පරණ ගිවිසුමේ, "ඔබ බොරුවට බාරයක් නොවී, ස්වාමින් වහන්සේට වූ බාරය ඉටු කරන්න" සහ "ඔබේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියන්න" යනුවෙන් ව්‍යවස්ථාවේ සඳහන් වේ. වර්තමානයේ දී භාරයක් යනු යමක් ඉෂ්ඨ කරන බවට දිවුරුම් දීමක් වැනිය. මිනිසුන් බයිබලයක් මත අත තබා ඇත්ත කථා කරනවා කියා පවසනවා. ඔවුන් ඇත්තටම අදහස් කරන්නේ, “බොහෝ විට මම බොරු කීවෙමි, නමුත් දැන් මම ඇත්ත කථා කරමි” යන්නයි. යමෙකු බයිබලයක් මත අත තබා ඒ ගැන දිවුරන විට එය භාරයක් වීම අර්ථවත් කරයි කෙසේ වෙතත්, යාකොබ් පොතෙහි එය පවසන්නේ ඔබ සැම විටම සත්‍යය කථා කළ යුතු බවයි (යාකොබ් 5: 12), සහ යේසුස් වහන්සේද මෙහි පැවසුවේ එයමය.
මතෙව් 5:33-37 හි සාරාංශය සහ හරය නම් අප සැමවිටම සත්‍යවාදී විය යුතුය යන්නයි. අප අපගේ වචනවලින් දක්ෂ, නිපුණ, සූක්ෂම, එමෙන්ම උසාවියක මෙන් නීත්‍යාණුකූළව සත්‍යය කථා කරන්නාක් මෙන් ප්‍රකාශ වීමක් තිබිය යුතු නැත. කිසිම දෙයකදී බොරු නොකියන්නාවූ සත්‍යවාදී මිනිසුන් ලෙස අපව හඳුනාගනු ලැබිය යුතුය. අපගේ "ඔව්" "ඔව්" විය යුතු අතර අපගේ "නැත" "නැත" විය යුතුය. ඒ හැර වෙන ඕනෑම දෙයක් දුෂ්ඨය. මට “ඔව්” කියා වංචනික ලෙස පැවසීමට සිදුවුවහොත්, එහි යම් වරදක් ඇති අතර එය අවසානයේ මූණිච්චාවට තුඩු දෙනු ඇත.
ඔබ නික්මයාම 20 හි දස පණත කියවා ඇත්නම්, "ඔබ බොරු නොකියන්න" යනුවෙන් එහි සඳහන් කර නැත. නවවන ආඥාව වූයේ “ඔබේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න” යන්නයි. එය මූලික වශයෙන් උසාවියකට යොමු වූ අතර, උසාවියකදී ඔබ බොරු නොකිව යුතුය. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ යමක් දිවුරන්නේ නම්, ඔබ ඇත්ත කථා කළ යුතුය. පරණ ගිවිසුමේ සම්මතය මෙය විය මන්දයත් බොරු නොකියන්න යැයි ආඥාවක් කිසිවෙකුට පැවැත්විය නොහැකි බව දෙවියන් වහන්සේ දැන සිටි සේක. ඒ හා සමානව, පරණ ගිවිසුමේ “ඔබ කෝපයට පත් නොවිය යුතුය” යන ආඥාවක් නොතිබුණි, මන්ද එවැනි ආඥාවක් කිසිවෙකුට පිළිපැදිය නොහැකි බව දෙවියන් වහන්සේ දැන සිටි බැවිනි. එකල ආඥාව වූයේ “මිනී නොමරන්න” යන්නයි. ඒ හා සමානව, පැරණි ගිවිසුමේ “ස්ත්‍රියකට රාගිකව ආශා නොකරන්න” යන ආඥාවක් නොතිබුණේ දෙවියන් වහන්සේ කිසිවෙකුට එය පිළිපැදිය නොහැකි බව දන්නා බැවිනි. ඒ නිසා ආඥාව වූයේ, “ශාරීරික කාමමිථ්‍යාචාරයේ නොයෙදෙන්න” කියාය.
නමුත් දැන් නව ගිවිසුමෙහි ශුද්ධාත්මයාණන්ගේ දීමනාව අපගේ අභ්‍යන්තරයට පැමිණ එවැනි ජීවිතයක් ජීවත්වීමට උපකාර කරනසේක. ශුද්ධාත්මයාණන් බලයෙන් පැමිණි කළ, උන්වහන්සේ බල්බයක් දල්වන හෝ විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන හෝ අපගේ උපකරණ ක්‍රියාත්මක කරන විදුලිය මෙන් පැමිණෙන සේක. එවිට ශුද්ධාත්මයාණන්ගේ බලය නොමැතිව අපට කළ නොහැකි වූ යම් යම් දේවල් කිරීමට හැකියාව ලැබේ. දැන් ඇස්වල තෘෂ්ණාව ජයගත හැකිය, කෝපය ජය ගත හැකිය, ඔබේ සහකරුට කෑගැසීම නැවැත්විය හැකිය, සෑම විටම සත්‍යය කථා කළ හැකිය, ඔබේ “ඔව්” “ඔව්” සහ “නැත” “නැත” වීමට ඉඩ දිය හැකිය.
