WFTW Body: 

ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශා නොවෙන්න; ඇගේ ඇසිපියවලින් ඈ නුඹ අසුකරනොගනීවා. මක්නිසාද වෙසඟනක් නිසා මනුෂ්‍යයෙක් රොටි කැබැල්ලකට බස්සනු ලබන්නේය; කාමමිථ්‍යාචාරී ස්ත්‍රියද අනර්ඝ ප්‍රාණය අල්ලාගන්න ලුහුබඳින්නීය - (හිතෝපදේශ 6:25-26).

මුළු බයිබලයේම, සිතින් ස්ත්‍රියකට ආශා නොකරන්න කියා පවසන මතෙව් 5:28 පදයට වඩාත්ම සමාන වන පදය මෙයයි. මුළු බයිබලයේම මතෙව් 5:28 පදයට මෙතරම් සමීප වෙනත් කිසිදු පදයක් හිතෝපදේශ 6:25 තරම් නැත. එය නව ගිවිසුමේ පූර්ව නිරූපණයකි. කාමමිථ්‍යාචාරය සිතින් ආරම්භ වන බව ප්‍රඥාව අනතුරු අඟවයි. එය ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගේ රූපශ්‍රීය අගය කිරීම පමණකින් ආරම්භවේ. මට මෙය අවධාරණය කිරීමට අවශ්‍යය, මන්ද රූපාලංකාරය අගය කිරීමේ වරදක් නැති බව උගන්වන කිතුනුවන් (අදහන්නන්) සිටිති. ඒ ඔවුන්ගේ සිත්වල දෙවියන්වහන්සේ කෙරෙහි භයක් නොමැති බැවිනි. දෙවියන්වහන්සේගේ වචනය පවසන්නේ, "ඇගේ රූමත්කමට තාගේ සිතින් ආශා නොවෙන්න" කියාය.

බාහිර රූමත්කම ගැන ඔබට වැරදි වැටහීමක් තිබේද? හිතෝපදේශ 31:30 පවසන්නේ බාහිර රූමත්කම හිස් වූ, නිසරු දෙයක් බවයි. තරුණයෙනි, මට ඔබට මෙය කියන්නට අවශ්‍යයි, බාහිර රූමත්කම යනු හිස්, නිසරු, වැඩකට නැති දෙයක් බව ඔබ ඔබේ මනසෙහි තබා නොගතහොත්, කවදා හෝ දවසක ඔබ එයින් රැවටෙනු ඇත. ඔබ වැරදි පුද්ගලයෙකු සමඟ විවාහ වී ඔබේ ජීවිතයේ ඉතිරි කාලය පුරාම එයින් දුක් විඳිනු ඇත. "මම රාගයෙන් බලන්නේ නැහැ, මම මේ සුන්දරත්වය අගය කරනවා විතරයි" කියමින් ඔබේ ඇස් හරවා සුන්දරත්වය දෙස නොබලන්න. එය භයානක රැවටීමක් වන අතර දෙවියන්වහන්සේ එය දකින සේක! දෙවියන්වහන්සේ එවැනි සියලු මිනිසුන්ව දේවසේවයකට කැඳවා තිබෙන්නට පුළුවන, නමුත් උන්වහන්සේ ඔවුන්ව පසෙක තබා, "ඔබට එය අයිති කරගත නොහැක. මට ඔබට සේවයක් දෙන්නට තිබුණි, නමුත් ඔබ ඔබේ ඇස්වලින් සෙල්ලම් කරමින්, ඔබව අදහන්නෙකු ලෙස හඳුන්වා ගනිමින්, අලුත් වූද ජීවමාන වූද මාර්ගය ගැන කතා කළත්, ඔබ මේ කාරණයේදී මුළු හදවතින්ම විශ්වාසවන්ත වී නැත!" යි පවසන සේක. ඔබේ සිතින් වුවද ඇගේ රූමත්කමට ආශා නොවන්න! මෙයින් අදහස් කරන්නේ කාමමිථ්‍යාචාරය ගැන නොවේ. මෙයින් කියවෙන්නේ ගැහැණු ළමයෙකුගේ බාහිර රූමත්කම අගය කිරීම ගැන පමණි! එය අගය කරන්නවත් එපා කියා එහි පවසයි. ඔබට එය පිළිගත හැකිනම්, එය ප්‍රඥාවයි. ප්‍රවේශම් වන්න.

එවිට එහි පවසන්නේ, "ඇගේ ඇස්පිහාටුවලින් ඔබව කූඩු කර ගැනීමට ඇයට ඉඩ නාරින්න" කියාය. දෙවියන්වහන්සේගේ වචනය ඉතා ප්‍රායෝගිකය. තරුණයෙකුව හසු කර ගත හැකි යමක් ස්ත්‍රියකගේ දෑස් තුළ ඇති බව මෙහි පවසයි. අද කාලයේ යක්ෂයා ගැහැණු ළමයින්ට වඩාත් ආකර්ෂණීය වීමට ඔවුන්ගේ ඇස්පිහාටු පාට කිරීමට කියා දී ඇත්තේ එබැවිනි - ඒ සියලු විසිතුරු වර්ණවලින්, සහ සභාව මැද හොඳ සාක්ෂියක් තබා ගැනීම සඳහා අතෙහි මෘගයාගේ ලකුණ ලබා ගැනීමට කැමති කෙනෙක් නම් ඔබ, ඔබේ දෑස් සහ තොල් මෙන්ම හැමතැනම ආලේප කර ඔබව ආකර්ශනීය කර ගැනීමට හැකි වර්ණ රහිත වර්ග කිහිපයක්ද ඇති බව මම උපකල්පනය කරමි. මෙහි පවසන්නේ, "ඇගේ ඇස්පිහාටුවලින් ඇයට ඔබව හසු කරගන්නට ඉඩ නොදෙන්න" කියාය.

