දෙවිඳුන්ගේ ක්‍රමයට සිදු කරන දේව සේවය

    Download Formats:

පරිච්ජේදය
හැඳින්වීම

නව ගිවිසුමේ ප්‍රමිතියට එදිරිව අද ක්‍රිස්තියානි සේවය

අද දින දෙවියන්වහන්සේගේ සේවය සිදු වන්නේ යේසුස් වහන්සේ සහ ප්‍රේරිතයන් කළ ආකාරයට නොවේය. අද ක්‍රිස්තියානි සේවාවලදී මුදල් ප්‍රධානතම සාධකය වී ඇත. නමුත් ස්වාමින් වහන්සේට සහ ඔහුගේ ප්‍රේරිතයන්ට මුදල් කිසි විටෙකත් සාධකයක් නොවීය.

යේසුස් වහන්සේ සහ ප්‍රේරිතයන් කළ ආකාරයටම අද දින දෙවියන් වහන්සේගේ සේවය කළ හැකිද? පිළිතුර ඔව් යන්නයි. සැක් පූනන් සහ ඔහුගේ සහකාර සේවකයෝ පසුගිය වසර 43 තුළ එය ඔප්පු කර ඇත.

සැක් පූනන් මෙම පොත ලිවීමට වසර 43 ක් බලා සිටියේ - ඔහුට ඔප්පු නොකළ න්‍යායන් ගැන ලිවීමට අවශ්‍ය නොවූ බැවිනි. නව ගිවිසුම් සභාවන් ගොඩනැංවීමේ දෙවියන්වහන්සේගේ ආකාරය ගැන ඔහු මේ වසර කිහිපය තුළ ඉගෙන ගත් දේ, ඔවුන් සමඟ බෙදා ගැනීමට සියලු ඇදහිලිවන්තයන්ට ඔහු ණයගැතියෙකු බවට පත් කර ඇති බව ඔහු පවසයි. මේ පොත ඒ ණය පියවීමට ඔහු ගත් උත්සාහයයි.

පරිච්ජේදය 1
කිතුනු සේවය - එදා සහ අද

මම නෝවාගේ කාලයේ ජීවත් වූවා නම්, මාගේ ජීවිතයේ ප්‍රමුඛතම දෙය වන්නේ, නෝවාට නැව සෑදීමට උදව් කිරීම පිණිස මාගේ විවේක කාලය යෙදවීමයි - මක්නිසාද​- විනිශ්චයෙන් බේරී පැවතිය හැකි එකම ඉදිකිරීම​- නැව බව මම දන්නා බැවිනි (එම කාලයේදී).

එසේ වුවද​, මට දැන් පෙනී යන්නේ, මිහිපිට මා ප්‍රමුඛත්වය දිය යුතුව ඇත්තේ, ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ගොඩ නැඟීම උදෙසා බවය​. මක්නිසාද දෙවියන් වහන්සේ මෙම වර්තමාන ලෝකය විනාශ කරන විට සභාව පමණක් පවතිනවා ඇත​. ඔබ ප්‍රඥාවන්ත නම්, ඔබත් එසේ කරනු ඇත.​

නව ගිවිසුමේ ප්‍රමිතියට එදිරිව අද ක්‍රිස්තියානි සේවය

අද මිහිමත සිදු කෙරෙන බොහෝ සේවාවන්, නව ගිවිසුමෙහි අප දකින දේ සමඟ සසඳන විට, අපට විශාල වෙනසක් දැකිය හැක. නව ගිවිසුමේ මූලධර්මවලට අනුව, සභාව ගොඩ නැඟීමට උත්සහ කරන්නේ, ඉතා සුළු පිරිසකි. සත්‍ය වශයෙන්ම, බොහෝ කිතුනු නායකයින්, අපගේ යුගයේදී, එම මූලධර්ම අනුගමනය කළ නොහැකි සහ ප්‍රායෝගික නොවන ඒවා බව සලකනු පෙනේ. එබැවින් බොහෝ කිතුනු සේවාවන් සිදු කරනු ලබන්නේ, ලෞකීක සමාගම්, ඔවුන් ගේ වැඩ කරන ආකාරයටමය - එමෙන්ම අපෝස්තළුවරුන් ක්‍රියා කළ ආකාරයට වඩා බෙහෙවින්ම වෙනස් ආකාරයටය​.

උදාහරණ කිහිපයක් පමණක් දක්වන්නේනම්

* සමාගම්, ප්‍රධාන විධායක නිලධාරීන් බඳවා ගන්නා ආකාරයටම​, සභාව විසින් දේවගැතිවරුන් බඳවා ගනිති.

* සභාවන්, දේවගැතිවරුන් හට ගෙවනු ලබන්නේ, සමාගම් ඔවුන් ගේ ප්‍රධාන විධායක නිළධාරින් හට ගෙවන ආකාරයටමය.

* බොහෝ දේවගැතිවරුන් තෝරා ගන්නේ, ලොකුම කීර්තිය තිබෙන සහ ඉහළම වැටුප ලබා දෙන සභාවන් ය. එය හරියටම​, ව්‍යාපාරික විධායක නිළධාරීන්, වැඩිම කීර්තියක් ඇති සහ ඉහළම වැටුප් ලබා දෙන සමාගම් තෝරා ගන්නාක් මෙන් ය​.

* ලෞකීක සමාගම් වල මෙන්, සභාවේ වැඩ කිරීමේදී ද​, මුදල් වැදගත් ස්ථානයකට පැමිණ ඇත.

* සමාගම් වල රැකියා සඳහා, උසස් අධ්‍යාපනය අත්‍යවශ්‍ය වන්නාසේම​, බයිබල් සෙමනේරි අධ්‍යාපනය​, කිතුනු සේවාවන් සඳහා අත්‍යවශ්‍ය දෙයක් වී ඇත​. ( මෙම ප්‍රමිතියට අනුව​, යේසුස් වහන්සේගේ ගෝලයන් එකොලොස් දෙනාගෙන් කිසිවෙක්, අද කිසිඳු කිතුනු සේවයකට සුසුදුකම් නොලබනවා ඇත!).

* බොහෝ දේවගැතිවරු, ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලේපය සහ මඟ පෙන්වීම සොයනවා වෙනුවට​, ඔවුන් ගේ සභා පවත්වාගෙන යාම පිණිස ලෞකීක කළමනාකරණ ශිල්පීය ක්‍රම අනුගමනය කරති.

* එවැනි බොහෝ ඒ හා සමාන උදාහරණ​.

අද කිතුනු ලෝකය තුළ අප දකින මේ සියල්ල සහ තවත් බොහෝ දේ, නව ගිවිසුම් සභාව සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්ම ගැන අප දකින දෙයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයකි. සභාව ලෝකය අනුකරනය කරයි - එබැවින් බොහෝ සභාවන්, එමෙන්ම සමහර දහස් ගණන් සමාජිකයන් ගෙන් සමන්විත මෙගා සභාවන්, සම්පූර්ණයෙන්ම ඉවැන්ජලිස්ත මූලධර්මය අනුගමණය කළද ඒවායේ ආත්මික මරණය රජ කරන්නේය. බබිලෝනියානු කිතුනු ධර්මය විශාල සැකැස්මකි. එහි ඉගැන්වීම්, ඉවැන්ජලිස්ත විය හැකි නමුත් එහි පැවැත්ම සහ ප්‍රමුඛතා වැරදිය. එබැවින් එය යම් දවසක දෙවියන් වහන්සේ විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබේ ( එළිදරව් 17 සහ 18 වන පරිච්ඡේද බලන්න). ​

