීමට මා කැමැත්තෙමි. නැත. මම පව්කරුවකු නිසා නොවේය මට මදුරුවන් විදින්නේ. මදුරුවන් පව්කරුවන් කව්ද කිය කියා සොයා යන්නේ නැත. සැමකෙනාටම විදින්නේය. එක සහතිකයක් තිඛෙනවා ඔබව ස්වර්ගයේදී නම් මදුරුවන් විදින්නට යන්නේ නැතැයි කියා. ඇයි. මන්දයත් එහි කිසි ශාපයක් නැත්තේය. නමුත් මේ ලෝකයේ ශාපයක් තිඛෙන්නේමය. අපිට දහඩිය දානවා, මදුරුවන් විදිනවා, කටු ඇනෙනවා, අපට උනසන්නිපාත වැළෙඳනවා, පැපොල රෝගය බෝවෙනවා ඒනිසා අපි යථාර්තයට මුහුණ දිය යුතු වෙමු. මෙසේ වන්නේ අප පව්කරුවන් නිසා නොවේය. මේ ලෝකය ශාපය යටතේ පවතින්නේය. මට දහඩිය දමන විට මොන පාපයද මම කලේ කියා කියන්න යන්නේ නැහැ. ඔබ එලෙස කිසි විටෙකවත් 'දහඩිය දමනවානේ අයියෝ මොන පාපයද මම කලේ˜ කියා සිතන්නේ ද?. නැත ආදම්ගේ දරුවකු ලෙස ශාපයට යටහත්වුනු ලෝකයේ මම ජීවත්වෙමි. මේ සියල්ලට වඩා මරණය එයත් ශාපයේ ඵලයකි. ඉතින් යමෙක් විශ්වාස කරන්නේ නම් යේසුස් වහන්සේ අපේ සියළුම රෝග ගත්තේය කියා එසේනම් මරණය පවා ගත යුත්තේය. එසේනම් ඇදහිලිවන්තයෙකු මිය යා නොයුතුය. සමහර අඥාන ඇදහිලිවන්තයින් එලෙස පවසා ඇත. ඉන්පසුව අන්තිමයේදී ඔවුන් මිය ගියෝය. මෙලෙස සත්‍ය නොවන දේ කියා අපි ස්වාමින් වහන්සේගේ නාමයට අගෞරව කරමුව.

මුඛයේ කිසි බොරුවක් සම්බනොවූ යේසුස් වහන්සේව අප අනුගමනය කළ යුතුය. අපි රෝගීව සිට නැහැ මම නිරෝගීය කියා බොරු නොකිය යුතුය. එය බොරුවකි. සමහර අය එසේ පවසති. 'දැන් මම ඔබට යාච්ඤා කරනවා, නමුත් නුඹ රෝගියෙක් කියා පවසන්නට එපා' ඔබට රෝගී බව තවමත් දැනුනත් නැහැ මම නිරෝගීය කියා ප්‍රකාශ කර සිටින්න. මෙය බොරුවකි. මාර්ක් 8 වන පරිච්ඡේදයේ අන්ධ මනුෂ්‍යයා සුව කිරීමේ සිද්ධිය ඔබට මතකද?යේසුස් වහන්සේ වෙතට අන්ධ වූ මනුෂ්‍යයෙකු සුවය පිර්‍ණස පැමිණුනා. යේසුස් වහන්සේ ඔහු උදෙසා යාච්ඤා කල සේක. (මාර්ක් 8:23) උන්වහන්සේ අන්ධයා අතින් අල්ලාගෙන ඇස්වලට කෙලගසා ඔහු පිට අත් තබා, නුඹට යමක් පෙනෙන්නේදැයි අන්ධයාගෙන් ඇසූ සේක. යේසුස් වහන්සේ යාච්ඤා කර ක්‍ෂනයකින්ම සුව නොවූවාවූ එකම අවස්ථාව මෙය වේ. ඔබට හිතාගන්න පුළුවන්ද යේසුස් වහන්සේ යාච්ඤාකර සුව නොවුනාවූ අවස්ථාවක් ගැන. උන්වහන්සේගේ කෙල පවා ඔහුගේ ඇස් වල තැවරූ සේක. තවමත් සුවවුනේ නැහැ.

