අලූත් ගිවිසුමේ ආශිර්වාදයන්

කර්තෘ :   සැක් පූනන්
Article Body: 

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගර පැවති සම්මේලනයකදී සහෝදර සැක් පුනන් විසින් කරනලද පර්‍ණවිඩයක් කියවීමේ පහසුව තකා කතාකරන විලාසයෙන්ම පරිවර්ථීතය. මෙම පොත කියවන ඔබගේ හදවතට දෙවිවු ස්වාමීන්වහණ්සේ කතා කරන සේක්වා කියාද, එතුලින් අලූත් ගිවිසුමේ වරප්‍රසාදයන්ගෙන් පුර්ණවු ජයග්‍රාහී කිතුනුවකු ලෙස ජීවත් වීමට ඔබ හට අභියෝග කෙරේවා කියාද ප්‍රාර්ථනා කරමු.

මගේ සේවයේ ආරම්භයේදී කුමන සේවයක් උදෙසා දෙවියන් වහන්සේ මාව කැඳෙව්වේද යන්න නොදැන සිටියෙමි. දැනට වර්‍ෂ 54 කට කලින් වයස අවුරුදු 19 යේදී මා ගැලවීම ලබා ඉන්දියානු නාවික හමුදාවේ නිලධාරියෙකුව සිටියදී මම දැනගෙන සිටියා වූ එකම දෙය නම් පාප වලට කමාව ලැඛෙන්නේ කෙසේද යන්නය. ඉතින් මගේ හදවතේ ලොකු බරක් තිබුණා මේ පාප කමාව ලබාගැනීමේ සුභාරංචිය සැම හට දන්වන පිර්‍ණස. එම නාවික කඳවුරේ මා සිටියාවූ අවුරුදු දෙකක කාලය තුළ එම නගරයේ සෑම වීදියක් පාසා ගොස් අස්සක් මුල්ලක් නෑර මා දැන සිටියා වූ මෙම සුභාරංචිය ප්‍රකාශ කර හමාර කළෙමි. බස්‍රියක හෝ දුම්‍රියේ ගමන් කිරීමේදී මුළු හදින්ම ස්වාමීන්ට ප්‍රේම කිරීමේ අධිෂ්ඨානයකින් සැමට පත්‍රිකා බෙදා දේව වචනය ප්‍රකාශ කළ හෙයින් මම ඉවැන්ජලිස්ත වරයෙකුගේ සේවය කරන්නෙමි යි සිතුවෙමි. නමුත් පරික්‍ෂාවන් හා වැරදීම් තුළින් වැඩිකළක් යන්නට ප්‍රථමයෙන් ඉවැන්ජලිස්ත වරයෙකුගේ සේවයට දෙවියන් වහන්සේ මා කැඳවා නැති බව හඳුනා ගතිමි. එයට ප්‍රධාන සාධකය වූයේ මුළු සිතින්ම මා දැරූ පරිශ්‍රමය තුළ කිසි ඵලයක් නොදැකීමය. නමුත් කුඩා කන්ඩායම්, කුඩා පවුලක් දෙකකින් සමන්විත කන්ඩායම් අතර දේව වචනය ඉගැන්වීමේ සේවය ආරම්භ කළ විට, සමහර විට සතියකට වතාවක් එක් පවුලක් හමුවී දේව වචනය උගන්වන්නට පටන්ගත් විට එහි සාර්ථක ඵල දැකීමෙන් ක්‍රමයෙන් මට දැනගත හැකිවුනාවූ කාරනය නම් මාගේ කැමැත්ත වූයේ ඉවැන්ජලිස්ත වරයෙකු වීමට වුවත් මට සැබැවින්ම ඇති දීමනාව දේව වචනය උගන්වන පිර්‍ණස ගුරුවරයෙකුගේ දීමනාව බවය.

ඔබ හට ලැබී ඇත්තාවූ දීමනාව කුමක්ද යන්න හඳුනා ගැනීම ඉතාමත්ම පහසුය. යම් සේවාවක් උදෙසා අපේ හදවතේ යම් බරක් දැනෙනවා නම්, බොහෝ විට එසේ දැනෙන්නාවූ බර ක්‍රිස්තු ශරීරය තුළ අපව කැඳවන්නාවූ කැඳවීම හඟවා දෙන්නේය. නමුත් සමහර විට ප්‍රමුඛත්වය දරන්නාවූ කැපී පෙනෙන සේවාවන් උදෙසා අපේ හදවතේ මහත් බරක් දැනෙන්නට පුළුවන. බොහෝ විට එවැනි බරක් දැනීම අපේම හදවතේ ආශාවක් විය හැකිය. එම නිසා ප්‍රායෝගිකව එය ක්‍රියාවට නගමින් මෙය දෙවියන් වහන්සේගෙන්ම එන්නක්ද නැතහොත් මාගෙන්ම හට ගන්නක්ද යන්න ඉතා ඉක්මනින්ම සහතිකයක් ලබා ගත හැකිය. උදාහරනයක් ලෙස සමහර අය මා වෙතට විත් « මට දැනෙනවා මාව සුවකිරීමේ සේවාවකට කැඳවන බව » කියා පවසති. මම ඔවුන්ට පවසන්නේ ඉතාමත් හොඳයි. රෝගීන් කෙරෙහි ඔබ හට අනුකම්පාව ඇති, රෝගීන් සිය දෙනෙකුට පමණ යාච්ඤා කර බලන්න කිසිවෙකු සුවය නොලබන්නේ නම් කාලය නාස්ති නොකර ඉක්මනින්ම දැනගන්න ඔබ හට එම දීමනාව නැති බව.

එසේ නම් ඔබ හට ඇත්තේ වෙනයම් දීමනාවකි. එය ඉක්මනින් දැනගන්න. මන්දයත් යොහාන් 15: 16 "මම නුඹලා තෝරාගෙන පත්කළේ නුඹලා ගොස් ඵල දරන පිර්‍ණසත්, නුඹලාගේ ඵල පවතින පිර්‍ණසත්‍ය " කියා යේසුස් වහන්සේ පවසන සේක. එලෙසම ක්‍රිස්තු ශරීරය තුළ විවිධ දීමනාවන් ඇති බව මම විශ්වාස කරමි. එවැන්ජලිස්ත කැඳවීම, සුව කිරීමේ දීමනාව අද දවසේ එය බොහෝ අඩුය. මෙම සැබෑ සුව කිරීමේ දීමනාව, අපෝස්තුළු වරුන්, අනාගත වක්තෘන් යනාදි සෑම දීමනාවක්ම තිබුණත් වැදගත් කාරනය විය යුත්තේ මොනයම් හෝ දීමනාවක් තුළ ඔබ වැය කරන්නා වූ කාලය හා වෙහෙසට යුතු පවතින්නාවූ ඵලයක් දැකීමය. ඵල හටගෙන ඒවා නොපෙනී යා නොයුතුය. මගේ සේවාව තුළ මාගේ බලාපොරොත්තුව හා ආශාව වන්නේ හට ගන්නාවූ ඵල නොනැසී දිගටම පැවතීම දැකීමය.

පසුගිය අවුරුදු 40 ක පමණ කාලය තුළ මාගේ ඉගැන්වීමේ සේවය වර්ධනය වීමේදී යම් විශේෂිත් ක්‍ෂේත්‍රයන් කෙරෙහි දෙවියන් වහන්සේ මාගේ අවධානය යොමු කරවීම මම අත් දුටිමි. එලෙසම එම ක්‍ෂේත්‍රයන් දේව වචනය තුළ අන් අය විසින් බොහෝසෙයින් අතපසුකර ඇත්තාවූ ක්‍ෂේත්‍රයන් බව මා දුටිමි. එමනිසා අන් දේශකයන් දේශනා කරන්නාවූ දේවල් අසන්නට මම බොහෝ කාලය යොමු කෙලෙමි. එලෙසම ක්‍රිස්තියානි රූපවාහිනි නාලිකා මඟින් දේශකයන්ගේ දේශනාවලට ඇහුම්කන් දුනිමි. බොහෝ කිතුනු සේවකයන් විසින් ලියන ලද ක්‍රිස්තියානි පොත් කියැවීමි. මේ සැම තුළින්ම මට දැනගත හැකි වූයේ දේව වචනය තුළ ඇති බොහෝ කොටස් මේ අය විසින් නොසලකා හැර ඇති බවය.
විශේෂයෙන්ම මා ශුද්ධාත්ම බෞතිස්මය ලැබුවායින් පසු ක්‍රමක් ක්‍රමයෙන් දෙවියන් වහන්සේ මා හට අලූත් ගිවිසුම ගැන සත්‍යයන් විශේෂ කොට පෙන්වන්නට පටන් ගත් සේක. නැවත උත්පාදනය ලබා අවුරුදු 16 ක් ගතවන තෙක් « අලූත් ගිවිසුමක් » කියා දෙයක් තිඛෙන බවක් මම දැන නොසිටියෙමි. යේසුස් වහන්සේ එකම එක් වතාවක් අන්තිම රාත්‍රි භෝජනය වේලාවේදී කුසලාන අතට ගෙන මේ මාගේ අලූත් ගිවිසුම් රුධිරය කියා අලූත්ම අලූත් ගිවිසුමක් ගැන පැවසූ සේක. මේ හවස මම ඔබ හට පැවසිය යුතු පද හෙබ්‍රෙව් 8 වන පරිච්ඡේදයේ සඳහන් ඒවාය. මෙම පරිච්ඡේදයේ අපූර්ව පදයන් සඳහන් වන්නේය. මෙම පදයන් අපි ඉතාමත් අවධාරනයෙන් බලමු. හෙබ්‍රෙව් 8 වන පරිච්ඡේදයේ මෝසෙස් සහ ක්‍රිස්තුස්වහන්සේ අතර බොහෝ සන්සංදනයන් දක්වන්නේය. ව්‍යවස්ථාව සහ අනුග්‍රහය අතර මෙන්ම පරණ ගිවිසුම සහ නව ගිවිසුම අතර සන්සංදනයන් දක්වන්නේය. හෙබ්‍රෙව් 8:5 මෝසෙස් ගැන සඳහන් කර 6 වන පදයේ යේසුස් වහන්සේ ගැන සඳහන් කරන්නේය නමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නාසේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූ සේක. ˜ හෙබ්‍රෙව් පොත අලූත් ගිවිසුම ගැන බොහෝ සඳහන් කරන්නාවූ ශ්‍රේෂ්ඨ පොතකි. මෙම පොතෙහි නැවත නැවත සඳහන් වන්නාවූ පදය නම් "වඩා හොඳ" යන්නය. මේ පදය හොඳින් අවධාරනය කර ගන්න. නව ගිවිසුම පරණ ගිවිසුමට වඩා යහපත්වූ ගිවිසුමකි. පරණ ගිවිසුම වනාහි සීනයි කඳුපිට ඊශ්‍රායෙල් වරුන් සමඟ දෙවියන් වහන්සේ කලාවූ ගිවිසුමය. අලූත් ගිවිසුම වනාහි පෙන්තකොස්ත දවසේ දී ආරම්භ වුනේය. කුරුසිය මතුපිට ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරනකොටගෙන එය ආරම්භ විය. මෙහිදි වඩා යහපත්වූ පොරොන්දුන් අපි දකිමුව. පරණ ගිවිසුමේ පොරොන්දුන් බොහෝසෙයින් සඳහන් වන්නේ භූමික ආශිර්වාදයන් ගැනය. ඔබ පරණ ගිවිසුමේ පොරොන්දුන් දෙස බලන්නේ නම් ඒවායේ ස්වර්ගය ගැන කිසිම සඳහනක් නැත. දෙවියන් වහන්සේගේ ස්වරූපයට පංගුකාරකමක් ගැන කිසිම සඳහනක් නැත. පරණ ගිවිසුමේ පාපයෙන් ජයගැනීමේ ජීවිතයක් ගැන කිසිම සඳහනක් නැත. එලෙසම සදාකාලික ජීවිතයක් ගැනද සඳහන් වන්නේ නැත. මෙවැනි වචනයන් පැවතුනාද යන්නවත් සිතා ගන්නට බැරිය. එවැනිම තවත් වචනයකි සහභාගිත්වය. ඊශ්‍රායෙල් සෙනඟට එක ශරීරයක් ලෙස සහභාගිත්වයකට පැමිණීමට හැකියාවක් නොතිබුණ නිසා සහභාගිත්වය (fellowship) යන වචනය පරණ ගිවිසුම තුළ අපි නොදකින්නෙමුව. එක ශරීරයක් ලෙස සහභාගිත්වයකට පැමිණීමට ඊශ්‍රායෙල් සෙනඟට හැකියාවක් නොතිබුන බැවින් ඔවුන් සැමවිටම රැස්වූ සෙනඟක්ව (Congregation ) පමණක් පැවතුනෝය. ශරීරයක් හා රැස්වූ සෙනඟක් අතර විසාල වෙනසක් ඇත. බොහෝ කිතුනු සභාවන් රැස්වූ සෙනඟක්ව පවතිමින් තේරුම් ගැනීමකින් තොරව පරණ ගිවිසුමේ ජීවත් වෙති.

ඉතින් දැන් 7 වන පදයේ පවසන්නේ « මක්නිසාද පළමුවෙනි ගිවිසුම නිදොස්ව තිබුණ නම්, දෙවෙනි එකකට ඉඩ සොයන්නේ නැත. » මෙම පදයට අනුව ශුද්ධාත්මයානන් වහන්සේ පවසන්නේ පරණ ගිවිසුම වරද සහිත බවය. දෙවියන් වහන්සේ පිහිටෙව්වාවූ පරණ ගිවිසුම වරද සහිතවූ එකක් ය කියා ඔබට සිතාගන්න පුළුවන් ද? නමුත් මෙම පදයේ ඉතාමත්ම පැහැදිලිවම එය වරද සහිතවූ එකක්‍ය යන්න පවසන්නේය. නමුත් මෙය දෙවියන් වහන්සේට සිදුවුනාවූ අත් වැරැද්දක් නොව. එය හරියට කර්මාන්ත ශාලාවක පෙර නිර්මානය කළ වාහනයක වැරදීම් සාදා අලූත් ආකෘතියක නව වාහනයක් සාදා වෙළඳ පොලට දමන්නාක් සේ නොවේය. නැත. පරණ ගිවිසුම යම් යම් දේවල් උදෙසා අදහස් නොකරන ලද ගිවිසුමකි. අප තේරුම් ගත යුතු කාරනය එයය.

එලෙසම යේසුස් වහන්සේ පැමිණ තම රුධිරය වගුරුවා මළවුන්ගෙන් නැවත නැගිට ශුද්ධාත‍මයානන් ප්‍රධානය කරන තෙක් අලූත් ගිවිසුමක් ගොඩ නගන්නට දෙවියන් වහන්සේට නොහැකි විය. යම් සෙනඟක් තුලින් යේසුස් වහන්සේට පැමිණීමට හැකිවන පිණිස දෙවියන් වහන්සේට සෙනඟක් පිළිවෙල කිරීමට සිදුවුනි. ඒ සෙනඟ වනාහි ඊශ්‍රායෙල්වරුන් වූ අතර එය බිහි වුනේ අබ්‍රහම්ව දෙවියන් වහන්සේ විසින් තෝරා ගැනීමෙනි. එමනිසා උන්වහන්සේට සිදුවුනා මේ සෙනඟ සමඟ ගිවිසුමක් ස්ථාපනය කිරීමට. ක්‍රිස්තුස් වහන්සේ පැමිණ සෙනඟගේ පාප උදෙසා උන්වහන්සේගේ මරණයත්, මනුෂ්‍යයාගේ පාපය කෙතරම් බැරෑරුම් ලෙස දෙවියන් වහන්සේ ගනන් ගත්තේද යන්නත් තේරුම් ගන්නා පිණිස මේ සෙනඟට ව්‍යවස්ථා හා පූජා පිළිවෙත් වලින් සමන්විත පරණ ගිවිසුම දෙන ලදි. එම නිසා මේ වාතාවරනය මත පරණ ගිවිසුම තාවකාලික වැඩ පිළිවෙලක් යන්න අපට තේරුම් ගත හැකිය. තවද මෙම පරණ ගිවිසුම දෙවෙනි ගිවිසුමකට මාර්ගය සලස්වන්නක් ද විය. නමුත් මෙම පරණ ගිවිසුමට ඊශ්‍රායෙල් සෙනඟව ඉතා උසස් අධ්‍යාත‍මිකත‍වයකට ගෙන ඒමට මෙන්ම උසස් සනීපාරඬක තත්වයකටද ගෙන ඒමට හැකියාව තිබුණි. අදටද ලෝකයේ පවතින්නාවූ බොහෝ නීති මාලාවන් මෙම පරණ ගිවිසුමේදි දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනඟට දුන්නාවූ ව්‍යවස්ථාවන්‍ය. එමෙන්ම අන් ප්‍රදේශවල ජීවත් වුනාවූ අයට වඩා මෙම ඊශ්‍රායෙල් සෙනඟ උසස් සනීපාරඬක තත‍වයන් ඇතුව සිටි බවට « ලෙවි කථාව » පොත අපට උගන්වන්නේය. එනමුත් මෙය දෙවියන් වහන්සේගේ අවසන් සැලසුම වන ''නව ගිවිසුමට " මග සලසන්නාවූ තාවකාලීක වැඩ පිළිවෙලක් පමණි. එමනිසා අප මෙය හොඳින් මතක තබාගත යුතුය.

