WFTW Body: 

මනුෂ්‍යාගේ කීකරුකම දෙවියන්වහන්සේට නිතරම අවශ්‍යයය. පුරාණ ගිවිසුම යටතේදී, ඉශ්‍රායෙල් ජනතාවට කීකරුවීම සඳහා ආඥා දෙන ලදී. නමුත් දෙවියන්වහන්සේගේ ආඥා සම්පුර්ණ ලෙස පැවැත්වීමට නොහැකි බව ඔවුන් සොයා දැනගත්තෝය.

අළුත් ගිවිසුම යටතේදී, දෙවියන්වහන්සේගේ නීති අපේ හදවත්වල සහ සිත්වල ලියන බවට උන්වහන්සේ පොරොන්දූ වූ බැවින් උන්වහන්සේට  කීකරුවීම පමණක්ම නොව උන්වහන්සේට කීකරුවීමද ප්‍රේමකිරීමද අප කරනු ඇත. දෙවියන්වහන්සේගේ පොරොන්දූව නම් "මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි" (එසෙකි. 36:27).

දෙවියන්වහන්සේ සමග අපට සහභාගිකම ඇත්තේ උන්වහන්සේගේ ආඥා වලට කීකරුවීම තුලින් පමර්‍ණ. 

කෙසේවෙතත් කීකරුවීම බොහෝ ඇදහිලිවතුන් තෙරුම් නොගත්තාවූ දෙයකි. ඇදහිලිවතුන් වැඩි කොටසක් “කරුණාව” වරදවා තේරුම් ගෙන ඇති හෙයින් කීකරුවීම පරණ ගිවිසුමේ අණකිරිමක් ලෙස සලකති. විශාල බරක ප්‍රතිඵලයක් ලෙස, දෙවියන්වහන්සේගේ ආඥා සලකයි. මෙය සාතන්ගේ මුලා කිරිමකි. දෙවියන්වහන්සේගේ ප්‍රේමය නොතැකීම මෙහි ප්‍රතිඵලයයි. දෙවියන් වහන්සේගේ සියළුම ආඥා අපගේ යහපත පිණිසත් එසේම අපව නිදහස් කිරීමේ පරමාර්ථයත් සඳහාය. අපට හැම අතින්ම ප්‍රේම කරන දෙවියන් වහන්සේගේ හදවත තුල ඔවුන් සියල්ලෝම පවතිණු ඇත.

(සීනයි කන්දේදි දෙවියන් වහන්සේගේ ආඥා ඉශ්‍රායෙල් ජනතාවට දීම සම්බන්ධව) මෝසෙස් මෙසේ පැවසීය, "ඔවුන් උදෙසා ගිනිමය වු ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය-සැබවින්ම තම ජනයන්ට උන්වහන්සේ ප්‍රේමකරන සේක (එය මෙයින් ඔප්පු කරයි)"  (ද්විතීය කථාව.33:2,3-මායිමේ). දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආඥා අපට දීමේ සිද්ධාන්තයෙන් සනාථ වන්නේ අප වෙත ඇති උන්වහන්සේගේ අධිකතර ප්‍රේමයයි.

සමහර දෙවියන් වහන්සේගේ ආඥා වලට අවශ්‍යය වන්නේ අපේ පැත්තෙන් විය යුතු ආත්ම පරිත්‍යාගයයි.  නමුත් ඒවා අපේම හොඳට බව අවසානයේදී අපට සොයා ගැනීමට හැකිවේ. පියෙක් තම දරුවන්ට  උපකාරයක් වීමට පමණක් මිස - බරක් හෝ හිංසාවක් වීම සඳහා ආඥාවන් නොදෙයි. දෙවියන් වහන්සේ අපට දෙන ආඥා දෙසද අප ඛැලිය යුත්තේ මේ ආකාරයටමය. ඇදහීම ලැබීමට නම් ප්‍රේමයෙහි පරිපුර්ණ දෙවියන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කළ යුතුය. එවැනි ඇදහීමක් අපට ඇත්නම්, ඕනෑම මිලයකට, දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීමට අපි අතිශයින් සතුටුවනු ඇත.

අපි මෙතරම් පරාජය වීමට හේතුවක් තිබේ. එනම් දෙවියන් වහන්සේගේ ආඥා එක්කෝ අනවශ්‍යයය, එසේත් නැතිනම් බරක් ලෙස යක්ෂයා විසින් මනුෂ්‍යාට ඒත්තු ගන්වා තිබිමත්ය. දෙවියන් වහන්සේ අප කැඳවුයේ යමක් කිරිමට බව අපට තේරුම් ගැනීමට නොහැකිි නම්, අපේම නොමේරු බව  එයින්ම ඔප්පුවේ. තව ටිකක් වැඩියෙන් අපි මුහුකුරා ගිය දිනක මෙය තේරුම් ගැනීමට අපට හැකිවනු ඇත.

