WFTW Body: 

" මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය " ( එපීස 2: 8 ).

අප අපගේ කිතුණු ජීවිතය ආරම්භ කළේ - ඇදහිල්ල කරණකොටගෙන අනුග්‍රහයෙන් - පාප කමාව හා ශුද්ධාත්ම බෞතීස්මය ලබා ගැනීමෙන් ය. යම් දවසක අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේගේ තේජසින් පැමිණෙන කළ උන්වහන්සේව මුණගැසීමට මධ්‍යාවකාශයට අපව ඔසවාගනු ලබනු ඇත. එයද සිදුවන්නේ ඇදහිල්ල කරණකොටගෙන හා අනුග්‍රහයෙන් ය. එබැවින් පොළොවේ අපගේ කිතුණු ජීවිතයේ ආරම්භය හා අවසානය ද ඇදහිල්ල කරණකොටගෙන හා අනුග්‍රහයෙන් ය. අප ඉගෙන ගත යුතුව ඇත්තේ එය අතරේ සෑම දෙයක්මද ලබා ගත යුත්තේ එම සිද්ධාන්තයම මතය කියාය. ඇදහිල්ල කරණකොටගෙන, අනුග්‍රහයෙන් අපට සෑම නපුරක්ම ජය ගත හැකි අතර, පොළොවේ අපගේ දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද කාර‍්‍යය ඉටු කළ හැකිය. අනාගතයේ සියල්ලම දෙවියන් වහන්සේ දන්නා සේක. හෙට හෝ ලබන සතියේ හෝ ලබන වසරේ අපට සිදු වීමට නියමිත කිසිවකින් දෙවියන් වහන්සේව පුදුමයට පත් කළ නොහැක. දෙවියන් වහන්සේ මුල සිටම අවසානය දනී. මෙය අපට විශාල සැණසීමක් ලබා දිය යුතුය. මක්නිසාදයත් හෙට හෝ ලබන සතියේ ඔබ දැවැන්ත පීඩනයකට හෝ පරීක්ෂාවකට මුහුණ දීමට නියමිත බව දෙවියන් වහන්සේ දන්නේ නම්, එයට සාර්ථකව මුහුණ දීම සඳහා උන්වහන්සේ නිසැකවම ඔබට අනුග්‍රහය ලබා දෙන සේක.

ස්වාමින් වහන්සේ පාවුලුතුමාට පැවසුවේ “මාගේ අනුග්‍රහය ඔබට සෑහේ, මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවේ( 2 කොරින්ති 12: 9 ) කියාය. උන්වහන්සේගේ අනුග්‍රහය සෑම අවශ්‍යථාවයකටම සෑහේ. සෑම යහපත් ක්‍රියාවකටම ඔබට බහුලව (අතිරික්තව) ඇති වන පිණිස සෑමවිටම, සෑම දේ තුළ සියලු අනුග්‍රහයෙන් පරිපූර්ණ වන ලෙස දෙවියන් වහන්සේට සැළස්විය හැකිය ( 2 කොරින්ති 9: 8 )"එබැවින් අපට දයාණුකම්පාව ලැබෙන පිණිසත්, අවශ්‍ය අවස්ථාවලදී උපකාර කිරීමට අනුග්‍රහය ලැබෙන පිණිසත්, නිසැකකමින් අනුග්‍රහයේ සිංහාසනය වෙතට ළඟාවෙමු" ( හෙබ්‍රෙව් 4: 16 ). ඔබගේ අවශ්‍යථාව කුමක් වුවත් එය සපුරාලීමට ඔබට උපකාර කිරීමට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඇත. එබැවින් එම අනුග්‍රහය (කරුණාව) ලබා ගැනීම සඳහා අනුග්‍රහයේ (කරුණාවේ) සිංහාසනයට නිර්භීතව පැමිණෙන ලෙස අපට ආරාධනා කරනු ලැබේ. අතීතයේ අප එම අනුග්‍රහය නොලැබූ හෙයින් අප පරාජිතයින් වී සිටියෙමු. අනාගතයේදී ඒ කථාව වෙනස් විය හැකිය. අප යටහත් වී අපගේ අවශ්‍යථාවයන්හිදී අනුග්‍රහය ලබාගන්නා පිණිස මොර ගැසුවහොත්, දෙවියන් වහන්සේ අපව බලාපොරොත්තු සුන්වීමට නොපමුණුවනසේක.

අනුග්‍රහය බහුලව ලබන්නන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් තම ජීවිතය රජ කරන්නන් බව බයිබලය පවසයි. මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම් කළේවී නම් , අනුග්‍රහයේද ධර්මිෂ්ඨකම නැමැති දීමණාවේද බහුලත්වය ලබන අය එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ඊට වඩා බොහෝ සෙයින් ජීවනයෙහි රජකම් කරන්නෝය” (රෝම 5: 17). ආදම් සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත වූයේ එයයි - එනම් ඔහු ආධිපත්‍යය ලැබ සියල්ල පාලනය කිරීමයි. උත්පත්ති 1: 26 පවසන්නේ, "එවිට දෙවියන් වහන්සේ පැවසුවේ, 'අපගේ ස්වරූපයෙන්, අපගේ සමානත්වයෙන් මනුෂ්‍යයා සාදමු ; ඔවුන් මුළු පොළොවම පාලනය කරත්වා කියාය." ආදම්ගේ අකීකරුකම එය ඔහුගේ ජීවිතයේ ඉටු වීම වැලැක්වූවේය. නමුත් දැන් දෙවියන් වහන්සේ පොළොව මත නව ජාතියක් නැඟිටුවා ඇත - යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වන දෙවියන් වහන්සේගේ පුත්‍රයන් - රජවරුන්ගේ ගෞරවයෙන් ජීවත් වී පොළොවේ රජකම් කරන පිණිස.

ඔබ යටහත් පහත් වී දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබන්නෙහි නම්, තව දුරටත් කිසිදු පාපයක් ඔබ කෙරෙහි ආධිපත්‍යය දැරීමට අවශ්‍ය නැත. කිසිම බියක් හෝ කණස්සල්ලක් නැවත කිසි දිනෙක ඔබේ හදවතට ඇතුළු වීමට අවශ්‍ය නැත. ඔබේ හාම්පුතාටවත්, ඔබේ අසල්වැසියාටවත්, ඔබේ ඥාතීන්ටවත්, ඔබේ සතුරන්ටවත්, සාතන්ටවත් - ඔබේ ජීවිතය තවත් කාළකණ්ණි කිරීමට මිහිපිට කිසිවකුට නොහැකිය. ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේගේ ජයග්‍රහණයට සැමවිටම අපව ගෙන යන දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයේ නව ගිවිසුම යටතේ ජීවත් වීම මොනතරම් අපූරුද! පොරොන්දු දේශය ඔබ ඉදිරියේ විවෘතයි!

ඇතුල් වී එය අත්පත් කරගන්න!