සුභාරංචියේ අන් සෑම මොහොතකදීම ක්‍ෂනයකින්ම සුව වූවෝය. කිසිවිටෙකවත් දෙවතාවක් යාච්ඤා කිරීමට යේසුස් වහන්සේට අවශ්‍ය නොවීය. උන්වහන්සේ කීවේ නැහැ ලාසරස් නැගිටින්න. ඇයි තවම එලියට නාවේ දැන් එලියට එන්න. එලෙස කීමට උන්වහන්සේට අවශ්‍ය නොවීය. යක්‍ෂයින් දුරු කිරීමේදී ද එක වචන මාත්‍රයක් සෑහුනි 'අහක්ව යව" කියා. ඒයි මොකද තවම ඉවත්ව යන්නෙ නැත්තේ '>යව දැන්' උන්වහන්සේ මේ සමහර පෙන්තකොස්ත සහෝදරයන් වගේ 'අහක්ව යව" කියා යටි ගිරියෙන් කෑ නොගැසූ සේක. බොහෝ වාරවල යක්‍ෂයින් දුරු වී යෑම මා අත් දැක ඇත්තෙමි. මම කිසිවිටකත් එක් වතාවකට වඩා නොකියමි. උන් ඇහුම්කන් දිය යුතුය. මා නිසා නොව, යේසුස් වහන්සේගේ නාමය නිසා. පළමුවතාවට මා අනකලමුත් ඔවන් ඇහුම්කන් නොදුන්නොත් මම කියන්නේ එහෙනම් මම ගොස් ටිකක් නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කර නැවත පැමිර්‍ණය යුත්තෙමි කියාය. යේසුස් වහන්සේ සමඟ මගේ සම්බන‍ධතාවයේ යම් දෙයක් වැරදිව තිඛෙන්නේය. මේ අශුද්ධාත‍මය මම ඇහුම්කන් දෙන්නේ නැහැ. හ~නගන්නවත්, යටිගිරියෙන් කෑ ගසන්ටවත් අවශ්‍ය නැත. දෙවියන් වහන්සේට යාච්ඤා කරන විට නැවත,නැවත දිගින් දිගටම නඩුකාරයා ඉදිරියට ගිය වැන්දඹුව වාගේ අත්නෑර යාච්ඤා කල යුතුය. යේසුස් වහන්සේ පැයක් තිස්සේම එකම දේ දෙවියන් වහන්සේට කියමින් ගෙත්සෙමෙනේදී යාච්ඤා කල සේක. නමුත් යක්‍ෂාත්මයකට කතා කරන විට එකම එක වතාවක් සෑහේ. දෙවෙනි වතාවක් අවශ්‍ය නැත. අපි දේව වචනය කියවන විට මේ දේවල් අප තේරුම් ගනිමුව.

ඉතින් දැන් මේ අන්ධයා 24 වන පදයේ ගස් වාගේ මනුෂ්‍යයන් ඇවිදිනවා මට පෙනේ යැයි කීවේය. තවම පැහැදිලි පෙනීමක් නෑ ගස් සහ මිනිසුන් අතර වෙනස පෙනෙන්නේ නෑ. මන්දන්නවා මේ මනුෂ්‍යයෙක් තමා ඇවිදින්නේ මන්දයත් ගස්වලට ඇවිදින්න බැහැනේ. නමුත් ඔහුව මට පෙනෙන්නේ ගහක් වගේ ය. එවිට ඔබ දන්නවා ඔහු සුව වී නැති බව. යේසුස් වහන්සේ කුමක්ද කීවේ. ආ එහෙම කියන්න එපා කියන්න මම දැන් සුව වෙලා ඉන්නෙ කියා. යේසුස් වහන්සේද මේ පෙන්තකොස්ත දේව ගැතිවරු වගේ නම් උන්වහන්සේද එසේ කියන්නට ගියා. 'මට පෙනෙන්නේ නෑ තවම කියා කියන්න එපා. මම ඔබ උදෙසා යාච්ඤා කරලා ඉවරයි. දැන් දිගටම ප්‍රකාශ කරන්න මට පෙනෙනවා, මට පෙනෙනවා කියා. ජීවිතයේ අවසාන වන තෙක්ම මිනිසුන් ව ගස් වගේ දකිමින් මට හොඳට පෙනෙනවා මට දැන් පෙනෙනවා කියා ඉන්න ගියා. ඒ වාගේම මහත් ව්‍යාකූලතාවයක් තිඛෙන්නට ගියා. ගහකට නගින්න උත්සාහ කරනවිට අවසානයේදී දැනගන්නට ගියාම මේ මනුෂ්‍යයෙකුගේ ඇඟටනේ නගින්න ගියේ කියා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා යේසුස් වහන්සේ එසේ ඒමනුෂ්‍යයාට සුවය නොලැබුන තැන සුව වුනාය කියා ප්‍රකාශ කරන්න නොකීසේක. උන්වහන්සේ කිසිවිටකදීවත් බොරුවක් කියන්න කියා නොකියන සේක. බොරුවක් ප්‍රකාශ කිරීමෙන් අපි බොහෝ ප්‍රශ්නවලට මුහුණ පාන්නෙමුව. යේසුස් වහන්සේ කීවේ ඔබට පෙනෙන්නේ නැද්ද මට එය වැටහෙනවා මම ආයෙත් යාච්ඤා කරන්නම් කියාය. ඉන්පසුව 25 වන පදයේ උන්වහන්සේ නැවතත් ඔහුගේ ඇස්පිට අත් තැබූ සේක.

