ශුද්ධාත්මයාණන් වහන්සේ සැබෑකමේ ආත්මය ලෙස හැඳින්වේ. යේසුස් වහන්සේ පැවසුවේ, "උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක." (යොහන් 16: 13).
මගේ ජීවිතය හිසේ සිට පාද දක්වා සම්පූර්ණයෙන්ම සත්‍යවාදී වීමට මට අවශ්‍යය, මන්ද යේසුස් වහන්සේ අනුගමනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ එයයි. යේසුස් වහන්සේ පැවසුවේ “සත්‍යය මම වෙමියි” කියාය. එබැවින් බොහෝ විට ක්‍රිස්තියානි දේශකයින් පවා අන් අයට කථා කරන ආකාරයෙන් විරෝධය ඇතිකිරීම වළකා ගනී. ඔවුන් පවසන්නේ, “මම මෙසේ කීවොත්, ඒකෙන් යම් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්, එබැවින් මම අමනාප කිරීමෙන් වළකිමි.” යේසුස් වහන්සේ කිසිවිට රාජ්‍ය-තාන්ත්‍රිකයෙක් නොවූසේක. උන්වහන්සේ සෑම විටම සත්‍යය පැහැදිළිව හා සෘජුව කථා කළසේක. මම අදහස් කරන්නේ උන්වහන්සේ රළු වූ බවක් නොවේ, අපි රළු විය යුතු යැයි මම විශ්වාස නොකරමි, නමුත් යේසුස් වහන්සේ කිසිදු පුද්ගලික වාසියක් උදෙසා රාජ්‍ය-තාන්ත්‍රික නොවූසේක. අපි සත්‍යය කථා කිරීමේදී කරුණාවන්ත සහ සැළකිලිමත් විය යුතු බව මම විශ්වාස කරමි (අශිෂ්ට නොවේ) -- අපි අනෙක් පුද්ගලයින් සමඟ කථා කරන විට අපි නිතරම කරුණාවන්ත විය යුතුයි -- නමුත් මම කථා කරන්නේ එය ඔබට බලපාන තැන සත්‍යය කථා කිරීම ගැනය. අප සම්බන්ධව වන විට අප සත්‍යවාදී විය යුතුයි.
ශුද්ධාත්මයාණන් වහන්සේ අපව සියලු සත්‍යයන් කරා ගෙන යන බව ඔබ දැන සිටියෙහිද? මුල් සභාවේදී විනිශ්චය කරන ලද පළමු පාපය වංකකමේ පාපය මිස තණ්හාවේ පාපය නොවේ. ක්‍රියා 5 හි, අනනියස් සහ සප්පිරා බොහෝ අය තම ඉඩම් විකුණා මුදල් අපොස්තුළුවරුන්ගේ පාමුලට ගෙන එන අයුරු දුටුවෝය (ක්‍රියා 4: 34 හි බොහෝ අය එය කරමින් සිටියහ). අනනියස් සහ සෆීරාට ද සභාව තුළ මුළු හදවතින්ම හා දෙවියන් වහන්සේට භාර වූවන් හැටියට කීර්ති නාමයක් අවශ්‍ය වූ අතර, එබැවින් ඔවුන් ද ඔවුන්ගේ ඉඩමෙන් ටිකක් විකුණු නමුත් අනෙක් අය මෙන් ප්‍රේරිතයින්ගේ පාමුල තැබීමට සම්පූර්ණ මුදල දුන්නේ නැත. අපි හිතමු ඉඩම රුපියල් 100,000කට විකුණලා රුපියල් 50,000ක් ඔවුන් තබාගෙන 50% සභාවට දුන්නා කියා. අද යමෙකු තම දේපළ විකුණා ඔවුන්ගෙන් ලැබෙන ආදායමෙන් 50%ක් දෙවියන් වහන්සේ වෙත ගෙන ගියහොත්, ඔබ එම පුද්ගලයාව හඳුන්වන්නේ මුළු හදවතින්ම කිතුණුවකු ලෙසයි! නමුත් අනනියස්ව මරා දැමුවේ ඔහු දුන් දේ හෝ නොදුන් දෙය නිසා නොව ඔහු බොරු කීම (ඔහු තුළ සැබෑකම නොතිබූ) නිසාය.