ඉතින් දෙවියන් වහන්සේ පරණ ගිවිසුම වරද සහිත නිසා අලූත් ගිවිසුමක් කරන බවට 8 වන පදයේ සඳහන් කරන අතර එය ඊශ්‍රායෙල් වරුන්ගේ පියවරුන් සමඟ සීනයි කඳු මුදුනේ කලාවූ පරණ ගිවිසුම මෙන් නොවන බවට 9 වන පදයේ සඳහන් කරන අතර නැවතත් 13 වන පදයේ, පැවතුන පරණ ගිවිසුම දින පැනපු එකක් ය කියාද පවසන සේක.

මම හිතනවා ඕස්ට්‍රේලියාවේ ද අන් යුරෝපීය රට වල මෙන් විකිණීමට වලංගු දින පැනපු ඛෙහෙත් වර්ග, ආහාර වර්ග ගැන ඉතා පරිස්සම් වනවාය කියා. සුපර්මාර්කට් වල එලෙස දින පැනපු කෑම වර්ග, එමෙන්ම ඛෙහෙත් සාප්පු වල දින පැනපු ඛෙහෙත් වර්ග විකිණීමට ගබඩා කර තැබීමද නීති උල්ලංගනය කිරීමකි. දින පැනපු ඛෙහෙත් වර්ග විකිණීම මහත් භයානකය. සුපර්මාකට් වල දින පැනපු ආහාර වර්ග ගබඩා කර තැබීමද නඩු දැමිය හැකි වරදකි. යමෙක් ඒවා මිළට ගෙන කා ලෙඩ විය හැකිය. එම නිසා ඔවුන් ක්‍රමානුකූලව දින පැනපු සියල්ල තෝරා ඉවත් කර දැමීමට පරිස්සම් වෙති. අපිද බොහෝ දෙනෙක් කෑම වර්ග එමෙන්ම විශේෂයෙන් ඛෙහෙත් වර්ග මිළේට ගත් විට ඒවා පරිභෝජනයට ගැනීමට ප්‍රථමයෙන් අවලංගු වන දිනය සෝදිසි කර බලමු. අවලංගු වන දිනය පැනලා නම් එය අතින් අල්ලන්ටවත් මම කැමති නොවෙමි. මට අවශ්‍ය වන්නේ තවමත් වලංගුව තිඛෙන්නාවූ යමෙකකි.

නමුත් පරණ ගිවිසුමට අවලංගු වන දිනයක් තිබුණ බව ඔබට පෙන්වා දීමට මට අවශ්‍යය. එය අවලංගු වී දැන් බොහෝ කල් ගත වෙලාය. ඇත්තෙන්ම එය අවලංගු වුනේ දැනට වර්‍ෂ 2000 කට කලිනි. එනමුත් තවමත් සෙනඟ එය පාවිච්චි කරති. එලෙසම එයට අනුව ජීවත් විය යුතුය කියා ද සිතති. මම ඔබට එක උදාහරණයක් දෙන්නම්, ද්විතීය කථාව 28 වන පරිච්ඡේදයේ පරණ ගිවිසුම තුළ පැවතුනාවූ ආශිර්වාදයන් සහ ශාපයන් සඳහන් වන්නේය. පළමු පද 14 ආශිර්වාදයන්‍ය. ඉතිරි පද 54 ම ශාපයන්‍ය. එහි 1 වන හා 2 වන පද වල " නුඹ මාගේ සියළු ආඥාවලට කීකරු වන්නේ නම් මේ සියළු ආශිර්වාද නුඹ කරා පැමිණ ඒවා නුඹ සමඟ වන්නේය" කියා ස්වාමීන් වහන්සේ පවසන සේක. නමුත් 15 වන පදයේ සිට අකීකරු වන්නන්ට හිමිවන ශාප ගැන සඳහන් වන්නේය. ඔබ ඉතාමත් අවධානයෙන් මේ පරිච්ඡේදය කියවන්නේ නම් උන්වහන්සේ ඔවුන් හට මූලිකව පවසන්නාවූ දෙය නම් නුඹලා මාගේ පරණ ගිවිසුමේ ආඥාවන්ට කීකරු වන්නේ නම් නුඹලා භෞතිකමයව හා මුදලින් සඵල වන අතර ශාරීරිකව නිරෝගි වන බවය. එලෙසම නුඹලා මට කීකරු නොවන්නේ නම් භෞතිකමය දේවලින් හා මුදලින් දුප්පත් වන අතර ශාරීරිකව රෝගී වන්නහුය කියාය. එම නිසා මූලිකව ද්විතීය කථාව 28 වන පරිච්ඡේදය වනාහි සුවය සහ මුදලේ සඵලතාවය ගෙන දෙන සුභාරංචිය වේ. එය ඉතාමත් පැහැදිලිය. ඔබ මා කියන දේ විශ්වාස කරන්නේ නැත්නම් නිස්කලංකව හිඳ ඔබම මේ පරිච්ඡේදය කියවා බලන්න. ඔබ මෙය පවත්වන්නේ නම් සුවය සහ ධනය ඔබේ ආශිර්වාදය වන්නේය. කෙසේ වෙතත් එය දැනට අවුරුදු 2000 කට කලින් දින පැන හමාරය. නමුත් අදද සෙනඟ මෙය තෝරා ගනිති. රූපවාහිනි දේශකයන් බොහෝමයක් මෙයම තෝරා ගනිති. මේ දේශකයන් සෙනඟව රවටන්නේ කෙසේද? මන්දයත් අද බොහෝ ඇදහිලිවන්තයන් තමුන්ගේ බයිබලය අවධානයෙන් යුක්තව නොකියවති. එය ඉතාමත්ම දුක්ඛිත සිද්ධියකි. මම නිතරම කියන්නාක් මෙන්, ඔබගේම භාෂාවෙන් ඔබට බයිබලයක් ඇත්නම්, ඔබ එය පරිස්සමින් කියවන්නේ නැත්නම් මුලාකරනු ලබන පිණිස ඔබ යෝග්‍යව සිටින්නේය. මගේ රටේ තමුන්ගේම භාෂාවෙන් පරිවර්තිත බයිබලයක් කියවීමට නැති අය ගැන මම දුක් නොවෙමි. ඒ අය කමාකරනු ලැබිය හැක. තමුන්ගේ භාෂාවෙන් විවිධ පරිවර්ථන 26 කින් බයිබලය සතුව ඇති අය ගැන අපි කුමක් කියමුද? ඒ අය රවටනු ලැබිය යුතු වන්නේ ඇයි. ඒ සෑම පරිවර්ථනයකම පරණ ගිවිසුම දින අවලංගු වූනෙකකැයි පැහැදිලිව පවසන්නේය.

අපි ද්විතීය කථාව 28 වන පරිච්ඡේදයේ ජීවත් නොවෙමුව. මනුෂ්‍යයා සමඟ දෙවියන් වහන්සේ අලූත් ගිවිසුමක් ගිවිස හමාරය. ඇයි අපි පරණ එකටම යන්නේ. මනුෂ්‍යයාගේ ස්වභාවයේ තමා ප්‍රේමකරන්නාවූ යම් දෙයක් තිබේ. යේසුස් වහන්සේ වතාවක් පැවසූ දේ ඔබ දන්නවාද? අලූත් මිදි යුෂ රස බැලීමෙන් පසුවත් සෙනඟ පරණ මිදි යුෂ වඩා හොඳ යැයි පවසන බව අලූත් මිදි යුෂ යේසුස් වහන්සේගේ ජීවිතය ගැන කතා කිරීම මම දකින්නෙමි. එය ලුක් 5:39 සඳහන් වන්නේය. එනමුත් බොහෝ දෙනා පරණ මිදි යුෂට ඇලූම් වෙති. මා වටාද බොහෝ දෙනා අලූත් මිදි යුෂ එපා කර පරණ මිදි යුෂට ඇලූම් වීම අත් දකිමි. යමෙක් ඔබ ළඟට විත් පවසන්නේ නම් හෝ ප්‍රධානය කරන්නේ නම්, අලූත් ගිවිසුම යටතේ ඔබට කෝපය ජය ගත හැකිය, ඔබ කිසි විටක පුරුෂයා හෝ භාර්‍යාව අතර කෝප නොවන්නේය, ඔබට තිත්තකම ජය ගත හැකිය, ඔබ කිසිවිටක ස්ත්‍රීන් දෙස ඉච්චාවෙන් නොබලන්නේය, ඉන්ටර්නෙට් එකේ අසභ්‍ය දේ නොබලන්නේය, ඔබට ඊර්සියාව ජය ගත හැකිය, ඔබට උඩඟුකම, ආත්මාර්ථය මූනිච්චාව ජය ගත හැකිය, ඔබට මුදලට ඇති ආශාව ජය ගත හැකිය එලෙසම සෑම ආකාරම පාප ජය ගත හැකිය කියා. එවිට තවත් දේශකයෙක් ඇවිත් මෙසේ පවසන්නේ නම්, ඔබ පිලිගන්නේ නම් මා පවසන දේ ඔබ ඔබගේ රෝග වලින් සුවය ලබනවා ඇත. ඔබට වඩා හොඳ නිවසක් ලැඛෙන්නෙය, ඔබට වඩා හොඳ වාහනයක් ලැඛෙන්නේය ˜ කියා, මාංශිකවූ තැනැත්තෙක් මේ දෙදෙනා ගෙන් පිළිගන්නේ කවුරුන් කියන දේද යන්න ඔබ දන්නේය. මාංශිකවූ තැනැත්තෙකුට පාපයෙන් ජය ගැනීම ගැන තැකීමක් නැත. ඔහු පවසන්නේ යේසුස් වහන්සේගේ රුධිරයට මාව ඕනෑ තරම් වාරයක් පවිත්‍ර කල හැකිය කියාය. එම නිසා ඕනෑම වාරයක් පව්කර මට සැමවිටම යන්න පුළුවන් මේ රුධිරය වෙත, මේ රුධිරය, මේ රුධිරය, මේ රුධිරය එය තමයි බොහෝ දෙනෙක් පවසන්නේ. මේ රුධිරය තුල පවිත්‍ර වීම. එය සැබෑය. නමුත් මෙවැනි අය පවසන්නේ, අනික් සුභාරංචිය පවසන්නේ භෞතිකමය හා මුදලේ සඵලතාවය ගැනයි. එය සැබවින්ම මට අවශ්‍ය වන්නේ මම මේ පොළොවේ ජීවත් වෙන තාක් කල්. ආත්මික පැත්තෙන් මම කොහොම හරි නිරයෙන් බේරිලා ස්වර්ගයට යාගන්න හැකි වුනොත් ඒ ඇති.

ඔබට සිතාගන්න පුළුවන්ද යේසුස් වහන්සේ උන්වහන්සේගේ රුධිරය වගුරා සියල්ල පූජා කර අප උදෙසා තම ජීවිතය සම්පූර්ණයෙන්ම පූජා වීම. පළමු කොටම මා උදෙසා ස්වර්ගය හැර මේ පොළවට පැමිණීම. මේ උදෙසා මගේ ප්‍රතිචාරය ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට එන පිණිස මා අවමයෙන්ම කළ යුතු දේ කුමක්ද? යන්න නම් මම මා ගැනම ලැජ්ජාවෙමි. යම් දිනක මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ සිටගෙන සිට මා ගතකළාවූ ජීවිතය දෙස බලන විට මම දැනගන්ට ලැබුනොත් මගේ මුළු ජීවිතයම, ස්වර්ගයට යන පිණිස කළ යුතු අවමය කුමක්ද යන්න මත පමණක්ම උනන්දුවී තිබීම, එය මට මහත් ලැජ්ජාවකි.

එනමුත් ඛෙහෝ කිතුනුවන් ජීවත්වන්නේ මෙලෙසමය. ඔවුන්ගේ ප්‍රතිචාරය වන්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ අභිමුඛයට එන පිණිස මා කළ යුතු අවමය කුමක්ද යන්නය. ඒ නිසාම තමයි ඔවුන්ගේ ජීවිත වල සතුට එතරම් අල්ප වී තිඛෙන්නේ. අපෝස්තුළුවරුන් පැවසූ ජය සහ විජයග්‍රහනයන් ඔවුන්ගේ ජීවිත වල දකින්නට නැත. මම කිසිවෙකු හට ගල් ගැසීමට උත්සාහ නොකරමි. මමද මගේ මුල් ක්‍රිස්තියානි ජීවිතයේ මුල් අවුරුදු 16 ම ගත කළේ මෙසේමය. මම පාපයෙන් රහිතවූ කෙනෙකු නොවන නිසා අන් අයට ගල් ගැසීමට මම සුදුස්සෙක් නොවෙමි. නමුත් මා පවසන්නේ ස්වාමීන් වහන්සේ මාව මේ ජීවිතයෙන් නිදහස් කළ බවයි. එයින් මා මුදවා මා තව දුරටත් මේ දින පැනපු ඛෙහෙත් ගත යුතු නැති බව මට පෙන්වාදී ඒවා විසිකරන්න කී සේක. මීට වඩා යහපත් යමක් තිඛෙන බව එනම් වඩා යහපත් නව ගිවිසුමක් තිඛෙන බව පෙන්වා දුන් සේක. ඒ වගේම මේ අලූත් ගිවිසුම් දෙවියන් වහන්සේ අපේ භූමික අවශ්‍යතාවයන් නොසලකා සිටිනවා නොවේය. උන්වහන්සේ පවසනවා නුඹලා මාගේ රාජ්‍යයන් ධර්මිෂ්ඨ කමත් පළමුව සොයන්නේ නම් මම නුඹේ අවශ්‍යතා සපුරාලන්නම් ඔබේ දරුවන් ගැන සලකන්නම්. නමුත් මේවා නොවෙයි අප පළමුකොට සෙවිය යුතු වන්නේ මේවා අපට දෙන්නා වූ ප්‍රසාද දීමනාවන්‍ය. එනම් බෝනස් ය. මන්දයත් අපි අලූත් ගිවිසුමේ දෙවියන් වහන්සේ අපට සපයන්නාවූ දෙය සොයන්නෙමුව.