යේසුස් වහන්සේ දෙවතාවක් රෝගයක් උදෙසා යාච්ඤා කලාවූ එකම එක අවශථාව මෙය වේ. ඉන්පසු ඔහුට පැහැදිලි ලෙස පෙනුම ලැබුණේය. ඔබ නිකමටවත් සිතා බැලූවද මෙතරම් හාස්කම් කිරීමේ බලය යේසුස් වහන්සේගේ හස්තයේ තිබියදීත් ඇයි උන්වහන්සේ එකපාරම සුව නොකළේ කියා. යේසුස් වහන්සේ තුළ කිසිම පාපයක් තිබුණෙ නැහැ. ඒ වගේම පියාණන් වහන්සේ නිතරම උන්වහන්සේට ඇහුම්කන් දුන්සේක. එයට එක හේතුවක් තිබුණා. ඒ හේතුව නම් උන්වහන්සේට අවශ්‍ය වුනා අප හට උගන්වන්නට. අප හට යමෙක් යාච්ඤා කල විට කිසිම විටකවත් බොරු නොකියන පිර්‍ණස. යේසුස් වහන්සේ විසිවන ශත වර්ෂයේ සේවකයන් රෝග උදෙසා යාච්ඤා කර සුවය නොලැබුණත් සුව උනාය කියන බොරුව ප්‍රකාශ කර සිටින්න කියන බව දුටු සේක. ඉතින් ශුද්ධාත‍මයාණන් උන්වහන්සේට හඟවා දුන්නේ අඩුම ගානේ එක සුව කිරීමක්වත් උන්වහන්සේගේ ජීවිත කාලය තුළදී අධියර දෙකකින් සිදු කලයුතු බවය. එවිට පමර්‍ණ 20 වන ශත වර්ෂයේ ඇදහිලිවන්තයින්ට මම සුවය නොලැබූ විට බොරුවට සුව උනාය කියා ප්‍රකාශ කරන්නට මට අවශ්‍ය නැත යන ආදර්ශය ක්‍රිස්තුස් වහන්සේගේ සුවකිරීම් තුළින් වටහා ගතහැකි වන්නේ. යේසුස් වහන්සේට සුව කිරීමට බලය නොතිබුණු නිසා නොව එය ලියවිල්ලෙහි තිඛෙන්නේ අප උදෙසාය. අද කිතුනුවන් අතර උගන්වන්නාවූ සෑම වැරදි ඉගැන්වීමක්ම පෙන්වා දීමට දේව වචනයේ පිලිතුරක් තිබීම ගැන මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමි. ඔබ සුවය ලැබුවේ නැත්නම් බොරුවක් ප්‍රකාශ කලයුතු නැත සුව නොවුනෙමියි කියන්න. ගිහින් නැවත යාච්ඤා කරන්න.

