WFTW Body: 

ඔබ දේවභක්තික පුද්ගලයෙකු වීමට තීරණය කරන්නේ නම් - ඔබගේ අනාගත ජීවිතයේ සෑම පියවරක්ම දෙවියන් වහන්සේ විසින් මෙහෙයවනු ඇත . ජීවිතයේ හොඳම දේ ලබා ගන්නේ දෙවියන් වහන්සේට ගෞරව කරන තැනැත්තා මිස - දක්‍ෂයා හෝ ධනවත් තැනැත්තා හෝ බුද්ධිමතෙකු හෝ ජීවිතයේ වාසනාවන්ත අවස්ථා ලබන්නා නොවේ. අනාගතය පිළිබඳ සියලු අනාරක්‍ෂිතභාවය පැමිණෙන්නේ අප දේවභක්තිය ජීවන මාර්ගයක් ලෙස තෝරා නොගන්නා විටය. එබැවින් සෑම විටම දෙවියන් වහන්සේට ගෞරව කිරීමට තීරණය කරන්න. එවිට උන්වහන්සේ ඔබට ආත්මික වශයෙන් හොඳම දේ ලබා දෙනු ඇත, ඒ සමඟම මේ ලෝකයේ භෞතික හා ද්‍රව්‍යමය වශයෙන් අවශ්‍ය සියල්ල ද ලබා දෙනු ඇත. මගේ ජීවිතයේ පසුගිය වසර 50 තුළ මෙය සත්‍යයක් බව මට පෙනී ගියේය. ඔබ දැන් එක තීරණයක් ගෙන සෑම විටම ඒ මත රැඳී සිටියහොත්: ඔබ සෑම දෙයකදීම දෙවියන් වහන්සේට ගෞරව කර සහ දේව භක්තිකයෙකු වන්නේ නම්, ඔබගේ විශ්ව විද්‍යාල පාඨමාලා සහ ඔබ තෝරා ගත යුතු වෘත්තිය ක්‍ෂේත්‍රයේ සිට රැකියාව සහ විවාහය දක්වා සෑම දෙයකදීම දෙවියන්වහන්සේ ඔබට මග පෙන්වනු ඇත.

එහි අර්ථය නම් පොඩි දේටත් විශ්වාසවන්ත වීමයි. කිසිවිටෙක ඔබට අයිති නැති කිසිවක් - පුද්ගලයෙකුගෙන් හෝ නිවසකින් හෝ විද්‍යාලයකින් හෝ කාර්‍යාලයකින් හෝ ඕනෑම තැනක සිට - මිල අඩු පෑනක් හෝ පැන්සලක්වත් ගන්න එපා. කුඩාම දෙයට පවා කිසිවිටෙක කිසිවෙකු නොරවටන්න. ඒ වගේම අපි ඔබට ඔබේ පාසල් කාලයේ උගන්වා ඇති පරිදි, ඔබේ විභාගවලදී කුඩාම ආකාරයෙන් පවා වංචා නොකරන්න. වංචා කර සමත් වනවාට වඩා අසමත් වීම හොඳයි. වංචා කර පොහොසත් වීමට වඩා දුප්පත් වීම හොඳය. ඔබේ මනස දූෂණය කරන සාහිත්‍ය කියවීම සහ රූපවාහිනී වැඩසටහන් බැලීම නවත්වන්න. සෑම කාරණයකදීම ඔබේ හෘදය සාක්‍ෂිය නිරවුල්ව තබාගන්න. මෙසේ ජීවත් වන අය ජීවිතයේ දී - සෑම පරම්පරාවකම - ඉහළ උද්ධමනය හා අවපාත කාලවලදී පවා දෙවියන් වහන්සේගේ හොඳම දේ ලබා ගනී.

ඔබ කිසි විටෙකත් වැටෙන්නේ නැති බව හෝ අසාර්ථක නොවන බව මින් අදහස් නොවේ. නමුත් ඔබ අසාර්ථක වන සෑම අවස්ථාවකම ඔබ වැලපිය යුතුයි. ඔබ ඕනෑම අංශයක (ආධ්‍යාත්මික හෝ ශාස්ත්‍රීය වේවා) 1000 වැනි වරට අසමත් වුවද, ඔබ නැඟිට දිගටම දිවිය යුතුයි. ඔබගේ අතීත අසාර්ථකත්වයන්ට ඔබ වෙතට පැමිණ හොල්මන් කිරීමට ඉඩ නොදිය යුතුය. අසාර්ථක වීමේ බිය යනු ඔබ විසින් ඉවත දැමිය යුතු නැවත නැවත පැමිණෙන බියකි. ඔබ කළ යුත්තේ ඔබේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම සහ අතීත අසාර්ථකත්වයන් පිළිබඳ සෑම සිතුවිල්ලක්ම ඔබේ මනසට එන සෑම විටම ප්‍රතික්‍ෂේප කිරීමයි. ඔබ මෙය කිරීමට විශ්වාසවන්ත නම්, යම් කාලයකට පසු, එවැනි සිතුවිලි කලාතුරකින් පැමිණෙන අතර - අවසානයේ සම්පූර්ණයෙන්ම නතර වනු ඇත. සෑම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදීම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි ( 2 කොරින්ති 10:5).

මේ ආකාරයෙන් සියලු දේ ධර්මිෂ්ඨයන් සමඟ හොඳින් යන බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේට ගෞරව කරන අයට ගෞරව කරන බවත් නොඇදහිලිවන්ත පරම්පරාවකට ඔබට ජීවමාන නිරූපණයක් විය හැකිය. ඔබේ දක්‍ෂතාවයෙන් හෝ ඔබේ ජයග්‍රහණවලින් මේ ලෝකය විශ්මයට පත් කරනවාට වඩා ඔබ මේ ලෝකයේදී දෙවියන් වහන්සේට ජීවමාන සාක්‍ෂියක් වන පිණිස ඔබේ මුළු හදවතින්ම අධික ආශාවකින් ප්‍රාර්ථනා කරන්න. භාහිර ක්‍රියාකාරකම්, ඔබේ ජීවිතයේ කිසිදාක ඔබේ දෙවියා බවට පත් නොවන පරිදි ප්‍රවේශම් වන්න!

ඔබේ මුළු ජීවිතයම, පාපය සහ ස්ව-කැමැත්තට මැරීම පිළිබඳ ජයග්‍රහණයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම, දෙවියන් වහන්සේගේ ආශාවයි (මේ යථාර්ථය ඔබම අත්විඳීමෙන්) සහ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ දෙවියන් වහන්සේ විසින් ඔබව පත් කරන ලද සේවය ඉටු කිරීම(එය කුමක් වුවත්) ලෞකික රැකියාවක් කරමින් ඔබේම ජීවනෝපාය උපයන අතරතුර - පාවුල් තුමා කළාක් මෙන් ස්වාමින් වහන්සේට සේවය කිරීම, ඔබේම වියදමින්, කිසිවෙකු මත යැපීමක් නොමැතිව. ලෝකයා දැකීමට අවශ්‍ය වන්නේ මෙය වන අතර මෙය ඔබ සැම ගැන මගේ ලොකුම ආශාවයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රථමයෙන් සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රථමයෙන් සොයන අය පමණක් යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට පසුතැවෙන්නේ නැති බව මම දනිමි.

හිමිකම් -Zac Poonen – [email protected]