බොහෝ කිතුනුවන්, ශු.මතෙව් 7:1; "විනිශ්චය නොකරන්න​" යන්න වරදවා වටහා ගෙන​, වෙනත් කිතුනුවන් සහ සභා වල අප දකින වැරැදි කිසිවක් විවේචනය නොකළ යුතු බව පවසති. එය "ආත්මික​" උපදෙසක් මෙන් පෙනේ - නමුත් එය එසේ නොවේය​. එළිදරව් 2 වන සහ 3 වන පරිච්ඡේද වල​, යේසුස් වහන්සේ, සභා පහට ලියන ලෙස යොහාන්තුමාට පවසන අතර​, එවායෙහි නායකයන්, ඔවුන් කළ වැරැදි ලෙස දුටු බොහෝ දේ විවේචනය කරන සේක. තවද එම ලිපි රහසිගතව තබා නොගත යුතු විය​. ස්වාමින් වහන්සේ යොහාන්තුමාට පැවසුවේ, එම පසුගාමී සභා වල සහ ඒවායේ නායකයින් ගේ තත්වය සෑම කෙනෙකුටම දැන ගැනීමටත්, තමන්ටම අනතුරු ඇඟවීමටත්, එම ලිපි එම ප්‍රදේශයේ සියලුම සභා වලට බෙදා හරින ලෙසයි. එක් සභාවකට සහ එහි නායකයින්ට​, "ඔබට ඇත්තේ, ජීවත්ව සිටින බවට නාමයක් පමණි. නමුත් සැබැවින්ම, ඔබ ආත්මිකව මිය ගොස් ඇත " යයි ලියා යවන ලෙස ස්වාමින් වහන්සේ, යොහන්තුමාට පවසා සිටිය සේක (එළිදරව් 3:1). තවත් සභාවකට සහ එහි නායකයින්ට​, යොහාන්තුමා හරහා ස්වාමින් වහන්සේගේ පණිවිඩය වූයේ; " ඔබ ආත්මිකව කාලකණ්‍නියාද​, දුක්ඛිතයාද​, දිළින්දාද​, අන්ධයාද​, නග්නව සිටින්නාද වන බවය" (එළිදරව් 3:17). ස්වාමින් වහන්සේ, පාවුල්තුමාවද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන පොලඹවා කියනු ලැබුවේ, කොරොන්ති සහ ගලාතියේ සිටි කිතුනුවන්ට, ඔවුන්ගේ සභා වල බොහෝ වැරදි පෙන්වා දෙන පිණිස ඔවුන්ට ලිපි ලියන ලෙසටය (1 කොරින්ති සහ ගලාති යැවුම් පත්‍ර බලන්න​). එය දෙවියන් වහන්සේගේ මාර්ගයයි.

යේසුස් වහන්සේ අදත් එසේමය - සභාවේ ප්‍රධානියා (හිස​) ලෙස උන්වහන්සේ, තම සේවකයන් හරහා කිතුනු නායකයින්ට සහ සභා වලට​, වැරදි හෙළිදරව් කරමින් එවැනි පණිවිඩ යැවීම දිගටම කරගෙන යන සේක​. නමුත් (පළමු සියවසේ මෙන්, අද පවා) බොහෝ නායකයින්, උන්වහන්සේගේ නිවැරදි කිරීම් පිළි නොගන්නා බව​, ස්වාමීන් වහන්සේ දන්නා සේක​. එබැවින් උන්වහන්සේගේ අවසාන වචනය වන්නේ, " ආත්මයාණන් වහන්සේ සභා වලට පවසන දේ කන් ඇත්තෝ අසාවා" යන ලෙසටය (එළිදරව් 2:7,11,17,29; 3:6,13,22). ස්වාමින් වහන්සේ පවසන දේ ස්වල්ප දෙනෙකුට ඇසෙනු ඇත. නමුත් බොහෝ දෙනෙකුට නොඇසෙනු ඇත.

ක්‍රි.ව​. 1966 මැයි මාසයේදී, දෙවියන් වහන්සේගේ කැඳවීම මත​, පූර්ණ කාලීන කිතුනු සේවයට ඇතුල්වීම සඳහා, මම නාවික නිළධාරියකු ලෙස මගේ වෘත්තියෙන් ඉවත් වූ මොහොතේදී​, කිතුනු දේව සේවයේ යෙදී සිටින සෑම කෙනෙකුම ස්වර්ගීය මනසක් ඇති, ආත්මයෙන් ආලේප ලත් පුද්ගලයින් යන සංකල්පනය මට තිබුණු අතර​, වසර කිහිපයකින්ම මම වැරැදි බව මට වැටහුනේය.

තමාගේම අත් වලින් වැඩ කර මූල්‍යමය වශයෙන් තමාටම ආධාර කර ගනිමින්, එක් එක් ප්‍රදේශ වල දේශීය සභා රෝපණය කරමින්, ගොඩනැඟූ අතර, තමාම වෙනුවෙන් කිසිවක් නොසෙව්වාවූ ප්‍රේරිත පාවුල්තුමා මෙන් සේවය කරන්නා වූ කිතුනු සේවකයන් මට මුණගැසුණේ ඉතාමත් අල්පයකි. ඒ වෙනුවට මා දුටුවේ, මුදල්, ගෞරවය​, කීර්තිය සොයන දේශකයන්ය​. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පාවුල්තුමාගේ කාලයේ සිටි දේමස් මෙන් තමන්ගේම ලාභය සෙවූහ (2 තිමෝති 4:10). පාවුල්තුමාගේ කාලයේදි තිමෝති වැනි පරාර්ථකාමී මනුෂ්‍යයන් දුර්ලභ විය (පිලිප්පි 2:19-21). එවන් අය අද ද දුර්ලභය​.

ක්‍රි.ව​. 1975 ජනවාරි මාසයේදී, දෙවියන් වහන්සේ මා හා සම්මුඛ වී, ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් මාව නැවත අලුතින් පිර වූ සේක​. මෙය මට​, පාවුල්තුමා අත්විඳින ලද ජයග්‍රාහී ජීවිතය ගත කිරීමට සහ සමහර පරිච්ඡේදවල ඔහු විසින් මෙසේ සදහන් කරන ජීවිතය වන : "ක්‍රිස්තුස් වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ" ; "ක්‍රිස්තුස් වහන්සේ තුළ අතිශයින්ම ජයගන්නෝ (2 කොරින්ති 2:14; රෝම 8:37) යන ජයග්‍රාහී ජීවිතය ගත කිරීම සඳහා උන්වහන්සේව ඉතා උනන්දුවෙන් සෙවීමට හේතු විය.

මාස හතකට පසු (ක්‍රි.ව​. 1975 අගෝස්තු මසදී) සහභාගීකම සඳහා එකට එක් වීමට සහ ජයග්‍රාහී ජීවිතයක් ගත කිරීමට බලය ලබා ගැනීම සඳහා දෙවියන් වහන්සේ සෙවීමට කැමති ඕනෑම කෙනෙකුට අපි, මාගේ නිවසේදී රැස්වීමක් ආරම්භ කළෙමු. ඊලඟ වසර කිහිපය තුළදී, සමහර අය පැමිණ නැවත ගියහ. නමුත් කිහිප දෙනෙකු රැඳී සිටියහ​. අපිව වෙනත් කිතුනුවන් විසින්, බෙදුම්වාදීන් සහ මිථ්‍යාදෘෂ්ඨිකයන් ලෙස හැඳින් වූහ​. නමුත් එම හංවඩු ගැසීම අප හට බාධා නොකළේ, යේසුස් වහන්සේ සහ පාවුල්තුමාද​, ඔවුන් ගේ ජීවිත කාලය තුළ බෙදුම්වාදීන් සහ මිථ්‍යාදෘෂ්ඨිකයන් ලෙස සලකනූ ලැබූ බව අප දැන සිටි බැවිනි. ඇත්ත වශයෙන්ම​, අද දින අනාගතවක්තෘවරුන් සහ ප්‍රතිසංස්කරණවාදීන් ලෙස අප පිළි ගන්නා, දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම සේවකයන් බොහෝ දෙනෙක්, ඔවුන් ගේ ජීවිත කාලය තුළ​, බෙදුම්වාදීන් සහ මිථ්‍යාදෘෂ්ඨිකයන් ලෙස සලකනු ලැබූ බව අපි දකින්නෙමු.​

අපි මගේ නිවසේ සෑම සතියකටම බොහෝ වාරයක් මුණ ගැසුණෙමු. සෙමෙන් ස්වාමින් වහන්සේ අපව​, "ඇදහිළිවන්තයන් ගේ සහභාගීකම" ලෙස පැවතීමෙන් වෙනස් කර​, නව ගිවිසුම් සභාවක් බවට ගොඩ නැඟූ සේක​. වසර හතක් තුළ​, ස්වාමින් වහන්සේ අපව​, ඉන්දියාවේ බැංගලෝරයේ එක් කොනක සඟවා තබමින්​, නව ගිවිසුමෙහි කිතුනු ධර්මයේ යථාර්තය අත් විඳීමට අප හට කාලය ලබා දුන් සේක​.

ඉන්පසුව​, ක්‍රි.ව​. 1983 සිට, ස්වාමින් වහන්සේ ඉන්දියාව පුරාම​, නව ගිවිසුම් සභා ගණනාවක් - එහි දිළිදුම ගම්මාන වල සේම ධනවත්ම නගර වල පවා ස්ථාපනය කිරීමට පටන් ගත් සේක. වසර කිහිපයකට පසු, උන්වහන්සේ අපව වෙනත් රට වලට රැගෙන ගොස්, එවැනිම සභා රෝපනය කළ සේක​.

