WFTW Body: 

දෙවියන් වහන්සේ සාතන්ට සහ අපගේ තෘෂ්ණාවන් වලට එතරම් බලවත් වීමට ඉඩ දී ඇත, එවිට අපට අපගේම ශක්තියෙන් ඒවා ජය ගත හැකි යැයි අපි කිසි විටෙකත් නොසිත න්නෙමුව. දෙවියන් වහන්සේගේ බලය සෙවීමට අපට බල කර ඇත. ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් කානාන්හි වැසියන්ගේ ප්‍රමාණය දුටු විට ඔවුන් තමන්ව දුටුවේ තණකොළ පෙත්තන් ලෙසය. එහෙත් යෝෂුවා සහ කාලෙබ් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා දේශයට ඇතුළු වී එම යෝධයන් මරා දැමූහ. අපගේ සියලු තෘෂ්ණාවන් ජය ගැනීමට අපට එම ආත්මය අවශ්‍ය වේ. එබැවින්, "මට දෙවියන් වහන්සේගේ බලයෙන් සාතන් සහ මගේ සියලු තෘෂ්ණාවන් ජයගත හැකිය" කියා නිතරම ඇදහිල්ලෙන් පවසන්න.

සෑම පරීක්‍ෂාවකදීම, ඔබට මාර්ග දෙකක් විවෘත වේ - (1) සතුටු වීමේ මාර්ගය සහ (2) දුක් විඳීමේ මාර්ගය, එහිදී ඔබ මාංශයට අධික ලෙස ආශා කරන සතුට ප්‍රතික්‍ෂේප කරයි. පසුව පැමිණෙන මාර්ගය වන්නේ "මාංසයේ දුක් විඳීමේ" මාර්ගයයි ( 1 පේතෘ.4:1 ). මෙලෙස ඔබ දිගින් දිගටම විරුද්ධ වෙමින් දුක් විඳිමින් සිටින විට, අවසානයේදී ඔබ පව් කිරීමට වඩා මරණයට පවා කැමති වනු ඇත. එවිට ඔබලා "පාපයට විරුද්ධව පොරට සිට, ලේ වැගිරෙන තෙක් පාපයට විරුද්ධ වන්නහුය" ( හෙබ්‍රෙව් 12:4).

ක්‍රීඩකයෙක් බොහෝ ක්‍ෂේත්‍ර තුළ විනයගරුකවේ. එලෙසම, ඔබට, සාතන්ට සහ ඔබේ ආශාවන්ට එරෙහිව ජය ගැනීමටත් අවසානයේ මෙම ස්වර්ගීය තරඟයෙන් ජය ගැනීමටත් අවශ්‍ය නම්, ඔබ ඔබේ ශාරීරික ආශාවන් හික්මවා ගත යුතුය. පාවුල් තුමා මෙසේ පැවසුවේය, "මම මගේ ශරීරය හික්මවා, එයට කැමති දේ නොවේ එය කළ යුතු දේ කිරීමට සලස්වන්නෙමි. එසේ නොවුවහොත් අන් අයට දේශනා කිරීමෙන් පසු මමම නුසුදුස්සකු වනු ඇත" ( 1 කොරින්ති 9:27 - ජීවමාන බයිබල් පරිවර්තනය).

පරීක්‍ෂාව සිතේ සිතිවිල්ලක් ලෙස අප වෙත පැමිණේ. අපි එයට වහා විරුද්ධ විය යුතුයි. නමුත් අපි ජයග්‍රහණය සෙවීම ආරම්භ කරන විට, අවම වශයෙන් තත්පර කිහිපයක්වත් අප එහි නියැලෙන තුරු එයට විරුද්ධව සිටීම සාමාන්‍යයෙන් සාර්ථක නොවේ. මෙයට හේතුව අපි වසර ගණනාවක් තිස්සේ පුරුදු වී සිටි ජීවන රටාවයි. විරුද්ධවීමේ මෙම ආරම්භක කාල ප්‍රමාදය, බිංදුවට පැමිණෙන තෙක් අප සටන් කරමින් සිටිය යුතුය! අප පව් කළ තැනදී, අප වහාම පාපොච්චාරණය කර පසුතැවිලි වී ශෝක විය යුතුය.

ඕනෑම වේලාවක පරීක්‍ෂාවේ පීඩනය ඕනෑවට වඩා අපට දැනෙන විට සහ අප එයට යටත් වේ යැයි බියෙන් සිටින විට, පේතෘස් මුහුදේ ගිලෙන්නට පටන් ගත් විට උපකාරය පතා කෑගැසුවා සේම අපි වහාම උපකාරය ඉල්ලා කෑ ගැසිය යුතුය ( මතෙව් 14: 30 ). උපකාරය පතා අනුග්‍රහයේ සිංහාසනය වෙත දිව යාම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. ඔබ පාපයෙන් පලා යාම සහ පාපයට එරෙහිව කරන අරගල යන දෙකම ඔබගේ ජීවිතයේ පාපය ජය ගැනීමට ඔබ අධිෂ්ඨාන කරගෙන සිටින බවට දෙවියන් වහන්සේට ඇති සාක්‍ෂියකි. තවද දෙවියන් වහන්සේ ඔබට බලවත් ලෙස උපකාර කරනු ඇත.