ඉතින් ඔබ හෙබ්‍රෙව් 8 වන පරිච්ඡේදයට නැවත එන්නේ නම් මෙයයි මා ඔවුන් සමඟ කරන අලූත් ගිවිසුම කියා උන්වහන්සේ පවසන සේක. මට අවශ්‍යයි මෙය ඔබහට විග්‍රහ කිරීමට. අලූත් ගිවිසුමේ කොන්දේසීන්, අලූත් ගිවිසුමේ ආශිර්වාදයන්. එය සුවය සහ ධනය නොව. ඊට වඩා හොඳ දෙයකි අපේ ගැඹුරු ප්‍රශ්නයන් සමඟ කරන්නාවූ ගනුදෙනුවකි. අපේ පාපයේ බරපතලකම දැකීමට අපේ දෙනෙත් විවෘත වන විට. යම් කෙනෙකු කෙරෙහි වැරදි ආකල්පයක් ඇතිව සිටීම කැන්සර් රෝගයට වඩා බරපතල බව දකිමුව. බොහෝ කිතුනුවන් මෙය විශ්වාස නොකරති. ස්කෑන් කිරීමෙන් පසුව යමෙකුට වෛද්‍යවරයෙකු පවසන්නේ නම් ඔබට දරුනු පිලිකාවක් තිඛෙනවාය කියා ඔහු සැබවින්ම කැලඹෙන්නේය නමුත් හෘදසාක්‍ෂිය ඔබ හට හඟවා දෙන්නේ නම් ඔබ යමෙක් කෙරෙහි වැරදි ආකල්පයක් ඇතිව තිත්ත කමකින් ඉන්නේය කියා ඔබ ඒ ගැන ඒ තරම්ම කැලඹෙන්නේ නැත. එය සෙනඟගේ අන්ධතාවය පෙන්වා දෙන්නේය. මේ අය රෝගය පාපයට වඩා බරපතල දෙයකැයි සලකන්නෝය. පරණ ගිවිසුමේ ඔවුන් එලෙස සිතුවෝය. ඒ අයට සුවය අවශ්‍ය විය. නමුත් අලූත් ගිවිසුම තුළ පාපය, රෝගයට වඩා බරපතල බව දෙවියන් වහන්සේ පවසන සේක. මට එය ඔබ හට ඔප්පු කළ හැකිය. පිළිකාවෙන් මිය ගොස් ස්වර්ගයට ගියාවූ අයව මම හඳුනමි. මම ඔවුන්ව පුද්ගලිකව හඳුනමි. නමුත් යේසුස් වහන්සේ මතෙව් 6 : 15 « නුඹ යමෙකුට කමා නොකරන්නේ නම් ස්වර්ගයේ පියාණන් වහන්සේත් නුඹට කමා නොකරන සේක » කියා පැවසූ සේක. ඉතින් ඔබ යම් කෙනෙකුට කමා නොකළ නිසා දෙවියන් වහන්සේ ඔබට කමා නොකළ සේක් නම් ( ඔබේ වැරදි ආකල්පය හෝ තිත්තකම නිසා ) ඔබ ඒ තත්වයේ මිය යන්නේ නම් ඔබ කොපමණ සුවය හා ධනය හිමි කරගෙන තිබුණත් ඔබේ ස්වර්ගීය පියාණන්ගෙන් කමාව නොලබා ඔබ මිය යන්නේ නම් ඔබට දෙවෙනි අවස්ථාවක් තිඛෙනවාද? මනුෂ්‍යයෙකුට එක් වතාවක් මරණයත් ඉන්පසුව විනිශ්චයත් නියමව තිබේ. ඉතින් මරණයෙන් පසු කමාව ලැබීමට තව ප්‍රස්ථාවක් තිඛෙනවාද? නැත කොහෙත්ම නැත. නමුත් ඔබ කියන්නට පුළුවන් .... ඒත් ඔහු ගොඩක් යහපත් දේ කර තිඛෙනවා ඔහුගේ ජීවිත කාලය තුළදී කියා එසේ නම් ඔබ තේරුම් ගෙන තිඛෙන සුභාරංචිය අන්‍යාගමිකයන්ගේ සුභාරංචියයි. එනම් තරාදියක එක පැත්තකට ඔබේ යහපත් ක්‍රියාද අනික් පැත්තට අයහපත් ක්‍රියාද දමා වැඩි පැත්ත බලා ඔබ ස්වර්ගයට ද නැත්නම් නිරයට ද යායුත්තේ කියා තීරනය කරන්න. එය බයිබලයේ අපි දකින්නාවූ සුභාරංචිය නොවේය. ඔබ මෙතෙක් විශ්වාස කළේ එයද. මම එය විශ්වාස නොකරමි. එය සෑම අන‍්‍යාගමකම තේරුම් ගැනීමය. එනම් දෙවියන් වහන්සේ ඔබේ යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා කිරා ඔබ කොයි පැත්තටද යායුත්තේ කියා තීරණය කිරීම. බයිබලය පවසන්නේ අපේ යහපත් ක්‍රියා කිලිටි වැරහැලි මෙන්‍ කියාය. දෙවිඳුන්ගේ ඇස් ඉදිරියේ ඒ සියල්ල වැරහැලි මෙන්‍ය. ඒ නිසා යම් කෙනෙකුට කමා නොකර මිය යන පුද්ගලයෙකුගේ තත්වය කුමක්ද? දෙවියන් වහන්සේ පමණක්ම සත්‍ය වේවා අන් සැම මනුෂ්‍යයෙකුම බොරු කාරයන් වේවා. මට අවශ්‍ය නෑ කිසිවෙකුව නින්දාවට පත්කිරීමට නමුත් මට සත්‍යය කතා කිරීමට අවශ්‍යය. මතෙව් 6 :14 සහ 15 මෙය එතරම් පැහැදිලිය. වචන හිස් ඒවා විය නොහැකිය. « මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් නුඹලාගේ ස්වර්ගීය වූ පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරන සේක. ඒ පදය පමණක්ම සෑහෙයි. නමුත් යේසුස් වහන්සේ එය තවත් වර්ධිත කර ඊළඟ පදයේද පවසන සේක. » නමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නේ නම් නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරන සේක. උන්වහන්සේ නුඹලාගේ පියාණන් වහන්සේ කියා කියන විට උන්වහන්සේ දෙවියන් වහන්සේ ගැන නොවෙයි කතා කරන්නේ. එය දෙවියන් වහන්සේ නම් ඒ නොඇදහිලි වන්තයෙකුටය කතා කරන්නේ. ඔබේ පියාණන් වහන්සේ යැයි කියන විට යේසුස් වහන්සේ කතා කරන්නේ ඇදහිලිවන්තයන්ටය. අපට බැරිය නොඇදහිලිකරුවෙකුට දෙවියන් වහන්සේ ඔබේ පියාණන් වහන්සේය කියා කියන්නට මන්දයත් දෙවියන් වහන්සේ ඔහුගේ පියාණන් නොවේය. "නුඹේ පියාණන් නුඹේ වරදට කමා නොකරන සේක. " යේසුස් වහන්සේගේ වචන බරපතල ලෙස සලකමු !

එම නිසා තමයි මම පැවසුවේ ඔබට පිළිකාවක් ඇතිව පවා ස්වර්ගයට යා හැකිය කියා ඒ වගේම ඔබට යමෙක් කෙරෙහි තිත්තකම ඇතිව නිරයට යා හැකිය. ඒ නිසා කොයි එකද ඉතා නරක. මෙය පරණ ගිවිසුම තුළ සත්‍යය නොවෙයි. ඔබ දන්නවා යේසුස් වහන්සේ පැවසූ දේ අඩුවෙන් දුන්නාවූ තැනැත්තාගෙන් අඩුවෙන් බලාපොරොත්තු වන්නේය කියා වැඩියෙන් දුන් තැනැත්තාගෙන් වැඩියෙන් බලාපොරොත්තු වන්නේය කියා එය හරියට බාලාංශයේ සිටින සිසුවෙකුගෙන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුගේ මට්ටමේ දැනුම බලාපොරොත්තු නොවන්නාක් සේය. මෙය තමයි පරණ ගිවිසුම බාලාංශය ලෙසත් අලූත් ගිවිසුම විශ්ව විද්‍යාලය ලෙසත් සැසඳීම. අලූත් ගිවිසුමේදි දෙවියන් වහන්සේ වඩා බොහෝමයක් බලාපොරොත්තු වන සේක. පරණ ගිවිසුමේ දාවිත් ශිමෙයිට කමාව නොදී මිය යන නමුත් ස්වර්ගයට ගියේය. නමුත් අලූත් ගිවිසුමේ එය වෙනස්‍ය. ඒ පදය පරණ ගිවිසුමේ අපි නොදකිමුව. « ඔබ අන් අයට කමා නොකරන්නේ නම් දෙවියන් වහන්සේ ඔබට කමා නොකරන සේක » කියා. මෙය අලූත් ගිවිසුමේ දකින්නාවූ දෙයකි. අලූත් ගිවිසුම තුළ අපට ඉතා ඉහළට නැගිය හැකි අතරම ඉතාමත් පහතටම වැටියද හැක. එය එසේය පරණ ගිවිසුම තුළ ඔබට ඉහළට නැගිය නොහැකිවූ අතර පහළටද වැටිය නොහැකිය.

හෙබ්‍රෙව් 8 වන පරිච්ඡේදයට නැවතත් ගොස් බලමු. අලූත් ගිවිසුමේ ආශිර්වාදයන් මොනවාද යන්න. මට අවශ්‍ය ඔබ එය 12 වන පදයේ සිට 10 වන පදය දක්වා ඉහළට කියවනවාට. මම මෙසේ කීවේ එය පළමුකොටම එවිට මන්දයත් කියා ...... එම නිසා කියාත් නැවත මන්දයත් කියා අවසන් වන හෙයිනි. අලූත් ගිවිසුමේ ආශිර්වාදයන් තුනකින් පළමු ආශිර්වාදය 12 වන පදයේ එසේය මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුනා කරන්නෙමි. ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන් වහන්සේ කියන සේක. පරණ ගිවිසුමේ පාපය කිසි විටකත් පවිත්‍ර නොකෙරිනි. එය දැනගැනීම ඉතාමත්ම වැදගත්‍ය. ඊජිප්තුවේ ඒ අයට කිව හැකි වූයේ රුධිරය උළුවහු වල තිබුණ නිසා ඒ අය ලේ යට සිටියාය කියාය. ගීතාවලිය 32 සඳහන් වන්නේ පාපයට වැස්මක් ලැබුවාවූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දෙක්‍ය කියාය. කිතුනුවන් « මම රුධිරය යට සිටින්නේ » කියා ගායනා කිරීම අසන විට එලෙසම « රුධිරයෙන් වැසී සිටින්නේ »කියා ගායනා කිරීම අසන විට මම දැනගන්නේ මේ අය තමුන්ගේ බයිබලය කියවා නැති බවය. එය පරණ ගිවිසුමය. මම ඒ ගීත ගායනා නොකරමි. ඔබ එය ඔබගේ ජීවිත කාලයටම ගායනා කරන්නට පුළුවන් නමුත් එය පරණ ගිවිසුමයි. ඔබ එවැනි ප්‍රකාශනයන් අලූත් ගිවිසුමේ කිසිම තැනක දකින්නේ නැත. « රුධිරය යට ලේවලින් වැසී » යන්න. « වැසී »යනු ඔබේ පව් සියල්ල ලෑල්ලක ලියා තිඛෙනවා රෙද්දක් අරන් ඒ ලෑල්ල වසා දැමීමයි. මෙයම තමයි දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ කළේ. ගවයන් සහ එළුවන්ගේ ලෙයින් කළ හැකි වූයේ එපමණකි. එනම් ඔවුන්ගේ පාප වැසීමය. ඒ රෙද්ද ඉවත් කළොත් එම පාප තවම එතන තිඛෙනවා. නමුත් යේසුස් වහන්සේගේ රුධිරය පවිත්‍ර කරන්නේය. එය හරියට තෙත වැරහැල්ල සෝදා එහි පැල්ලම් සියල්ල ඉවත් කරන්නාක්සේ. තව දුරටත් ඒ සළකුනු දකින්නට නැත. මාව රධිරයෙන් පවිත්‍ර කරනු ලැබ සිටිමි. මාව රුධිරයෙන් වැසී නොතිබීම ගැන මම දෙවියන් වහන්සේට ස්තූති කරනවා. මම රුධිරය යට නොසිටිමි. මාව රුධිරයෙන් පවිත්‍ර කරනු ලැබ සිටිමි. එය හරියට ඛෙහෝ දෙනෙක් කුරුසිය පාමුල සිටිනවාය කියා කියන්නාක් සේ. මම කුරුසිය පාමුල නොසිටිමි. « මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසිය මත කුරුසිපත් වී සිටිමි. » අලූත් ගිවිසුමේ මේ කියමන එනම් කූරුසිය පාමුල සිටිමි යන්න කිසිම තැනක දකින්නේ නැත. ඔබ කාව්‍යමය ලෙස එය එසේ කියන්නේ නම් කමක් නැත. නමුත් අපේ සිටිය යුතූ ස්ථාන කූරුසිය පාමුල යැයි සිතන්නේ නම් එය වැරදිය. පාවුල් තුමා මම කුරුසිය ළඟ සිටිනවා කියා කීවේ නැත. ඔහු කීවේ මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසිය මත කුරුසිපත්වී සිටිමියි කියාය. ( ගලාති 2 : 20 ) මම මේ ඔබට පෙන්වන්නේ වචන ගැන කිතුනුවන් කෙතරම් අපරික්‍ෂාකාරිද යන්නය. කිතුනුවන් වැරදි සහිත ප්‍රකාශනයන් නිසා කෙතරම් භුද්ධිශෝදනය වී සිටිත්ද. මා කලින් කීවාක් සේ මෙයට හේතුව ඔවුන්ගේ බයිබලය පරික්‍ෂාකාරීව නොකියවීමය. මම මීට අවුරුදු 54 කට කලින් ගැලවීම ලැබූ විට බයිබලය ගැන දැනීමක් මට නොතිබිණි. නමුත් යම් ආකාරයකින් බයිබලය වනාහි දෙවිඳුන් විසින් මනෂ්‍ය සංහතියට දුන්නාවූ එකම පොත යන ඇදහිල්ලට ඇතුළු වුනෙමි. අවුරුදු 19 ක තරුණයෙකු ලෙසත් ඇදහිල්ලට පැමිණූනාවූ බිළින්දෙකූ ලෙසත් මේ දෙවිඳුන් දුන්නාවූ එකම පොත වන බයිබලය තරයේ ඉගෙන ගැනීමට තදින් අධිෂ්ඨානය කර ගතිමි¡ බයිබල් කොලිජියකට යන්න මට අවශ්‍ය නොවීය මා කිසි කලෙකත් බයිබල් කොලීජියක ඉගෙන නොගතිමි¡ මම නාවික හමුදාවේ වැඩකරන ගමන් යාත්‍රවේ කුඩා කාමරය තුළ සිට මට ඇති මුළු විවේක කාලය තුළම අවුරුදු හතක් මුළුල්ලේම මුළු බයිබලයම හැදෑරීමි. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණෙනි මට ඉගැන්වුව මැනවයි නිතර යාච්ඤා කළෙමි. ඔබට ගුරුවරයෙක් අවශ්‍යම නැත ඔබට සැබෑ වූ පිපාසාවක් තිඛෙනවා නම් දේව වචනය අධ්‍යනය කරන්නට. මම ඉතාමත්ම පරිඬාකාරීව සෑම පදයක්ම කියවීමි. ඉංග්‍රීසි දැනගෙන සිටීම ගැන මම දෙවියන් වහන්සේට ස්තූති කරමි. මා කළ යුතුව තිබුණේ පරික්‍ෂාකාරීව කියවීමය. ගැටපද විවරනයක් අතැතිව (concordance ) එක එක පදය සඳහන් වන්නා වූ ස්ථානයන් සොයා අනුග්‍රහය යන පදය සඳහන් තැන් අනුකම්පාව සඳහන් වන්නා වූ ස්ථාන එලෙස අධ්‍යනය කරන විට අලූත් ගිවිසුම ගැන මනා අවබෝධයක් ලබා ගත හැකි විය. මෙලෙස දේව වචනය කියවන විට එකිනෙක්කෙනා කතා කරන්නාවූ, ගායනා කරන්නාවූ පද බොහෝමයක් සත්‍ය නොවන බව මම වටහා ගතිමි. ඔබ වියවුල් කරවන්නාවූ බොහෝ උදාහරණයන් මට පෙන්වා දිය හැක. ඒවා ඔබව මවිතයට පත් කළ හැක. උදාහරණයක් ලෙස ඔබ දන්නවාද බයිබලයේ කිසි විට පාපකාරී ස්වභාවය ගැන කතා කරන්නේ නැති බව. මෙය අළුත් ගිවිසුමේ කිසිම තැනක සඳහන් නොවන්නේය. එහි සඳහන් වන්නේ පරණ මනුෂ්‍යයා සහ මාංසය ගැනය. ඔබට අවශ්‍ය නම් පාපිෂ්ඨ ස්වභාවය යන ප්‍රකාශනය පාවිච්චි කිරීමේ කිසි වරදක් නැත. නමුත් පාපිෂ්ඨ ස්වභාවය ගැන සඳහන් කරන කෙනෙකුගෙන් ඔබ කතා කරන්නේ අපේ පරණ මනුෂ්‍යයා ගැනද නැත්නම් මාංශය ගැනද කියා ඇසුවොත් ඔවුන් වියවුල් වන්නෝය . පරණ මනුෂ්‍යයා සහ මාංශය යන දෙකම එකම දෙය නොවේ. රෝම 6:6 අපේ පරණ මනුෂ්‍යයා ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසිපත් කර ඇති බව සඳහන් කරයි. දෙවියන් වහන්සේ එය කළ සේක. නමුත් ගලාති 5:24 ක්‍රිස්තුස් වහන්සේට අයිති වූවෝ මාංශය කුරුසිපත් කළ යුතුය. පරණ මනුෂ්‍යයාව දෙවියන් වහන්සේ කුරුසිපත් කළ සේක. ( රෝම 66 ) නමුත් කිතුනුවන් මාංශය කුරුසිපත් කළ යුතුය. පරණ ගිවිසුමේ මේ පරණ මනුෂ්‍යයාව පාරාවෝ ගේ සේනාව ලෙස රූපාලංකාර කෙරෙන්නේය. දෙවියන් වහන්සේ ඔවුන්ව රතු මුහුද යට වැළලු සේක. ඊශ්‍රායෙල් වරු ඒ ගැන කිසිවක් නොකළෝය. මාංශයේ තෘෂ්නාවන් කානාන්හි යෝධයන්ට රූපාලංකාර වේ. ඔවුන් ගැන දෙවියන් වහ න්සේ කිසිවක් නොකල සේක. ඊශ්‍රායෙල් වරුන්ටම යුතු විය ඔවුන්ව මැරීම අලුත් ගිවිසුමේ මේ චිත්‍රය එමමය.නමුත් ඇයි කිතුනුවන් කිසි වෙනසක් නොදකින්නේ.මම කියන්න කැමතියි මේ ලෝකයේ මට මුණ ගැසුන ඛොහෝ කිතුනුවන් පරණ මණුෂ්‍යයා හා මාංශය එකම යැයි විශ්වාස කරන ඛව. ගැට පද විවරනයක් රැගෙන හදාරා දැනගන්න එය වෙනස් ඛව.

