WFTW Body: 

ගෝලයෝ අවුත් යේසුස් වහන්සේට කථා කොට, “මේ ප්‍රකාශය ඇසූ පරිසිවරුන් අමනාප වූ බව ඔබ වහන්සේ දන්නා සේක් දැයි” උන්වහන්සේගෙන් විමසුවෝය. යේසුස් වහන්සේ පැවසුවේ, “ඔවුන්ට පාඩුවේ ඉන්න හරින්න” කියාය. (මතෙව් 15:12-14).

 

සැබෑ කිතුණුවකු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෙකු විය යුතුය, නමුත් ඔහු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෙකු නොවේ නම්, ඔහු තමාටම ප්‍රේම කරන්නෙකු වනු ඇත - ඔහුගේම අයිතිවාසිකම්, ඔහුගේ කීර්තිය, ඔහුගේ ගෞරවය යනාදිය.


තම දෙමාපියන්ට අගෞරව කිරීමට මිනිසුන්ට ඉගැන්වීම ගැන යේසුස් වහන්සේ පරිසිවරුන්ව නිවැරදි කළ විට ඔවුන් අමනාප වූහ. ස්වාමින් වහන්සේ වැඩිමහල් සහෝදරයෙකු මාර්ගයෙන් ලබා දිය හැකි තරවටු කිරීමේ හෝ නිවැරදි කිරීමේ ඕනෑම වචනයකින් පරිසිවරුන් පහසුවෙන් අමනාප වෙති. කිතුණු ජීවිතයේ ළදරු පාසලේ පාඩම් වලින් එකක් වන්නේ "අමනාප වීම" ජය ගැනීමයි. ඔබව නිවැරදි කළ විට අමනාප වීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට උත්සාහ නොකරන්නේ නම්, ඔබ පරිසිවාදයෙන් කිසිදා මිදෙනු ඇතැයි බලාපොරොත්තුවක් නැත.

වරක් අපේ සභාවේ සිටි අය ඔවුන්ට ලැබුණු යම් නිවැරදි කිරීමක් නිසා කෙතරම් කෝපයට පත් වූයේද යත් ඔවුන් සභාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගිය බව මම දනිමි. ඔවුන් අද පාළුකරයේ සැරිසරන අතර ඔවුන් සදාකාලිකව අනාථ වීමේ සම්භාවිතාව බොහෝය. ඔබට ලැබුණු යම් නිවැරදි කිරීමක් නිසා ඔබ අමනාප වී ඇත්නම්, පරිසිවරුන් මෙන් ඔබටත් අපායට යා හැකි බව මට සහතික විය හැකිය.

යේසුස් වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ “ඔවුන්ට පාඩුවේ ඉන්න ඉඩ හරින්න” කියායි. අමනාප වූ පරිසිවරුන්ව නැවත සභාවට ගෙන ඒමට උත්සාහ කිරීම පසුපස අප නොයන්නෙමු. මෙහිදී අපි ස්වාමින් වහන්සේට කීකරු විය යුතු අතර ඔවුන්ට පාඩුවේ ඉන්නට හැරිය යුතුය. ඔවුන් පසුතැවිලි වුවහොත්, ඔවුන්ට නැවත ස්වාමීන් වෙතට හා සභාවට පැමිණිය හැකිය. වෙනත් ආකාරයකින් නොවේ.

2 තිමෝති 3:1-4 හි සඳහන් පෙම්වතුන් වර්ග හතරක් අපි දකිමු: තමන්ටම ප්‍රේම කරන්නන්, මුදලට ප්‍රේම කරන්නන්, විනෝදයට ප්‍රේම කරන්නන් සහ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්. මේ ප්‍රේමවන්තයින් වර්ග හතර අතරින් නිවැරදි වන්නේ එක් පෙම්වතුන් කොටසක් පමණි. සැබෑ කිතුණුවකු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෙකු විය යුතුය, නමුත් ඔහු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෙකු නොවේ නම්, ඔහු තමාටම ප්‍රේම කරන්නෙකු වනු ඇත - ඔහුගේම අයිතිවාසිකම්, ඔහුගේ කීර්තිය, ඔහුගේ ගෞරවය යනාදිය.

ඒ සඳහා එක් සාක්‍ෂියක් වන්නේ අප පහසුවෙන්ම අමනාප වීමයි. අමනාප වන්නේ තමාටම ප්‍රේම කරන තැනැත්තා පමණි. තමාට ප්‍රේම නොකරන නමුත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා කිසිවිටෙක වෙනත් කෙනෙකු කියන හෝ නොකියන දෙයකින් හෝ වෙනත් කෙනෙකු කරන හෝ නොකරන දෙයකින් අමනාප වන්නේ නැත.

අපිට රිදෙන නිසා අපි අමනාප වෙමු. කවුරුහරි අපිට සලකපු විදිහෙන්, එහෙමත් නැත්නම් අප ගැන යමෙකු කේළාම් කීම දැනගැනීමෙන් අපගේ මමත්වයට හානි වන්නේය. අපි අපිටම ගොඩක් ආදරෙයි!