මිනිසුන් තම මුදල් අපෝස්තුළුවරුන්ගේ පාමුල තබන විට ඔහු අන් අය සමඟ පෝලිමේ සිට කට වසාගෙන සිටියේය. ඔහු, ඔහුගේ මුදල් තබා යන්න ගියා. ඔහු ඉදිරියට යනවාත් සමඟම පේතෘස් කථා කොට, “අනනියස්, නැවත මෙහි එන්න” කියා කීවේය. මේ පුද්ගලයා බොරුකාරයෙකු බව දෙවියන් වහන්සේ පේතෘස්ට අවබෝධ කර දුන්සේක. ක්‍රියා 5: 4 හි පේතෘස් ඔහුට පැවසුවේ, “මේ ඉඩම ඔබට අයිති වූ විට, එය ඔබට අයිති විය, කිසිවෙකු එය විකුණන ලෙස ඔබෙන් ඉල්ලා සිටියේ නැත, දෙවියන් වහන්සේට ඔබේ මුදල් හෝ ඔබේ ඉඩම අවශ්‍ය නැත. සෑම කෙනෙකුම ස්වේච්ඡාවෙන් ලබා දෙන අතර ඔබ එය විකුණු පසු මුදල් තවමත් ඔබේ විය. 50% හෝ 10% හෝ 1% ක් ලබා දෙන ලෙස කිසිවෙකු ඔබෙන් ඉල්ලා නැත -- ඔබ මෙසේ සිතුවේ මන්ද? ඔබ දෙවියන් වහන්සේට බොරු කීවේය. “මම කිසිවිට කට ඇරියේ නැත! මම කිසිදු වචනයක් කීවේ නැතැයි, අනනියස්ට කියන්නට තිබුණි, නමුත් ඔබට කට නොඇර දෙවියන් වහන්සේට බොරු කියන්න පුළුවන් බව ඔබ දන්නවාද? අනනියස් පෝලිමේ සිට, අපෝස්තුළුවරුන්ගේ පාමුල මුදල් තබා, ඉදිරියට ගියේය, ඔහු කිසි විටෙකත් කට ඇරියේ නැත, නමුත් එම ක්‍රියාවේදී එය බොරුවක් විය, මෙයයි කුහකකම (ඔහු තුළ සැබෑකම නොතිබීම) - මවාපෑම.
ඔබට සභාවක සහභාගිකමට පැමිණ අනෙක් සියල්ලන් මෙන් මුළු හදවතින්ම පෙනී සිටිය හැකි නමුත් බොරුකාරයෙකු විය හැකිය. ඔබ අන් අය මෙන් හදවතින් මවාපාමින් මිනිසුන් සමඟ වාඩි වී ඔබ මුළු හදවතින්ම නොසිටින්නේ නම්, ඔබ ඔබේ කට නොඇරියත් ඔබ බොරුකාරයෙකි. ඔබට යේසුස් වහන්සේට ගායනා කළ හැකිය "මගේ රිදී සහ මගේ රත්තරන් ගන්න, පිච්චියක්වත් මම නොතබා ගනිමි", ඔබ අනෙක් සියල්ලන් සමඟ ගායනා කරන නිසාත්, තාලය සහ වචන ලස්සණ නිසාත්, නමුත් ඔබ එය අදහස් නොකරන නිසා ඔබ පරම බොරුකාරයෙකු විය හැකිය. බොහෝ කිතුණුවන් සතියේ වෙනත් ඕනෑම දවසකට වඩා ඉරිදා දෙවියන් වහන්සේට බොරු කියන්නේ ඔවුන් ගායනා කරන ගීත නිසාය! ඔබ "මාගේ සියල්ල යේසුස් වහන්සේට භාර කරමි" යනුවෙන් ගායනා කළත් ඔබ සියල්ල භාර නොදුන්නේ නම් ඔබ බොරුකාරයෙකි. දේශකයෙකු ඔබට සත්‍යය පවසන බව ඔබට ඇසෙන්නේ නැත, නමුත් එය සත්‍යය බැවින් ඔබට එය ඇසීමට අවශ්‍ය වේ. ඔබ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට භාර දී ඇත්නම් එය පවසන්න, එසේ නොමැතිනම් ඔබේ මුඛය වසාගෙන සිටින්න, නැතහොත් “ස්වාමීනි, මට සියල්ල භාර දීමට අවශ්‍යයි, නමුත් මම ඒ සියල්ල කර නැත” යනුවෙන් පවසන්න. එය වඩාත් අවංකය. අනුන් කියන තාලෙට නොගැළපුණාට කමක් නැත. ඔබ දෙවියන් වහන්සේට අවංක වන්න.