ස්වාමින් වහන්සේ ආදම්ට නුඹේ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහි යැයි පැවසු සේක. දේව වචනය තුලින් ආහාර ලඛා ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ නම් ඒ උදෙසා ඔබ වෙහෙසිය යුතුය යන්න මා දැන ගත්තාවූ කාරණයකි. ඔබ අලස වන්නේ නම් නානාප්‍රකාර වැරදි අදහස් ඔබ ලබා ගන්නේය. දෙවියන් වහන්සේ අපට දව වචනය දී තිබේ. කාර්‍ර්‍යක්‍ෂමව එය හදාරන්නාට උන්වහන්සේ විපාක දෙන සේක. දෙවියන් වහන්සේ යෙරෙමියා 2913 පවසන්නේ නුඹලා මා සොයනවා ඇත නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත. මම මුනගැසෙන්න කැමති මෙවැනි කිතුනුවන්වය. මුළු හදවතින් ස්වාමීන්ව සොයන්න වුන්. බැංගලුර්වල ව්‍යාපාරිකයන්ව මම දැක ඇත්තෙමි. ඔවුන් වැඩියෙන් මුදල් සෙවීම ගැන බැඳී උදේ සිට රෑ වන තුරු මහන්සියෙන් වැඩ කර නින්දට ගොස්ද මේ ගැන සිහින දකිති. මුදල් ඔවුන්ගේ දෙවිඳූන්‍ය. ධනය ඔවුන්ගේ දෙවිඳූන් ලෙස මුළු හදවතින් ඔවුන් එය නමස්කාර කරති. මෙය දුටු මම කියා සිටියේ සැබෑවූ දෙවිඳූන්ව දන්නාවූ මම මුළු හදින් ඔඛ වහන්සේව සොයනවාට වඩා මුළු හදවතකින් ධනය නම් තම බොරු දෙවිඳූන්ව සොයනවාය කියා කියන්න කිසිවෙකු හට ඉඩ තියන්නේ නැත්තෙමියි කියාය. ඵය ඔබගේ ජීවිතයේ සත්‍යයක්ද? ඕස්ට්‍රේලියාවේ සැබෑවූ ජීවමාන දෙවියන් වහන්සේව හඳුනන්නාවූ ඔබ කැපවී උන්වහන්සේගේ නාමයට ගෞරවය දෙනවාට වඩා ධනය දෙවිඳුන් කරගත් ව්‍යාපාරිකයන් තම ව්‍යාජ දෙවිඳුන්ට කැපවී සේවය කරනවාද? මුදල දෙවිඳුන් කර ගත්තවුන් මුළු හදින් එය කරන විට කිතුනුවන් ඉතාමත් සාමාන්‍යව අලසව අතපසු කිරීමෙන් ජීවමාන ස්වාමීන් වහන්සේගේ නාමයට සාක්‍ෂි දැරීම ගැන ඔබ ලැජ්ජාවට පත්වන්නේ නැද්ද? කිතුනුවන් මම ස්වර්ගයට යන පිණිස අවමයෙන්ම කුමක් කළ හැකිද කියා සොයන විට මේ ව්‍යාපාරිකයන් කෙතරම් තව වැඩියෙන් වැඩ කළ යුතුද රටේ අස්සක් මුල්ලක් නෑර ගොස් තවත් ගබඩා ගොඩ නගා ව්‍යාපාරය වඩ වඩා වර්ධනය කිරීමට සොයති.

