ශු:මතෙව් 24 හි යේසුස්වහන්සේ තම නැවත පැමිණීම ගැන ගෝලයන්ට පැවසූ විට, උන්වහන්සේ ඔවුන් සෝදිසියෙන් සිටිය යුතු බව එක් වරකට වඩා අවධාරණය කළ සේක( මතෙව් 24:42,44; 25:13 ). සෑම විටම ආත්මිකව අවදියෙන් හා සූදානම්ව සිටීම වැදගත්ම දෙයයි - අනාගත වාක්‍ය සත්‍යථාවයන් ගැන දැනුම නොවේ. මතෙව් 25 හි ( මතෙව් 24 හි සඳහන් අනාවැකි වලින් පසුව), යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම්ව සිටීම සඳහා අප අවදියෙන් හා විශ්වාසවන්තව සිටිය යුතු අංශ තුනක් පිළිබඳව කථා කරයි.
1 සැඟවුනු ජීවිතය ගැන විශ්වාසවන්තව සිටීම
( මතෙව් 25:1-13). මෙම උපමාව තුළ, යේසුස්වහන්සේ කන්‍යාවන් දස දෙනෙකු ගැන කථා කරයි. ඔවුන්ගෙන් කිසිවෙකු වෛශ්‍යාවන් නොවන බව සලකන්න(ආත්මික වෛශ්‍යා කම ගැන අර්ථ දැක්වීම දැනගැණීමට යාකොබ් 4:4 බලන්න). ඔවුන් සියළු දෙනාම කන්‍යාවන් වූහ. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් සියළු දෙනාටම මනුශ්‍යයන් ඉදිරියේ හොඳ සාක්‍ෂියක් තිබුණී. ඔවුන්ගේ ආලෝකය දැල්වෙමින් තිබුණී( මතෙව් 5:16 ). ඔවුන්ගේ යහපත් ක්‍රියා අන්‍යයන් විසින් දක්නා ලදී. එසේ වුවද මෙම සියළුම කන්‍යාවන් අතරින් පස්දෙනෙකු පමණක් ප්‍රඥාවන්ත වූවෝය. නමුත් පටන්ගැන්මේදී මෙය සෑම කෙනෙක්ටම දක්නට නොලැබුණි. පස් දෙනෙකු පමණක් ඔවුන්ගේ බඳුන් තුළ තෙල් රැගෙන ගියෝය( මතෙව්.25:4).
බඳුන් තුළවූ තෙල් ආලෝකය ඇතිවිටදී මෙන් රාත්‍රියේදී, නොපෙනුණි, එසේම මෙය අන්ධකාර ලෝකයේ මිනිසුන්ට නොපෙනෙන දෙවියන්වහන්සේගේ අභිමුඛයේ අපගේ සැඟවුනු ජීවිතය ගැන කථා කරයි. අප සැමට බඳුනක් ඇත. ප්‍රශ්නය නම් අපට ඒවා තුළ තෙල් තිබෙනවාද නැද්ද යන්නයි. ලියවිල්ල පුරාවටම තෙල් යන්න ශුද්ධාත්මයාණන්ගේ සංකේතයක් ලෙස භාවිතාවේ එබැවින් එය ශුද්ධාත්මයාණන් විසින් අපගේ ආත්මයට සන්නිවේදනය කරන දෙවියන්වහන්සේගේ ජීවිතයට අදාල වේ. එම ජීවිතයේ භාහිර ප්‍රකාශනය නම් ආලෝකයයි( ශුයොහාන් 1:4). ඇතුලාන්ත අන්තර්ගතය නම් තෙල්ය. බොහෝ අය ගන්නේ ඔවුන්ගේ භාහිර සාක්‍ෂිය පමණකි. ඒ ඔවුන්ගේ අණුවන කමයි. පරීක්‍ෂා සහ හිරිහැර කාලයන් තුළදී භාහිර ආලෝකය පමණක් ප්‍රමාණවත් නොවන බව අපට දැනගැණීමට හැකිවේ. අපව ජයග්‍රාහීව රැගෙන යාමට දිව්‍යමය ජීවිතයේ ඇතුලාන්ත අන්තර්ගතය අවශ්‍ය වේ.