අන්ධකාරයේ බලවේග​, විවිධ ආකාර වලින් අපට පහර දී ඇත​. නමුත් ස්වාමින් වහන්සේ අප මධ්‍යයේ ගොඩ නඟන ලද සභා වලට එරෙහිව කිසිවිටෙකවත් ජය ගැනීමට ඔවුන්ට නොහැකි විය​.

මම මෙම පොත ලිවීම සඳහා වසර 43 ක් බලා සිටියෙමි - මක්නිසාද​, මා හට සනාථ කළ නොහැකි සිද්ධාන්ත ලිවීමට අවශ්‍ය වූයේ නැති බැවිනි. අපගේ දේව සේවයට ස්වාමින් වහන්සේගේ ආශීර්වාදය, උන්වහන්සේගේ වචනයෙන්, උන්වහන්සේ මා හට ලබා දී ඇති විස්මිත හෙළිදරව් කිරීම් සහ උන්වහන්සේ ආශ්චර්‍යමත් ලෙස රෝපණය කරන ලද සභා රාශීය, යන මේ සියල්ල, නව ගිවිසුම් සභා ගොඩ නැඟීමේදී, දෙවියන් වහන්සේගේ මාර්ග ගැන මා ඉගෙන ගත් දේ, ඔවුන් සමඟ බෙදා ගන්නා පිණිස සියලු ඇදැහිලිවන්තයන්ට මා ණයගැතියෙකු කර ඇත​.​

මෙම පොත එම ණය ගෙවීමට දරණ වෑයමකි,

මෙම පොත ලියා ඇත්තේ, තම එදිනෙදා ජීවිතයේදී, යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමණය කිරීමටත්, දෙවියන් වහන්සේගේ මහිමය සඳහා නව ගිවිසුම් සභා ගොඩ නැඟීමේදී, ප්‍රෙරිතයන්ගේ ආදර්ශය අනුගමණය කිරීමටත් දැඩි ආශාවක් ඇති අය සඳහාය​.

පරිච්ජේදය 2
නව ගිවිසුමේ දේව සේවයේ රටාව

"යේසුස් වහන්සේ පළමුව ක්‍රියාවෙන් පෙන් වූ අතර​, පසුව ඉගැන්වූ සේක​" (ක්‍රියා 1:2).

පැරැණි ගිවිසුම යටතේ, අනාගතවක්තෘවරුන් දේශනා කළ පණිවිඩය​, ඔවුන් පෞද්ගලිකව ගත කළ ජීවිතයට වඩා බෙහෙවින් වැදගත් ය​. නමුත් යේසුස් වහන්සේ පැමිණි විට​, උන්වහන්සේ මුලින්ම ජීවත් වූ අතර​, පසුව එම කාලය තුළ උන්වහන්සේ කළ දේ පමණක් දේශනා කළ සේක​.

පැරැණි ගිවිසුමෙහි අනාගතවක්තෘවරුන් ගේ ආරාධනය වූ "ස්වාමින් වහන්සේගේ පණිවිඩයට පැමිණ, සවන් දෙන්න​" යන්න වෙනුවට, නව ගිවිසුමේ කිතුනුවන් ගේ ආරාධනය බවට ප්‍රතිස්ඨාපනය කර ඇත්තේ, " ස්වාමින් වහන්සේ අපගේ ජීවිත වෙනස් කර ඇති ආකාරය​, පැමිණ බලන්න" යන ලෙසටය​.

නව ගිවිසුමේදී, අන් අය හට උන්වහන්සේගේ මාර්ග ඉගැන්වීමට පෙර​, දෙවියන් වහන්සේ අපගේ ජීවිතය තුළ ක්‍රියා කරන බව අප මුලින්ම අත් දැකිය යුතුය​. මෙය ජයග්‍රාහී ජීවිතයක් ගත කිරීමට මෙන්ම, දේශීය සභාවන් ගොඩ නැඟීමේ ස්වාමින් වහන්සේගේ සේවය කිරීමටද අදාළ වේ.

යේසුස් වහන්සේ පැවසුවේ, උන්වන්සේ ගොඩ නඟන ලද සභාව​, අන්ධකාරයේ බලවේග අභිබවා යන බවයි (ශු. මතෙව් 16:18). ඇදහිළිවන්තයන් ජයග්‍රාහී ජීවිතයකට ගෙන යාමට සහ මෙම සභාව ගොඩනැඟීමට​, පාවුල්තුමා තම ජීවිතය වැගිරෙව්වේය​. තිමෝතිද එසේම විය​.

ස්වාමින් වහන්සේ තම ප්‍රේරිතයන්ට දුන් මහා ආඥාවෙහි කොටස් දෙකක් තිබේ.

1. සකල ජනතාවට ශුභාරංචිය දේශනා කරන්න (ශු.මාර්ක් 16:15,16).​

2. ඔවුන්ව ගෝලයන් කර, යේසුස් වහන්සේ ඔවුන් හට ඉගැන් වු සියල්ල එම

ගෝලයන්ට උගන්වන්න (ශු.මතෙව් 28:18-20).

යේසුස් වහන්සේ පැවසුවේ පළමු කොටස (ඉවැන්ජලිස්ත දේව සේවය​), ස්වාභාවෝත්තර ලකුණු මඟින් සිදු වන බවයි (ශු. මාර්ක් 16:17,18). දෙවන කොටස (ගෝලයන් සෑදීම​) යන්න​, ස්වභාවෝත්තර ලකුණු වලින් නොව​, උන්වහන්සේගේ සියලු ආඥා වලට කීකරු වීමට ගෝලයන් හට ඉගැන්වීම අනුගමනය කළ යුතු බවයි (ශු.මතෙව් 28:20). ලොව පුරා සිටින බොහෝ ඇදහිලිවන්තයන් විසින් ඉවැන්ජලිස්ත්ත සේවය​(ක්‍රිස්තුස් වහන්සේ වෙත හැරැවීම​) සිදු කරති. නමුත් දෙවන කොටස වන ගෝලයන් සෑදීම බොහෝ දුරට නොසලකා හරිනු ලැබ ඇත​.

බොහෝ ඉවැන්ජලිස්ත සහ මිෂනාරිවරු, නැතිවූ බැටළුවාව නැවත ගාලට ගෙන ඒමට ඔහු පසුපසම යති - එය යහපත් වේ. නමුත් අවාසනාවකට මෙන්, ඔවුන් නැතිවු බැටළුවන් ගෙන එන ගාල, සාමාන්‍යයෙන් "පශ්චත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් 99 දෙනෙකුගෙන්" සමන්විත (ලූක් 15:7 හි යේසුස් වහන්සේ පැවසූ පරිදි) නොවේ. බොහෝ කිතුනු "බැටළු ගාල්" බොහෝ මිනිසුන්ගෙන් පිරී ඇති අතර​, ඔවුන් කෝපයෙන්, ලිංගික ආශාවන් ගෙන්, මුදලට ඇති ප්‍රේමයෙන් සහ වෙනත් බොහෝ ආකාරයේ ලෞකීක ස්වභාවයන්ට පරාජය වූවන් වන අතර​, ඔවුන්, අහිමි වූ බැටළු පැටවාට වඩා බොහෝ පසුතැවිලි විය යුතු ඇත්තන්ව සිටිති​!

එබැවින් විශාල අවශ්‍යතාවය වන්නේ, නැතිවූ බැටළුවන්ට​, දේව භක්තික ගාලකට පැමිණීමට හැකි වන පරිදි, ගාල් තුළ සිටින බැටළුවන් 99 දෙනා, සැබෑ පසුතැවිල්ලට සහ ධර්මිෂ්ඨ ජීවිතයකට යොමු කිරීමයි. එසේ නොමැති නම්, එම බැටළුවන් 99 දෙනාට ඇති දෑ, නැතිවී සොයා ගෙන නැවත ගෙන එන ලද බැටළුවාට ආසාධනය විය හැකිය​!

එබැවින් ස්වාමින් වහන්සේ අපගේ සභාව (ක්‍රිස්තියානි සහභාගීත්වයේ සභාව​, CFC බැංගලෝරය ඉන්දියාව​) කැඳවා ඇත්තේ, ගෝලත්වය සහ යේසුස් වහන්සේගේ සියලු ආඥා වලට කීකරු වීම අවධාරණය කිරීමටය​. අපි තවමත් ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙමුව - අපගේ සංඛ්‍යාව ක්‍රි.ව​. 1975දී, එක සභාවක පුද්ගලයන් 10කට වඩා අඩු සංඛ්‍යාවක් වූ අතර​, අද අපගේ සභා ගණනාවකම​, ඇදහිලිවන්තයන් දහස් ගණනක් දක්වා වර්ධනය වී ඇත​. නමුත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් පසු, අපි හැරුණාවූ අයව ගෝලයන් බවට පත් කිරීමට යොමු කරමු. එයට පසුව​, යේසුස් වහන්සේගේ සියලුම ආඥා වලට කීකරු වීමට​, අපි ගෝලයන් හට උගන්වන්නෙමු.​

ශු. මතෙව් 28:18-20 හි දක්වා ඇති ශ්‍රේෂ්ඨතම ආඥාවෙහි, දෙවන කොටසෙහි වැදගත් සත්‍යයන් හතක් ඇත.