මෙහි විපාකය කුමක්ද? 2 තෙසලෝනික 2: 10 හි එය සැබෑකමේ ප්‍රේමය නොලබන අය ගැන කථා කරයි. සැබෑකමට ප්‍රේමය කිරීම සත්‍යය කථා කිරීමට වඩා වැඩිය. මට ඇත්ත ( සත්‍යය) කථා කරන්න පුළුවන් නමුත් සැබෑකමට ප්‍රේමය කිරීම ඊට වඩා ඉහළ මට්ටමකි. මට ඇත්ත කථා කරන්න පුදුම ආසාවක් තිබෙන අතර මම ඒකට ආදරෙයි, මම කිසිවිට මගේ හිතේ බොරුවක් තියාගන්න කැමති නැත. සියලු බොරු කීමෙන් ගැළවීම සඳහා සැබෑකමේ ප්‍රේමය අපට නොලැබුණහොත්, 2 තෙසලෝනික 2: 11 අපට එහි ප්‍රතිවිපාකය කියයි: දෙවියන් වහන්සේම අපව රැවටෙන්ට හරින බව. එය නව ගිවිසුමේ ඇති භයානකම පදවලින් එකකි.
ඔබ සැබෑකමට ප්‍රේම නොකරන්නේ නම් හිතවත් මිත්‍රයා, මම ඔබට කෙලින්ම කියන්නම්: සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔබව රවටනු ඇත. සාතන් රැවටිලිකාරයෙකි. ඔබේ ආශාවන් ඔබව රවටා ගනී. ඔබේ හදවත රැවටිලිකාරය. ඊට අමතරව, රැවටීමෙන් ආරක්ෂා වීමට ඔබේ එකම බලාපොරොත්තුව වන සර්වබලධාරි දෙවියන් වහන්සේත් ඔබව රැවටීමට තීරණය කළහොත්, ඔබට බලාපොරොත්තුවක් නැත. 2 තෙසලෝනික 2: 11 පවසන්නේ දෙවියන් වහන්සේ ඔබට බොරුව විශ්වාස කරන්න සළස්වන බවයි. ඔබ නැවත ඉපදී නැති විට ඔබ නැවත ඉපදී ඇති බවට උන්වහන්සේ ඔබට විශ්වාස කරන්න සළස්වයි. ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පිරී නොමැති විට ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පිරී ඇති බවට උන්වහන්සේ ඔබට විශ්වාස කරන්න සළස්වයි. එසේ වන්නේ ඇයි? එකම එක් හේතුවක් නිසාය: ඔබ, සත්‍යයට ප්‍රේමවීම පිළිනොගත් නිසාය.
බයිබලයේ සඳහන් වන පළමු පාපය ඔබ දන්නවාද? සාතන් ඒවට “ඔබ මැරෙන්නේ නැත” (උත්පත්ති 3: 4) කී විට එය බොරුවක් විය. එය බයිබලයේ සඳහන් පළමු පාපය - බොරුවකි.
බයිබලයේ සඳහන් අවසාන පාපය කුමක්ද? ඔබ බයිබලයේ අවසාන පරිච්ඡේදය දෙසට හැරුණහොත්, බොරු කීම ද සඳහන් කර ඇති අවසාන පාපය බව ඔබට පෙනේ. එළිදරව් 22: 15 හි පවසන්නේ බොරු කීමේ යෙදී සිටින අය ශුද්ධ නගරයෙන් පිටත සිටින බවයි. ඉතින් බයිබලයේ සඳහන් වන පළමු පාපය සහ අවසාන පාපය බොරු කීමයි. මුල් සභාවේ විනිශ්චය කළ පළමු පාපය බොරු කීමයි. දෙවියන් වහන්සේ මුළාකරන මිනිසුන් තමන් ගැන සැබෑකමට ප්‍රිය නොකරන අයයි.
මෙය බැරෑරුම් ලෙස ගැනීම අපට ඉතා වැදගත් වේ. "ඔබේ එසේය එසේය කියාද නැත නැත කියාද වේවා" (මතෙව් 5: 37). මෙය අපව රැවටීමෙන් ආරක්ෂා කරයි. “මාර්ගය මමයි” කියා යේසුස් වහන්සේ පැවසූසේක. අපි හැමෝම ඒක අගය කරනවා. යේසුස් වහන්සේ මාර්ගය සහ ජීවනය බව අපි පිළිගනිමු. නමුත් උන්වහන්සේ “මම සත්‍යයද - මම යථාර්ථයද වෙමි” කියාද පැවසූසේක (යොහන් 14: 6).