"ඔබ අර්බූද අවස්ථාවලදී දුර්වල නම් ඔබ සැබෑ ජීවිතයේදීද දුර්වලය"( හිතෝප 24:10 ). ජීවිතයේ අර්බූදකාරී අවස්ථාවන් අප කෙතරම් ශක්තිමත්ද හෝ දුර්වලද යන වග පෙන්වයි. මෙම උපමාවේදී අර්බූදය නම් මණමාලයා තම පැමිණීම ප්‍රමාද කරීමයි. අපගේ ආත්මිකත්‍වයේ සැබෑ තත්වය ඔප්පු කර පෙන්වන්නේ කාලයයි. අවසානය තෙක් ඇදහිල්ල පවත්වා ගන්නා ගැලවෙන්නේය. ජීවිතයේ ඇතුලාන්ත අන්තර්ගතය ඇත්තා සහ නැත්තාද ඔප්පු කර පෙන්වන්නේ කාලයයි. බොහෝ දෙනා අභ්‍යන්තර ජීවයක් නැති ඉක්මණින් දළු දමන බීජ වලට ආශා වෙති. ඔවුන්ගේ හදවත් වල පස ගැඹුරු නැත( ශු: මාර්ක් 4:5). අලුත් ඇදහිලිවන්තයින්ගේ ආත්මිකත්‍වය හෝ මුළු හදවතින් යුතු බව සැලකීමේදී තක්සේරු කිරීම අපහසු වන්නේ මෙනිසාය. අපට ඉවසීමේ ශක්තිය තිබේ නම් කාලය සියළු දේ එළිදරව් කරනු ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට සූදානම් වීමේ මාර්ගය නම්, දෙවියන්වහන්සේගේ අභිමුඛයේ මිනිසුන්ට දැකිය නොහැකි අපගේ ඇතුලාන්ත ජීවිතයේ පවිත්‍රතාවය - අපගේ සිතුවිලි , ක්‍රියා පිලිවෙලවල් සහ අභිලාෂයන් - තබා ගැණීමයි. අපට මේවා නැත්නම්, එනමුත් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට අප සූදානම් යැයි සිතනවා නම්, අප අපවම රවටා ගන්නෙමු.
2 අපගේ සේවයේදී විශ්වාසවන්ත කම
( ශු: මතෙව් 25:14 – 30 ) දෙවන උපමාව තුළ, අවධාරණය කෙරෙන්නේ දෙවියන්වහන්සේ අපට දුන්නාවූ තලෙන්ත විශවාසවන්ත ලෙස පාවිච්චි කිරීමයි. මෙම තලෙන්ත හිමිව ඇති ද්‍රව්‍යමය සම්පත්, මුදල්, සහජ හැකියාවන්, ජීවිතයේ අවස්ථාවන්, ආත්මික දීමණාවන් ආදිය නියෝජනය කරයි. මෙම සීමාවේදී සියල්ල එක සමාන නොවේ - මන්ද උපමාවේදී කෙනෙක් පහක්ද, තවකෙක් දෙකක්ද අනෙකා එකක් පමණක්ද ලබන්නෝය. නමුත් සියළු දෙනාටම ඔවුන් ලැබූ දෙයට විශ්වාසවන්ත වීමට එකම කාලයක් ලැබෙන්නේය. වැඩියෙන් ලැබූ කෙනාගෙන්, වැඩියෙන් අවශ්‍ය වේ. එනිසා තමන් ලැබූ දෙක හතරක් බවට පත්කළ කෙනා පහක් ලබා එය දහයක් බවට පත් කළ කෙනා ලබන ත්‍යාගයට සමානව ලබා ගනී. නමුත් එකක් ලබා එය පොළොවේ සැඟවූ කෙනා විනිෂ්චයට පත්වේ( මතෙව් 25:18 ) තමන් ලැබූ දෙවියන්වහන්සේගේ තලෙන්ත දෙවියන්වහන්සේ උදෙසා නොව ලෝකය උදෙසා පාවිච්චි කළ කෙනා ඔහුය. කිසිවෙකුට තමන්ට කිසිවක් නොලැබුණේ යැයි කිව නොහැක මන්ද සෑම කෙනාම යම් තලෙන්තයක් හෝ වෙනත් එකක් දෙවියන්වහන්සේ ගෙන් ලබා ඇත. ප්‍රශ්නය නම් අප මෙම තලෙන්ත පාවිච්චි කරන්නේ කුමකටද යන්නයි. අප උදෙසා පාවිච්චි කළ දෙය පොළොවේ වැලලු දෙයට සමාන වේ. අප දෙවියන්වහන්සේ උදෙසා පාචිච්චි කළ දෙය පමණක් සදාකාල වස්තූන් ලෙස ගණන් ගැනේ. මෙම තත්වයන් තුළින් අපට අති විශාල ඇදහිලිවන්තයින් පිරිසකගේ දුගී කම දැකිය හැක. අපගේ උද්ධෘකපාඨය විය යුතුතේ " කිසිවක් අපට නොව සියල්ල දෙවියන්වහන්සේ උදෙසාය" යන්නයි. එවිට අප ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණිමට සූදානම්ව සිටින්නෙමු. අපට ඇති සියල්ල අත්හැර දමා නොතිබේ නම් අපට යේසුස්වහන්සේගේ ගෝලයන් විය නොහැක. දෙවියන්වහන්සේ විසින් දුන් සියළු වත්කම් සහ දීමනා ස්වාමින්වහන්සේ උදෙසා පාවිච්චි නොකරන කෙනා තමන් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට සූදානම් යැයි කියමින් තමන්වම රවටා ගනී.