එසේ අප මෙහි කථා කරන්නේ කවුරුන් ගැනද? නොඇදහිළිවන්තයින් ගැනද? නැහැ! අපි කථා කරන්නේ ඊනියා "ඇදහිළිවන්තයින්" ගැනයි - කුරුසිය රැගෙන ස්වයං-මරණයට පත් කිරීම යනු කුමක්දැයි කිසිවිටෙකත් තේරුම් ගෙන නැති අය ගැනයි. මක්නිසාද යත් අවසාන දිනවලදී කුරුසිය සහ ස්ව-කැමැත්තේ ජීවිතයට මරණය ගැන දේශනා කිරීම ඉතා ස්වල්ප වනු ඇත. එය අද බොහෝ සභාවල නොඇසෙන අතර ක්‍රිස්තියානි රූපවාහිණියේ කිසිවිටෙකත් ඇසෙන්නේද නැත. තම-කැමැත්තට මරණය ගැන දේශනාවක් නොමැති විට, බොහෝ කිතුණුවන්ගේ ජීවිත තුළ ස්ව-කැමැත්ත සමෘද්ධිමත් වේ. ඔබ ඔබටම ආදරය කරන්නේ නම් ඔබට යේසුස් වහන්සේව අනුගමනය කළ නොහැකි බව ඔවුන් නොදනිති. ඔවුන් සිතන්නේ ඔබ ඔබටම ප්‍රේම කර යේසුස් වහන්සේව අනුගමනය කළ හැකි බවයි. අමනාපයට හා රිදවීමට ලක්වන නමුත් එය දරුණු පාපයක් බව දැණෙන්නේ නැති විශාල කිතුණුවන් සංඛ්‍යාව දෙස බලන්න.

.
ඔබට කියන්නට පුළුවන් "ඔව්, නමුත් කවුරුහරි මට ඒ නපුරු දේ කළා, මට දුක් වීමට අයිතියක් තියෙනවා!" කියලා. හරියටම හරි! මන්ද ඔබ නොඇදහිළිවන්තයෙකු නිසා! ඔබ යේසුස් වහන්සේගේ ගෝලයෙකු නොවේ, ඒ නිසා ඔබට දුක් වීමට අයිතියක් තිබෙනවා. ඔබ යේසුස් වහන්සේගේ ගෝලයෙකු නම්, ඔබට රිදවීමට ලක්වීමට අයිතියක් නැත. යේසුස් වහන්සේට කවදාවත් - ඔවුන් උන්වහන්සේව යක්ෂයන්ගේ කුමාරයා ලෙස හැඳින්වූ විට, ඔවුන් උන්වහන්සේගේ මුහුණට කෙළ ගසන විට, හෝ ඔවුන් උන්වහන්සේට වෙනත් සියලු ආකාරයේ නපුරු දේවල් කළ විට රිදුණේ නැත.


යේසුස් වහන්සේගේ ගෝලයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අවසාන කාලයේ කුරුසිය දරාගෙන උන්වහන්සේව අනුගමනය කිරීමට යන කිතුණුවන් සිටින්නේ ඉතා ස්වල්පයකි. එබැවින් සැබෑ කිතුණුවකු වීම ඉතා අපහසු වනු ඇත, මන්ද කිතුණුවන් යැයි කියා ගන්නා, ආත්මයෙන් පිරී ඇතැයි කියා ගන්නා, අන්‍යභාෂාවෙන් කථා කරන බව පවසන, නමුත් දුකට පත් වෙන සහ අමනාප වන පුද්ගලයින් අප වටා සිටින බැවිනි. එසේත් නැත්තම් ඔවුන්ගේ නාමයට කැළැල් වූ නිසා කලබල වන්නා වූ අය.


“ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා” කියා යාච්ඤා කිරීමට යේසුස් වහන්සේ අපට ඉගැන්වූ සේක. එහි අර්ථය නම්, ඔබේම නම අමතක කරන්න! නමුත් අන්තිම දවස්වලදී, ක්‍රිස්තියානීන් කියාගන්නා බොහෝ දෙනෙකු පවා තමන්ගේ නම ගැන වැඩි සැළකිල්ලක් දක්වන්නට යන්නෝ ය. නිදසුනක් වශයෙන්, අද ලෝකයේ යේසුස් වහන්සේගේ නාමය කොතරම් අගෞරවයට පත් වී ඇත්දැයි ඔබ දන්නවාද? එහෙත්, තමන් කිතුණුවන් යැයි කියාගන්නා බොහෝ දෙනෙකුට එය බාධාවක් නොවේ. එහෙත්, ඔවුන්ගේ නම කවුරුන් හෝ අගෞරව කළහොත් - එක් වරක් හෝ - එය ඔවුන්ට සැබවින්ම බාධාවක් වනු ඇත. එසේත් නැතිනම් ඔවුන්ගේ කුඩා රූමත් දියණියගේ නම කෙළෙසුවොත්, එය ඔවුන්ට මහත් බාධාවක් වනු ඇත. නමුත් යේසුස් වහන්සේගේ නාමය රට පුරා අගෞරවයට පත් වේවා, එය ඔවුන්ට කිසිසේත් කරදරයක් නොවේ. එවැනි අය යේසුස් වහන්සේගේ ගෝලයින් කියා ඔබ සිතනවාද? නැත! එසේ වීමෙන් බොහෝ දුරස්ථය! නමුත් ඔවුන් සභාවල වාඩි වී සිටිනවා. නැවත ඉපදුණු අය බව පවසනවා. ඔවුන් ස්වාමින් වහන්සේට ප්‍රේම කරන බව කියා සිටිනවා.

යක්ෂයා විශ්මයට පත් කර තියෙන දේ මෙයයි - ඉහළ සිට පහළටත්, හිස සිට දෙපා දක්වාත් තමන්ටම ප්‍රේම කරමින්, ඔවුන් තවමත් යේසුස් වහන්සේගේ ගෝලයෝ යැයි සිතන තරමට මේ මිනිසුන්ව මුළාකර ඇත.

නමුත්, මට කළ හැක්කේ ඔබට අනතුරු ඇඟවීම පමණි. ඔබටම එයින් නිදහස් වීමට අවශ්‍ය නැතිනම් කිසිවකුට ඔබව ස්ව-කැමැත්තට ප්‍රේම කිරීමෙන් වෙනස් කළ නොහැක!