1. "ස්වර්ගයේ සහ පොළොවෙහි සියලු බලය අපගේ ස්වාමීන් වහන්සේට අයත් වේ". අප ඉදිරියට ගොස් ගෝලයන් බවට පත් කළ යුත්තේ මෙම පදනම මතය. කොතැනක හෝ මිනිසුන් අතර අවශ්‍යතාවයක් අපට පෙනෙන නිසාවෙන්ම අපි සියලු ජාතීන් අතරට යා යුතු නැත. නැත. අප යා යුත්තේ යේසුස් වහන්සේට ස්වර්ගයේ සහ පොළොවෙහි සියලු අධිකාරිය ඇති බැවිනි. තවද අපි, උන්වහන්සේගේ අධිකාරියට පමණක් යටත්ව, උන්වහන්සේ අපට යන්න කියන ඕනෑම තැනකට යමු. එවිට උන්වහන්සේගේ අධිකාරීත්වය අපව ආරක්‍ෂා කරන අතර​, අප කොහේ ගියද​, අපව සුරක්‍ෂිත වනු ඇත​. අප මෙය විශ්වාස නොකරන්නේ නම්, අප නොයා යුතුය​. මන්ද එවිට අපට දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට නොහැකි වන බැවිනි.

2. " ගෝලයන් කරන්න​". ශු.ලූක් 14:26,27 සහ 33 හි, යේසුස් වහන්සේ ප්‍රකාශ කළ, එනම් යේසුස් වහන්සේට වඩා කෙනෙකුගේ ඥාතීන්ට ප්‍රේම කිරීම, යේසුස් වහන්සේට වඩා තමන්ටම ප්‍රේම කිරීම සහ යේසුස් වහන්සේට වඩා වස්තුවට ප්‍රේම කිරීම යන ගෝලත්වයේ කොන්දේසි තුන ප්‍රකාශ කිරීමේදි, අපි සම්මුතියක් ඇති නොකර ගත යුතුය​.

3. "සියලු ජාතීන් තුළ​". මෙම ගෝලත්වයේ පණිවිඩය සමඟ අපි හැකි සෑම ආකාරයකින්ම ලෝකයේ බොහෝ ප්‍රදේශ වලට ලඟා විය යුතුය​. අපගේ උපන් නගරයේ ගෝලයන් කිහිප දෙනෙකු සෑදීමෙන් පමණක් අප සෑහීමකට පත් නොවිය යුතුය​.

4. "පියාණන් වහන්සේගේත්, පුත්‍රයාණන් වහන්සේගේත් සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේත් නාමයෙන් ඔවුන් බෞතිස්ම කරන්න​". අපි නිර්ලජ්ජිතව​, දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් ලෙස ප්‍රකාශ කළ යුතුය - තවද අප බෞතිස්ම කළ යුත්තේ, යේසුස් වහන්සේගේ ගෝලයන් වීමට කැමති අයව පමණි - ඔවුන් ගේ පාප වලට සමාව ලබා ගැනීමට පමණක් කැමති අයව නොවේය​.

5. "යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ලටම කීකරු වීමට ඔවුන් හට උගන්වන්න​". ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළ සෑම ආඥාවක්ම පිළි පැදිය යුතු ආකාරය අපි සෑම ගෝලයකු හටම ඉගැන් විය යුතුය​.

6. "මම​, ඔබ සමඟ සිටිමි", යැයි ස්වාමින් වහන්සේ පවසන සේක​. අපි මෙම දේව සේවය​, අපගේ ස්වාමින් වහන්සේ සමඟ හවුල්ව කළ යුතුය - එවිට උන්වහන්සේගේ අභිමුඛය අප මධ්‍යයේ තබමින් එමෙන්ම උන් වහන්සේගේ බලයෙන් අපගේ සේවයට උන්වහන්සේගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට අපට නියත විය හැකිය​.

7. "මමද ලෝකාන්තිමය දක්වාම සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි". අපගේ ජීවිතයේ අවසානය දක්වාම​, උන්වහන්සේ අපට උපකාර කරන බවට අපට සහතික විය හැක​. නමුත් අපි, ඉහත සඳහන් කළ සෑම දෙයක්ම අපගේ ජීවිත කාලය අවසන් වන තුරුම කළ යුතු වෙමු.

* ස්වාමින් වහන්සේ අදත් ක්‍රියා කරන්නේ ඒ ආකාරයටමය​.

දෙවියන් වහන්සේගේ වචනය මෙසේ පවසයි:

"ඔබට දෙවියන් වහන්සේගේ වචනය ඉගැන්වූ ඔබගේ නායකයන් සිහි කරන්න​..... ඔවුන් ගේ ජීවිත වලින් පැමිණි සියලු යහපත් දේ ගැන සිතන්න​..... ඔවුන් කළාක් මෙන් ස්වාමින් වහන්සේව විශ්වාස කරන්න - මන්ද, ඊයෙත්, අදත්, සදාකාලයටමත් යේසුස් වහන්සේ එකාකාරමය ​.....අමුතු, නව අදහස් වලට ආකර්‍ෂණය නොවන්න​..." ( හෙබ්‍රෙව් 13:7-9 - ජීවමාන බයිබලය​).​

ඉහත සඳහන් පද නිවැරදිව අනුගමණය කිරීමට අපි උත්සාහ කළෙමු.

* දෙවියන් වහන්සේගේ වචනය අපට උගන්වා ඇති අපගේ නායකයන් ලෙස

අපි පළමු ප්‍රේරිතයන් පිළිගත්තෙමු.

* ඔවුන් කළ යහපත් ක්‍රියා අපි අලුත් ගිවිසුමෙහි පොත් පිටු වලින් දුටුවෙමු.

* අපි ඔවුන් කළාක් මෙන් ස්වාමින් වහනසේව විශ්වාස කළ අතර​, අප අතරත්

එවැනිම කාර්‍යයන් සිදු වන බව අපි දුටුවෙමු - මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා මෙන්ම අදත් එකාකාරව සිටින බැවින් ය​.

* අප අවට කිතුනු ලෝකය තුළ අප දුටු කිතුනු කාර්‍යයන් කිරීමේ "අමුතු නව ක්‍රම" මඟින් අපව ඉවතට ඇද ගෙන යාමට අපි ඉඩ නොදුන්නෙමු.

දෙවියන් වහන්සේට​, ඔබ තුළින් ද එවැනිම කාර්යයන් කළ හැකි බව විශ්වාස කිරීම පිණිස​, ඔබගේ ඇදහිල්ල ශක්තිමත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු - මන්ද දෙවියන් වහන්සේට කිසිඳු භේදයක් නොමැති බැවිනි. උන්වහන්සේ සෑම තැනකම​, සෑම පරම්පරාවකම වෙහෙස මහන්සි වී උන්වහන්සේ සොයන සියල්ලන්ටම විපාක දෙන තැණැන්වහන්සේය (හෙබ්‍රෙව් 11:6).

* අපෝස්තළුවරුන්ගේ ආදර්ශය අනුගමනය කිරීම​

තමා සමග සමකාලීනව සිටි අනෙක් දේශකයන්ට වඩා උසස් ප්‍රමිතියකින් ජීවත්වීමට ස්වාමීන් වහන්සේ පාවුල්තුමා හට හැකියාව ලබා දුන්නේ කෙසේදැයි තම යැවුම්පත්‍ර මගින් අප හට දන්වන පිණිස ශුද්ධාත්මයාණන් වහන්සේ ඔහුව දේවානුභාවයෙන් පෙළඹවීය. ඔහු පැවසුවේ, " මේ මාගේ පාරට්ටු කිරීම නවත්වන්නට කිසිවෙකුට ඉඩ නාරින්නෙමි. මම කරන දේ දිගටම කරගෙන යන්නෙමි - මම එය කරන්නේ දෙවියන් වහන්සේගේ වැඩ අපි කරන ආකාරයටම කරනවා යැයි පුරසාරම් දොඩමින් ප්‍රස්ථාවක් සොයන්නවුන් ගේ ප්‍රස්ථාව සිඳ දමන පිණිසය. දෙවියන් වහන්සේ කිසිවිටෙකවත් එවැනි මනුෂ්‍යයන්ව එව්වේ නැත​; එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය​, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන් යැයි සිතීමට ඔබව රවටා ගත් 'වංචාකාර​' සේවකයෝය​" ( 2 කොරින්ති 11:10-13 TEV සහ ජීවමාන බයිබලය​).