2 කොරින්ති 12:7 හි පාවුල් තුමාට මාංශයේ උලක් තිබුණේය කියා අපි කියවන්නෙමුව . මෙය රෝගයක් යැයි මම විශ්වාස කරමි. ඔහුගේ ශරීරයේ යමක් උලක් වගේ තිබුණේය. භෞතිකමය උලක් (කට්ටක්) නම් එය එලියට ඇද දමන්නට තිබුණා. ඔහුට මෙය යම් නොරුස්සන ස්වභාවයක් ගෙන දුන් නමුත් ඔහුට ඒ ගැන කිසිවක් කළ නොහැකිව සිටියේය. වන පදයේ සඳහන් වන පරිදි එය සාතන්ගෙන් පැමිණුනාවූ එකකි. එය දිගින් දිගටම ඔහුට කරදර කරමින් තිබුණේය. ඔබ දැක ඇති සමහර අය හිසේ කැක්කුමෙන් පෙලෙන ආකාරය. ඉතාමත් තදබල හිසේ කැක්කුමක් ඉවත්ව ගිහින් නැවත දින තුනකින් එලෙසම තදබල ලෙස වේදනාව ගෙනෙන්නේය. නැවත අඩුවී යන්නේය. එසේත් නැතිනම් සමහර අය විටින් විට එන උනකින් පෙලෙන ආකාරය බලන්න. මැලේරියාව වගේ උනක් ඇවිත් බැස යන්නේය. නැවතත් උන ගන්නේය. මෙලෙසම මෙහි සඳහන් වන්නේ ද දිගින් දිගටම කීප වතාවක්ම පාවුල්ගේ ශරීරයට හිරිහැර ගෙන ආවාවූ සාතන්ගේ උලක් ගැනය. එවිට ඔහු ස්වාමිනි කරුනාකරලා මෙය ඉවත් කරන්නය කියා යාච්ඤා කළේය. ඔහු එක් වතාවක් යාච්ඤා කළා. ඊට පසුව ඔහු කුමක්ද කළේ? දැන් මම විශ්වාස කරනවා මාව සුව වුනාය කියා මන්දයත් මම යාච්ඤා කළෙමි. නමුත් ඔහුට තවම මෙම ප්‍රශ්නය තිඛෙනවා. ඔහු මොකද කීවේ? නැහැ මට සුවය ලැබිලයි තියෙන්නේ කියා පැවසුවාද? නැහැ ඔහු සිහි කල්පනාව ඇති මිනිසෙකි. ඔහු කියා සිටියේ මට සුවය නොලැබුණු බවය. ඒ නිසා නැවත දෙවන වතාවටද යාච්ඤා කළේය. නමුත් ස්වාමිනි මම තවමත් සුවය ලැබුවේ නැහැ. තවමත් මට ඒ ලෙඩේ එනවා. ඔහු තුන්වන වතාවටත් ඒ උදෙසා යාච්ඤා කලා. එනමුත් සුවය ලැබුණේ නැත. එවිට ස්වාමින් වහන්සේ කීවාවූ දේ නම් 'මම නුඹව සුව කරන්නේ නැහැ. මගේ අනුග්‍රහය නුඹට සෑහෙයි' යන්නය. මේ රෝගය නුඹේ සේවයට බාධාවක් වෙන්නට යන්නේ නැත. මෙය පැමිණ තිඛෙන්නේ නුඹව යටහත්ව තබන පිර්‍ණසය. පාවුල් නුඹ දන්නවා නේද මම සියලූ උඬගු අයගේ සතුරා බව. මට අවශ්‍ය නැහැ නුඹේ සතුරා වන්නට. නමුත් නුඹ උඬගු වන්නේද, ඉබේම මම නුඹේ සතුරා වන්නෙමි. නමුත් අන් ඇදහිලිවන්තයින්ට නොලැබුණු අත්දැකීම් නුඹ ලැබුවේය. නුඹ රෝගීන්ව සුව කලා, මලවුන් නැගිට්ටෙව්වා, සභාවල් ගොඩනගා තිඛෙනවා, දේව වචනය ලියා තිඛෙනවා. නුඹ මාව මුනගැසෙන්නට තුන්වන ස්වර්ගයටද පැමිණුනා. ඔබ මේ දේවල් ගැන උඬගු වන්නට පුළුවන්. ඒ නිසා මට අවශ්‍යයි කෙසේ හෝ නුඹව උඬගු නොවී තබා ගැනීමට.

සමහර අවස්ථාවලදී හොඳ සේවකයන්ව කෙසේ හෝ යටහත්ව තබා ගැනීමට දෙවියන් වහන්සේට අවශ්‍යය. එවිට උන්වහන්සේට යුතුවෙනවා මොනයම් හෝ දෙයක් දී ඔවුන්ව යටහත්ව තබා ගැනීමට. එයින් මිදෙන පිර්‍ණස ඔවුන් කෙතරම් යාච්ඤා කලත් ඒවා ඉවත් නොවන්නේය. එය ඔවුන්ගේ සේවයට කිසිසේත් බාධාවක් නොවන්නේය. නමුත් ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම ඒ වේදනාව සමඟ ජීවත් වන්නෝය. තිමෝති එවැනිම දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සේවකයෙකි. අපි ඔහු ගැන 1තිමෝති 5:23 හි කියවමුව. පාවුල් ඔහුට ලියමින් කියනුයේ 'මින්මතු වතුරම බොන්නෙක් නොවී, නුඹේ ආමාශය උදෙසාද නොයෙක් විට පැමිණෙන නුඹේ දුර්වලකම් නිසාද, මුද්‍රිකපානය ටිකක් භාවිතා කරපන්න. තිමෝතිගේ උදරයේ යම් ප්‍රශ්නයක් තිබුණා. එපමණක් නොව ඔහුට එය විටින් විට එන්නාවූ ප්‍රශ්නයක්ව තිබුර්‍ණ. නැවත නැවත එන්නාවූ බඩේ අමාරුවක් ටික මොහොතකින් ඉවත්ව ගියද නැවතත් මේ අමාරුව එන්නේය. විටින් විට වැසිකිළියට යන්නට යුතුවෙන්න ඇති. කෙතරම් අපහසුතාවයකට තිමෝති මුහුණ දෙන්නට ඇතැයි ඔබට උපකල්පනය කරගත හැකිද? ඔහු පාවුල්ට ඉතාමත් ළංව සිටි කෙනෙකි. ඔබ හිතනවාද ඔහු මත අත් තබා යාච්ඤා කරන්නය කියා පාවුල් තුමාගෙන් ඉල්ලා සිටින්නට ඇතැයි කියා? සහතික වශයෙන්ම තිමෝතිට තෙල් ආලේප කර යාච්ඤා කරන්නට ඇති. කොපමණ වතාවක් තිමෝති මත අත් තබා පාවුල් යාච්ඤා කරන්නට ඇත්දැ යි මම නොදනිමි. කෙසේ හෝ තිමෝති සුවය ලැබුවේ නැත. ඉතින් පාවුල් කියනවා 'මං කියන්නාවූ දේ අසා ඔබ ඛෙහෙත් ටිකක් ගන්න දැන්' කියා. තිමෝති, මම දන්නවා අපි කිතුනුවන් හැටියට මුද්‍රිකපානය පාවිච්චි නොකරන බව. නමුත් මුද්‍රිකපානය ටිකක් පාවිච්චි කරන්න. මධ්‍යසාරික වූ මුද්‍රිකපානය අපි කැස්සට බොන්නාවූ සිරප්වල මධ්‍යසාරය අඩංගු බව දන්නවා. එය බීමක් ලෙස ගන්න එපා නමුත් ඛෙහෙතක් හැටියට ගන්න.

