අපේ මතකය නැමැති වීඩියෝ කැසට් පටය

Article Body: 

අප වටා අපි දකින්නාවූ හා අසන්නාවූ දර්ශනයන් හා ශබ්ද වීඩියෝ කැමරාවක් කරන කොට ගෙන ඒ ආකාරයෙන්ම පටිගත කරගැනීමට දැන් අපට හැකියාව තිබේ. මේ වීඩියෝ කැසට් පටය පසුකලක දර්ශන පුවරුවක් මතට නැවත දර්ශනය කරන විට සිද්ධවුනාවූ ආකාරයටම දර්ශනය වන්නේය.

අප සියළු දෙනාටම අප ගැන දෙවියන් වහන්සේට ගණන් දිය යුතු දිනයක් එන බවට බයිබලය සඳහන් කරයි. මනුෂ්‍ය ඉතිහාසයේ බොහෝ ශතවර්ෂ ගණනාවක් තුළ විසූ මනුෂ්‍යයන් බිලියන ගාන ගැන සිතා බැලු විට, සෑම මනුෂ්‍යයකුගේම මුළු ජීවිත කාලය තුලදීම කළාවූ, කීවාවූ සෑම දෙයකම වාර්තාවක් තබා ගැනීමට දෙවියන් වහන්සේට හැකි වන්නේ කෙසේද යන්න අපට ප්‍රහේලිකාවකි. දෙවියන් වහන්සේ මේ වාර්තාව තබන්නේ එක් එක් මනුෂ්‍යයාගේ මතකය තුළය. මතකය යන්න වීඩියෝ කැසට් පටයක් මෙන් විශ්වාසවන්තව අපි කරන කියන, සිතන සෑම දේම වාර්තාගත කරන්නේය. ඒ වාගේම එය අපේ ඇතුලාන්ත ඉරියව් හා ආකල්පයන්ද වාර්තාගත කරන්නේය. මනුෂ්‍යයෙකු මැරුන විට ඔහු තම ශරීරය පොළව මතුපිට හැරදමා ගියත් ප්‍රානයේ කොටසක් වන මතකය නමැති පුද්ගලිකත්ව​ය, තම ප්‍රානයත් සමඟ මලාවූ ආත්ම යන්නාවූ ස්ථානයට යන්නේය.

අවසානයේදී විනිශ්වයේ දවස පැමිණෙන විට ඔහුගේ ප්‍රානය, වතාවක් පොළව මතුපිට තම ශරීරයව තිබුනාවූ දූවිල්ලට නැවත එකතුවී, තම මුළු ජීවිත කාලය ගැනම දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දෙන පිර්‍ණස ශරීරාකාරව නැගිට එන්නේය. ඒ දිනයේදී, විනිශ්වය පිර්‍ණස එක් එක් පුද්ගලයාගේ වාරය පැමිණෙන විට, මුළු ලොවටම පෙනෙන පිර්‍ණස ඒ එක් එක් පුද්ගලයාගේ මතකය නමැති වීඩියෝ පටය තිරයක් මතට නැවත රූපගත කර පෙන්වීම පමර්‍ණ දෙවියන් වහන්සේ හට කරන්නට සිදුවන්නේ. ඒ දර්ශනයන් හි නිරවද්‍යතාවය ගැන කිසිවෙකුට ප්‍රශ්න කිරීමට හැකියාවක් ඉතිරි වන්නේ නැත්තේ මන්දයත් එය තමාගේම මතකය තම ජීවිතයේ වාර්තාව නැවත රූපගතකර පෙන්වන්නට යන නිසාය.