වඩාත් යාවත්කාලීන නිදර්ශනයක් භාවිතා කරමු: ඔබ සාක්ෂිකරුවන් සමඟ උසාවියක විකුණුම් ඔප්පුවක් හෝ වෙනත් ගිවිසුමක් අත්සන් කළේ නම්, ඔබ එය අත්සන් කිරීමට පෙර එම ගිවිසුම ඉතා පරිස්සමින් කියෙවන්නේ එය අධිකරණය විසින් බලාත්මක කරන බව ඔබ දන්නා බැවිනි. කිතුණුවකුට ඔහුගේ වචනය එම අත්සන් කළ ගිවිසුම තරම්ම හොඳ විය යුතුය. එය ඔබගේ ජීවිතයේ සැබෑවක් යැයි ඔබට පැවසිය හැකිද?
මට මතකයි වරක් මගේ ජීවිතයේ මම මගේ නිවසේ විකුණන දෙයක් මිළදී ගැනීමට කැමති කෙනෙකු සමඟ එකඟ වීම. එය තරමක් මිළ අධික වූ අතර අපි මිළකට එකඟ වූ නමුත් ඔහු එය ගැනීමට මාස ගණනාවක් ගත වුවද පැමිණියේ නැත. ඒ වෙද්දි ඒ දේවල වටිනාකම වැඩිවී තිබුණි, මට ඔහුට කියන්න තිබුණා, "අයියෝ මේකේ වටිනාකම වැඩිවෙලා, ඔබ එදා ගත්තේ නැහැණේ" කියා. මම ගිවිසුමක් අත්සන් නොකළද, එම නිශ්චිත මිළට එය ඔහුට ලබා දීමට මම වාචිකව එකඟ වී සිටි අතර, ස්වාමින් වහන්සේ මට පැවසුවේ “ඔබේ ‘ඔව්’ ‘ඔව්’ සහ ඔබේ ‘නැහැ’ ‘නැහැ’ වෙන්න ඉඩ දෙන්න.” ඔහු අර්බුදයක සිටින සහෝදරයෙකු වූ අතර ඔහු කෙරෙහි මගේ වචනය රකින්නට මට අවශ්‍ය වූ හේතුව එයයි. මම කීවේ, "අනිවාර්යයෙන්ම ඔබට එය එම මිළටම ගත හැකිය කියාය", ඇත්ත වශයෙන්ම ඔහු සතුටු වුණා. මට විඳීමට සිදුවූයේ කුමක්ද? සමහර විට මට මූල්‍යමය වශයෙන් යම් පාඩුවක් සිදුවන්නට ඇත. සමහර විට මට වැඩි මිළකට එය ඔහුට ලබා දී තවත් රුපියල් දහස් ගණනක් උපයා ගත හැකි වුවද, එවිට මගේ ‘ඔව්’ යන්න "ඔව්" ලෙස සිදු නොවූ නිසා මගේ හෘද සාක්ෂිය නරක අතට හැරෙනු ඇත.
අවංකවීම හා අපගේ හැසිරීම තුළ ක්‍රිස්තුස් වහන්සේ-මෙන් වීමට මුදල් ටිකක් අහිමි වීම වටී. අපගේ ඔව් ඔව් වීමටත් සහ අපගේ නැත නැත වීමටත් ඉඩ දීමට අප කැමතිද යන්න බැලීමට මුදල් ක්ෂේත්‍රයේ බොහෝ අවස්ථාවලදී අපව පරීක්ෂා කරනු ලැබේ.
දෙවියන් වහන්සේ අපව උසස් කිරීමට පෙර මෙම ක්ෂේත්‍රයේදී අපව පරීක්ෂා කරන සේක. මට යමක් අහිමි වීමට හෝ යමක් කැප කිරීමට සිදු වූ තැන්වලදී දෙවියන් වහන්සේ මාව පරීක්ෂා කළ බව මගේ ජීවිතයේ බොහෝ වාර ගණනක් මම සොයා ගතිමි. මම මේ ආඥාවලට අනුව ජීවත් වෙනවාද කියා බැලීමට උන්වහන්සේ මේ ආඥාවලින් මාව පරීක්ෂා කරනසේක. එවිට මම ඒක සැබවින්ම විශ්වාස කරනවාද නැද්ද කියා මා සොයාගනිමි. සත්‍යය කථා කිරීමෙන් අපට කිසිවක් වැය නොවන අවස්ථා අද ඕනෑ තරම් තිබේ. එහි කිසිදු පරීක්ෂණයක් නොමැත, නමුත් සත්‍යය කථා කරන විට ඔබේ රැකියාව අහිමි විය හැකිය, උදාහරණයක් ලෙස - දෙවියන් වහන්සේ ඔබව උසස් සේවයකට ගෙන යා හැකිද යන්න බැලීමට ඔබව පරීක්ෂා කරනු ලැබේ. මෙම ක්ෂේත්‍ර බොහොමයක් දෙවියන් වහන්සේ අපව පරීක්ෂා කරන ස්ථාන බව මම විශ්වාස කරමි. තවද බොහෝ යෞවනයින් දෙවියන් වහන්සේගේ පරීක්ෂණයෙන් අසමත් වී ඇත.
