WFTW Body: 

අපි 1 කොරින්ති 12: 27,28 හි මෙසේ කියවමු. "ඉඳින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝද වෙති. මෙසේ දෙවියන් වහන්සේ පළමුකොට ප්‍රේරිතයන්ද, දෙවනුව අනාගතවක්තෘවරුන්ද, තුන්වෙනුව ගුරුවරුන්ද, ඊළඟට ආශ්චර‍්‍ය කරන්නන්ද, පසුව සුවකිරීමේ දීමණාද, උපකාරද, පරිපාලනයද, නොයෙක් ආකාරයේ භාෂාද සභාවෙහි පිහිටෙවුසේක".

“ශුද්ධාත්මයාණන් වහන්සේව හඳුන්වන්නේ උපකාර කරන්නෙකු ලෙසය (යොහන් 14:16) - උන්වහන්සේ අපට මෙම උපකාර කිරීමේ කාර‍්‍යය නොපෙනෙන ලෙස කරනසේක”.

ඉහත පද වල සඳහන් සෑම පුද්ගලයෙක්ම තමන් වහන්සේගේ සභාව ගොඩනැඟිමට දෙවියන් වහන්සේ විසින් ලබා දී ඇති යම් ආශ්චර‍්‍යවත් (අසාමාන්‍ය) හැකියාවන්ගෙන් සන්නද්ධ වූ අයෙකි. ඔවුන්ගෙන් සමහරෙක් එනම් අපෝස්තුළුවරුන් හා අනාගතවක්තෘවරුන් හා ප්‍රාතිහාර‍්‍යයන් සහ සුව කිරීම් පිළිබඳ දීමණා හිමි අයට පැහැදිළි ආශ්චර‍්‍යවත් (අසාමාන්‍ය) හැකියාවන් ඇත - එලෙසම ඔවුන්ට එම හැකියාවන් ළබා දුන්නේ දෙවියන් වහන්සේය. එම නිසා මෙහි සඳහන් අනෙක් අය - ගුරුවරුන්, උපකාර කරන්නන් සහ පරිපාලකයන් - ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි තම කාර‍්‍යය ඉටු කිරීමට අනිවාර‍්‍යයෙන්ම යම් ආශ්චර‍්‍යවත් (අසාමාන්‍ය) හැකියාවකින් දෙවියන් වහන්සේ විසින් සන්නද්ධ කරන ලද මිනිසුන් විය යුතු බව සත්‍ය විය යුතුය ; මෙම අංශයන් ඔස්සේ යම් ස්වාභාවික හැකියාවන් ඇති පුද්ගලයින් පමණක්ම නොවේ.

නිදසුනක් වශයෙන්, දෙවියන් වහන්සේ විසින් සභාවෙහි පත් කර ඇති "උපකාර කරන්නන්" යන අය ගැන සලකා බලන්න. මේ අය, ස්වෙච්ඡාවෙන් බිම අතුගා දැමීමට හෝ වැසිකිළි පිරිසිදු කිරීමට ඉදිරිපත් වන අය නොවේ. එවැනි සුළු වැඩ පවා කිරීමට කැමති ස්වේච්ඡා සේවකයන් අපට සෑම සභාවකටම නිසැකයෙන්ම අවශ්‍යය. නමුත් එවැනි කාර‍්‍යයන් ඕනෑම කෙනෙකුට කළ හැකි අතර ඒවා කිරීම උදෙසා කිසිදු ආශ්චර‍්‍යවත් (අසාමාන්‍ය) බලයක් අවශ්‍ය නොවේ. නමුත් ඉහත පදයේ සඳහන් උපකාර නම්, අන් අයට උපකාර කිරීම සඳහා දෙවියන් වහන්සේ විසින් දුන් ආශ්චර‍්‍යවත් (අසාමාන්‍ය) හැකියාවක් ඇති පුද්ගලයින් ය. සෑම සභාවකටම එවැනි අය බොහෝ සේ අවශ්‍යවේ - එවැනි දේව සේවයක් සඳහා දෙවියන් වහන්සේ විසින් අපව සන්නද්ධ කරන පිණිස අපි සැවොම ආශා විය යුතුය. එවැනි “උපකාර” නම්, සභාවල සිටින දුර්වල හා අවශ්‍යථාවයෙන් පෙළෙන්නා වූ අය හට “ආත්මික වශයෙන් උපකාර කරන සහ සහාය වන අයවේ”.

ශුද්ධාත්මයාණන් වහන්සේව හඳුන්වන්නේ උපකාර කරන්නෙකු ලෙසය (යොහන් 14:16) - උන්වහන්සේ අපට මෙම උපකාර කිරීමේ කාර‍්‍යය නොපෙනෙන ලෙස කරනසේක. ශුද්ධාත්මයාණන් පසුබිමේ සිට නිහඬව නොපෙනී කිසිදු පිළිගැනීමක් නොලබන ලෙස ක්‍රියා කරයි - ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි සිටින මෙම “උපකාර කරන්නන්” ද එලෙසම මහත් සහායකයා වන ශුද්ධාත්මයාණන් වහන්සේ මෙන් ක්‍රියා කරයි. ඔවුන් සහෝදරයන් හෝ සහෝදරියන් විය හැකිය. එවැනි ඇදහිළිවන්තයන්ට (රෝගීන් සුව කිරීමේ දීමණාව තරම්ම සුවිශේෂී) සැකය හා බිය සමඟ පොරබදින සභාවේ වෙහෙසට පත් වූවන් ප්‍රකාශ නොකරන අත්‍යවශ්‍යථාවයන් කෙරෙහි සංවේදී වීමේ ආශ්චර‍්‍යවත් (අසාමාන්‍ය) දීමණාවක් දෙවියන් වහන්සේ දී ඇත. උදව් කිරීමට ආරාධනා කරන තුරු ඔවුන් බලා සිටින්නේ නැත. නමුත් ආත්මයාණන් විසින් මඟ පෙන්වන්නා ලෙස, ඔවුන් කාටත් නොපෙනෙන පරිදි ප්‍රශ්ණ සමඟ පොරබදන මිනිසුන් සමඟ ම එක්වී ඇදහිල්ලේ සහ දිරිගැන්වීමේ වචන වලින් ඔවුන්ට උදව් කරති. ඔවුන් කිසිවෙකු වෙතට ඔවුන්ගේම අදහස් බලයෙන් ඇතුළු නොකරයි. නමුත් ඔවුන් දිනපතා දෙවියන් වහන්සේට සවන් දෙන අතර ඔවුන්ට “වෙහෙසට පත් වූ අය දිරිගැන්වීම ට නිසි වේලාවට වචන” දෙනු ලැබේ (යෙසායා 50: 4).

අපේ කාලයේදී එවැනි දීමණාලත් පුද්ගලයින් බොහෝ සෙයින් අවශ්‍යයි, මන්ද අධෛර‍්‍යයට පත් වූ, කළකිරුණා වූ, කණස්සල්ලට පත් වූ සහ ජීවිත සටනේ වෙහෙසට පත් වූ බොහෝ දෙනෙක් සෑම සභාවකම සිටින බැවිනි. ඔවුන් සමඟ එක්ව ඔවුන්ව දිරිමත් කිරීමට ඔවුන්හට කෙනෙකු අවශ්‍යයි. එමනිසා, බොහෝ සහෝදර සහෝදරියන් කාටත් නොපෙනී නිහඬව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට ආශිර්වාද කළ හැකි වන පරිදි මෙම දීමණාව උදෙසා ස්වාමින් වහන්සේව සෙවිය යුතුය.