යේසුස් වහන්සේගේ රුධිරය මා පවිත්‍ර කරනවා පමණක් නොව එය මා ධර්මිෂ්ඨ කරන බවද රෝම 5 : 9 සඳහන් වන්නේය. බොහෝ කිතුනුවන් අවබෝධ කරගෙන නොමැති මෙම ක්‍ෂේත්‍රය ගැනද අවධාරනයෙන් කතා කිරීමට මම කැමැත්තෙමි. පාප කමාව, පවිත්‍ර කිරීම සහ ධර්මිෂ්ඨ කිරීම අතර වෙනසක් ඇත. ධර්මිෂ්ඨ කිරීම, පව් කමා කිරීමට වඩා දෙයකි. රෝම 5 : 9 අපව ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ධර්මිෂ්ඨ කළාය. එසේ නැති නම් ධර්මිෂ්ඨ යැයි ප්‍රකාශ කරනු ලබන්නේය. මම දේව වචනය කියවන විට චිත්‍රයන් ලෙස එසේ නැතිනම් රූපාලංකාර තුලින් දැකීමට කැමැත්තෙමි. හිතමු මාව නඩු ශාලාවකට රැගෙන ගොස්‍ය කියා නොයෙකුත් චෝදනා මත. නඩුව අවසානයේදී මාහට මරණීය දණ්ඩනය නියම විය යුතු වන්නේය. නමුත් විනිශ්වය කරු මේ චෝදනා සියල්ල අසා ඒවා සත්‍ය වූවත් මට කමාව දෙනවාය කියා පවසන්නේ නම් මම ඉතාමත් සතුටු වන්නෙමි. නඩු ශාලාව පිටත සියල්ලන් බලා සිටින්නේ මරණීය දණ්ඩනය ලැබිය යුතු මා කමාව ලැබ පිටවී යෑමය. මා ඔවුන් අතරින් කමාව ලැබුවාවූ වරද කරුවෙකු ලෙස බිම බලාගෙන ඇවිද යන්නෙමි. මෙය පව් කමාවයි. ධර්මිෂ්ඨ කිරීම යනු සෑම චෝදනාවක්ම කියවන ලදි. විනිසුරු ඒ සැම අසා මා තුළ කිසි වරදක් නැතය කියා මා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් යැයි පවසා නිදහස් කර හරින්නේ නම් මම එම නඩු ශාලාවෙන් පිටව යන්නේ කමාව ලැබුවාවූ වරද කරුවකුට වඩා උසස් විදියටය. මගේ මුහුණ ඔසවාගෙන කිසි වරදක් නොකරපු කෙනෙක් සේ පිටව යමි. මෙයයි ධර්මිෂ්ඨ කිරීම. පව් කමාව ලැබීමත් ධර්මිෂ්ඨ කිරීමත් අතර ලොකු වෙනසක් ඇත. මෙය පව් කමාව ලැබීමට වඩා උසස් තත්වයකි. මෙය ඔබට දෙවියන් වහන්සේ ඉදිරියට යෑමට වඩා නිර්භීතකමක් ගෙන දෙන්නේ නොවේද. ධර්මිෂ්ඨ කරනු ලැබීම ඉතාමත් පුදුමාකාර දෙයකි. මගේ මුල් කාල වල යමෙක් මට මෙය වටහා දුන්නා නම් කියා මම ප්‍රාර්ථනා කරමි. එසේ වූවානම් එතරම් වර්‍ෂ ගණනකට මම කලකිරුන ස්වභාවයකින් සිටින්නට නොගියෙමි. පාප කමාව මහත් වූ දෙයකි. නමුත් ධර්මිෂ්ඨ කිරීම ඊට වඩා බොහෝ උසස්‍ය. සිතන්න මට දැන් අවුරුදු 73 ක් වෙනවා. දෙවියන් වහන්සේගේ කෝණයෙන් මම මේ අවුරුදු 73 තුළම කිසි විටක පව් කර නැත්තෙමි. උපකල්පනය කරන්න සැබවින්ම මේ අවරුදු 73 ක කාලය තුළ කිසි විටක සිතින් ක්‍රියාවෙන් හෝ මොනයම්ම ක්‍රමයකින් මම පව්කර නැත්තේය කියා. ඔබට හිතාගන්න පුළුවන්ද කොතරම් නිර්භීතකමක් මට එන්නේද කියා දෙවි පියාණන්ගේ අභිමුඛයට පැමිණීමට. එයමය ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් පව්කාරවූ මා ධර්මිෂ්ඨ කරනු ලබන විට සිදුවන්නේ. ඔබ එය මනාව තේරුම් ගන්නේද? ඔබ එය විශ්වාස කරන්නේද? ඔබ තවමත් සැක කරන්නේද හරියට ඔබ රිය පදවන විට මම දන්නේ නැහැ තිරිංගය ( බ්‍රේක් එක ) වැඩ කරයිද කියා සැකයෙන් එය පාගන්නා සේ දෙවිඳුන් ඉදිරියට එන විට සාතන් ඔබේ පරන වරද සියල්ල මතක් කර දෙන විට දෙවිඳුන් මා පිළිගනීවිද අද කියා සැකයෙන් බයෙන්ද එන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ ලෙය තුළින් ඔබව ධර්මිෂ්ඨ කරන විට දෙවිඳුන් ඉදිරියට ඒමට ඔබට නිර්භීතකම ගෙන දෙන්නේය. මෙය තමයි පළවන පියවර ලෙස මට නිර්භීතකම ගෙන දෙන්නාවූ අලූත් ගිවිසුමේ පළමුවැනි ආශිර්වාදය. " එසේය මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම ගැන කරුනා කරන්නෙමි. ඔවුන්ගේ පව් තවත් සිහි නොකරන්නෙමියි " ස්වාමීන් වහන්සේ කියන සේක ( හෙබ්‍රෙව් 8 :12 ). මෙය අසන සෑම පුද්ගලයෙකුම ආදම් මෙන් වෙන කෙනෙකු මත වරද තබා තමා ධර්මිෂ්ඨ කර ගනිමින් ස්වාමීන් වහන්සේ වෙතට ආවක්මෙන් නෑවිත් සියළු අවංකකමින් තමා පව්කරුවකු යැයි පිළිගනිමින් තමාම ධර්මිෂ්ඨ කර ගනිමින් ස්වාමීන් වහන්සේ වෙතට එනවාට මම කැමැත්තෙමි. මම නිතර සෙනඟට කියන්නාවූ දෙයකි. කිසි විටෙකවත් වෙන කෙනෙකු පිට වරද තබා දෙවියන් වහන්සේ වෙතට යන්න එපා යන්න. ආදම් ගියාක් මෙන්. ආදම් ගියේ « ඔව් ස්වාමීනි මම එය කළා මේ භාර්‍ය්‍යාව නිසයි මම එය කළේ. » එසේ යන්නේ නම් ඔබවත් පාරාදීසයෙන් පිටුවහල් කරනු ලබනවා ඇත. ඔබට අවශ්‍ය නම් පාරාදීසයේ සිටින්නට ¦ මේ සංසන්දනය දෙස බලන්න. ආදම් වෙන කෙනෙකු පිට වරද තබා පාරාදීසයෙන් පිටුවහල් කරනු ලැබීමත්, කුරුසිය මත සොරා වෙන කිසිවෙකුට චෝදනා නොකර ස්වාමීනි මමයි වරදකරු කියා තම වැරදි සියල්ල බාර ගත් විට යේසුස් වහන්සේ ඔහුව එදිනම පාරාදීසයට ඇතුළු කර ගැනීම. ඔබ දුටුවාද මේ වෙනස. මේ සොරා කීවේ නෑ « මගේ වරද තමයි ඒකට හේතුව මගෙ දෙමව්පියන් මාව හරියට හැදුවේ නෑ නරක මිතුරන් නිසයි මම මෙවැනි තත්වයකට පත්වුනේ » කියා. ඔහු ස්වාමීන් වහන්සේට කියා සිටියේ ස්වාමීනි සියයට සියයක්ම මගෙයි වරද ˜ එවිට නුඹ අද මා සමඟ පාරාදීසයේ සිටින්නේය කියා යේසුස් වහන්සේ ඔහුට පැවසූ සේක. මෙයයි වෙනස. ඒ නිසා ඔබ ඔබේ පව් කියා දෙන විට කිසි කෙනෙකුට චෝදනා නොකරන්න. සියයට සියයක්ම වරද ඔබම බාර ගන්න. එවිට ඔබට යේසුස් වහන්සේ සමඟ පාරාදීසයේ ඇවිදීමට හැකිවනවා ඇත. ඔබගේ පොළව මතු පිට ජීවිතය පාරාදීසයේ ජීවත් වන්නාක් මෙන් වන්නේය. මම කියන්නම් කෙළෙසද මම අත්දකින්නේ කියා මගේ මුල් කාලව මගේ නොදැනුවත්කම නිසා ආදම්ගේ දරුවකු සේ වරද අන් අය පිට පැවරුවෙමි. එය මම තව දුරටත් නොකරමි. මම පවසන්නේ ස්වාමීනි මාගේ මාංශයේ කිසි යහපතක් නැත්තේය. මට කිසි හැකියාවක් නැත්තේය වෙන කිසි කෙනෙකුට ඇඟිල්ල දික්කරන්න. ස්වාමීනි මම වරද කරුවෙමි. 99% නොව100% ක්ම. ඒ නිසාය මම විශ්වාස කරන්නේ දෙදෙනෙක් අතර යම් ප්‍රශ්නයක් ඇතිවූ විට ඔබ වඩා ආත්මික තැනැත්තා නම් ඔබයි පළමුව පව් කමාව ඉල්ලිය යුත්තේ කියා. ඉන්දියාවේ අන්‍යාගමිකයන්ගේ සංස්කෘතියට අනුව පුරුෂයා භර්‍ය්‍යාව කෙරෙහි රජෙකු සේ සිටිය යුතුය. එලෙසම භර්‍ය්‍යාව වහලියකි. විවාහක යුවලකින් මම නිතර අසන ප්‍රශ්නයකි දෙදෙනා අතර යම් ප්‍රශ්නයක් ඇති වුනොත්. ( එය ඕනෑම විවාහක යුවලක් අතර සිදු විය හැක.) පළමුව සමාව ඉල්ලිය යුත්තේ කවුරුන්ද යන්න. එය ඉතා මහත් වූ ප්‍රශ්නයකි. කවුරුන්ද පළමුවෙන් සමාව ඉල්ලිය යුත්තේ ? ඔබ හිතන්නේ කවුරුන්‍ය කියාද ? මම කියන්නේ හොඳයි අපි දෙවියන් වහන්සේගෙන් උදාහරණයක් ගනිමු. දෙවියන් වහන්සේත් මනුෂ්‍යයාත් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔවුන් අතර තිබුණාවූ සම්බන‍ධතාවය නැවත ගොඩ නගන පිණිස පළමු පියවර ගත්තේ කවුරුන්ද ? දෙවියන් වහන්සේය. මනුෂ්‍යයා නොවේය. වරද සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයා අත තිබුණද දෙවියන් වහන්සේ පළමු පියවර ගත් සේක. දෙවියන් වහන්සේ ලෝකයට කෙතරම් ප්‍රේම කළාදයත් උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ව එවූ සේක. ඇයි උන්වහන්සේ ඒක කළේ? මන්දයත් උන්වහන්සේ මනුෂ්‍යයාට වඩා ආත්මීක නිසාය. ඉතින් දැන් ඔබ මට ඔබේ පිළිතුර කියන්න. පුරුෂයා සහ භාර්්‍යාව අතර ප්‍රශ්නයක් ඇතිවූ විට සම්බන්ධතාවය පවත්වා ගැනීම පිණිස පළමු පියවර ගත යුත්තේ කවුරුන් විසින්ද? වඩා ආත්මීක තත්වයකින් ඉන්නා තැනැත්තාය. ඉතින් දෙදෙනාම සිතන නිසා මමයි ආත්මීක තැනැත්තා කියලා පැහැදිලියෙන්ම දෙදෙනාම අනෙකාගේ අත් ගන්නට ළංව දුව එන්නෝය. ඇයි ඒක එසේ වන්නේ. හිතමු ඔබ මාංශික නම්, මාංශික පුද්ගලයා අනිත් පාර්ශවය පළමු පියවර ගන්නා තෙක් බලා සිටිනවා ඇත. ඉතින් දැන් ඔබ දන්නවා පිළිතුර විය යුත්තේ කුමක්ද කියා. මම හිතනවා අද පටන් දෙදෙනාම එකිනෙකා වෙත දිව ඒවිය කියා සමඟිය උදේසා ! මන්දයත් අපි සැමට අවශ්‍යය ආත්මීක අය වන්නට. එසේ නේද? අඩුම ගානේ ඔබ ආත්මිකය කියා අන් අය දැන ගන්නා පිණිස. ස්වාමීනි එකිනෙකාට සැළකිය යුතු ආකාරය අපට උගැන්වුව මැනවි.
ඉතින් ඒ පව්කමාවයි, පවිත්‍රකිරීම හා ධර්මිෂ්ඨ කිරීමයි අලූත් ගිවිසුමේ දෙවන පොරොන‍දුව වන්නේ හෙබ්‍රෙව් 8 :11 « ස්වාමීන් වහන්සේ ඇඳිනගන්න කියා » එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳිනගන්නෝය.˜ මෙය දෙවන පියවරයි. පළමු පියවර වනාහි පව්කමාව පවිත්‍රකිරීම සහ ධර්මිෂ්ඨ කිරීමයි. ඊට පසුව කියනවා කිසි ගුරුවරයෙක් එහි නැතය කියා. එපීස 4:11 සඳහන් වන පරිදි ක්‍රිස්තුස් වහන්සේ, සභාවේ ගුරුවරුන් පත් කරන සේක. නමුත් මේ ගුරුවරුන්ගේ රාජකාරිය වනාහි සෙනඟට දේව වචනය කියා දීමය. එනම් දෙවියන් වහන්සේගේ දේව ධාර්මික ඉගැන්වීම් සෙනඟට ඉගැන් වීමය. නමුත් පියාණන් වහන්සේව දැනගැනීම ඔබටම දැනගත හැකිය. ගුරුවරයාට බයිබලයේ තියෙන දේ පමණක්ම කියා දිය හැකිය. නමුත් ශුද්ධාත්මයාණන් වහන්සේ රෝම 8:16 පවසන්නේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්‍ෂි දෙන සේක. 15 වන පදයේ පවසන්නේ අපි පුත්‍රකමේ ආත්මය ලබා ගත් බවත් එයින් අපි අබ්බා පියාණෙනි කියා හඬ ගසන බවය. « අබ්බා » යන හෙබ්‍රෙව් පදයේ නිවැරදි පරිවර්ථනය නම් « තාත්තේ » යන්නය. පියාණෙනි යන්නට වඩා « තාත්තේ »˜ යන්න ලෙන්ගතුකම වැඩි කරන්නේය. පියාණෙනි යන්න හුදෙක් චාරිත්‍රානුකූල වචනයකි. ඉතින් රෝම 8 15 ට අනුව ශුද්ධාත්මයාණන් පැමිණ අප තුළින් « අබ්බා » කියා හඬ ගසන විට අපි කියන්නේ « තාත්තේ » ( Daddy) කියාය. මෙය අලූත් ගිවිසුමේ ආශිර්වාදයන් අතරින් ඉතා උසස් වූ ආශිර්වාදයකි. ශුද්ධාත්මයාණන් අප තුළට විත් පවසන්නේ අපි අනාථ දරුවන් නොවන බවත්, අපට ස්වර්ගයේ තාත්තා කෙනෙක් ඉන්නවාය කියාත්‍ය. ඔබ සිතා බලන්න අනාථ මඩමක හැදී වැෙඩන කුඩා දරුවකු ගැන. ඒ අනාථ මඩමේ ඒ දරුවා ඉතාමත් කරුණාවන්තව හැදී වැඩී අවුරුදු 5 ක් පමණ වයස් වන විට හදිස්සියේම දැනගන්නේ නම් ඔහු අනාථයෙක් නොව ඔහුට තාත්තා කෙනෙක් ජීවත්ව ඉන්නේය කියා. ඔහු තවදුරටත් ඒ අනාථ මඩමේ ඉන්න යන්නේ නැහැ. ඔහුට නිවසක් තියෙනවා දැන් ජීවත් වන්න. ඒ තාත්තාද මගේ පුතා ඔබ නැති වී සිට අවුරුදු 5 කින් මට නැවත හම්බවුණා කියා සතුටින් ඒ දරුවාව බාර ගන්න හැටි ඔබට සිතාගන්න පුළුවන්ද? ඔබට කියන්න පුළුවන්ද ඔබට ස්වර්ගයේ තාත්තා කෙනෙක් සිටින බවට. මම හිතන්නේ ඛෙහෝ කිතුනුවන් තවමත් ජීවත්වන්නේ අනාථ මඩම්වල කියාය. ඔබ දන්නවාද යේසුස් වහන්සේ කියනවා සියල්ලෝම මාව දැනගන්නවා ඇතය කියා. ඔබ මුහුකුරා ගියාවූ සාන්තුවරයෙක් විය යුතු නැත. ඉතින් මෙයයි අලූත් ගිවිසුමේ දෙවන ආශිර්වාදය හෙබ්‍රෙව් 8 :11 සියළු දෙනාම කුඩා අය සිට ලොකු අය දක්වා දෙවියන් වහන්සේව තාත්තා ලෙස හඳුනා ගන්නෙමුව. යේසුස් වහන්සේ පැමිණුනේ දෙවියන් වහන්සේව පියාණන් හැටියට එළිදරව් කිරීමටය. යොහාන් 17 උන්වහන්සේ පියාණෙනි මම ඔවුන් හට ඔබගේ නාමය ප්‍රකාශ කළෙමි කියන විට කුමක්ද උන්වහන්සේ හෙලි කළේ ? ක්‍රිස්තුස් වහන්සේව ස්වාමීන් වහන්සේ හා ගැලවුම් කරුවාණන් ලෙස පිළිගත් සියල්ලටම දෙවියන් වහන්සේ ස්වර්ගයේ තාත්තා ය කියා ය. කෙතරම් අය උන්වහන්සේව පිලිගත්තේද ඒ සියල්ලන්ටම උන්වහන්සේ දේව දරුවන් වීමේ අධිකාරිය දුන්සේක. ඉතින් මෙය මට මහත්වූ සත්‍යයකි. මෙය මාගේ ජීවිතය වෙනස් කළේය. අස්ථීරවූ හා බයාදු එලෙසම ඉතා ලැජ්ජාවූ කුඩා පිරිමි දරුවකු ලෙස වැඩුණු මම ක්‍රිස්තුස් වහන්සේව මගේ හදවතට පිළිගත් විට මම සැබවින්ම උන්වහන්සේව විශ්වාස කළෙමි. මගෙ දැනුමට අනුව මම උන්වහන්සේට සැබවින්ම ප්‍රේම කළෙමි. නමුත් මට ස්ථීරත‍වයක් නොතිබුණි. මම වර්‍ෂ ගණනාවක් යන තෙක්ම සිටියේ අනාථ දරුවකු ලෙසටය. න්‍යායිකව ස්වර්ගයේ පියෙකු සිටින බව දැන සිටියෙමි. නමුත් එය හරියට අනාථ දරුවකු « ඔව් මම දන්නවා මට තාත්තා කෙනෙකු සිටින බව නමුත් මම දන්නෙ නෑ ඔහු කොහෙ ඉන්නවාද කියලවත් » යැයි කියන්නාක් මෙනි. එයයි මගේ තත්වයව තිබුණේ. මා ගැන සළකා බලන පියෙකු ලෙස හැඟීමක්වත් නොතිබුණි. ඉතින් එය න්‍යායිකව මට පියෙක් සිටින්නේය යන්නය. මම යාච්ඤා කළා ස්වර්ගයේ වැඩ වසන පියාණෙනි කියා. නමුත් මම උන්වහන්සේව මගේ තාත්තා ලෙස දැන නොසිටියෙමි. ඔබ දන්නවාද මුල්ම වතාවට යේසුස් වහන්සේ ශුද්ධාත‍මයාණන් වහන්සේගේ පැමිණීම ගැන කතා කළේ උන්වහන්සේව කුරුසිපත් කිරීමට පෙරදා රාත්‍රියේදී බව. යොහාන් 14 :15 සහ 16 පද වල තරම් පැහැදිලි ලෙස වෙන කිසිම තැනක යේසුස් වහන්සේ ශුද්ධාත‍මයාණන් ගැන පැහැදිලි කර නැත. යොහාන් 14:16 උන්වහන්සේ පවසන සේක් මම මගේ පියාණන් ගෙන් ඉල්ලමි. එවිට පියාණන් වහන්සේ තව සැනසිලිකරුවකු නුඹලා සමඟ සිටින පිණිස එවන සේක. මම යන්නෙමි නමුත් මේ සැනසිලි කරුවාණන් මා යන්නාක් මෙන් නුඹලා හැර නොයන සේක. මම ස්වර්ගයට යමි. නමුත් උන්වහන්සේ නුඹලා සමඟ සදාකාලයට සිටින සේක. 17 වන පදයේ ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේය. උන්වහන්සේව පිළිගන්නට ලෝකයාට බැරිය. මන්දයත් ලෝකයේ මනුෂ්‍යයාගේ හදවත අපිරිසිදුය. ඔහුගේ පාප සෝදා නැත. එනිසා තමයි පරණ ගිවිසුමේ කිසි කෙනෙකු තුළට ශුද්ධාත‍මයාණන්ව පිළිගන්නට නොහැකි වූයේ. මෙය තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්‍ය. අද ලෝකයේ අයට ශුද්ධාත‍මයාණන්ව පිළිගත නොහැකිය. එලෙසම පරණ ගිවිසුමේ අයටද උන්වහන්සේව පිළිගැනීමට නොහැකි විය. ඔබ දන්නවාද පරණ ගිවිසුමේදි දෙවියන් වහන්සේගේ ආත්මය මනුෂ්‍යයන් මතට පැමිණුන බව. නමුත් ඔවුන් තුළට පැමිණීමට හැකියාවක් තිබුණේ නැත. උදාහරණයක් ලෙස මෙම වීදුරුව ඔබේ හදවත කියා සිතන්න. මේ වීදුරුව තුළ කිසිදෙයක් නෑ. මෙන්න මේ වීදුරුව උඩින් වැස්මක් තිඛෙනවා. ඔබ දන්නවාද බයිබලයේ වැස්මක් ගැන කතා කරන බව. මන්ඩපය තුළ පිටත මළුව ශුද්ධස්ථානය සහ අති ශුද්ධස්ථානය නම් වූ කුටිර තුනක් තිබේ. එය ශරීරය, ප්‍රානය සහ ආත්මය යන කොටස් තුනින් සමන්විත මනුෂ්‍යයා හා සමානය. ( 1 තෙසලෝනික 5 :23 ). මේ ශුද්ධස්ථානය සහ අති ශුද්ධස්ථානය වෙන් කරන්නාවූ වැස්මක් තිබුණි. එය හරහා ඔබට යා නොහැකිය. එලෙසම ආත්මය සහ ප්‍රානය අතර වෙන් කිරීමක් තිබුණි. දෙවියන් වහන්සේට මනුෂ්‍යයා තුළ වාසය කිරීමට හැකියාවක් නොතිබුණි. ඒ නිසා පරණ ගිවිසුමේ මෙවැනි මනුෂ්‍යයා වෙත ශුද්ධාත‍මය වැගිරුන විට එය ඔවුන් මත පිටාරා ගියා මිස ඇතුලට යෑමට හැකියාවක් නොතිබුණි. එනිසා ශුද්ධාත‍මය වැගිරුන විට පරණ ගිවිසුමේදී මහත් වූ ආශිර්වාද ඇති වුණේය. සැම්සන් මත ශුද්ධාත‍මය පැමිණි විට ඔහු මහත් වූ ක්‍රියා කළ නමුත් ඔහුගේ හදවත කිළිටිය. දාවිත් විසින් ගොලායත්ව මරණු ලැබුවේය. මහත් රාජධානින් ගොඩ නැගුවේය. නමුත් ඔහු බැත්‍ෂිබා සමඟ පව් කළේය. මේ ක්‍රියාවන් සියල්ල පිටස්තරයෙන්‍ය. ස්වාමීන් වහන්සේගේ ආත්මය ගිඩියොන් කෙරෙහි පහළවූ බව විනිශ්චයකාරයන්ගේ පොතේ 6 වන පරිච්ඡේදයේ සඳහන් වන්නේය. නමුත් ඔහුගේ කාර්‍ර්‍යය කර නිමවූ පසු ඔහු ගොස් අන්දෙවිවරුන්ගේ රූප සාදා ඒවාට නමස්කාර කළේය. පරණ ගිවිසුම එයාකාරය. ස්වර්ගයෙන් ගිනි බස්සවන්නට හැකිවූ මහත්වූ අනාගත වක්තෘ එලියා ඊලඟ දවසේ අධෛœයයට පත්ව රෝතෙම් ගසක් යට සිට ස්වාමීනි ඉතින් ඇත මාගේ ප්‍රාණය ගත මැනව කියා යාච්ඤා කළේය ( 1 රාජාවලිය 19 : 4 ). මෙයයි පරණ ගිවිසුමේදී ශුද්ධාත‍මයාණන් වහන්සේගේ අත්දැකීම. ඒ සියළු වැගිරීමක්ම පිටතින් ගලා යන්නාවූ එකක් පමණි. මන්දයත් ඔවුන් සියල්ලෝම තිරයකින් වැසී සිටියෝය. යේසුස් වහන්සේ කුරුසිපත් වූ විට මේ තිරය ඉරුනි. ඉතින් දැන් මේ තිරය විවෘතය. ඒ නිසා පෙන්තකොස්ත දිනයේ සිට ශුද්ධාත‍මයාණන් වහන්සේට දැන් අප ඇතුලටම ඒමට හැකියාව ඇත. ඉතින් දැන් අප තුළින් උතුරා ගලා ගොස් ගංඟාවක් ලෙස මිලියනයකට වුවද ආශිර්වාද කළ හැක. අළුත් ගිවිසුමේදී මෙය මෙයාකාරය. ඉතින් මෙය තමයි යේසුස් වහන්සේ පළමු වතාවට ශුද්ධාත‍ම වැගිරීම ගැන සඳහන් කරන විට මේ යොහාන් 14 : 17 වන පදයේ සඳහන් කරන්නේ. මේ වන තෙක් උන්වහන්සේ ඔබ සමඟ සිටින සේක. නමුත් මේ දිනයේදී උන්වහන්සේ නුඹලා තුලෙහි සිටින සේක. යොහාන් 14 :17 හි ඔබ ඒ වෙනස පැහැදිලිව දුටුවාද? මේ අනාගත වාක්‍යය තමයි පෙන්තකොස්ත දිනයේදී සම්පූර්ණ වුණේ. එනම් දෙවියන් වහන්සේගේ ආත්මය නුඹලා තුළෙහි සිටින සේක. ඒත් සමඟම උන්වහන්සේ කුමක්ද පැවසුවේ. 18 වන පදය නුඹලා තව දුරටත් අනාථයෝ නොවන්නෝය කියාය. ඔබ දුටුවාද එය. අපට පියෙක් සිටින්නේය. දෙවියන් වහන්සේගේ ආත්මය අප තුළ හිඳ « තාත්තේ » කියා මොර ගසන්නේය. දෙවියන් වහන්සේ මාගේ තාත්තා ය කියා මම සැබවින්ම දැනගන්නේ කෙසේද? ඔබ කිසිවක් ගැන කනස්සල්ලට පත්වන්නේ නැත. ඔබ බය නොවන්නේය. ඔබේ අනාගත අවශ්‍යථාවයන් උදේසා සෑහෙන ප්‍රමාණයට ලැබෙයිද කියා තැවෙන්නේ නැත. මෙය තමයි යේසුස් වහන්සේ පැවසුවේ ඔබේ ස්වර්ගීය පියාණන් කුරුල්ලන්ට ඔවුන්ගේ කෑම සපයා දෙනවා ඒ වගේම මල් පලඳනවා කියා. ඔබ නැවත උත්පාදනය ලැබූ දේව දරුවකු විය හැකිය. ඒ ගැන මට කිසි සැකයක් නැත. නමුත් ඔබ තවමත් කනස්සලූ වන්නේ නම් දෙවියන් වහන්සේ ඔබේ තාත්තා ලෙස සැබවින්ම හඳුනන්නේ නැත. අලූත් ගිවිසුමේ මට ස්වර්ගීය තාත්තා කෙනෙකු සිටින්නේය. ඔබ දන්නවාද අත්තක සිටි කුරුල්ලන් දෙදෙනෙකු එකිනෙකාට කියා ගත් දේ. එය ඉතාමත් ප්‍රසිද්ධ කතාවක්. එක් කුරුල්ලෙක් ඇයි මේ මනුෂ්‍යයන් නිතරම කනස්සල්ලෙන් සිටින්නේ කියා අනෙක් කුරුල්ලගෙන් ඇසුවේය. එවිට අනෙකා මේගොල්ලන්ට අපිට වගේ ස්වර්ගයේ පියෙක් නැතුව ඇති. ඒකයි ඔයතරම් කනස්සලූ වන්නේ කියා පැවසුවේය. ඔබේ ජීවිතයේ සමහර අවශථාවන් දෙස බලන විට කුරුල්ලන් ඔබටත් එසේ කියා වී ද? එක කුරුල්ලෙකු ඇසුවොත් ඇයි අර පවුල ඒ වගේ හැසිරෙන්නේ කියා අනෙකා කියාවි. ඒ අය ඉරිදාට පල්ලියේ එලෙස ගායනා කළාට ඇත්තටම එහෙම පියෙක් නැතිව ඇති කියා !