අපි රෝගී වුන විට ඛෙහෙත් පාවිච්චි කලහැකි බව අපට උගන්වන්නාවූ දේව පදය මෙය වන්නේ. ශුද්ධාත‍මයාණන් කරන කොට ගෙන පාවුල් තුළින් කියන්නාවූ දෙය නම් යාච්ඤා කල නමුත් සුව නොවූ නුඹ දැන් ඛෙහෙත් ටිකක් ගත යුතු බවය. ඒ නිසා සමහර අන්ධභක්තික කිතුනුවන් මෙන් ඛෙහෙත් ගැනීම සුදුසු නැතය කියා අපි කිව යුතු නැත. ඒ අය පාවුල් හා තිමෝතිට වඩා ආත්මීක වන්නට උත්සාහ කරති. නමුත් ඒ අය පාවුල් හා තිමෝති මෙන් මුදලට ඇති ආශාවෙන් මිදී නැත. එය අන් සෑම රෝගයකටම වඩා ඉතාමත්ම නරක රෝගයකි.

ඉන්පසු පිලිප්පි 2:25 හි අපි එපප්‍රොදිතස් ගැන කියවමු. මරණසන්න වෙන තරමට ඔහු ලෙඩින් සිටියේය. (27 වන පදය) නමුත් ක්‍රමක්ක්‍රමයෙන් ඔහු සුවය ලැබුවේය. නමුත් ඒ සුවයට කල් ගත්තේය.පාවුල්තුමා යාච්ඤා කලා ඊට පසුවදා ඔහුගේ සුවය ඉතා නරක තත්වයකට පත්වුර්‍ණ. තවත් වතාවක් යාච්ඤා කලා එන්න එන්නම රෝගය නරක අතට හැරුනා. පාවුල් නැවතත් වතාවක් යාච්ඤා කලා. ඒත් ඔහු මරණාසන්න වන තරමටම සුවය නොලැබ සිටියා. මෙය තමයි පිලිප්පි 2:27 සඳහන් වන්නේ. නමුත් පාවුල්තුමා දිගින් දිගටම යාච්ඤා කලා. එපප්‍රොදිතස් ද යාච්ඤා කරගෙනම සිටියා. එවිට ටික ටික ඔහු සුව අතට හැරුනා. යේසුස් වහන්සේ රෝගීන්ව අත ගැසූ විට ඬනයකින්ම සුවය ලැබුවෝය. නමුත් මෙහිදී මෙතරම් දේව භක්තික මනුෂ්‍යයෙක් ඉතාමත් සෙමෙන් තම රෝගයෙන් සුවය ලැබීම අපි දකින්නෙමුව. පාවුල් සහ තිමෝති ඒ අය සුවය ලැබුවේම නැත.

2 තිමෝති 4:20 හි තවත් දේව භක්තික මනුෂ්‍යයෙකු වන ත්‍රොපිමස් ගැන සඳහන් වන්නේය. එහි ත්‍රොපිමස් ලෙඩවූ බැවින් මිලේකසෙහි නවත්වා ගිය බව සඳහන් වේ. පාවුල්තුමා ත්‍රොපිමස්ට යාච්ඤා කරන්නට ඇතැයි ඔබ සිතන්නේද? ඔහු යාච්ඤා කල බවට මට සහතිකය. නමුත් ඔහු තවමත් අසනීපයෙන් පෙලෙන්නේය. ඔහු දෙවන වතාවත් යාච්ඤා කරන්නට ඇති. තවමත් අසනීපයි. අවසානයේදී ඔහුව අත්හැර පාවුල්තුමාට යන්න සිද්ධ වුනි.'හොඳයි ත්‍රොපිමස් කීප වතාවක්ම මම නුඹ වෙනුවෙන් යාච්ඤා කල නමුත් නුඹ තවමත් අසනීපයෙන් පෙලෙනවා. මම දිගින් දිගටම යාච්ඤා කරන්නම්˜ කියා ඔහු ගියේය.

