WFTW Body: 
ගීතාවලිය27:4 හී දාවිත් පවසනුයේ, "ස්වාමින්ගෙන් එක් දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමින්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනා කරන පිණිසත් මාගේ ජීවිතයේ සියළු දවස් වලදී ස්වාමින්ගේ ගෘහයේ වාසය කිරීමය." දාවිත් බලවත් රජෙකුව සිටියේය. ඔහු පොහොසත්ව සිටියේය, ඔහු බොහෝ යුද්ධ ජයගෙන සිටි අතර ඔහුට විශාල කීර්තියක් තිබුණි. ඒත් ඔහු පැවසුවේ "මම සෑහීමට පත් නොවෙමි. මම ස්වාමින් කෙරෙහි එක් දෙයකට ආශා වෙමි. එය නම් මම ලෝකයටම රජවීම නොවේ, හෝ මම බලවත් දේශකයෙකු වීම නොවේ, හෝ මම ඉතා ප්‍රසිද්ධ අයෙකු වීම නොවේ. නමුත් එක් දෙයකට ආශා වෙමි එනම් මවිසින් මාගේ ස්වාමින්වහන්සේගේ අලංකාරය දෙස ඕනෑ කමින් බැලීමයි, සහ මගේ මුළු දිවිය පුරාම වඩවඩාත් උන්වහන්සේගේ අලංකාරය බලමින්ම සිටීමයි". අපගේ ජීවිතවලද එකම ආශාව එයම වන්නේද? ශු: යොහාන් 20 හි, අප කියවනු ලබනවා මෙම ආශාවම තිබුණාවූ තවත් කෙනෙකු ගැන. ඒ මරිය මග්දලේනාය. ඇය ඒ ඉරිදා උදෑසනසම සොහොන් ගෙය වෙත ගියාය. ඇයි ඇය එවෙලාවේ නොනිදා සිටියේ? ඇයි ඇය එතරම් උදෑසණින් අවදිවූයේ, තවදුරටත් අඳුර පවතිද්දී, සොහොන් ගෙය වෙත යාම? මක්නිසාද ඇගේ දිවියේ එක් ආශාවක් තිබුණි, එය නම් ඇගේ ස්වාමීන්ව බැලීමයි. ඇය සොහොන් ගෙය වෙත පැමිණෙද්දී එය හිස්ව තිබෙනු ඇය දුටුබව අපට කියවීමට ලැබේ. එවිට ඇය දිවගොස් අනෙකු ගෝලයින්ගෙන් සමහරෙකුට එය පැවසුවාය. ඔවුන්ද පැමිණ සොහොන්ගෙය බැලුවෝය, එවිට ඔවුන් නැවත ගෙවල්වලට යාමට හැරුණි, සමහර විට නැවත නින්දට යාමට වියහැකියි. නමුත් මරිය මග්දලේනා සොහොන් ගෙයින් පිටතටවී වැලපෙමින් සිටියාය. ගෝලයින් මරියා තරම් ස්වාමින්වහන්සේට ප්‍රේම නොකල බව ඔබ දුටුවේද? ගෝලයින් , ඔවුන් හිස් සොහොන් ගෙය දුටුවිට, නැවත නින්දට ගියෝය. නමුත් මරියාට එසේ කළ නොහැකි විය, මක්නිසාද ඇයට යේසුස්වහන්සේ යනු ඇයගේ සියල්ල විය. දෙවියන්වහන්සේට අද දවසේ එවැනි මිනිසුන් සභාව තුළ අවශ්‍යය. ස්වාමීවූ යේසුස්වහන්සේ ඇය වෙතට එනවිට, ඇය සිතුවේ ඒ උයන්පල්ලා බවයි, එවිට ඇය ඔහුට පැවසුවේ, "මහත්මයාණෙනි, ඔබ උන්වහන්සේව කොහේහෝ ගෙන ගියානම්, කියන්න ඔබ උන්වහන්සේව තබා තිබෙන්නේ කොහෙද, එසේනම් මම උන්වහන්සේව ගෙනයමි". ඇය මෘතශරීරය ගෙනයාමට වුවත් සූදානම්ව සිටියාය. දැන් ඔබ දන්නවා, කාන්තාවකට මෘත ශරීරයක් ගෙනයාම ආසන්න වශයෙන් නොහැකි බව. නමුත් ස්වාමින්වහන්සේ වෙත ඇති අධික ප්‍රේමය කෙතරම්දයත්, ඇය උන්වහන්සේ උදෙසා පැන නගින ඕනෑම පීඩාවකට මුහුණ දීමට සූදානම්ව සිටියාය. "දෙවියන්වහන්සේගේ මුහුණ සෙවීම" යන්නෙහි තේරුම මෙයයි. එහි අදහස එකම ආශාවක් ඇතුව සිටීමයි - එනම් ස්වාමින්වහන්සේගේ අලංකාරය ඕනෑ කමින් දැකීමයි - වෙන කිසිවක් නොවේ. මට මෙලොවෙහි පොහොසත් මනුශ්‍යයෙකු වීම හෝ බලවත් මනුශ්‍යයෙකු වීම නොව නමුත් අවශ්‍ය ස්වාමින්වහන්සේගේ අලංකාරය වඩවඩාත් දවසින් දවස දැකීමයි. වැන්දඹුවකගේ නිවසකට දිනක් පැමිණි ආගන්තුකයෙකු ගැන කතන්දරයක් මට මතක් වෙනවා. ඇය ඉතා දුගීව සිටි අතර ස්වාමින්වහන්සේට ඉතා ප්‍රේම කලාය. ඇයට දරුවන් හතරක් හෝ පහක් සිටි අතර ඇය විසුවේ මඩ ගොහොරුවක තිබූ කුඩා නිවසකයි. ඒ මිනිසා ඇගෙන් ඇසුවා කොහොමද ඔබේ නිවස එතරම් සතුට සමාදානය ඇතුව තිබෙන්නේ කියා? ඔබට ගොඩක් මුදල් නැහැ. ඔබේ දරුවන් භාගෙට කුසගින්නේ ඒත් ඔවුන්ගේ මුහුණු සැමවිටම සිනහවෙන් පිරිලා. ඔබට ඔබ නිවසේ බොහෝ අපහසුකම් සහ රෝග තිබෙනවා ඒත් ඔබ හැමවිටම ප්‍රීතිවෙනවා. මොකක්ද ඔබගේ ජීවිතයේ රහස? ඇය පිළිතුරු දුන්නා,"යේසුස්වහන්සේ මාගේ සෑම දෙයයි. මට මේ ලෝකයේ කිසි දෙයක් අවශ්‍ය නැහැ" කියා. ප්‍රේමවන්තයෙනි, අපටත් යේසුස්වහන්සේ අපගේ සෑමදේ වුනා නම්, අපද ඇය මෙන් වනු ඇත.