ක්‍රිස්තුස් වහන්සේව මාගේ හදවතට පිළිගත් පසු ගැලවීම ලැබූ නිසා දැන් මට ස්වර්ගික පියෙක් සිටිනවාය කියා න්‍යායානුකූලව සිතීම, ( එය හරියට වීජ ගණිතයේ සමීකරනයක් සේ ) හා සැබෑ ලෙස පියෙකු විසින් ප්‍රේමයෙන් වැලඳගනු ලැබීමත් අතර මහත් වූ වෙනසක් ඇති බව ඔබ දන්නෙහිද? සැබවින්ම ශුද්ධාත‍මයාණන් වහන්සේ අපට කරන්නේ මෙයමය « මම නුඹලාව අනාථව නාරින්නෙමි. » ( යොහාන් 14 : 18 ) මෙය මා හට සිදු විය. මට මගේ හදවතේ මෙය අත්දැකීමට හැකිවිය. ශුද්ධාත‍මයාණන් වහන්සේගේ බෞතිස්මය එතරම්ම වැදගත් වන්නේ මේ නිසාමය. ශුද්ධාත‍මයාණන් තුළට අවගාහනයේදී අපේ ඇතුලාන්තයේ සෑම කොටසක්ම, අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා සම්පූර්ණයෙන්ම පිරීමත් සමඟම දෙවියන් වහන්සේ ඔබගේ පියාණන්‍ය යන සහතිකයද ලබා ගත හැකි වන්නේය. එමෙන්ම යොහාන් 17 : 23 සඳහන් වන්නාවූ මේ මහත් සත්‍ය මගේ හදවත වැළඳගත්තේය. මෙය බයිබලය තුළ මා දකින්නාවූ පුදුමාකාර වූ සත්‍යයකි. මුළු බයිබලය තුළම අති මහත්ම සත්‍යය මෙය යැයි මම පවසමි. මේ පදයේ යේසුස් වහන්සේ පියාණන් වහන්සේට යාච්ඤා කරමින් කියනුයේ «මා ඔවුන් තුළෙහිද, ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත‍වයට සම්පූර්ණ ලෙස පැමිනෙන පිණිසත්, ලෝකයා කාරනා දෙකක් දැනගනනා පිණිසත් » ය කියාය. එනම් ඔවන් මාගේ ගෝලයන් දෙස බැලු විට ඔවුන් දැකිය යුතු කාරනා දෙකක් තිබේ. ගෝලයන් කාරනා දෙකක් උදෙසා මාගේ සාඬිකාරයන් වන්නෝය කියා යේසුස් වහන්සේ යාච්ඤා කළ සේක.
පළමුවැනි කාරනය නම් ඔබ වහන්සේ මාව එවූ බවය. මෙම පළවන කාරනය උදෙසා එනම් ලෝකයාගේ පාප උදෙසා මැරෙන පිණිස දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව ලෝකයට එවූ බවට සෑම කිතුනුවකුම සාක්‍ෂි දරන බව මම විශ්වාස කරමි. දෙවැනි කාරනය නම් ඒ අයවලූන් මේ සත්‍යයටද එනම් ඔබ මට ප්‍රේම කළාක් මෙන්ම ඔවුන්ටද ප්‍රේම කරන්නේය යන සත්‍යයටද සාක්‍ෂිකාරයන් විය යුතුය.
මම සාක්‍ෂිකාරයෙකු නොවී සිටියේ මේ දෙවැනි සත්‍යයටය. මම කලින් සඳහන් කළ ලෙස වීදි වල පවා ගොස් මනුෂ්‍යයාගේ පාප උදෙසා මැරෙන පිණිස දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව එව් සේකැ යි සාක්‍ෂි දැරුවෙමි. නමුත් මෙම දෙවෙනි සත්‍යයට එනම් දෙවි වූ පියාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කලාක් සේම මටද ප්‍රේම කරන්නේය යන සත්‍යයට සාක්‍ෂිකාරයෙකු වීමට මට නොහැකි විය. නමුත් මම ශුද්ධාත‍මයෙන් පිරුණු අවස්ථාවේදී මෙය මගේ ජීවිතයට සැබෑවක් විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මා සමඟ සාක්‍ෂි දැරුවේය. කුමක් කියාද? පියාණන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේට ප්‍රේම කලාක් සේම මට ද ප්‍රේම කරන්නේය කියා ය. මේ පදය හැර, දේව වචනයෙන්ම මට මේ සත්‍ය ඔප්පු කර පෙන්විය හැකිය.
පූර්වයෙන් හැඳිනගත් අපව දෙවියන් වහන්සේ පූර්වයෙන් නියම කළේ කුමන කාරනයක් උදෙසාද යන්න රෝම 8 29 හි පැහැදිලි කරනු ලබන්නේය. බොහෝ අය මෙම පූර්වයෙන් නියම කිරීම ගැන විවිධ තර්ක ඉදිරිපත් කරති. මෙම මතභේද මත කිතුනුවන් « කැල්විනීය කිතුනුවන් » හා « ආමිනීය කිතුනුවන් » ( Aminian ) ලෙස කාණ්ඩ දෙකකට ඛෙදෙන අතර පූර්වයෙන් නියම කරනු ලැබීම ˜ යන්න වියවුල් කර ගනිති. පූර්වයෙන් නියම කරනු ලැබීමත් ස්වර්ගයට හෝ අපායට යාමත් අතර කිසිම සම්බන‍ධතාවයක් නැත. රෝම 8 : 29 හි සඳහන් පරිදි පූර්වයෙන් නියම කරනු ලබන්නේ ස්වර්ගයට යෑමට නොව නමුත් යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්නටය. ඒවාගේම යේසුස් වහන්සේගේ ස්වරූපයට මාගේ සමාන වීමේ මුළු පරමාර්ථයමද එහි සඳහන් වන්නේය. එනම් බොහෝ සහෝදර සහෝදරියන් අතරේ යේසුස් වහන්සේ වැඩිමහල් සොහොයුරා වන පිණිසය. උන්වහන්සේව කුලූඳුලා ලෙස නම් කරන්නේය. වර්‍ෂ ගණනාවකට කලින් මට එකම එක පුතෙක් සිටියේය. ඔහු මාගේ ඒකජාතක පුත්‍රයාය. ඉන් පසුව මට තව දරුවන් තුන හතරක් වැඩි වුණේය. එවිට මේ ඒකජාතක පුත්‍රයා කුලූඳුලා විය. ඒකජාතක පුත්‍රයා කුලූඳුල් පුතා වන්නේ කෙසේද යන්න ඔබ දකින්නේද? අවශ්‍ය වන්නේ ඔබට තව වැඩියෙන් පුත්‍රයෙකු ලැබීම පමණය. එවිට මුල් දරුවා කුලූඳුලා වන්නේය. යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීමේදී සිදුවුනේ මෙයමය. ඔබ එය යොහාන් 20 :17 හි සොහොන් ගේ ලඟ හඬමින් සිටි මග්දලායේ මරියාට යෙසුස් වහන්සේ කී දෙයින් තේරුම් ගන්නේය. යේසුස් වහන්සේ ඈට කියන සේක් « ගොස් මාගේ සහෝදරයන්ට පවසන්න ! » මීට කලින් කිසි විටකවත් යේසුස් වහන්සේ තම ගෝලයන්ට මාගේ සහෝදරයන් යැයි නොපැවසූ සේක. උන්වහන්සේ ඔවුන්ට දාසයන් යැයි ආමන්ත්‍රනය කළ අතර කුරුසිපත් වීමට කලින් ඊටත් ස්වල්පයක් ඉහළ මට්ටමකින් මිත්‍රයෝය කියා යොහාන් 15:15 හි ආමන්ත්‍රනය කළ සේක. නමුත් දැන්, නැවත නැගිටීමෙන් පසුව ගොස් මාගේ « සහෝදරයන්ට » පවසන්නැයි උන්වහන්සේ කියන සේක. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ව මගේ සහෝදරයන් කියා ආමන්ත්‍රනය කරන සේක. දැන් උන්වහන්සේ පවසන්නේ "මම මාගේ පියාණන් වහන්සේ හා නුඹලාගේ පියාණන් වහන්සේ වෙතට නගිමියි කියා ඔවුන් හට පවසන්න" කියාය. දැන් උන්වහන්සේ විශේෂ සම්බන‍ධතාවයකින් කතා කරන සේක. මීට කලින් නිතරම උන්වහන්සේ පැවසුවේ « මාගේ පියාණන් »කියා පමණක්මය. එසේ නැත්නම් සමහර අවස්ථාවන් වලදි « නුඹලාගේ පියාණන් » කියා පැවසුවද කිසිම විටක « මාගේ පියාණන් හා නුඹලාගේ පියාණන් » කියා එක්ව කැටි කර කතා නොකළ සේක. පළමු වතාවට එසේ කතා කළේ උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුව පමණි. මන්දයත් උන්වහන්සේ දැන් පවසන්නේ නුඹලා මගේ සහෝදරයන් මම නුඹලාගේ වැඩිමහල් සහෝදරයා වෙමි. එම නිසා තමයි අද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් නොවන්නේ. එසේව සිටියේ උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටීමට ප්‍රථමය. උන්වහන්සේගේ මළවුන්ගෙන් නැවත නැගිටීම එතරම්ම වැදගත් වන්නේ එම නිසාමය. අද උන්වහන්සේ කුලූඳුල් පුත්‍රයාණන් ය. මන්දයත් මමත් උන්වහන්සේගේ සහෝදරයෙක් මි. ඉතින් එහි ප්‍රතිවිපාක වන්නේ කුමක්ද? රෝම 2:11 පදය බලන්න. « මක්නිසාද දෙවියන් වහන්සේ තරාතිරම් නොබලන සේක. » එය අපට බලපාන්නේ කෙසේද? හොඳයි මම එය මගේම පුද්ගලික ජීවිතයට අදාල කර බලන විට මට පුත්‍රයන් හතර දෙනෙකු සිටිති. දෙවියන් වහන්සේ මට සාක්‍ෂිව සිටින සේක. මම මගේ දැනීමේ හා හැකියාවේ ප්‍රකාරයට මගේ කුලූඳුල් දරුවා හට යම් වරප්‍රසාදයක් දුන්නේද අන් පුත්‍රයන් තිදෙනා හටද එම වරප්‍රසාදයම ලබා දුනිමි. බොහෝ දෙමව්පියන් තම දරුවන් අතරේ පඬපාතිභාවය දක්වන බව මම දනිමි. නමුත් මම මාගේ දරුවන්ට දෙවියන් වහන්සේව පිලිඹිඹු කළ යුතුව සිටින බව දැන සිටියෙමි. කුඩා දරුවන් දෙවියන් වහන්සේ ගැන තම පළමු අවබෝධය ලබාගන්නේ තම පියා දෙස බැලීමෙනි. හික්මවීමෙහිලා දැඩිකම හා අනුකම්පාව, අනුග්‍රහය සහ සත්‍ය මේවා තම පියා තුළින් දරුවන් දැකිය යුතුය. ඉතින් මා නිවැරදිවම දෙව් පියාණන්ව මාගේ දරුවන් හට පිළිබිඹු කිරීමට නම් අනිවාර්‍යෙන්ම මම ඔවුන් එකිනෙකා හට අපක්‍ෂපාතීව ක්‍රියා කළ යුතු වෙමි. එක දරුවකුට වැඩියෙන් ප්‍රේම කර තව දරුවකුට ප්‍රේමය අඩු කළ නොහැකිය. ඉතින් මෙතුළින් දෙවියන් වහන්සේ ගැන මහත් සත්‍යය මම දැන ගතිමි. එනම් වැඩිමහල් පුත්‍රයාට උන්වහන්සේ යමෙක් කළේද, එයම උන්වහන්සේ මටත් කරන බවය . දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කුලූඳුලා වන යේසුස් වහන්සේට යමක් කළේද මට ද එයම කරන සේක. මක්නිසාද දෙවියන් වහන්සේ තරාතිරම් නොබලන සේක. යේසුස් වහන්සේ හට උන්වහන්සේ යමක් කළේද මට උන්වහන්සේ එයම කරනවා ඇත. මෙසේ වන්නේ මම ද එම කොන්දේසීන් සම්පූර්ණ කරන්නේ නම් පමණි. එසේය දෙවියන් වහන්සේගේ කොන්දේසීන් ඇත්තේය. මේ පොළවට මනුෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ ආ විට යේසුස් වහන්සේට පවා දෙවියන් වහන්සේ විසින් කොන්දේසීන් දෙන ලද්දේය. ඔබ මවිතයට පත් කරන්නාවූ යම් පද කීපයක් පෙන්වන්නට කැමැත්තෙමි.
ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දන නමන පිණිස යේසුස් වහන්සේගේ නාමය සියළු නාමවලට වඩා උසස් නාමය ලෙස දෙවියන් වහන්සේ උසස් කර දුන්නේ මන්ද? ඒ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නිසා නොවේය ඇ පිලිප්පි 2 8 වන පදයේ මනුෂ්‍යාකාරයෙන් සිටිය කළත්, මරණය එසේය කුරුසියේ මරණය දක්වා කීකරු වූ සේක. යටහත්කම, කීකරුකම, තම ස්වකැමැත්තට මරණය. එබැවින් 9 වන පදයේ දෙවියන් වහන්සේ උන්වහන්සේව උසස් කළ සේක. ඉතින් එහිදී කොන්දේසියක් තිබිණ. යටහත් වන්නේ නම් උන්වහන්සේ මාවද උසස් කරන සේක. « එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා. » ( 1 ප්‍රේත්‍රැස් 5: 6 ) ඇයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ යාච්ඤාවන් වලට ඇහුම්කන් දුන්නේ? මන්දයත් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නිසාද? හෙබ්‍රෙව් 5:7 උන්වහන්සේ මාංශවත්ව සිටි දවස් වලදී එනම් උන්වහන්සේ මේ පොළව මතුපිට සිටි අවුරුදු 33 1/2 ක කාලය තුළදී, උන්වහන්සේව මරණයෙන් ගලවන්නට පුළුවන් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුලින් යුක්තව යාච්ඤා සහ කන්නලව් ඔප්පු කර, තමන්ගේ දේව භය නිසා උත්තර ලැබ... « මටද දේව භය ඇතිව ජීවත්විය හැකිය. ඉතින් කොන්දේසීන් ඇත්තේය. එම නිසා ක්‍රිස්තුස් වහන්සේට දෙවියන් වහන්සේ කළ සෑම දේම මට ද උන්වහන්සේ කරනවා ඇත. මම මාව යටහත් කරන්නේ නම් උන්වහන්සේ මාව උසස් කරනවා ඇත. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේට සැළකූ ආකාරයටම මා ගැනද සලකනවා ඇත. මෙය දැනගැනීම මාගේ ජීවිතයට එතරම් ආරඬාවක් ගෙන දෙන්නේය. දෙවියන් වහන්සේ මාගේ පියාණන් ලෙස හඳුනාගැනීමේ අර්ථය මෙය වේ. මුහුදේ කුණාටුවේදී යේසුස් වහන්සේ සංත්‍රාසයට පත් නොවූ සේක. එය ඉතාමත් පුදුමාකාරයි. උන්වහන්සේ එතරම්ම නිශ්චලව සිටි සේක. ලුක් 4 :29 මෙහිදී යේසුස් වහන්සේට උන්වහන්සේගේ පණිවිඩය අවසන් කරන්ටවත් ඉඩ නොදුනි. මා හිතන විදියට මේ සිනභෝගයේ 250 ක් වත් සෙනඟ ඉන්න ඇති. ඔවුන් ක්‍රෝධයෙන් පිරී උන්වහන්සේව අල්ලාගෙන කන්දෙන් පහළට තල්ලූ කරන පිණිස රැගෙන ගියෝය. එක මිනිසෙකුට විරුද්ධව 200 ක් පමණ දෙනා කල්ලිය වී උන්වහන්සේව කන්දෙන් පහළට තල්ලූ කරන්න යනවා. මන්දයත් උන්වහන්සේ දේශනා කළ දේ ගැන ඔවුන් හොඳටම කෝපයට පත්ව සිටියෝය. නමුත් 30 වන පදයේ සඳහන් වෙන්නේ "උන්වහන්සේ ඔවුන් මැදින් ගොස් යන්නට ගිය සේක" කියාය. කොහොමද උන්වහන්සේට එලෙස යෑමට හැකි වුනේ. එය වතාවක් පිලිප්ව රැගෙන ගියා කියා සඳහන් වන්නාක් මෙන් නොවෙයි (ක්‍රියා 8:39) යේසුස් වහන්සේ එතැනදී සෙනඟගෙන් බේරී ගියේ. යේසුස් වහන්සේව දේව දූතයෙකු ඉහළින් ඔසවාගෙන ගියේ නෑ එහි සඳහන් වන විදිහට නිශ්චලව ඔවුන් මැදින් ඇවිදගෙන ගිය බවය අපි දකින්නේ. මෙය සිදුවුනේ කෙසේද කියා මම මෙනෙහි කළෙමි. මම එම පද කියවන විට නතර වී ස්වාමීනි එතැනදී කුමක්ද සිද්ධවුනේ කියා අසා සිටියෙමි. මම දන්නේ නෑ සමහර විට එම කල්ලිය අතර යම් විවාදයක් හට ගන්නට ඇති. කොයි හෙලටද තල්ලූ කළ යුත්තේ මේ පැත්තෙන්ද? නැත්නම් අනිත් පැත්තෙන්ද? කියා. ඔබ දන්නවා පක්‍ෂ දෙකක් අතර වාමාංශික හා දකුණේ කල්ලි අතර විවාදයන් හට ගත් විට සිදුවන දේ කුමක්ද කියා. විවාදය යන අතරදි උන්වහන්සේ ඔවුන් මැදින් පහසුවෙන්ම යන්නට ඇති. ඒ අය හැරී බලන විට උන්වහන්සේ එතැන නොමැත. මම කීවා පියාණෙනි ඔබ වහන්සේ යේසුස් වහන්සේට කළදේම මටද කළ මැනවි මා ක්‍රෝධයෙන් පිරුනාවූ මනුෂ්‍යයන් සමඟ ක්‍රියා කරන අවස්ථා වලදි. වතාවක් උන්වහන්සේ අසරනවූ දිළිෙඳකුව සිටියදී පැමිණෙන්ට තිබුණාවූ උවදුරෙන් දෙවියන් වහන්සේ බේරාගත් සේක. මමද මෙවැනි අවස්ථාවක් අත්දිටිමි. ඉන්දියාවේදී සෙනඟක් මට උවදුරු කිරීමට උත්සාහ කරන වග මම කිසිවක් නොදැන සිටියෙමි. දෙවියන් වහන්සේ මාව එතැනින් එලියට ගෙන ගිය සේක. මා හඳුනාගත් මේ එක සත්‍ය නිසා ඉතාමත් ආරක්‍ෂිතව සිටිමි. යේසුස් වහන්සේට ප්‍රේම කලාක් සේම දෙවියන් වහන්සේ මටද ප්‍රේම කරන සේක. යේසුස් වහන්සේ මාගේ වැඩිමහල් සහෝදරයාය මම උන්වහන්සේගේ බාල සහෝදරයා වෙමි. ඉතින් උන්වහන්සේ යේසුස් වහන්සේට කුමක් කළ සේක්ද මටද කරනවා ඇත.
« ස්වාමීන් වහන්සේව හැඳිනගනින්න කියා එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳිනගන්නෝය » ( හෙබ්‍රෙව් 8 : 11 ) ඔබ කියන්නට පුළුවන් සහෝදර සැක් පූනන් ඔබ ගොඩාක් පරන නිසා ඇදහිල්ලේ ඔබ දෙවියන් වහන්සේව හොඳට අඳුරනවා කියා. නමුත් මෙම පදයේ කියන්නේ ඔබ හටය, එය ඔබ හටය, කුඩා අය පටන් ලොකු අය දක්වා ස්වාමීන් වහන්සේව හඳුනා ගන්නෝය.
« නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ බලය දුන් සේක. » (යොහාන් 1: 12). ඔඛෙන් හොරා ගන්නා පිණිස ඇයි ඔබ සාතන්ට ඉඩ හැරියේ උන්වහන්සේ තුළ ඔබට ඇති පූර්ණවූ ආරක්‍ෂාව ¦ පැය 24 වරක් 7 දිනයේදීම ස්වාමීන් තුළ ප්‍රීතිවන්නැයි කියන්නාවූ ආඥාවට කීකරු වීමට ලැඛෙන හැකියාව ( පිලිප්පි 4: 4 ). මේ ආරක්‍ෂාව මා හඳුනාගත්තායින් පසු මේ ආශිර්වාදයන් මගේ ජීවිතයේ අත්දැකීම ආරම්භ කළෙමි. මෙයයි අලූත් ගිවිසුම. මම ඔබට කියන්නට කැමතියි මෙය මුදල් හා සුවය ලැබීමේ සුභාරංචියට වඩා යහපත් බව. නිරෝගිකමත් වස්තුවත් හිමි කරගත් අය සාංකාව හා අවිනිශ්චිතභාවයෙන් ජීවත් වෙති. නමුත් අලූත් ගිවිසුමේ ආශිර්වාද තුළ ජීවත්වීම වඩා යහපත්‍ය.
අලූත් ගිවිසුමේ තුන්වන ආශිර්වාදය හෙබ්‍රෙව් 8 :10 « මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. » පරණ ගිවිසුමේදී ගල් පුවරු දෙකක් මත දෙවියන් වහන්සේ තම ව්‍යවස්ථාව ලිවූ සේක. එක පුවරුවක දෙවියන් වහන්සේට අදාල ව්‍යවසථා හතරක්ද අනික් පුවරුවේ මනුෂ්‍යයාට අදාල ව්‍යවස්ථා හයක්ද ලියන්නට ඇතැයි මම සිතන්නමි. මේවා ලියනු ලැබුවේ දෙවියන් වහන්සේගේම ඇඟිල්ලෙන්‍ය. නික්මයාම පොතේ අප ඒ වග කියවමුව. යක්‍ෂයන්ව දුරුකිරීම ගැන යේසුස් වහන්සේ කතා කරන විටදී උන්වහන්සේ මේ දෙවියන් වහන්සේගේ ඇඟිල්ල ශුද්ධාත‍මයාණන් වහන්සේ ලෙස සඳහන් කළ සේක. ඔබට ඒ වග මතෙව් 12: 28 වන පදයේ « මම දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්‍ෂයන් දුරුකරමියි » සඳහන් වීම කියැවිය හැකිය. දැන් ඔබ මෙම සිද්ධියම ලුක් 11:20 සඳහන් වීම සංසන්දන කර බලන විට තේරේවි එතැන උනවහන්සේ යක්‍ෂයන් දුරුකරන්නේ දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් බව. දෙවියන් වහන්සේගේ ඇඟිල්ල යනු ශුද්ධාත‍මයාණන් බව මෙසේ මේ පද සංසන්ධනය කිරීමෙන් මම දැන ගතිමි. ඉතින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ව්‍යවස්ථාව උන්වහන්සේගේ ඇඟිල්ලෙන් මේ පුවරු මත ලීවද අද අලූත් ගිවිසුම තුළ මගේ මනස සහ හදවත මේ පරණ ගිවිසුමේ ගල් පුවරුවල ස්ථානය ගෙන ඇත. පරණ ගිවිසුම තුළ සියල්ල බාහිරවමය ව තිබූනද අලූත් ගිවිසුම තුළ සියල්ල අභ්‍යන්තරය ව තිබේ. මෙය පරණ ගිවිසුමත් අලූත් ගිවිසුමත් අතර තිඛෙන්නාවූ වෙනස්කම් වලින් එක් මහත් වූ වෙනස් කමකි. පරණ ගිවිසුම තුළ සියල්ල බාහිරවමය ව තිබුණේය. උදා : පූජා ක්‍රම, දේව මාලිගාව, ආශිර්වාදයන්.... නමුත් අලූත් ගිවිසුමේදී සියල්ල අභ්‍යාන්තරීකව තිබේ. « මම මාගේ ව්‍යවස්ථාවන් ඔවුන්ගේ සිහියේ තබා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. »
සිහියේ තබනවාය යන්නෙන් මා තේරුම් ගන්නේ උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස මට ආශාවක් දීම යන්නය. ඒ උන්වහන්සේගේ ව්‍යවස්ථාව මගෙ සිතේ ලිවීමය. හදවතේ ලිවීම යනු උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස මට හැකියාව දීමය. ආශාව පමණක්ම තිබීම නොසැහෙන්නේය. එසේ නැතිනම් දේව වචනයේ භාෂාවෙන්ම කියන්නේ නම් පිලිප්පි 2 : 13 « මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමති වෙන්ටත් වැඩ කරන්ටත් නුඹලා තුළ ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේමය. » ඒ මාගේ සිහියේ සහ මාගේ හදවතේ උන්වහන්සේගේ ව්‍යවස්ථාව ලිවීමය. මෙය පරණ ගිවිසුම තුළ දෙවියන් වහන්සේට කළ නොහැකි විය. මන්දයත් මනුෂ්‍යයාගේ හදවත ඉතා දැඩිව තිබුණේය. මෝසෙස් නුඹලා හට දික්කසාද වීමට ඉඩ හැරියේ නුඹලාගේ හදවත් දැඩිව තිබීමේ හේතුව නිසාය කියා යේසුස් වහන්සේ පැවසූ අවස්ථාව ඔබට මතකද? ( මතෙව් 19 8 ). මෙයමය දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට කියන්නට ඇත්තේ « නුඹලාගේ හදවත් බොහෝ දැඩිය එමනිසා මට බැරිය මාගේ ආඥාවන් නුඹලාගේ හදවත් වල ලියන්නට. ඊට වඩා මට පහසුය ඒවා මේ ගල් පුවරු මත ලිවීමට පරණ ගිවිසුම තුළ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ව්‍යවස්ථාව ගල් පුවරු මත ලීවේ ඒ හේතුව නිසාය. නමුත් දැන් එසකියෙල් 36 : 26,27 උන්වහන්සේ පවසන සේක් « මම අලූත් සිතක් නුඹලාට දී, අලූත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංශයෙන් ගල් සිත පහ කොට, මාංශමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි. මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්වයන් පවත්වමින් ඒවා කරන්නට සලස්වන්නෙමි. »