මෙම සෑම උදාහරනයක් තුළදීම ඔබ දකින්නාවූ දේ කුමක්ද? සමහර අනර්ඝ ඇදහිලිවන්තයන්ව රෝගීව සිටීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක. සෑම විටම එසේ වන්නට ඉඩ හැරියේ යම් අරමුණක් ඇතිවය. කිසි අරමුණක් නැතිව දෙයක් දෙවියන් වහන්සේ කිසිවිටකත් නොකරන සේක. ඔවුන්ව එක්කො යටහත්ව තබන පිර්‍ණස එසේ නැතිනම් යම් විදිහකින් ඔවුන්ව පවිත්‍ර කරන පිර්‍ණස මෙසේ වන්නට ඉඩ හරින්නේය. ඒ වගේම එවැන්නන් සුවය ලබන්නේද ක්‍රමානුකූලවය.

නමුත් ක්‍රියා පොතෙහි අපි තවත් සමහර උදාහරනයන් දකින්නෙමුව. පේත්‍රැස් සහ යොහාන් කොරවූ මනුෂ්‍යයෙකු දුටු විට ක්‍රියා 3:6 හි ඇවිදපන්නැයි ඔහු හට කීවේය. එහිදී ඒ කොර මනුෂ්‍යයා අවුරුදු 10 ක් තිස්සේ ක්‍රමක්ක්‍රමයෙන් සුවය ලබා නැගිට ඇවිද්දේ නැත. ක්‍ෂනයකින්ම සුවය ලැබුවේය.ඒ සුවවූ මනුෂ්‍යයා නොඇදහිලි කරුවෙකි. නැවතත් ක්‍රියා 5 :16 හි යෙරුසලම අවටනුවර වලින් සමූහයෝ (මොවුන් ඇදහිලිවන්තයින් නොවේය) රෝගීන්ද, අශුද්ධාත්ම වලින් පීඩිත වූවන්ද ගෙන රැස්වූවෝය. ඔවුන් සියල්ලෝද සුව කරනු ලැබුවෝය. පේත්‍රැස් ඔවුන්ගෙන් සම්මාදම් එකතු කලේ නැත. මේ කාලයේ කරන්නාක් මෙන් ! ඒසියල්ලෝම සුව වූවෝය. ඔවුන් නොඇදහිලිකරුවන්ය. ලිස්ත්‍රාවෙහිදී පාවුල් විසින් යම් මනුෂ්‍යයෙකුව ක්‍ෂනයකින් සුව කරනු ලැබුවේය.

සුභාරංචිය පළමු වතාවට ප්‍රකාශ කරන විට ක්‍ෂනික සුවවීම් ඔබ දකින්නෙහිය. අදද ඉන්දියාවේ එවැනි දේ සිදුවන්නේය. උතුරු ඉන්දියාවේ සුභාරංචිය පළමු වතාවට ප්‍රකාශ වන්නාවූ ස්ථානයන්හි එලෙස සිදුවේ. අපොස්තළුවරුන්ගේ ක්‍රියා හැදෑරීමේදී සෙනඟ අමතක කරන්නාවූ කාරනයකි මේ සුභාරංචිය පළමු වතාවට ප්‍රකාශ කරන්නාවූ ස්ථානයන්ය යන්න. ඒ දෙවියන් වහන්සේ විසින් සුභාරංචිය ස්ථීර කරන නිසාය එසේ සිදුවන්නේ.

