WFTW Body: 

එළිදරව් 15: 3,4 හි අප කියවනු ලබන්නේ: එවිට ඔවුන් දෙවියන් වහන්සේගේ වහළ් මෙහෙකරුවා වූ මෝසෙස්ගේ ගීතිකාව සහ බැටළු පැටවාණන්ගේ ගීතිකාව ගයමින් "සර්වපරාක්‍රම ස්වාමීවූ දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විශ්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිීෂ්ඨය, සැබෑය. අහෝ ස්වාමිනී, ඔබවහන්සේගේ නාමය මහිමයට පත් කරන්න බිය නොවන්නේ කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; ඔබවහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා එළිදරව් වී ඇති බැවින් සියලු ජාතීන් පැමිණ ඔබවහන්සේ ඉදිරියෙහි නමස්කාර කරණු ඇතැයි පැවසුවෝ ය”.

“දෙවියන් වහන්සේගේ මාර්ග පරිපූර්ණ යයි ජයගන්නන් ගායනා කරති”.

 

පැරණි ගිවිසුමෙහි මෝසෙස්ගේ ගීතිකා දෙකක් සඳහන් කර ඇත - එකක් නික්මයාම 15: 1 – 18, ඉශ්‍රායෙල්වරු රතු මුහුද තරණය කිරීමේදී පාරාවෝ සහ ඔහුගේ හමුදාව එහිදී ගිලුණෝය. එවිට මෝසෙස් ගායනා කළේ, "මම ස්වාමින් වහන්සේට ගී ගයන්නෙමි, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත් සේක. උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළුසේක." එළිදරව් 6 අන්තක්‍රිස්තු ද සුදු අශ්වයෙකු පිට යන අයෙකු ලෙස රූපාකාර කෙරේ. මෙහිදී ජයගන්නන් එම අශ්වයා සහ අසරුවා හෙළාදැමීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා ගායනා කරණු අපට දක්නට ලැබේ. ආමගදොන් අවසන් සටනේදී, අන්තක්‍රිස්තු සහ ඔහුගේ හමුදාවන් ඉශ්‍රායල් දේශයට පැමිණ එයට පහර දෙන්නෝය. එම වේලාවේදී ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ශුද්ධවන්තයන් සමඟ බැස පැමිණේ. උන්වහන්සේගේ පාද ඔලීව කන්ද මත පිහිටන අතර, එවිට උන්වහන්සේ අන්තක්‍රිස්තුස්ගේ හමුදා විනාශ කරණු ඇත. දෙවියන් වහන්සේගේ සෙනඟ මෙය බලමින් කිසි සටනක් නොකරම ජයග්‍රහණය භුක්ති විඳිණු ඇත. එබැවින් අපද අද දවසේදීද සියළු ජයග්‍රහණයන් දිණිය යුත්තේ මේ ආකාරයටය. අප මාංසික ආයුධවලින් යුද්ධය දිණන්නේ නැත. අප නිශ්චලව සිට ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටින විට ස්වාමින් වහන්සේ අපගේ සතුරන් විනාශ කරණු ඇත. එබැවින් ඒ ගැන ඇදහිල්ල ඇති අයට අද දවසේ වුවද මෝසෙස්ගේ ගීතිකාව ගායනා කළ හැක!! අපට ජීවනයේ සටන්වලදී මෝසෙස්ගේ ගීතිකාව ගායනා කළ හැක. අපට "නිශ්චලව" සිට දෙවියන් වහන්සේ අපගේ සතුරන්ට කරන දේ බලා සිටිය හැක.

මෝසෙස්ගේ දෙවන ගීතිකාව ද්‍විතීය කථාව 31: 30 සිට 32: 43 දක්වා වේ. "එම්බා ජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවෙයල්ලා මක්නිසාද උන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ ලේවලට පලිගනිමින්, උන්වහන්සේගේ එදිරිකාරයන්ට ප්‍රතිඵල දී, ස්වකීය දේශයටත් සෙනඟටත් සමාවන සේක (ද්විතීය කථාව 32: 43). ගීතිකාවන් දෙකේම, අප එක් සත්‍යථාවයක් දකින්නෙමු: එනම් දෙවියන් වහන්සේගේ සෙනඟ තම සතුරන්ගෙන් පලිනොගැනීම යි. ඔවුන් පසුපසටවී සිටින විට දෙවියන් වහන්සේ ඔවුන් උදෙසා සටන් කර ඔවුන්ගෙන් පලිගන්නාසේක.

අපට කවදා හෝ දෙවියන් වහන්සේගේ මහිමයේදී වීණාවෙන් හා තේජසින් දෙවියන් වහන්සේට ගායනා කළ හැකි වන පිණිස අප දැන් ඉගෙන ගත යුතු ගීතය මෙය යි. දිවියේ සෑම අවස්ථාවක්ම මෙම ගීතිකාව පුහුණු වීම පිණිස අපට ගීතිකා පුහුණුවක් වැනිය. දෙවියන් වහන්සේගේ මාර්ග පරිපූර්ණ යයි ජයගන්නන් ගායනා කරති. ස්වර්ගයේදී අප "යේසුස් වහන්සේ සියළු දේ හොඳින් කර තිබේ " යනුවෙන් ගායනා කරනු ඇත. ඒ දවසේදී, දෙවියන් වහන්සේ පොළොවේදී අපව මෙහෙයවපු ආකාරය දෙස නැවත හැරී බලන විට හැම දෙයක්ම - ඔව් සියල්ලක්ම දෙවියන් වහන්සේ විසින් අපගේ උපරිම යහපතට ක්‍රියා කරවා ඇති බව අපට සොයාගත හැකිවනු ඇත. අද දවසේ බොහෝ දේවල් සිදුවන්නේ ඇයිදැයි අපට තේරුම්ගත නොහැක. නමුත් ඒ දවසේදී අප ඉතා හොඳින් අවබෝධ කරගනු ඇත. නමුත් ඇදහිල්ලේ මනුෂ්‍යයාට ඒ දවස වන තුරු බලා සිටීමට අවශ්‍ය වන්නේ නැත. මන්ද ඔහු දැනටමත් එය විශ්වාස කර දන්නා බැවිණි. ඔහුට පොළොවේදී කුමක්ද සිදුවූයේ කියා දෙවියන් වහන්සේ පැහැදිළිකර දෙනතුරු බලාසිටීමට අවශ්‍ය නොවේ. මේ මොහොතේ ම ඔහු "ස්වාමිනී ඔබවහන්සේගේ මාර්ග පරිපූර්ණ!” යයි ගායනා කරයි.