පරණ ගිවිසුමේ ඔවුන්ට මෙය නොතිබුණි. ගීතාවලිය 51: 6 හි දාවිත් පවසන්නේ බැත්ෂෙබා සමඟ පව් කිරීමෙන් පසු ඔහු පාපොච්චාරණය කරන විට, “ස්වාමීනි, ඔබවහන්සේ අභ්‍යන්තරයේ සැබෑව තීරණය කරන බව මට වැටහේ, මට එය නැත, මම කුහකයෙක් වීමි. මට ගොලියත්ව මරා දැමිය හැකිවුනා, මට පිලිස්තිවරුන්ව පරාජය කළ හැකිවුනා, නමුත් මම හදවතින් කුහකයෙක් වීමි. මම බැත්ෂෙබා සමඟ පව් කර එය වසා ගැනීමට උත්සාහ කළේ මුලින්ම ඇගේ සැමියා එදින ඇය සමඟ ඇගේ ඇඳට යවන්නට තැත් කිරීමෙනි. මම ඒ අවස්ථාවේ සාර්ථක වුණේ නැත. එදා මම ඇගේ ස්වාමිපුරුෂයාගෙන් මිදී ඇයව විවාහ කර ගත්තෙමි. නමුත් ඇතුළාන්තයේම ඇති අභ්‍යන්තරයේ ඇති සැබෑව ශුද්ධාත්මයාණන් නිසා අද අපට ලබා ගත හැකි පුදුමාකාර දෙයකි. සැබෑකමේ ආත්මය අපගේ හදවතේ සහ අපගේ ජීවනයෙහි ඇතුළාන්තයේම ඇති අභ්‍යන්තරය දක්වාම අපව සත්‍යවාදී කරනු ඇත.
එළිදරව් 14 හි බැටළු පැටවා සමඟ සියොන් කන්ද මත සිටගෙන සිටින සමහර අය ගැන කථා කරයි. එළිදරව් 14: 4 හී පවසන්නේ බැටළු පැටවා කොහේ ගියත් උන්වහන්සේව අනුගමනය කරන ජයග්‍රාහක කණ්ඩායමක් ගැනයි. ඔවුන් පිළිබඳ එක් ලක්ෂණයක් නම්, "ඔවුන්ගේ මුඛයේ බොරුවක් හමු නොවීය (සැබෑකමේ ජීවත් වූවන් ය) " (එළිදරව් 14: 5). මිනිසුන්ගෙන් බිහිවුණු දරුවන් ඉපදුණු දා සිට බොරුකාරයෝ වෙති. අපි එය ගීතාවලිය 58: 3 හි කියවන්නෙමු. නමුත් මෙන්න, ඔවුන්ගේ මුළු සර්වාගයෙන්ම කිසිම බොරුවක් නොමැති බොරු කීමෙන් සම්පූර්ණයෙන් මිදුණු පිරිසක්. ඔවුන් යේසුස් වහන්සේ මෙන් වී ඇත: සැබෑකමෙන් පිරී ඇත! මට ඔබව දිරිමත් කිරීමට අවශ්‍යයි: අප සෑම ආකාරයකම බොරුවලින් අපව පවිත්‍ර කර ගත යුතුයි.
සත්‍යය කථා කිරීම සඳහා ඔබට මිළයක් ගෙවීමට සිදු වුවද, ඔබ සත්‍යය වෙනුවෙන් නැගී සිට ඔබේ ජීවිතයෙන් බොරුව තුරන් කිරීමට යන බව තීරණය කරන්නේ නම්, එවිට ඔබේ ජීවිතය 100% ක් පවිත්‍ර වනු ඇත. ඔබට දෙවියන් වහන්සේව දකින්න පුළුවන් වේවි. අද කිතුණු ප්‍රජාවෙහි සිදුවන කිසිම මුළාවකට ඔබ කිසිදා නොරැවටෙනු ඇත. ඔබ සැබෑව දැන ගනු ඇත, මන්ද දෙවියන් වහන්සේම ඔබට සැබෑව පෙන්වා දෙන අතර ඔබේ ආත්මික තත්ත්වය ගැන ඔබ කිසි විටෙකත් රැවටෙන්නේ නැත.