පාවුල්තුමාව​, ඔහුගේ කාලයේ සිටි අනෙකුත් දේශකයන් සමඟ සංසන්දනය කරන විට​, එය හිස් පාරට්ටු කර ගැනීමක් නොවේය​. ඊට පටහැනිව එය දෙවියන් වහන්සේට මහත් මහිමයක් ගෙන දුන් බලවත් සාක්‍ෂියකි; එය ඔහුගේ කාලයේ සිටි ඇදහිලිවන්තයන්ට, ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට අභියෝග කළේය​.

ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආනුභාවයෙන් (දෙවියන් වහන්සේගේ කාර්‍යය කරන සියල්ලටම තිබිය යුතු වූ) පාවුල්තුමාගේ මෙම ආත්මික පාරට්ටු කිරීම සහ පරිසිවරුන් ගේ ලෝකාකාර පුරසාරම් දෙඩවීම (ශු.ලූක් 18:10-14) අතර වෙනසක් ඇති අතර​, ඔවුන් ආත්මික උඩඟුකමෙන් යුත් අභිමානයෙන් ( අපි සියල්ලෝම පිළිකුල් කළ යුතු වූ) සිටිති.

"මා ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන්නාක් මෙන්, මාව අනුගමනය කරන්න​" (1කොරින්ති 11:1; පිලිප්පි 3:17) යයි ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආනුභාවය නිසා පාවුල්තුමාට පැවසිය හැකි විය​. එබැවින් පාවුල්තුමාගේ ජීවිතය සහ දේව සේවය කිතුනුවන්ට අනුගමනය කිරීමට ආදර්ශයක් ලෙස ලබා දී ඇත​. පාවුල්තුමා, ඔහුගේ අලුත් ගිවිසුමේ දේව සේවය ඉටු කළේ කෙසේද?

පාවුල්තුමාට, දෙවියන් වහන්සේගෙන් අද්විතීය කැඳවීමක් තිබුණි. ඔහුගේ සේවය ද්විප්‍රකාර විය.

1). පළමුවෙන්ම ඔහු, ක්‍රිස්තුස් වහන්සේ ගැන කිසිදා අසා නොතිබුණු ස්ථාන වල,ශුභාරංචිය ප්‍රකාශ කළ​, පුරෝගාමි ඉවැන්ජලිස්ත්තවරයෙකි. ඔහු පැවසුවේ, "මාගේ අභිලාෂය වූයේ, වෙනත් කෙනෙකු විසින් දැනටමත් සභාවක් ආරම්භ කර ඇති තැනට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ නාමය මෙතෙක් නොඇසුණු තැන් වල දේශනා කිරීමයි" (රෝම 15:20- ජීවමාන බයිබලය​).

2). දෙවනුව​, මිනිසුන් ගේ පැරණි ගිවිසුම් රැස්වීම් පමණක් පැවති ස්ථාන වල​, නව ගිවිසුම් සභා රෝපණය කළ ප්‍රේරිතයකු වූයේ පාවුල්තුමාය​. කොරින්ති සභාවට ඔහු පැවසූවේ, " පිරිසිදු කන්‍යාවකු මෙන්, ක්‍රිස්තුස් වහන්සේ වන එක පුරුෂයකුට පාවාදීම පිණිස මා විසින් විවාහ බස් දුන් බැවින් දිව්‍ය වූ ජ්වලිතයෙන් නුඹලා ගැන ජ්වලිතව සිටිමි" යන ලෙසටය ​( 2 කොරින්ති 11:2).

පාවුල්තුමාගේ දේව සේවයේ පළමු කොටසේදී ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීම​:

බොහෝ දේව භක්තික මිෂනාරීවරුන් ශත වර්‍ෂ ගණනාවක් පුරා පුරෝගාමී ඉවැන්ජලිස්ත්ත දේව සේවය සඳහා දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබූ අතර​, පාවුල්තුමාගේ ආදර්ශය අනුගමනය කරමින්, ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකශ කර ඇති අතර​, මෙය සිදු කළේ විශාල පුද්ගලික මිලයක් ගෙවමින් ය​. එලෙසම තවත් බොහෝ මිෂනාරීවරුන් (එතරම් ප්‍රසිද්ධ නැති) අදටත් මෙම කාර්යයේ, නියැලී සිටිති. මම ඔවුන් සියලු දෙනා ගැනම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතර​, ඔවුන් කෙරෙහි මා හට ලොකු ගෞරවයක් ඇත. මන්ද දෙවියන් වහන්සේ​, පුරෝගාමී ඉවැන්ජලිස්තවරයකු වීමට මා නොකැඳ වූ සේක. කෙසේ වෙතත්, අද සිටින සුප්‍රසිද්ධ ඉවැන්ජලිස්තවරුන්, පාවුල්තුමා කළාක් මෙන්, පුරෝගාමී ඉවැන්ජලිස්ත සේවය කරන්නේ නැත​. ඔවුන් සියල්ලෝම දැනටමත් දහස් ගණනක් කිතුනුවන් සිටින සහ බොහෝ සභා තිබෙන ප්‍රදේශ වල ශුභාරංචිය දේශනා කරති.

පාවුල්තුමාගේ දේව සේවයේ දෙවන කොටසේදී පාවුල්තුමාගේ ආදර්ශය අනුගමනය කිරීම:

දෙවියන් වහන්සේ, මා සහ අපගේ සභා කැඳවා ඇත්තේ, පාවුල්තුමාගේ දේව සේවයේ දෙවන කොටස ඉටු කිරීමටය - පැරැණි ගිවිසුම් සභා තිබූ ස්ථාන වල නව ගිවිසුම් සභා පිහිටුවීමටය​. මට ලියන්නට පුළුවන් සියල්ල ඒ ගැන පමණි. - මක්නිසාද ස්වාමින් වහන්සේ අප තුළින් කර ඇත්තේ එයයි.

නව ගිවිසුම් සභා පිහිටුවීමේ දේව සේවයේදී, පාවුල්තුමා දුටු සහ වලක්වා ගත් අන්තරායයන් දෙකක් තිබේ:

* වස්තුවේ (මුදලේ) ඇති අන්තරාය​:

යේසුස් වහන්සේ පැවසුවේ, අපට​, දෙවියන් වහන්සේට සහ මුදල් (වස්තුව​- ධනය​)යන දෙකටම සේවය කළ නොහැකි බවයි (ශු.ලූක් 16:13). එබැවින් පළමුවෙන්ම​, පාවුල්තුමා සොයා බැලුවේ, දෙවියන් වහන්සේට පමණක් සේවය කළ හැකි වන පිණිස ඔහුගේ ජීවිතයට සහ දේව සේවය කෙරෙහි ඇති මුදල් බලය නැති කර ගැනීමටයි. අපි මෙහිදී, පාවුල්තුමාගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කළෙමු.

* මානව ආධිපත්‍යයේ ඇති අන්තරාය​.

දෙවන අන්තරාය නම්, සභාවේ ඇති ක්‍රිස්තුස් වහන්සේගේ මූලිකත්වය​, මනුෂ්‍යයා විසින් ප්‍රතිස්ථාපනය කිරීමයි. පාවුල්තුමා විසින් රෝපණය කරන ලද සභා කෙරෙහි, දෙවියන් වහන්සේ විසින් ඔහුට, අපෝස්තලික අධිකාරයක් ලබා දුන් සේක. නමුත් ඔහු, එහි අධිකාරිත්වයේ සීමාව තුළ රැඳී සිටීමටත්, සභා වල සිටින වැඩිමහල්ලන්ට සහ ඇදහිලිවන්තයන්ට, ඔවුන්ගේ හිස ලෙස, ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඍජු සම්බන්ධයක් ඇති බවට සහතික වීමටත් ප්‍රවේසම් විය. අපි මෙහිදී, පාවුල්තුමාගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කළෙමු.

* මුදල් අවධානම ජය ගැනීම​.