මුහුණ හැඩගන්වා ගත් ගැහැණු ළමයෙකු ගැන පවසන පදයක් 2 රාජාවලිය 9:30 හි ඔබට පෙන්වීමට මට අවශ්‍යය. ඒ යෙසෙබෙල්ය. එළිදරව් 2 හිද ඇය ගැන ඔබ කියවනවා ඇත. තියාතිරා සභාවෙහිද යෙසෙබෙල් කෙනෙකු වාඩි වී සිටින්නීය. 2 රාජාවලිය 9 හි පවසන්නේ යේහු යෙස්‍රෙයෙල්ට ආ කල, යෙසෙබෙල් ඒ බව අසා තමාගේ ඇස් අඳුන් ගෑවාය. ක්‍රිස්තුස් වහන්සේට වසර සිය ගණනකට පෙර මස්කාරා (ඇස් අඳුන්) භාවිතා කළ බව ඔබ දන්නවාද? එය 20 වන සියවසේ සොයා ගැනීමක් නොවේ. එම නිෂ්පාදනය ආරම්භ කළේ යෙසෙබෙල්ය. ඇය තම දෑස් අඳුන් ගා, හිස සරසා ගත්තාය. මට විශ්වාසයි ඇය ඇගේ මුහුණේ ඉතිරි කොටස්ද හැඩගන්වා ජනේලයෙන් පිටත බැලූ බව, එවිට යේහු 33 වන පදයේ, "ඇය බිමට හෙළන්න" යි කීවේය, ඔවුහු ඇය බිමට හෙළා මැරූහ. ඔහු හැඩගැන්වූ මුහුණකට ඇලුම් නොකළ අතර ඔබද එසේ නොවිය යුතුය. යේහු දෙවියන්වහන්සේට භය ඇති මිනිසෙකු පවා නොවූ අතර, එසේ තිබියදීත් ඔහුට ඒ සියල්ලට ඔරොත්තු දීමට හැකි විය. මෙම හැඩගැන්වූ මුහුණු, විශේෂයෙන්ම ඇස්පිහාටු ගැන ප්‍රවේශම් වන්න.

සොලොමන් මෙන්ම, ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමඟ පවත්වන සබඳතාවලදී විශේෂයෙන් ප්‍රවේශම් වන ලෙස තරුණ තරුණියන්ට අනතුරු ඇඟවීමෙන් මම කිසිවිටෙකත් වෙහෙසට පත් නොවෙමි. ඔබ දෙවියන්වහන්සේගේ වචනයට වෙව්ලමින් එය බැරෑරුම් ලෙස සලකන්නේ නම්, එය ඔබේ ජීවිතය විනාශ කර දැමීමට සාතන්ගේ නියෝජිතයෙකු විය හැකි එම ස්ත්‍රියගෙන් ඔබව ආරක්ෂා කරනු ඇත! තවද ඔබේ ජීවිතය විනාශ කිරීමට ඔහු අසමත් වුවහොත්, අවම වශයෙන් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකු ලෙස දෙවියන්වහන්සේ උදෙසා ඇති ඔබේ ආත්මික ප්‍රයෝජනවත්කම විනාශ කිරීමට හෝ ඔහු උත්සාහ කරනු ඇත! ගැළවීම ලබාගෙනත් ස්ත්‍රීන් සමඟ සෙල්ලම් කරන මිනිසුන් සිටින අතර, දෙවියන්වහන්සේට ඔවුන්ට දිය හැකිව තිබූ සම්පූර්ණ දේවසේවයක්ම ඔවුන්ට අහිමි වී ඇත! එය අප බැරෑරුම් ලෙස ගත යුතු දෙයකි. "මගේ පව් කමාකර ඇත" කියා පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. සදාකාලිකත්වයේ සිටගෙන, දෙවියන්වහන්සේට ඔබ වෙනුවෙන් සේවයක් තිබූ බවත්, ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමඟ ඔබේ සබඳතාවලදී ඔබ එතරම් ප්‍රවේශම් නොවූ නිසා එය ඔබට අහිමි වූ බවත් දැනගැනීමට ලැබෙනු ඇතැයි සිතන්න. කිසියම් අවිචාරවත් තරුණියක සමඟ ලැබූ සුළු මෝඩ සතුටක් නිසා, ඔබේ මුළු සදාකාලිකත්වයම තේජවන්ත කළ හැකිව තිබූ දේවසේවයක් ඔබට අහිමි වූ බවත්, ඔබ පොළොවෙහි මෝඩයෙකු ලෙස හැසිරුණු නිසා එය අහිමි වූ බවත් සදාකාලිකත්වයේදී වටහා ගැනීම ගැන සිතන්න. එම දවසේදී බොහෝ දෙනෙකුගේ සිත් තුළ ඇති වන පසුතැවීම ගැන සිතන්න.

විශේෂයෙන්ම ඔබ තරුණ වියේ පසුවන විට, ප්‍රවේශම් වන්න.

සවන් දීමට.