WFTW Body: 

රෝම 7:14-25 පරිපූර්ණත්වය කරා හඹායාමට උත්සාහ කරන අයට වැදගත් ඡේදයකි. පාවුල් එහි කතා කරන්නේ නැවත ඉපදුණු කිතුනුවකු ලෙස ඔහුගේ අත්දැකීම ගැන ය, මන්ද නොහැරුනාවූ මිනිසෙකු, "මක්නිසාද අභ්‍යන්තර මනුශ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්‍ථාවට ප්‍රිය වෙමි"යි නොකියයි ( රෝම 7:22 ).

පාවුල් රෝමවරුන්ට ලියූ ලිපිය ලියා ඇත්තේ රෝම 1 පරිච්ඡේදයේ සිට අනුපිළිවෙලින් විස්තරාත්මකවය "ගැළවීම පිණිස ශුභාරංචිය දෙවියන් වහන්සේගේ බලයව තිබේ " ( රෝම. 1:16 ). 3, 4 සහ 5 පරිච්ඡේදවල ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කිරීම ගැන කථා කිරීමෙන් පසුව, පාවුල් රෝම 6 හි පාපයට එරෙහි ජයග්‍රහණය ගැන කතා කරයි. ඉන්පසු පාවුල් 7 වන පරිච්ඡේදයේ ඊලඟ අදියරට යයි. ඔහු එතනින් යන්නේ ඔහුගේ ජීවිතයේ නොහැරුණාවූ කාලය වෙත නොවේ. නැත. ඔහු ශුභාරංචිය පිළිබඳ ඔහුගේ විස්තරය දිගටම කරගෙන යයි. දැන් ඔහු කතා කරන්නේ පරිපූර්ණත්වය කරා හඹායාමට උනන්දුවක් දක්වන පුද්ගලයෙකු තම අභ්‍යන්තර ජීවිතය තුළ මුහුණ දෙන්නාවූ අරගලය ගැන ය. දැනුවත්ව ඔහු තෝරාගෙන ඇත්තේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පමණක් අනාගතයේදී කිරීමටය. ඔහු ජයග්‍රහණයට ආශා කරන අතර අවශ්‍ය අවස්ථාවලදී ඔහුට උපකාර කිරීමට අනුග්‍රහය ලබාගෙන ඇත. නමුත් ඔහු කරුණු දෙකක් සොයා ගනී: (1) නොසැලකිලිමත් මොහොතක ඔහු දැනටමත් ආලෝකය ලබා ඇති ප්‍රදේශ වලදීද තවමත් වැටේ (හෘද-සාක්ෂියට සංවේදී පාප); සහ (2) සමහර විට ඔහු ක්‍රිස්තියානි ප්‍රමිතියෙන් අඩු වී ඇති බවත්, ඔහු වැටුණු පසුව පමණක් එය වටහාගෙන ඇති බවත් (වැටීමට පෙර ඔහුට ආලෝකය නොතිබූ නව ප්‍රදේශයක් - හෘද-සාක්ෂියට සංවේදී නොවුන පාප).

සම්පූර්ණ පරිපූර්ණත්වය ගැන උනන්දුවක් නොදක්වන තැනැත්තාට එවැනි පොරබැදීමක් නැත, මන්ද ඔහු රෝම 5 හි නතර වී ඇත. පාපයෙන් සම්පූර්ණ ජයග්‍රහණයක් සොයන තැනැත්තා ( රෝම 6:14 ), මෙම අරගලයට මුහුණ දෙමින් ඔහුටම, මෙසේ කියයි. "අනේ මම කාලකණ්ණි මිනිසෙක්, මාව නැවත නැවතත් ආත්මික මරණයට ගෙන එන මේ පව්කාර ශරීරයෙන් මාව ගලවා ගන්නේ කවුද" ( රෝම.7:24 ).

එවැනි අරගලයක් පිළිගන්නේ නැති අය ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිතය ගැන වංක වෙති. අප දුර්වලකමේ මොහොතක වැටී සිටියත්, එය අප විසින්, ක්‍රිස්තුස්වහන්සේ ගේ රුධිරයෙන් සෝදා පවිත්‍ර කරන ලෙස ඉල්ලා පසුතැවිලි වී අත්හැරිය යුතු පාපයක් වූවද, එය අප හෘද-සාක්ෂියට දැනුවත්ව තෝරාගෙන කරන දෙයක් නොවීම, අපට මහත් බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඒ පිළිබඳ අපගේ පසුතැවිල්ල ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි. මක්නිසාද එවැනි පාප ක්‍රියාවන්ට අපි වෛර කරන නිසාත්, ඒවා ගැන වැලපෙන නිසාත්, යම් දිනක අපට ඒවායින් ද ජයග්‍රහණය ලැබෙනු ඇත.

රෝම 7 පරෙස්සමින් කියවා ඒ ගැන ඔබට ආලෝකය ලබා දෙන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න. රෝම 7:1-13 අපගේ මාර්ගෝපදේශය ලෙස නීතියෙන් නිදහස් වීම ගැන කතා කරයි. දැන් අපි ක්‍රිස්තුස් වහන්සේ සමඟ විවාහ වී සිටිමු, එබැවින් අප ජීවත් වන්නේ නීතියට වඩා උසස් ප්‍රමිතියකින් මිස දෙවියන් වහන්සේගේ ආඥාවන් කෙරෙහි නීතිමය ආකල්පයකින් නොවේ. අපි සේවය කරන්නේ "ආත්මයේ අලුත්කමින් මිස ලිපියේ පැරණි භාවයෙන් නොවේ" ( රෝම 7:6 ).

තම පොරබැදීම ගැන වංක අයට ජයග්‍රහණයක් නැත. එය මූලික වශයෙන් රෝම 7 නිවැරදිව අවබෝධ කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොව, කෙනෙකුගේ පොරබැදීම සම්බන්ධයෙන් පරම අවංක වීම පිළිබඳ ප්‍රශ්නයකි. ඔවුන්ගේ අභ්‍යන්තර පොරබැදීම ගැන අවංක නොවන සියල්ලන්ගෙන් වළකින ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි - මන්ද ඔවුන් කුහකයින් ය. ඔබ ආත්ම විමසීමෙන් යුක්ත විය යුතුය. සර්පයන් මෙන් ප්‍රඥාවන්තව පරෙවියන් මෙන් හානියෙන් තොර වන්න. දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන වැදගත්ම දෙය අවංකකම බව මතක තබා ගන්න. එය පවිත්‍රකමේ පළමු පියවරයි.