1. පාවුල්තුමා තම මූල්‍යමය අවශ්‍යතාවයන් තමාම සපයාගත් අතර​, ඔහුගේ ජීවනෝපාය උදෙසා කිසිම මනුෂ්‍යයකු මත යැපුණේ නැත (ක්‍රියා 20:33,34). ස්වාමින් වහන්සේගේ සේවකයෙකුට​, ඔහුගෙන් සේවය ලබන්නාවූ අයගෙන් නිසැකවම සහාය ලබාගත හැකිය ​(1 කොරින්ති 9:6-14). නමුත් ඔහු, තම කාලයේ සිටි ගිජු ​, මුදලට ප්‍රේම කරන්නාවූ දේශකයන්ට වඩා වෙනස් බව පෙන්වීමට​, පාවුල්තුමා තම අවශ්‍යතාවයන් තමාම සපුරාලාගන්නට තීරණය කළේය​(1 කොරින්‍ති 9:15-19; 2 කොරින්ති 11:12,13). ඉන්දියාවේ බොහෝ "දේවගැතිවරුන්"ද​, ලෝභ​, ගිජු සහ මුදලට ලැදි අය බව අපට පෙනී ගියේය​. එබැවින්, ඔවුන්ගෙන් වෙනස් වීමට​, අපගේ සියලුම සභා වල සිටින අපගේ සියලුම වැඩිහිටියන් තීරණය කළේ, අපටම මූල්‍යමය වශයෙන් සහය වීමට සහ කිසිම මනුෂ්‍යයෙකු මත යැපීම නොකළ යුතු බවයි. අපගේ ජීවනෝපාය සඳහා අපි සැවෝම මෙම අවුරුදු ගණනාව පුරාම වැඩ කළේ එසේය.

2. යේසුස් වහන්සේ මෙන් පාවුල්තුමාද​, දෙවියන් වහන්සේට හැර, කිසිවිටෙක වෙන කිසිවෙකුට තම මූල්‍ය අවශ්‍යතා ගැන සඳහන් කළේ නැත . ඒ වෙනුවට​, ඔහු දිළිඳුන් හට​, මුදල් දීමට ඇදහිලිවන්තයන් දිරිමත් කළේය ( 1 කොරින්ති 16:12; 2කොරින්ති 8 සහ 9 වන පරිච්ඡේද​). අපගේ සභාද​, එම ආදර්ශය අනුගමනය කර ඇත​. අප කවරදාකවත් අපගේ අවශ්‍යයතාවයන් ගැන කිසිම මනුෂ්‍යයෙකුට පවසා නැත​. දිළිඳු ඇදැහිලිවන්තයන්ට උපකාර කිරීම සඳහා අප රුපියල් මිලියන ගණනක් ලබා දී ඇත. යේසුස් වහන්සේ අපට පැවසුවේ, අපගේ පඬුරු රහසිගතව ලබා දෙන ලෙසයි (ශු.මතෙව් 6:4). ඒ නිසා අපි මෙම වසර 43 පුරාවටම අපගේ කිසිම සභාවක​, මුදල් එකතු කිරීම සඳහා පඬුරු මල්ලක් කවරදාකවත් අතින් අත යවා නැත ​. ඇදහිලිවන්තයන්ට ඔවුන් ගේ පඬුරු රහසිගතව ලබා දීමට හැකි වන පරිදි, අපි අපගේ රැස්වීම් ශාලාවල පිටවීමේ දොරටු අසල පඬුරු පෙට්ටි තැබුවෙමු ( අප ශු. මාර්ක් 12:41-44 හිදී කියවන්නාක් මෙන්). දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන අයට පමණි (2 කොරින්ති 9:7). එබැවින් අපි කවදාවත් කිසිම අයෙකුට පඬුරු පෙට්ටි වලට මුදල් දමන ලෙස පවසා නැත​. අපගේ සභා වල සියලුම දීමනා ස්වේච්ඡාවෙන් සිදු කර ඇත​. අප දහස් ගණනක් ඇදහිලිවන්තයන් සහභාගී වූ ඉන්දියාව තුළ සම්මන්ත්‍රණ 200 කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇත. ඒ සෑම එකකදීම​, අපි යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමණය කර තිබුණි.කිසිම කෙනෙකුගෙන්, කිසිම මුදලක් ඉල්ලනේ නොමැතිව​, ජන සමූහයකට නොමිලයේම කෑම සපයා දෙන ලදී.​

3. පාවුල්තුමා කිසිවිටෙකවත් ශුභාරංචිය ප්‍රචාරය කිරීමට පවා කිසිවෙකුගෙන් මුදල් ඉල්ලා සිටියේ නැත​. ​ඔහු කිසිවිටෙකවත්, තම වැඩ කටයුතු සඳහා මුදල් අවශ්‍ය බවට ඉඟි කරමින් පුද්ගලයන් හට ඔහුගේ කාර්යයන් පිළිබඳව කිසිඳු වාර්තාවක් යවා නැත​. එසේම අපි කිසිවිටෙක ශුභාරංචිය ප්‍රචාරය කිරීමට කිසිවෙකුගෙන් මුදල් ඉල්ලා නැත​. අපි මෙම වසර 43 තුළ​ , අපගේ වැඩ පිළිබඳව එකම එක වාර්තාවක් කිසිවෙකුට හෝ කොතැනකත හෝ යවා නැත . කිසි මනුෂ්‍ය පෙළඹවීමකින් තොරව අපගේ කාර්යයට සහාය වීමට ස්වාමීන් වහන්සේම ඇදහිලිවන්තයන් පොළඹවා ඇත​. අපි යේසුස් වහන්සේගේ සහ පාවුල්තුමාගේ ආදර්ශය අනුගමනය කර ඇත - ඔවුන් ස්වාමින් වහන්සේගේ කාර්යය සඳහා දීමනා ලබා ගත් ආකාරය​. (අපි ශු. ලූක් 8:2; 2 කොරින්ති 11: 7-9; පිලිප්පි 4:12-19 හි කියවන්නෙමු).​

4. පාවුල්තුමා, ඔහුගේ දේවසේවය සඳහා ඕනෑම කෙනෙකුගෙන්ම දීමනා පිළිගත්තේ නැත​. ඔහු ත්‍යාග පිළිගත්තේ, සමහර ඇදහිලිවන්තයන්ගෙන් පමණි(පිලිප්පි 4:15-19). ඔහු , දීමනා භාරගන්නේ කවුරුන් ගෙන් ද යන්න තීරණය කරන සමහර මූලධර්ම ඔහුට තිබුණි. සභාවක් ලෙස අපද අනුගමනය කර ඇත්තේ, එම ම ප්‍රතිපත්තියයි. අපගේ සභාවට මුදල් දීමට පෙර සෑම කෙනෙකුටම​, තමාගෙන්ම ඇසිය යුතු ප්‍රශ්ණ පහක ලැයිස්තුවක් අපි සකස් කළෙමු: ( මෙම ලැයිස්තුව අපගේ වෙබ් අඩවියේ ඇත: ​http://www.cfcindia.com/our-financial policy).