උන්වහන්සේ, උන්වහන්සේගේ ආඥා ලියන්නේය යනු උන්වහන්සේම අප ඒවා කරනවාට ආශාවක් දෙන සේක. අපගේ ජීවිතයේ සෑම ක්‍ෂේත්‍රයකදීම උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස උන්වහන්සේම ආශාවත්, හැකියාවත් දෙන සේක. සියළුම පාප ජයගන්නා පිණිස උන්වහන්සේම මට ආශාව දෙන සේක. සම්පූර්ණයෙන්ම පිරිසිදුව සිටින පිණිස උන්වහන්සේම මට ආශාව දෙන සේක. ඒ වාගේම උන්වහන්සේ හැකියාවද දෙන සේක. යමෙකුට සමාව දීමට ඔබට අමාරුකමක් දැනෙනවා ද? ඒ උදෙසා දෙවියන් වහන්සේ ඔබට ආශාව දී තිඛෙන සේක් ද? ඔබ දන්නවාද මේ ආශාව දුන්නා වූ දෙවියන් වහන්සේම ඔබට හැකියාවද දෙන බව. ඔබ තුළින්ම එයට හැකියාව සෙවිය යුතු නැත. තමන් වහන්සේගේ යහපත් කැමැත්ත අප කරන පිණිස අපි කැමති වන්නටත් ඒ වැඩය කරන පිණිසත් උන්වහන්සේම අප තුළ ක්‍රියා කරන සේක. උන්වහන්සේගේ ව්‍යවස්ථාව අපේ සිහියේ තබනවා පමණක් නොව උන්වහන්සේ ඒවා අපේ හදවත් වල ද ලියන සේක. එය ඉතාමත් පුදුමාකාරය. බයිබලය ජීවත්වන පිණිස අමාරු පොතක් නොවන්නේය. එය ඉතාමත් සරල පොතකි. ඔබට එය එසේ හැඟෙන්නේ නැද්ද? මේ පණිවුඩය ඇසුවායින් පසු ඔබට එසේ හැඟෙන්නේ නැද්ද. බයිබලය කිසිසේත්ම වියවුල් සහගත පොතක් නොවේය. කිසි විටෙකවත් එය එසේ නොවන්නේය. එය ඉතාමත් පැහැදිලි ලෙස එකකට එකක් ගැලපෙන්නේය. අවශ්‍ය වන්නේ එකම එක දෙයකි. එනම් ඔබ ටිකක් වඩා පරීක්‍ෂාකාරිව මෙය කියවීමය.
ඉතින් උන්වහන්සේගේ යහපත් කැමැත්ත උදෙසා මම කැමති වන පිණිසත්, ක්‍රියා කරන පිණිසත්, උන්වහන්සේ මා තුළ ක්‍රියා කරන සේක. පරණ ගිවිසුමේ ගීතාවලිය 40:8 වන පදයේ දාවිත්ට කිව හැකි වූයේ « ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි නමුත් මම බැත්‍ෂිබාව දකින විට සියල්ල වෙනස් වන්නේය. අද බොහෝ කිතුනුවන් කියන්නාක් මෙනි එය. අද ඔවුන් ගායනා කරන්නාවූ බොහෝ ගීතිකා දෙස බලන්න « මුළු ලෝකයම අත ඇරලා මම ඔබ ළඟට එමී.... » නමුත් දේව කැමැත්ත ඉදිරියේ තම කැමැත්ත ඉෂ්ඨ කර ගනිති.
නමුත් අලූත් ගිවිසුම සැබවින්ම පුදුමාකාරය. එහිදී උන්වහන්සේම මට ආශාව මෙන්ම හැකියාවද දෙන සේක. උන්වහන්සේගේ කැමැත්ත කිරීමට මා ආශා වෙනවා පමණක්ම නොව. පරණ ගිවිසුමෙන් උපුටා ගත් පද කිහිපයක් අලූත් ගිවිසුමේ සඳහන් වන ආකාරය ඔබට පෙන්වන්නට කැමැත්තෙමි. හෙබ්‍රෙව් 10 වන පරිච්ඡේදයේ ගීතාවලිය 40 : 8 උපුටා දක්වන්නේය. ගීතාවලිය 40:8 හි සඳහන් වන්නේ « ඔබගේ කැමැත්ත කරන්ට මම ප්‍රියවෙමි » කියාය. නමුත් හෙබ්‍රෙව් 10:5 වන පදයේ යේසුස් වහන්සේ ලෝකයට එන විට 7 වන පදයේ « ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි » උන්වහන්සේ පවසන සේක. ඔබ ඒ වෙනස දකින්නෙහිද? එය ඉතාමත් පුදුමාකාරයි. එයයි අලූත් ගිවිසුම. උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ආශාවීම නොවෙයි මා ආවේ එය කරන්ටය. එය ආශාවීමට වඩා දෙයකි. එනම් හැකියාව තිබීමයි. අප අනුගමනය කරන්නේ උන්වහන්සේවය. අපි දාවිත්ව අනුගමනය නොකරමු.