මනුෂ්‍යයන් පැළඳගෙන සිටින්නාවූ විනීතකම නමැති පිටස්තර බොරු ඔපය හා ආගම නමැති වස්ත්‍රය ඉරා දමනු ලබන්ට යන අතර සැබෑවූ අභ්‍යන්තර මනුෂ්‍යයාව එවිට පෙනෙන්ට පටන් ගන්නේය. ඒ දවසේදී ආගම කරනකොට ගෙන කිසි කෙනෙකු ගැලවෙන්නේ නැත, මන්දයත් කුමන ආගමක ඉපදුනත් නැතිනම් කුමන ආගමක් අනුගමනය කලත් ඔවුන් සියල්ලෝම පව්කර ඇති බව ඉතා පැහැදිලිව දකින්ට යන්නෝය. කලාවූ යහපත් ක්‍රියා, දුප්පත් අයට එසේ නැතිනම් ආගමික ආයතන වලට මුදල් දී තිබීම පවා කිසිවෙකුව ගලවා ගැනීමට පොහොසත් නොවේ. එයට හේතුව නම් මේ කිසි ආගමික ක්‍රියාකාරීකමකට අපේ පව් ගැන ඇති වාර්තාව මකාලීමට නොහැකි වීමයි.

අප කළාවූ, කීවාවූ, සිතුවාවූ නපුරු දේවල් ගැන වාර්තාව දෙවියන් වහන්සේගේ පෙනීමෙන් සඳහටම මකාලීය හැකි එකම එක මාර්ගයක් ඇත්තේය. ඒ කරනකොටගෙන විනිශ්වය දවසේදී අපේ ඒ පසූගිය ක්‍රියාවන් නැවත වීඩියෝ පටියෙන් රූප ගතකර පෙන්වීම වලකින්නේය. අපේ යහපත් ක්‍රියාවලින් අපේ නපුරු ක්‍රියාවන් මකාලීමට කිසිසේත්ම හැකියාවක් නැත. අපි කළාවූ පව් උදේසා සාධාරනවූත් එමෙන්ම ධර්මිෂ්ඨවූත් දඬුවමක් ලැබිය යුතුමය. දිව්‍යමය ව්‍යවස්තාව තුළ අපේ පාප උදේසා නියම කර ඇති එකම දඬුවම සදාකාලීක මරණය බව ශුද්ධවූ බයිබලය පවසයි. අප එකිනෙකාගේ පාප උදෙසා මේ මරණය යෝග්‍යවේ.

අපව මේ සදාකාලීක මරණය වූ දඬුුවමින් මුදාලන පිර්‍ණසය දැනට අවුරුදු 1970 කට පමණ පෙර දෙවියන් වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස ස්වර්ගයේ සිට පොළොවට පැමිණ කුරුසියක් මතුපිට තම ජීවිතය පිදුවේ. එහිදී උන්වහන්සේ, දිව්‍යමය දඬුුවම දරා ගත්තේ මනුෂ්‍යත‍වයේ පාපය එනම් සෑම ආගමකම සෑම මනුෂ්‍යයෙකුගේම පාප උදේසාය. උන්වහන්සේගේ මෘත දේහය සොහොනක තැන්පත් කර දින තුනකට පසු, මනුෂ්‍යයාගේ විශාලතම සතුරා වන මරණය උන්වහන්සේට පරාජය කළ හැකි බවත්, සැබවින්ම උන්වහන්සේ මනුකයක් ගෙන පැමිර්‍ණ දෙවියන් වහන්සේම බවත් ඔප්පු කරමින් මළවුන්ගෙන් නැවත නැගිට්ට සේක. ඉන් දින 40 කට පසු බොහෝ අය උන්වහන්සේ දෙස බලා සිටියදීම ස්වර්ගය වෙතට ඉහළට නැගී ගියේ සියළු මනුෂ්‍යයන් විනිශ්වය කරන පිර්‍ණස නියමිත කාළයේදී නැවත පොළව මතු පිටට එන බවට පොරොන‍දු වෙමිනි. ඒ පොරොන‍දුව දුන්දා පටන් මේ වන තෙක් පුරා ශත වර්ෂ 19 ක් ගෙවී ඇති අතර දැන් උන්වහන්සේගේ නැවත පැමිණීමේ කාලය ලංවී තිබේ. අපි මේ දිනවලින් එකක උන්වහන්සේ ස්වර්ගයේ සිට පොළවට පැමිණීම අහසේ දකින්ට යන්නෙමුව.