  1. ඔබ​ , නැවත උත්පාදනය ලැබූ , දෙවියන් වහන්සේගේ දරුවෙක්ද ? මිහිමත​, දෙවියන් වහන්සේගේ කාර්යයට සහයෝගය දැක්වීම මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයකි; නමුත් එම වරප්‍රසාදය ලබා දී ඇත්තේ, උන්වහන්සේගෙන් උත්පාදනය ලැබූ දරුවන්ට පමණි (3යොහන්7).
  2. ඔබගේ පවුලේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදලක් ඔබ සතුව තිබේද​ ? ඔබගේ දීම නිසා, ඔබගේ පවුලේ කිසිඳු මූල්‍යමය පීඩනයකට ලක් නොවන බව ඔබට විශ්වාසද​? ඔබ​, මුලින්ම ඔබගේ පවුලේ අවශ්‍යතා ගැන සැලකිලිමත් විය යුතුය ( ශු. මාර්ක් 7:9-13 සහ 1 තිමෝති 5:8 බලන්න​). ස්වර්ගයේ සිටින අපගේ පියාණන් වහන්සේ ඉතා ධනවත් වන අතර (ඕනෑම ධනවන්තයකුට වඩා), උන්වහන්සේගේ වැඩට මුදල් ලබා දුන් පමණින්, ඔහුගේ දරුවන් කිසිඳු ආකාරයකින් කුසගින්නේ හෝ දුක් විඳීමට සිඳු වනවාට උන්වහන්සේ කැමති නැත​.
  3. ඔබට ගෙවීමට විශාල ණය තිබේද ​? එසේ නම් පළමුව එම ණයෙන් නිදහස් වන්න​. දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ, තම දරුවන් සියලු ණය වලින් නිදහස්ව විවේකී ජීවිතයක් ගත කිරීමය ( රෝම 13:8 බලන්න​). දෙවියන් වහන්සේට කිසිවක් දීමට පෙර​, අප මුලින්ම​, "සීසර්" හට දිය යුතු දේ දිය යුතුය​, මන්ද දෙවියන් වහන්සේ, අප උන්වහන්සේට "සීසර්ගේ" මුදල් හෝ වෙනත් කෙනෙකුගේ මුදල් ලබා දෙනවාට කැමති නැති බැවිනි. ශු. මතෙව් 22:21 හි යේසුස් වහන්සේ එය ඉතා පැහැදිලිව පෙන්වා දුන් සේක. ( සටහන: නිවාස ණයක් යනු "ණය" නොවේ - මෙම පද වල තේරුම, නිවස යනු ඔබ සතු වත්කමක් වන අතර, එය ලබා ගත් ණයට සමාන වටිනාකමක් ඇත. එම හේතුව නිසාම, වාහනයක ණයක් ද ණයක් නොවේ - ගත් ණයෙහි වටිනාකමට වාහනය රක්‍ෂණය කර ඇත්නම්).
  4. ඔබ හට නිරවුල් හෘද සාක්‍ෂියක් තිබේද ​? ඔබ යම් අයෙකු සමඟ​, යම් ආකාරයකින් සමාදාන වීමට ඔබ​, ඔබගේ උපරිමය කර තිබේද​? යමෙකුට රිදවා ඔහුගෙන් සමාව නොගත් කිසිවෙකුගෙන්, දෙවියන් වහන්සේ කිසිම පූජාවක් පිළිගන්නේ නැත ( ශු.මතෙව් 5:23 , 24).​
  5. ඔබ දෙන දේ , නිදහසෙන් සහ ප්‍රීතියෙන් දෙනවාද ​? - කිසිවෙකුගේ හෝ ඔබේම හෘද සාක්‍ෂියේ පීඩනයට යටත් නොවී? දෙවියන් වහන්සේ ප්‍රිය කරන්නේ, සතුටූ සිතින් දෙන අයට මිස​, අකැමත්තෙන් දෙන අයට නොවේ. පීඩනය යටතේ දෙන අයගෙන් හෝ යම් වගකීමක් ඉටු කිරීම සඳහා දෙන අයගෙන් හෝ ඔවුන්ගේ හෘද සාක්‍ෂි ලිහිල් කිරීමට පමණක් ලබා දෙන අයගෙන් හෝ ආපසු උන්වහන්සේගෙන් යම් විපාකයක් ලබා ගැනීමට දෙන අයගෙන්, උන්වහන්සේට දීමනා අවශ්‍ය නොවේ ( 2 කොරින්ති 9:7).

5. පාවුල්තුමා, ඇදහිලිවන්තයන් ගෙන් ඉල්ලා සිටියේ, කිසිවිටෙකවත් ණය නොවන ලෙසයි (රෝම 13:8). අපගේ සියලුම සභාද​ , ඕනෑම වේලාවකම කිසිවෙකුට ණය නොවී, ඔවුන්ගේ කටයුතු කළමනාකරණය කර ඇත​. ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල අපගේ සමාජික සංඛ්‍යාව වැඩි වී ඇති බැවින් අපට බොහෝ සභා ගොඩනැගිලි ඉදි කිරීමට සිදු වී ඇත​. නමුත් අප කවරදාකවත් එම සභා ගොඩනැගිලි කිසිවක් ඉදි කිරීමට ( බැංකුවකින් වත්) මුදල් ණයට ගෙන නැත . අප ඒවා ගොඩනැගුවේ, එවා සෑදීමට තරම් මුදල් ඉතිරි කර තිබෙද්දී පමණය​. (අපගේ මූල්‍ය ප්‍රතිපත්තිය සමඟ ඉහත සඳහන් කළ පරිදි කිසිම බැංකුවක් අපහට ණයක් ලබා නොදෙනු ඇත​!).

6. පාවුල්තුමා කිසිවිටෙක තමාගේ ලියවිලි උදෙසා හිමිකාර භාගය ලබා ගත්තේ නැත - වර්තමානයේ කිතුනු කතුවරයන් මෙන් නොව​. ඔවුන් ඔවුන්ගේ ලේඛන හරහා ඩොලර් මිලියන ගණනක් හිමිකාර භාගය කරන කොට ගෙන මුදල් උපයති. අපගේ සභාව මේ වන විට, බොහෝ භාෂා වලින් අපගේ පොත් වල (මාතෘකා 30) පිටපත් මිලියනයකට වඩා ප්‍රකාශයට පත් කර ඇත. නමුත් අප කවරදාකවත් අපගේ කිසිම පොතක් වෙනුවෙන් කිසිම හිමිකාර භාගය ලබා ගෙන නැත​. පාවුල්තුමා කළාක් මෙන්, අපිද අපගේ වෙබ් අඩවියෙන් (www.cfcindia.com), අපගේ ලේඛන සෑම කෙනෙකුටම කියවීමට නොමිලයේම ලබා දී ඇත​. අපගේ වෙබ් අඩවියේ සහ යූ ටියුබ් හි අපගේ විඩියෝ දේශනා 1000කට වැඩි ප්‍රමාණයක් භාෂා ගණනාවකින්ම, ඕනෑම අයෙකුට නොමිලයේ නැරඹීමට සහ බාගත කර ගැනීමට අපි ඉදිරිපත් කර ඇත්තෙමු​.

7. මනාලියගේ පියාගෙන්, මනාලයාගේ පියාට අති විශාල මුදලක් ගෙවීමට සිදුවන ඉන්දියාවේ බහුලව පවතින දෑවැදි ක්‍රමයට​, යේසුස් වහන්සේ සහ පාවුල්තුමා විරුද්ධ වනු ඇත​. ඉන්දියාවේ සියලුම නිකායයන්ට අයත් කිතුනුවන් විසින් මෙම නරක ක්‍රියාව සිදු කරති. නමුත් අපි මෙම දෑවැදි ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධය​. සෑම විවාහ මංගල උත්සවකයදීම​, මනාලයාගෙන් සහ මනාලියගෙන්, අපි ලිඛිත ප්‍රකාශයක් ලබා ගනිමු - ඔවුන්ගේ දෙමව්පියන් දෑවැද්දක් නොදුන් බව හෝ නොගත් බවට​.

* මානව ආධිපත්‍යයේ අනතුර​.

  1. පාවුල්තුමා රෝපණය කළ සෑම සභාවකම ඔහු විසින් වැඩිමහල්ලන් - දේවගැතිවැරයෙකු නොවේ - පත් කරන ලදී (ක්‍රියා 14:23; තීතස් 1:5). මෙය එක් මනුෂ්‍යයකු සභාවේ ආධිපත්‍යය දැරීමට බධා කළේය​. එම වැඩිමහල්ලන් සෑම දෙනාම​, එකම සභාව තුළ සිටි අයගෙන්ම තෝරා ගෙන ඇත​. එබැවින් සියලු වැඩිහිටියන්, ඔවුන් ගේ රැළ ගැන හොඳින් දැන සිටියහ - එබැවින් ඔවුන්ට පහසුවෙන් ඔවුන්ගේ "ආත්මික පියවරුන්" විය හැකිය​. අපගේ සෑම සභාවකම අපිත් එම දේම ක්‍රියාත්මක කර ඇත​. අපගේ කිසිම සභාවක දේවගැතිවරුන් නැත. අපි වැඩිහිටියන් පත් කළෙමු - සහ සියලුම වැඩිහිටියන් එකම දේශීය සභාවෙන් තෝරා ගනු ලැබේ. කිසිම සභාවකට නායකත්වය දීමට කිසිවෙකු වෙනත් ස්ථානයකින් ගෙන්වා නැත​.
  2. පාවුල්තුමා කිසිවිටෙකවත් , ඔහු රෝපණය කළ සභා සඳහා කිසිඳු මධ්‍යම මූලස්ථානයක් ස්ථාපිත කළේ නැත - මන්ද ඒ සභාවන් නිකායික සභාවක් නොවූ නිසා. සෑම දේශීය සභාවක්ම මෙහෙයවනු ලැබූයේ, ක්‍රිස්තුස් වහන්සේගේ මූලිකත්වය යටතේ පමණක් සිටි වැඩිමහල්ලන් විසිනි. අපිද එම රටාවම අනුගමණය කර ඇත්තෙමු. සභාවක් ස්ථිරව ස්ථාපිත වූ වහාම, අපි එහි නායකත්වය​, දේශීය සභාවේ වැඩිහිටියන් හට භාර දෙන්නෙමු. ඔවුන් එම සභාව සම්බන්ධව, සියලු කාරණා තීරණය කළ අතර​, ඔවුන්ගේම මුදල් ඔවුන්ම කළමණාකරණය කළහ​. අපගේ කිසිම සභාවක් සඳහා මධ්‍යම මූලස්ථානයක් නැත​. පාවුල්තුමා සභා වලට ලියූ ලිපි වල කළාක් මෙන්, අපි වැඩිමහල්ලන්ට උපදෙස් සහ අධීක්‍ෂණ කටයුතු නිරන්තරයෙන්ම ලබා දී ඇත​. ආත්මික අධිකාරිය අප විසින් කිසිවිටෙක, කිසිඳු වැඩිමහල්ලෙකු මත පටවා නැත​. නමුත් ඉදිරිපත් කරනු ලබන්නේ, ස්වේච්ඡාවෙන් සොයන සහ ප්‍රිතියෙන් පිළිගන්නා තැන් වල පමණි.