3 අපගේ සහෝදර ඇදහිලිවන්තයින්ට සේවය කිරීමේදී විශ්වාසවන්ත කම
ශු:මතෙව් 25: 31 – 46). මෙහි අන්තිම කොටසේදී, අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන අපගේ සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි අපගේ ආකල්පය ගැන යේසුස් වහන්සේ කතා කරන සේක. එම අවශ්‍යථාවයන් භෞතික හෝ ආත්මික විය හැක. මෙහිදී අප දකින්නේ සමහර අය ස්වාමින්වහන්සේට මෙන් තම සහෝදර ඇදහිලිවන්තයින්ට සේවය කළ නිසා ස්වර්ගය හිමිකර ගන්නා බවයි. ඔවුන්ගේ සේවය බොහෝ සෙයින් රහසිගතවවූ අතර ඔවුන්ගේ වම් අත තම දකුනු අත කරන්නේ මොනවාදැයි නොදැන සිටියේය( මතෙව් 6:3 ). එවැනි බොහෝ දේ ස්වාමින්වහන්සේ ඔවුනට මතක් කරදෙන විට ඔවුන් තුළ ඒවා මතකයේ වත් නොවීය( මතෙව්25: 39 ). එලෙසම යේසුස්වහන්සේ මෙහිදී ඉගැන්වූයේ උන්වහන්සේගේ කුඩාම සහෝදරයෙකුට කරන දෙයක් පවා තමන්වහන්සේට කළ දෙයක් ලෙස සලකනු ලබන බවයි( මතෙව් 25:40). සැලකිය යුතුයි උන්වහන්සේ මෙහිදී ඉතා කුඩා අය ගැන පවසන්නේ මන්ද අප කැමති වන්නේ ඉතා වටිනාම සහෝදරයන්ට සේවය කිරීම සහ දිළිඳු අය සහ පහත් යැයි සැලකෙන අය ප්‍රතික්‍ෂේප කිරීමයි! තමන් උදෙසාම කෑමෙත් බීමෙත් ,මිලදී ගැණීමෙත් විකිණීමෙත් , ගොඩනැඟීමෙත් වැවීමෙත් යෙදී සිටින සියළු දෙනා යේසුස්වහන්සේගේ පැමිණීමේදී අත්හරිනු ලැබේ( ලූක් 17:28,34). ස්වාමින්වහන්සේ උදෙසා කරන තමන්ගේ සේවය තම සහෝදර ඇදහිලිවන්තයින් උදෙසා ප්‍රේමයෙන් කළාවූ අය ඔසවාගනු ලබන්නෝය. තවත් කොටසක, යේසුස්වහන්සේ මෙම කොටසට වෙනස්වූ තවත් මිනිසුන් කණ්ඩායමක් ගැන කථා කළසේක . මොවුන් නම් තමන් ස්වාමින්වහන්සේගේ නාමයෙන් කළාවූ සියළු යහපත් දේවල් මතක ඇති අයවලුන්ය. ඔවුන්ද විනිෂ්චයාසනය ඉදිරියේ සිටින්නෝය, එසේම ඔවුන් ස්වාමින්වහන්සේට තමන් යක්‍ෂයින් දුරුකළ බවත්, දේශනා කළ බවත්, යේසුස් නාමයෙන් රෝගීන් සුවකළ බවත් මතක්කර දෙන්නෝය. නමුත් ඔවුන් මේ සියල්ල කළත් ස්වාමින්වහන්සේගෙන් ප්‍රතික්‍ෂේප වන්නෝය මක්නිසාද ස්වාමින්වහන්සේගේ ප්‍රතම අවශ්‍යථාවය වන සැඟවුනු ශුද්ධ ජීවිතය ඔවුනට අඩුව තිබූ නිසාවෙන්ය. ඔවුන් තමන්ගේ දීමණා වල විශිෂ්ඨත්වය කෙරෙහි පැවතුණෝය.