පාසැල් යාමට  දරුවන්ට බළකරණ කළ, ඔවුන්ට ගෙදර නැවතී සෙල්ලම් කිරිමට දෙමාපියන් ඉඩ නොදෙන්නේ ඇයිදැයි ඔවූහූ තේරුම් නොගනිති. සමහරවිට  ඔවුන්ගේ දෙමාපියන් තම දරුවන් කෙරෙහි ඉතාමත් සැරෙන් සිටින බවටද ඔවුන් සිතනු ඇත. නමුත් තම දරුවන්ට අධ්‍යාපනයක් ලැබීමට බලකරන්නේ  දෙමාපියන්ගේ ඇති ප්‍රේමය නිසයි.

මෙවැනි කුඩාදරුවන් මෙන්ම අපිද බෝහෝ විට දෙවියන් වහන්සේගේ මාර්ග තේරුම් නොගනිති. නමුත් උන්වහන්සේගේ ප්‍රේමය අපි විශ්වාස කරන්නේ නම්, කිසිම ප්‍රශ්නයකින් තොරව, අපි උන්වහන්සේගේ සියළුම වචනවලට කීකරු වී එසේම උන්වහන්සේගේ සියළු කි්‍රයාවන් වලට යටත් වන්නෙමුව. වේදනාව යන කාරණාව සලකා බලමු. ප්‍රේමයේ දෙවියන්වහන්සේ වේදනා තුලින් අපිට යන්ට ඉඩ හරින්නේ ඇයි ? ඒ වේදනාව අපගේ ආත්මික අධ්‍යාපන විෂයමාලාවේ එක කොටසක් වන නිසාය.  වේදනාව තුලින් දෙවියන්වහන්සේ අපව මුහුකුරා යෑමට යොමු කරයි. වේදනා විඳිමට ඔබට අවස්ථාවක් ලැබි නැත්නම්, ජිවිතයේ කිසිම ආත්මික වටිනාකමක් ඒකාන්තයෙන්ම ඔබ ඉගෙනගෙන නොමැත.

තරමක වේදනාවක් ඔබ වින්ඳ අවසාන අවස්ථාවේදී සමහරවිට මැසිවිලි කියමින් චෝදනා කරන්ට ඇති, ඒ දෙවිඳුන් ඔබගේම මාර්ගයේ යෑමට දැන් ඔබට ඉඩදෙනු ඇත. දෙවියන්වහන්සේ ඔබව ඒ ආකාරයෙන් වැඩට නොගෙන සිටිම , කනගාටුදායකය. දෙවියන්වහන්සේ විසින් පැත්තකින් තබනවාට වඩා මගේ ජිවිතයේ සෑම දවසකම වේදනා තුලින් යාමට කැමැත්තෙමි.

දෙවියන්වහන්සේ අපව වේදනා මැදින් ඉදිරියට ගෙන යනවිට, අන්අය සමඟ අපව සැසඳීම මෝඩ කමකි. එය හරියට ඔබේ දරුවන් මුඩුක්කුවල සිටින දූප්පත් ළමයින් පාසැල් නොයා මුළු දවසම දවස පුරාම මඩ සෙල්ලම් කිරිම ගැන, ඇයි කියා පුදූම වෙනවා වාගේය. අප සමඟ දෙවියන් වහන්සේගේ සියලු කටයුතු පරිපූර්ණ ආදරයෙන් යුක්තය. උන්වහන්සේට අවශ්‍යය වන්නේ අපගේ සතුටුවීම  බාහිරෙන් පෙණෙන, ලෝකයේ තාවකාලික සතුටක් නොව, ශුද්ධවන්ත ජිවිතයක් තුලින් ගැඹුරෙන් සදාතනිකව එන්නාවූ සතුටක්ය. භක්තිමත් වීමට නම් වේදනාව තුලින් මිස වෙන ක්‍රමයක් ඇත්තේම නැත.

"නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම් කරනසේක" (හෙබ්‍රේව් 12:10).

මේ පොළොව මතුපිට ඇවිද්දාවු ප්‍රිතිමත්ම මනුෂ්‍යයා යේසුස් වහන්සේය. නමුත් වඩාත්ම දූක් වින්ඳ තැණන්වහන්සේද උන්වහන්සේමය. උන්වහන්සේගේ සතුට පැමිණුනේ පියාණන් වහන්සේගෙ කැමැත්ත කිරිම තුලින් මිස - පහසු ජිවිත මාර්ගයක යෑම තුලින් නොව. උන්වහන්සේ තම පියාණන්ගේ පරිපූර්ණ  ප්‍රේමයෙන් දැන සිටි නිසා පියාණන්වහන්සේ එවන ලද සෑම දෙයකටම උන්වහන්සේ සතුටින් යටත් වූ සේක. උන්වහන්සේගේ ජිවිතයේ රහස එයයි.