මම මේ දේවල් සියල්ලම පවසන්නේ ඇයි ? රෝග සුව කිරීම පිළිබඳව යථාර්තවාදී අවබෝධයක් ලබන පිර්‍ණසය. ශාරීරික රෝග අපගේ මහත්වූ ප්‍රශ්නය නොවන්නේය. අපේ මහත්වූ ප්‍රශ්නය ආත්මාර්ථකාමිත‍වයයි. ආඩම්බරකම අපගේ මහත්වූ ප්‍රශ්නය වන්නේය. පළමුවෙන්ම අප සුවය ලබා ගත යුත්තේ මේවායෙන්ය. එහි අරුත වන්නේ දෙවියන් වහන්සේ අපගේ ශාරීරික රෝග සුව කරන්නේ නැත යන්නද ? නැත මම එසේ නොකියමි. අපි රෝගීවන සෑම විටකදීම සුවය උදෙසා අප යාච්ඤා කල යුතු බව මම විශ්වාස කරමි. පාවුල් මෙන් ඔහු දිගින් දිගටමයාච්ඤාකලේය. ඔබගේ දරුවන් රෝගීවන සෑම විටකදීම ඔබ යාච්ඤා කල යුතුය. මම මගේ සෑම දරුවකු උදෙසාම එසේ යාච්ඤා කලෙමි. සෑම නිවසකම දෙමව්පියන් වන ඔබ නිවසේ උත්තම පූජකයන්ය. ඔබයි පූජකයා. පියා හෝ මව ඔබ ඔබේ දරුවන් මත අත් තබා යාච්ඤාකල යුතුය. උනක් හෝ සෙම්බිරිස්සාවක් ආවත් ඔබ ඔබේ දරුවන් මත අත් තබා යාච්ඤා කල යුතුය. යේසුස් වහන්සේගේ නාමයෙන්ශරීරය තුළ ඇති විෂබීජ වලට ශාප කරන්න. එලෙස ඔබේ දරුවා සුව වන පිර්‍ණස යාච්ඤා කරන්න. යේසුස් වහන්සේ රෝග සියල්ල කුරුසිය මත දරාගත් නිසා නොව. නමුත් දෙවියන් වහන්සේ ආදරණීය පියාණන්ය. ඒනිසා දෙවියන් වහන්සේගේ සුව කිරීම ඔබට අත් දැකිය හැකිය.

මගේ ගැන මා මෙලෙස යාච්ඤා කරමි. මම රෝගීවන සෑමවිටම මා ඉල්ලා සිටින්නේ, ස්වාමිනි මාව සුව කරන්න නැතිනම් ඊට වඩා හොඳ දෙයක් දුන මැනවි. යම් වැඩිපුර අනුග්‍රහයක් දෙන මෙන් දෙවියන් වහන්සේ පාවුල්ට කීවාක් මෙන් මම නුඹව සුව නොකරමි. පාවුල් එනමුත් මම නුඹට අනුග්‍රහය දෙන්නෙමි. ඉතින් පාවුල්ට සුවය නොලැබුණත් ඔහු අනුග්‍රහය ලැබුවේය. සමහර අය සුවය ලැබුවා. මගෙන් ඔබ ඇසුවානම් මම සුවයට වඩා අනුග්‍රහය ලබන්නට කැමැත්තෙමියි කියමි. දෙවියන් වහන්සේ ඔබ දෙස බලා සුවයද නැතිනම් අනුග්‍රහයද අවශ්‍ය කියා ඇසුවේ නම් ඔබ කැමති වන්නේ කුමකටද ? පාපයෙන් නිදහස් වන පිර්‍ණස අනුග්‍රහය මට පිහිට වන්නේය. ඔබ අනුග්‍රහය යටතේ සිටින විට පාපය ඔබ කෙරෙහි බල පවත්වන්නේ නැත. රෝග වලින් සුවය ලැබුවත් ඔබ තවමත් පාපයේ ජීවතවිය හැකිය. එම නිසා රෝග සුවයද නැත්නම් අනුග්‍රහයද අවශ්‍ය කියා ස්වාමින් වහන්සේ අසන ඕනෑම විටකදී මම කැමතියි දෙකම ලබනවාට. නමුත් මේ දෙකෙන් එකක් පමණක් නම් ඔබවහන්සේ දෙන්නේ එසේනම් මට අනුග්‍රහය දුන මැනවියි ඉල්ලා සිටිමි. එමනිසා සැමවිටම රෝගීවන විට මම මෙලෙසයාච්ඤා කරමි. ස්වාමිනිදැන් මා ටිකක් රෝගීව සිටිමි. යේසුස් වහන්සේ ගේ නාමයෙන් මා සුව කල මැනවි. නමුත් සුවය ඔබ වහන්සේ පමා කරන්නේ නම් අනුග්‍රහය මට දුන මැනවි. මෙය තමයි රෝග ගැන අප දැරිය යුතු යතාර්ථවාදී ස්ථාවරය. අප සියළු දෙනාම මේවා තේරුම් ගත්තේ යැයි මම විශ්වාස කරමි. එමනිසා මේ තේරුම් ගත්තාවූ දේවල් තේරුම් නොගත්තාවූ අන් අය සමඟද ඛෙදාගන්න. මන්දයත් ඛෙහෝ කිතුනුවන් බොරුවේ ජීවත්වෙති. අලූත් ගිවිසුමේ ලියා නැති දේවල් ඒ අය විශ්වාස කරති. ඒ අය දේව වචනයේ පදයන් තව පදයන් සමඟ පරිස්සමින් සසඳා බලන්නේ නැත.