පරණ ගිවිසුමේ විසුවන්ගේ එනම් මෝසෙස්, එලියා, දාවිත්..... යන චරිත හැදෑරීම යහපත්‍ය. නමුත් මේ චරිත ගැන හදාරන්නාවූ ඕනෑම විටකදී කරුණාකර එක පදයක් මතක තබා ගන්න. පරණ ගිවිසුමේ විසූ ඇදහිල්ලේ වීරයන්ගේ නම් ලැයිස්තුවක්ම අලූත් ගිවිසුමේ හෙබ්‍රෙව් 11 වන පරිච්ඡේදයේ සඳහන් වන්නේය. එහි අවසානයේදී අන්තීම පදයේ සඳහන් වන්නේ « නමුත් මීට වඩා උතුම් දෙයක් දෙවියන් වහන්සේ අපට දී තිඛෙන බවය. » ( හෙබ්‍රෙව් 11:40 ). එම නිසා පරණ ගිවිසුමේ චරිත ගැන ඔබ හදාරන්නාවූ ඕනෑම විටකදී ඔබ මෙම පදය මතක තබාගන්න. අප ඉදිරියේ වඩා උතුම් දෙයක් තබා තිඛෙන නිසාය ඊළඟ පරිච්ඡේදයේ එනම් හෙබ්‍රෙව් 12 :1 හි ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නය කියා අපට අවවාද කර සිටින්නේ.
එම නිසා අපේ ආදර්ශය වන්නේ එලියා වත් දාවිත් වත් නොව සමහර දේවගැතිවරුන් කරන්නාක් සේ මෙපමණ වර්‍ෂ ගණනාවක් දේශනා කිරීමෙන් පසු වෛශ්‍යාකමට වැටෙන්නට මට කිසිම අවශ්‍යතාවයක් නැත. මන්දයත් මම දාවිත්ව අනුගමනය නොකරමි. බලන්න එක් එක් ස්ථානවල මේ දවස්වල කෙතරම් දේවගැතිවරු හදිස්සියේම වෛශ්‍යාකමට අසුවුනාය නැතහොත් සමලිංගික සේවනයේ යෙදෙන බව දැනගන්නට ලැබීම. මොවුන් ඉන්පසුව රූපවාහිනියේ මාධ්‍ය තුළින් පෙනීසිට හඬා පසුතැවිලිව මට කමාවන්නය කියා අයදිති. තවද බලන්න දාවිත් දිහා ඔහුද මේ හා සමානව පාපයට වැටුනාට පසු පසුතැවී පව් කමාව ලැබ නැවතත් දෙවියන් වහන්සේ ඔහුව සේවයට ( රජකමට ) පත් කළ සේක. ඉතින් දෙවියන් වහන්සේ මටද කමාව දී නැවත සේවය බාර දුන්නාය කියා නැවතත් මාස 6 කට විතර පසු දේශනා කරන්නට පටන් ගනිති.
ඔබට සිතා ගන්නට පුළුවන්ද අපෝස්තුළුවූ පාවුල්තුමා යම් දිනයක සෙනඟට මෙසේ කතා කරන්න ඇතිය කියා. එසේ කළා නම් කුමනාකාර ගෞරවයක්ද අපෝස්තුළුවූ පාවුල් කෙරෙහි ඔබ තබන්නේ. ඔහු හදිස්සියේම කීවොත් « ප්‍රිය සහෝදරයෙනි මම පාපය නුඹලා කෙරෙහි රජ නොකරන්නේය කියා ලිව්වත් සමාවෙන්න මම යම් ස්ත්‍රියක් සමඟ පාපයට වැටුණා ඔව් මට සමාවෙන්නය » කියා බොහෝ ක්‍රිස්තියානි දේශකයන් ජීවත්වන්නේ පරණ ගිවිසුම යටතේය. මෙවැනි සිදුවීම එය උදෙසා එක් සහතිකයකි. ඒ අය හට ¦ තමන් වහන්සේගේ යහපත් කැමැත්තට කැමති වන්නටත්, වැඩ කරන්ටත් දෙවියන් වහන්සේම ඔවුන් තුළ ක්‍රියා කරන බවට, අලූත් ගිවිසුම ගැන කිසිම මඟපෙන්වීමක් නැත . ලෝකයාගෙන් අන් කිතුනුවන් හට කෙතරම් නපුරුවූ නාමයක්ද මෙවැනිවූවන් ගෙන දෙන්නේ. ලෝකයා පමණක් නොව දෙවියන් වහන්සේ ඉදිරියේ සාතන් දේව ගෞරවයට කෙතරම් අවමන් කිරීමක් කරන්නේද? යෝබ් පොතේ සාතන් නිතරම බලා සිටින්නේ කා ගැන දෙවියන් වහන්සේට චෝදනා කරන්නෙම්ද කියා බව ඔබ දන්නෙහිය. මෙවැන්නකු අසුවුනාම සාතන් « දෙවිඳුනි අර පුද්ගලයාද ඔබ වහන්සේගේ සේවය කරන්නේ මහත්වූ දේශකයෙකු ලෙස ඔහුට දීමනාවක් තිඛෙන නිසා එයින් සභාවේ සියළු දෙනාවම රවටාගෙන රහස් පාපයේ ජීවත් වෙමින් » මෙය දෙවියන් වහන්සේගේ නාමයට කෙතරම් අපහාසයක් ගෙන දෙන්නේද? මෙය අපටත් අදාල නොවන්නේද? අපට උගන්වා තිඛෙන්නේ උන්වහන්සේගේ නාමයට ගෞරවය ගෙන දෙන්න නොවේද? « ස්වර්ගයේ වැඩ වසන අපගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරවය වේවා » ( මතෙව් 6:9 ). ස්වර්ගයේ සිටින මගේ පියාණන් ව ගෞරවයට පත් කිරීමට මට අවශ්‍යය. සාතන් විසින් මා ගැන වරදක් කියා දෙවියන් වහන්සේගේ නාමයට අවමන් නොකරන පිණිස සාතන්ගේ කට වැසීමට මට අවශ්‍යය. මේ මහත් ආශාව ඔබටත් ඇත්තේ යැයි මම විශ්වාස කරමි. මේ පොළව මතුපිට සාඬියක් වීමට පමණක් නොව, මාගේ ස්වර්ගීය පියාණන් ඉදිරියේ මා ගැන චෝදනා කර උන්වහන්සේගේ නාමය අගෞරවයට පත්කරන පිණිස මා තුළ සාතන්ට ප්‍රස්ථාවක් නොදී ජීවත් වීමටද මට අවශ්‍යය. ආශාවත්, හැකියාවත් දෙන්නේ දෙවියන් වහන්සේමය.
අවසාන වශයෙන් තව එක් දෙයක් කියන්නට කැමැත්තෙමි. පරණ ගිවිසුම හා සමඟ අලූත් ගිවිසුම සැසඳීම ඉතාමත් රසවත්‍ය. පරණ ගිවිසුම යනු කුමක්ද? නික්මයාම 20 න් මම ඔබට කියවන්නම්. « කරව » නොකරව 3 හා 4 වන පද නැවත « නොකරව » 5 වන පදය යනාකාරයට මූලිකවම මුළු පරණ ගිවිසුමම « නුඹ කරව » හා « නුඹ නොකරව » යන ආඥා දෙකින් සමන්විතය. දැන් අපි අලූත් ගිවිසුම දෙසට හැරෙමු. හෙබ්‍රෙව් 8 :10 ස්වාමීන් වහන්සේ පවසන සේක් « මම කරමි » « මම කරමි » « මම කරමි ».... « මම කරමි » ඔබ දකින්නෙහිද මේ දෙක අතර ඇති වෙනස මෙය මාව කුතුහලයට පත් කරන්නේය. මෙහිදී « නුඹට මෙය කරන්නට බැරිය » නැත කොහෙත්ම එසේ සඳහන් වන්නේ නැත. නමුත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ව්‍යවස්ථාව මාගේ මනසේ හා හදවතෙහි ලියා මාව ශුද්ධාත‍මයෙන් පුරවා මා තුළින් කරවන සේක. ඉතාමත් වැදගත් පදයක් ඇත්තේය. ඔබ ඔබගේ බයිබලය පරිස්සමෙන් කියවන්නේ නම් එසකියෙල් 36 ඔබ මෙය දකින්නට ගියා. දෙවියන් වහන්සේගේ ආත්මය පැමිණුන විට කුමක් සිදුවන්නේ දැයි ඔබ දන්නෙහිද? මම ඔබට එය කියවන්නම්. එසකියෙල් 36 :27 වන පදය « මාගේ ආත්මය නුඹලා තුළ තබා ( මෙය පරණ ගිවිසුමේදී කිරීමට හැකියාවක් නොතිබුණේය. එම නිසා මෙය පෙන්තකොස්ත දවස ගැන අනාගත වාක්‍යයකි.) නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්වයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි. » මෙය « නුඹ කරව » , « නුඹ නොකරව » යන න්‍යායය නොවන්නේය. බොහෝ කිතුනුවෝ මේ න්‍යාය පැවැත්වීමට මහත් ලෙස වෙහෙස දරන්නෝය. ඉතින් ඔවුන් පරාජිතව සිටීම පුදුමයක් නොවන්නේය. ඒ අය ජීවත්වන්නේ පරණ ගිවිසුමේය. ක්‍රස්තුස් වහන්සේ කුරුසියේදී මිළයට ගත් දේ කෙරෙහි සාතන් ඔවුන්ගේ දෙනෙත් අන්ධ කර ඇත්තේය. මෙය හරියට ඔබගේ පියා අවුරුදු ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සිව හම්බ කරපු රුපියල් කෝටි ගණනක මුදලවූ ඔබේ උරුමය, කපටි නීතිඥයෙකු විසින් වංචා කරනු ලබන්නට ඉඩ හැරියාක් මෙනි. සාතන් කිතුනුවන් හට කර ඇත්තේද මෙයමය. මේ පුදුමාකාරවූ ජීවිතය සාතන් විසින් වංචාකර ඇත්තේය. මගේ ක්‍රිස්තියානි ජීවිතයේ අවුරුදු 16 ක් මුළුල්ලේම මගෙන් මේ පුදුමාකාර ජීවිතය සාතන් විසින් වංචා කරනු ලැබීය. මා මේ මහත් වංචාව දුටු මොහොතේ සිට මේ වාසනාවන්ත ජීවිතය භුක්ති විඳින්නට පටන් ගතිමි. එපමණක් නොව මගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ ඔබ වහන්සේ මට සුවය දෙන තාක් කල් සෑම ස්ථානයකටම ගොස් ඔබ වහන්සේගේ දරුවන් අහිමි කරගත් ඔවුන්ගේ උරුමය ගැන ඉගැන්වීමට අධිෂ්ඨානය කර ගතිමි.
ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් ඔඛෙන් අසන සේක. එය ඔබ මෙය කරන්නේද යන්න නොවේය. අන්ධවූ මනුෂ්‍යයන්ගෙන් ඇසුවාවූ ප්‍රශ්නයමය. එනම් « ඔබ උදෙසා මට මෙය කළ හැකි යැයි ඔබ විශ්වාස කරන්නේද? මේ වැඩය ඔබ තුළ මට කළ හැකිය කියා ඔබ විශ්වාස කරන්නේද? එසේ නැතිනම් « නුඹ කරව » « නුඹ නොකරව » යන පරණ ගිවිසුමේ න්‍යාය ඔබ තවදුරටත් උත්සාහ කරන්ට යන්නේද? අලූත් ගිවිසුමේ සම්මතයන් ඉතා උසස්‍ය. වෛශ්‍යාකම නොව තෘෂ්නාවෙන් බැලීම පවා වැරදිය. මිනි මැරීම නොව කෝපයට පත් නොවීම. ඔව් ප්‍රමිතීන් ඉතා උසස්‍ය. නමුත් මම එය ඔබ උදෙසා කරන්නෙමියි උන්වහන්සේ පවසන සේක. ප්‍රිය සහෝදර සහෝදරිය මෙය සුරංගනා කතාවක් නොවේය. මෙය සම්පූර්ණ සත්‍යයය. මම දෙවියන් වහන්සේ ඉදිරිපිට සිට ඔබ හට පවසමි මේ වෙනස මගේ ජීවිතයේ අත්දුටිමි. අත්දකින්නෙමි. දෙවියන් වහන්සේ තරාතිරම් නොබලන සේක. ඔබේ මුළු හදින්ම ඔබ මේ ජීවිතය සොයන්නේ නම් මුළු සිතින්ම විශ්වාස කරන්නේ නම් ඔබ උදෙසා උන්වහන්සේට මෙය කළ හැකිය කියා, ස්වාමීන් වහන්සේට කියා සිටින්න, ස්වාමිවු යේසුනි මගේ ජීවිතයේ සෑම කොටසක්ම ඔබ වහන්සේට විවෘත කරන්නෙමි, කිසි වැසුනාවූ දොරක් මගේ ජීවිතයේ කිසි කොටසක දැකීමට මම නොකැමැත්තෙමි. මා රූපවාහිනියේ බැලිය යුත්තේ කුමන වැඩ සටහන්ද, මා කියවිය යුත්තේ කොයි ආකාර පොත්ද, මම මගේ මුදල් කෙලෙසද වියදම් කළ යුත්තේ කියා ඔබ වහන්සේ තීරණය කරන්න. මගේ හදවතේ සෑම දොරටුවක්ම විවෘත කරමි ඔබ වහන්සේගේ ශුද්ධාත‍මයෙන් මාව පිරවුව මැනවි. මාව මේ අලූත් ගිවිසුම තුළට ගෙන ආව මැනවි ස්වාමිනී.

උන්වහන්සේ එය ඔබ හට ඉෂ්ඨ කරන සේක. ස්වර්ගීය පියාණෙනි මෙය කානාන් වලට ඇතුළු වන්නට ගිය මොහොතේ ලක්‍ෂ 6 ක් පමණ දෙනා, මෙය අපට ජයගන්නට බැරිය යෝධයන් ඉතා බලවත්‍යැයි පවසමින් හැරී ගියාක් මෙන් නොවී යොෂුවා හා කාලෙබ් මෙන් දෙවියන් වහන්සේ අපට මේ දේශය ලබා දෙන්නේය, යෝධයන් පරාජය වෙනවා ඇත යන විශ්වාස ගෙන දුන මැනවි. ඔව් ස්වාමිනි අප ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමුව ආමෙන් !