මුළු ඉතිහාසය පුරාම මනුෂ්‍ය සංහතියේ පාපය උදේසා මැරුණාවූ එකම තැනැත්තා යේසුස් ක්‍රිස්තුස් වහන්සේමය. මළවුන්ගෙන් නැගිට්ටාවූ එකම පුද්ගලයාද උන්වහන්සේමය. මේ කාරනා දෙක තුළ උන්වහන්සේ අසමසමය. අද අපි සැබෑ ලෙස පසු තැවී අපේ පාපයන්ගෙන් හැරී, උන්වහන්සේ අපේ පාප උදේසා මැරී මළවුන්ගෙන් නැවත නැගිට්ට බව විශ්වාස කරමින්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටියොත්, අපේ පාපවලට කමාව ලබාගෙන මතකය නමැති වීඩියෝ පටියෙන් ඒවා සියල්ල මකාගත හැකිවේ. ඔබගේ පාපයන් කෙතරම් වැඩි වූවත් බරපතල වූවත් දැන් ඔබට හැකිය ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබේ ජීවිතයට හඬගසා පසුකළාවූ පාපකාරී ජීවිතයේ සටහන් මකා ගන්නට. එවිට ඔබට ඔබේ ජීවිතය පිරිසිඳුව අලූත් වාර්තාවක් ඇතිව නැවත පටන් ගන්නට හැකි වන අතර දේව දරුවෙකුද වීමට හැකිය.

මනුෂ්‍ය සංහතියට දෙවියන් වහන්සේ සැලසුම් කළාවූ එකම ගැලවීමේ මාර්ගය මෙය වේ. දැන් ඔබට එය සතු කර ගත හැක. මේ හැර ඔබට ඇති අනිත් විකල්පය නම් විනිශ්වය දවසේදී ඔබගේ මතකය නමැති වීඩියෝ කැසට් පටයෙන් ඔබගේ පාප ගැන වාර්තාව රූපගත කර පෙන්වීමට මුහුණදීම බව මතක තබා ගන්න. මේ සත්‍ය දැනගෙන සියළු පව්කරුවන් උදේසා ගිනි විලක සදාකාලික විනිශ්වයේ බරපතල කම තේරුම් ගත් නිසා සියළු දෙනා හට ආදරයෙන් අනතුරු ඇඟවීම අපගේ වගකීමකි.

දෙවියන් වහන්සේගෙන් වූ මේ පර්‍ණවුඩය අපි ඔබට පුදන්නේ සැබෑවූ ආදරයකිනි. කිසිවක් කරන පිර්‍ණස කිසිවිටෙක කිසිවෙකුහටවත් දෙවියන් වහන්සේ බල නොකරන අතර අල්ලස් ද නොදෙන නිසා අපිද එසේම කරමු. තම ජීවිතය සඳහා තමාගේ තීරණය ගැනීමට එකිනෙකා හට දෙවියන් වහන්සේ නිදහස දී තිඛෙන නිසා කිසිවෙක් ඒ නිදහස උල්ලංගනය නොකල යුතුය. අප ප්‍රධානය කරන්නාවූ දේ හරියට අපේ පිපාසාව සංසිඳවූ වතුර තවත් පිපාසිත ඕනෑම කෙනෙකු හට නොමිළයේ ප්‍රධානය කිරීමකි. කිසි කෙනෙකු එය බීමට අනිවාර්ය නැත. තේරීම සම්පූර්ණයෙන්ම ඔබගේය.

ඔබ නිවැරදිවූ තීරණයක් අද ගනීවා යන්න අපගේ ප්‍රාථීනය වන අතර ඒ කරන කොට ගෙන සදාකාල ජීවනයෙන් දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරන සේක්වා.