යේසුස් වහන්සේ සෙනඟව ක්‍ෂනයකින් සුව කල සේක. දහස් ගණන් සෙනඟ එලෙස සුව කල සේක. ඒ දහස් ගණන් සුවය ලත් සෙනඟ අද ඉන්නේ කොහේද කියා ඔබ දන්නේද? ඔවුන් සියල්ලන්ම වාගේ නිරයේ සිටිති. පෙන්තකොස්ත දවසේදී සිටි 120 දෙනා පමණමද සුවය ලැබුවේ? නැත. ඒ දිනවල ඊශ්‍රාලයේ සිටි දහස් ගණන් සෙනඟ සුව වූවෝය. නමුත් 120 දෙනෙක් පමණක්ම ශුද්ධාත‍මයෙන් පිරුණෝය. දෙවියන් වහන්සේ අපව සුව කරන්නේ නම් අපි උන්වහන්සේට ස්තූති කරමුව. නමුත් උන්වහන්සේ සුවයට වඩා හොඳ දෙයක් දෙන්නේ නම් සමහර අවස්ථාවලදී අපි ඒ ගැන සන්තෝෂ වන්නෙමුව. මම ඔබට එක දෙයක් කියන්න කැමතියි. සුවය ලබන පිර්‍ණස ඔබ තුළ ඇත්තාවූ ඇදහිල්ල නැති කරන්නට මම උත්සාහ නොකරන්නෙමි. නැත, අපි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටිමු. අපි වෛද්‍යවරයෙකු ළඟට ගියත් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටිමු.

2 ලේකම් 16:12 වන පදය බලමු. ආසා රජු ගැන අපි එහි කියවන්නෙමුව. ඔහුගේ පාදවල රෝගයක් විය. එහෙත් ඔහු තමාගේ රෝගයේදී ස්වාමින් වහන්සේ නොව වෙදුන් සෙව්වේය. අපි එසේ නොකරමුව. වෛද්‍යවරුන් වෙතට යෑමේ කිසි වරදක් නැත. යේසුස් වහන්සේම රෝගීන්ට වෛද්‍යවරයෙක් අවශ්‍ය වන්නේයැයි පැවසූ සේක. උන්වහන්සේ ඵරිසිවරුන්ට එලෙස කී සේක. අපි යේසුස් වහන්සේට වඩා යහපත්වූ අය නොවෙමුව. යේසුස් වහන්සේම කීසේක් නම් රෝගීන්ටය වෛද්‍යවරයෙකු අවශ්‍ය වන්නේ කියා අපි එය විශ්වාස කරමුව. නමුත් අපි වෛද්‍යවරුන් මත අපගේ විශ්වාසය නොතබමුව. අපි යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමුව. උදාහරණයක් ලෙස අපි ආහාර ගන්නා විටයාච්ඤා කරන්නෙමු. අපි යාච්ඤා නොකළත්, යාච්ඤා නොකරන අය කෑමට ප්‍රථම නොකළ නිසා ඔවුන් රෝගී නොවෙති. නමුත් අපි හිස් පහත්කර යාච්ඤා කරමින් කියන්නේ ස්වාමිනි මේ ආහාර වේල මාව ශක්තිමත් කරන්නේය කියා නොව අපව ශක්තිමත් කරන්නේ ඔබ වහන්සේය කියා විශ්වාස කරමු කියාය.

ඉතින් අපි ඛෙහෙත් බොන විටදී ¦ ඛෙහෙත් කියන්නෙත් මේ පොළොව මතුපිට දෙවියන් වහන්සේ මැව්වාවූ තවත් වර්ගයක ආහාරයකි. ඛෙහෙත් යක්‍ෂයා විසින් මවන ලද දෙයක් නොවේය. සෑම ඛෙහෙත් පෙත්තක්ම දෙවියන් වහන්සේ මේ පොළව මතුපිට මැව්වාවූ යමකින් සාදන ලද්දකි. නමුත් එය බොන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇතිව යාච්ඤා කරමුව.

එමනිසා ප්‍රිය සහෝදර සහෝදරිය රෝගවලින් සුවවීම පිළිබඳව යථාර්තවාදී අත්දැකීමක් අපට තිබිය යුතුය. මන්දයත් අප සියළුම පවුල්වලට රෝග නිසා ප්‍රතිවිපාක ඇත්තේය. අප වෛද්‍යවරුන් වෙතට යා හැකිය. ඛෙහෙත් පාවිච්චි කළ හැකිය. ඒ වගේම අප යාච්ඤා කළ යුතුය. ස්වාමිනි මාව සුව කරන්න එසේ නැත්නම් ඊට වඩා යහපත් දෙයක් දෙන්න මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි. මම අවලාද කියන්නේවත් කොඳුරන්නේවත් නැත්තෙමි. මම රෝගීව සිටියදී නැහැ මම සුවයෙන් සිටිමියි කියා බොරු නොකියමි.

මම අන් අයව විනිශ්වය නොකරමි. නමුත් රෝගයට වඩා පාපය ඉතා බැරෑරුම් බව තේරුම් ගන්න කැමැත්තෙමි.