අපගේ සියලුම වැඩ කටයුතු වලදී, අපගේ ස්වාමින් වහන්සේ වන යේසුස් වහන්සේ සහ පාවුල්තුමා විසින් තබා ඇති ආදර්ශය අනුගමනය කිරීමට අපි අපගේ මුළු හදවතින්ම උත්සාහ කළෙමු. අපගේ දිනවල සහ මේ යුගයේදී පවා නව ගිවිසුම් ප්‍රමිතීන් අනුගමණය කළ හැකි බව අප සොයා ගෙන ඇත​.

මේ අනුව​ , යේසුස් ක්‍රිස්තුස් වහන්සේ , ඊයෙත් , අදත් සහ සදහටම එකාකාර බව අපි , අපගේ දේව සේවය තුළින් ප්‍රකාශ කර ඇත්තෙමු.

* දෙවියන් වහන්සේගේ කාර්යයේ කුඩා කොටසක්

අප කරමින් සිටින්නේ, අද ලෝකයේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ පවතින සහ විවිධ වූ දේව සේවයන් වල කුඩා කොටසක් පමණක් බව අපි හඳුනා ගෙන ඇත්තෙමු.

නමුත් සෑම දේව සේවයක්ම​ , තවමත් ක්‍රියාත්මක විය යුත්තේ , යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතයන් විසින් විදහා දක්වන ලද සහ උගන්වා ඇති දේව වචනයේ ප්‍රමිති සහ ප්‍රතිපත්ති වලට අනුකූලවය​.

මෙම නව ගිවිසුමෙහි ප්‍රමිතීන් අනුගමනය නොකරන සභා සහ දේව සේවයන් අපි විනිශ්චය නොකරමු. මන්ද සෑම කෙනෙකුටම අවසානයේදී, දෙවියන් වහන්සේට පමණක් පිලිතුරු දිය යුතු බැවිනි. කෙසේ වෙතත් CFC හි, සිටින අපට අවශ්‍ය වී ඇත්තේ,අපගේ ස්වාමින් වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතයන්, උන්වහන්සේගේ වචනයෙන් උගන්වා ඇති ප්‍රමීතීන්, අද ඉන්දියාව වැනි දුප්පත් රටක​, 98%ක් කිතුනු නොවන රටකද​, අනුගමනය කල හැකිය යන සත්‍යයට ජීවමාන සාක්‍ෂියක් වීමටය​!

අපගේ සභාවලට සම්බන්ධ වීම සඳහා විශාල පිරිසක් එක් රැස් කිරීමට අප කිසිවිටෙක උනන්දු වී නැත​, මන්ද ජීවනයට යන මාර්ගය පටු බවත් එය සොයා ගන්නේ ඉතා සුළු පිරිසක් බවත්, අපගේ ස්වාමින් වහන්සේ පැවසූ බැවිනි (ශු.මතෙව් 7:14). එබැවින් අපගේ අරමුණ වී ඇත්තේ, එම ස්වල්ප දෙනා පමණක් සොයා ගැනීමයි. මරණයට පත් වු පසු ස්වර්ගයට යාමට අවශ්‍ය මනුෂ්‍යයන් ගැන අපි සෙව්වේ නැත​, මක්නිසාද මෙම ලෝකයේ සිටිනා සැවෝම ස්වර්ගයට යාමට කැමති බැවිනි. අප සොයනු ලැබුවේ, යේසුස් වහන්සේ අනුගමනය කිරීමට කැමති අය මිය යාමට ප්‍රථම​, මෙම පොළොවේදී ගෝලයන් වීමට ඉගෙන ගන්නා අය පමණි. එබැවින් අපගේ සභා, මෙගා සභා නොවන අතර​, කිසිවිටෙකවත් එසේ නොවනු ඇත​.

ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආනුභාවයෙන් පාවුල්තුමා පැවසුවේ, රන්, රිදී සහ වටිනා ගල් වලින් හෝ ලී, තෘන සහ පිදුරු වලින් ( සංකේතාත්මකව කථා කිරිමේදි), අපට සභා ගොඩ නඟා ගත හැකි බවයි (1කොරින්ති 4:12-15). අපි ගෝලයෙකු වීමේ සහ ජීවිතයේ ශුද්ධකමේ කොන්දේසි දේශනා නොකරන්නේ නම්, කෙනෙකුට දැවැන්ත ව්‍යුහයක් (මෙගා සභාවක්) ගොඩ නඟා ගත හැකිය​. නමුත් එය​, ලී, පිදුරු සහ තෘන සමඟ ගොඩ නැඟු, ගොඩ නැගීමකට සමාන වනු ඇත​. ඉහත සඳහන් පද වල සඳහන් වන පරිදි, දෙවියන් වහන්සේ සියළු ඇදහිලිවන්තයන්, විනිශ්චය කරන දිනයේදී, ගින්න එවැනි සේවාවන් සම්පූර්ණයෙන් දවා දමනු ඇත​. නමුත් ගෝලයෙකු වීම ගැන ප්‍රකාශ කිරීම සහ ක්‍රිස්තුස් වහන්සේගේ සියලු ආඥා වලට සම්පූර්ණ කීකරුකම මත ගොඩ නඟන ලද කුඩා සේවාවක්, - රන්, රිදී සහ අනර්ඝ ගල්වලින් - ගින්නෙන් ස්පර්ශ නොවී ගින්න හරහා ගොස් සදාකාලිකවම පවතිනු ඇත​. එබැවින් ඥානවන්ත කිතුනුවා තම සේවයේ ගුණාත්මක භාවය අපේක්‍ෂා කරයි - ඉලක්කම් ගණන නොවේ.

අපට පහසුවෙන් (බොරු නිහතමානීත්වයක් තබා ගනිමින්) දෙවියන් වහන්සේ අප මධ්‍යයේ කර ඇති සියල්ල ගැන කතා නොකර සිටිය හැක​. නමුත් එවිට​:

1. අපි දෙවියන් වහන්සේට ලැබිය යුතු මහිමය කොල්ලකන්නෙමු; එමෙන්ම

2. අපගේ කාලයේ, අලුත් ගිවිසුමේ ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්ට අනුව ජීවත් වීමට සහ සේවය කිරීමට ඇති අභියෝගය අපි වෙනත් ඇදහිලිවන්තයන් ගෙන් කොල්ලකන්නෙමු.

ස්වාමින් වහන්සේ අප මධ්‍යයේ කර ඇති දේ අප අවධාරණය කළ යුතුය​. තවත් හේතුවක් ඇත. ස්වාමින් වහන්සෙගේ සෙනඟගේ ඊළඟ පරම්පරාව​, මෙම ප්‍රතිපත්ති තේරුම් ගෙන ඒවා අනුව ජීවත් විය යුතුය - එවිට ඔවුන්ටද​, ඔවුන්ගේ ජීවිත කාලය තුළ දී, එහි රසය නැති නොවූ ලුණු මෙන් විය හැකිය​.

දෙවියන් වහන්සේගේ අනුග්‍රහය​, පාවුල්තුමා තුළ සහ ඔහුගේ දේව සේවය තුළින් සිදු කළ දේ ගැන ඔහු නිහඬව සිටියේ නැත. අපිත් නිහඬව සිටින්නේ නැත​. එබැවින් පාවුල්තුමා කළාක් මෙන් අපි ද කියමු: "අපගේ මෙම පාරට්ටු කිරීම නිශ්ශබ්ද නොවනු ඇත" (2කොරින්ති 11: 10).

පළමු අපෝස්තළුවරුන් ක්‍රියාත්මක කළ එම ප්‍රතිපත්ති වලින්ම​, අදත් ස්වාමින් වහන්සේගේ සේවය කළ හැකි බව ඔප්පු කිරීමට අපි කරමින් සිටින දේ දිගටම කරන්නෙමු.

©Zac Poonen –

[email protected]

Paste your document here