WFTW Body: 

ආගමිකත්වය සහ ආත්මිකත්වය අතර වෙනස හඳුනාගැනීමට ඔබ ඉගෙනගත යුතුය. ආගමිකත්වය බොහෝ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් වලට සහභාගීවීමෙන් සමන්විතයි. නමුත් ආත්මිකවීම යනු අපගේ ආකල්පය (සියල්ල සම්බන්ධයෙන්) යේසුස්වහන්සේට තිබූ ආකල්පයටම වෙනස් කිරීමට ශුද්ධාත්මයාණන්ට ඉඩදීමයි ( පිලිප්.2:5, "ක්‍රිස්තුස්වහන්සේ තුල තිබූ ආකල්පයම නුඹලා තුලත් වේවා..."). කාන්තාවන්, මුදල්, මිනිසුන්, තත්වයන්, භූමික ගෞරවය යනාදිය කෙරෙහි එම ආකල්පමය වෙනස සිදුනොවන්නේ නම්, අප ආත්මිකව වර්ධනය වන බවට කිසිවිටෙකත් අප අපව රවටා ගත යුතු නැත. ආගමික ක්‍රියාකාරකම් මඟින් සිදුවන්නේ අපව පරිසිවරුන් මෙන් සුදු හුනු ගෑ සොහොන් කොත් මෙන් වීම පමණි. වැරදි ආකල්ප වලින් අපගේම ගැලවීම රක්ෂා කරගැනීමට ශුද්ධාත්මයාණන්ගේ උපකාරය තුළින් අප සෑම දෙයක්ම කළ යුතුය.

සැබෑ ක්‍රිස්තියානිකම සාමයේ පූර්ණත්වය ගෙන දෙන ඇදහිල්ලකි”

ආගමිකවීම සහ ආත්මික වීම අතර විශාල වෙනසක් ඇත. පැරණි ගිවිසුම යටතේ, ධර්මිෂ්ඨකම පසු පස හඹාගිය බොහෝ දෙනෙක් ආගමික පරිසිවරුන් බවට පත්වූහ. ඔවුන් යේසුස්වහන්සේගේ ලොකුම සතුරන්විය. අද පවා, නව ගිවිසුමෙහි සත්‍යථාවයන් ව්‍යවස්ථාවේ ආත්මයෙන් ලබා ගෙන හුදෙක්ම ආගමික අය පමණක් වීමට හැකිය. එවිට අපි අදටත් දෙවියන්වහන්සේගේ ලොකුම සතුරෝ වන්නෙමු.

ශුද්ධාත්මයාණන්ගෙන් නිතරම පිරී සිටීමින්, දෙවියන්වහන්සේව සතුටු කිරීමට වඩා ශාස්ත්‍රීය ආකාරයකින් දේව වචනය අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයෙකු, ආත්මික කිතුණුවෙකු නොවී, ආගමික පරිසිවරයෙකු ලෙස අවසන් වීමේ අනතුරකට මුහුණදෙයි. පරණ ගිවිසුමේ ඔවුන්ට ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන මෙනෙහි කිරීමට අණ කරන ලදී (ගීතා. 1:2). නමුත් අළුත් ගිවිසුමේ අප ශුභාරංචිවල දකින යේසුස්වහන්සේගේ මහිමය ගැන මෙනෙහි කළ යුතුය (2කොරි. 3:18). වචනාර්ථය මරණය ගෙනෙන අතර ආත්මය ජීවනය ලබා දෙයි.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුල ප්‍රීතියද වේ (රෝම.14:17). ආගමිකත්‍වයට මානව ධර්මිෂ්ඨ කමක් තිබිය හැකි නමුත් එහි සාමය හා ප්‍රීතිය සොයාගන්නට නොලැබේ. ඒතුල මැසිවිලි නැඟීම් සහ කෙඳිරිලි, බිය සහ කනස්සලු ඇතිවේ. සැබෑ ක්‍රිස්තියානිකම සාමයේ පූර්ණත්වය ගෙන දෙන ඇදහිල්ලකි - දෙවියන්වහන්සේ සමඟ සාමය (සියලු කාරණා සම්බන්ධයෙන් පැහැදිලි හෘදසාක්‍ෂියක්), මිනිසුන් සමඟ සාමය (අපේ පැත්තෙන් අපට හැකිතාක් දුරට) සහ ඇතුලාන්ත සමාදානය (කාංසාව සහ ආතතියෙන් නිදහස්වීම). එය ප්‍රීතියේ පූර්ණත්වයද ගෙනඑයි - එය සියලු තත්වයන් හිදී පිරී ඉතිරී යන ස්තුතිදීමේ සහ ප්‍රශංසා කිරීමේ ජීවිතයකි.. අපි ගායනා කරන්නේ:

" එතුමන්ගේම දුක් ගැන එතුමන්ට කඳුළු තිබුණේ නැත

ඒත් මාගේ දුක් වෙනුවෙන් ලේ බිංදු දාඩියය මෙන් වැගිරුවේය "

යේසුස්වහන්සේ ජීවත්වුණේ එළෙසය. උන්වහන්සේ කිසිවිටෙකත් තමන්වහන්සේ ගැනම කම්පාවට පත්වුනේ නැත. ලේ ගලනවිට සහ කුරුසිය උසුලාගෙන යනවිට පවා, උන්වහන්සේ අන් අයට පැවසුවේ, "මා වෙනුවෙන් අඬන්න එපා" (ලූක්.23:28). උන්වහන්සේ තුළ ආත්මාඅනුකම්පාවක් තිබුණේ නැත. උන්වහන්සේ අන් අය විසින් නපුරු ලෙස සලකනවිට පවා, නිරන්තරයෙන් ප්‍රීතිවිය, මක්නිසාද උන්වහන්සේ තම පියාණන්ගේ මුහුණ ඉදිරියෙහි ජීවත්වූ බැවිනි. අපිත් අපේම දුක වෙනුවෙන් කඳුළු නොසලා එසේ විය යුතුය.

ආගමිකත්‍වයට බොහෝ ක්‍රියාකාරකම් තිබිය හැකිය. නමුත් එය උඬඟුවන අතර එය අන් අයව හෙළාදකී. අපි අන් අය දෙස පහත් කොට බලන විට හෝ අපගේ ධර්මිෂ්ඨකම ගැන ආඩම්බර වන විට, අපි ආගමිකයෝය. ආත්මික නොවන්නෙමු. (පරණ ගිවිසුමේ යටහත් කම ගැන වැඩි යමක් කතා කර නැත, මන්ද එය නව ගිවිසුමේ ගුණයකි). බයිබල් දැනුමේ අපගේ සියලු වර්ධනයත් සමඟම, අපි ආත්මික බවට පත්වෙමින් වඩාත් ආගමික නොවන බවට සහතික කරගත යුතුය.

ඔබට හිරිහැර කළ සැමට සමාව දෙන්න, දෙවියන්වහන්සේ හා මිනිසුන් සමඟ සියල්ල නිවැරදි කරන්න, ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වීමට උනන්දුවෙන් උත්සාහ කරන්න, දිනපතා යේසුස්වහන්සේගේ මරණයේ (සිය-කැමැත්ත නැසීමේ) මාර්ගයේ ගමන් කිරීමට දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අදිටන් කරන්න. එවිට ඔබ ආත්මික මිනිසෙක් වනු ඇත.

©Zac Poonen – [email protected]