දෙවියන් වහන්සේ කිසිවෙකුට තම විශ්වාසවන්ත සේවකයෙකු වීමට බල කරන්නේ නැත. මම විශ්වාස කරන්නේ ඔබ සහ මා උන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයින් වීමට උන්වහන්සේට අවශ්‍ය බවත්, නමුත් ඔබ විශ්වාසවන්තව සිටිනවාද නැද්ද යන්නත්, ඔබ දෙවියන් වහන්සේගේ වචනයේ ප්‍රමිතීන්ට ඇලී සිටිනවාද යන්නත්, මිනිසුන් සතුටු කිරීමට ඔබ උන්වහන්සේව මධ්‍යම ප්‍රතිපදාවකට පත් කරනවාද යන්න ඔබ කවදා හෝ දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයෙකු වනවාද නැද්ද යන්න තීරණය කරයි.
උදාහරණයක් ලෙස, ඔබ කාර්යාලයක සේවය කරන්නේ නම් සහ ඔබ අහම්බෙන් අනිසි ලෙස භාවිතා කර ක්‍රියා විරහිත වූ මිළ අධික යන්ත්‍රයක් තිබේ නම්, නමුත් ඔබ එය කළ බව කිසිවෙකු දුටුවේ නැත. බොහෝ අය එම යන්ත්‍රය භාවිතා කරන අතර ටික වේලාවකට පසු යමෙකු යන්ත්‍රය ක්‍රියා නොකරන බව දැනගත් අතර බලධාරීන් පැමිණ විමර්ශනය කරයි. ප්‍රධානියා පැමිණ යන්ත්‍රය ක්‍රියා විරහිත කළේ කවුද කියා අසද්දී, ඒ ඔබ බව ඔබ දන්නා නමුත් බොහෝ අය එය භාවිතා කරන බැවින් ඔවුන්ට සොයා ගැනීමට ක්‍රමයක් නොමැති නිසා ඔබ නිහඬව සිටියි. ඔබ ඔබේ මුඛය විවෘත නොකළ නිසා ඔබ බොරු කීවේ නැතැයි ඔබ සිතනවා, නමුත් ඇත්ත වශයෙන්ම ඔබ බොරුවක් කීවේය. කට නෑර බොරුවක් කීවා! එවිට ඔබ ඔබේ රැකියාව දිගටම කරගෙන යනු ඇත, ඔබ එය අවසන් වරට භාවිතා කර එය යම් ආකාරයකින් ක්‍රියා විරහිත කළ තැනැත්තා බව ඔබ පිළිගත්තේ නැත. සමහර විට ඔබ එය පාපොච්චාරණය කළා නම් එය මිළ අධික යන්ත්‍රයක් නිසා ඔවුන් ඔබව රැකියාවෙන් නෙරපා හරිනු ඇත.
ඒ මොහොතේ වඩා වැදගත් වන්නේ කුමක්ද? යක්ෂයා ඔබ වෙත පැමිණ, බොරුව සර්වබලධාරී යැයි පවසයි; බොරුවක් කීවොත් රැකියාව රැකගන්න පුළුවන් කියා. ඒ අතරම එය බොරුවක් බව ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබේ හදවතට කොඳුරනවා. දෙවියන් වහන්සේ සර්වබලධාරී නොවේද? ඔබ මෙම තත්ත්වය තුළ දෙවියන් වහන්සේව විශ්වාස කර ඇත්ත කථා කළහොත්, සමහර විට ඔබේ රැකියාව අහිමි වනු ඇත, නමුත් දෙවියන් වහන්සේ ඔබට වඩා හොඳ එකක් ලබා දෙනු ඇත. ඔබට ඒ විශ්වාසය තිබෙනවාද? අපව පරීක්ෂාවට ලක් කරන්නේ එවැනි තත්වයන් තුළය.
මම න්‍යායාත්මකව කථා කරන්නේ නැත. දෙවියන් වහන්සේ බොහෝ වාර ගණනක් මෙම ක්ෂේත්‍රයේ විවිධ දේවලින් මාව පරීක්‍ෂා කර ඇත, මම යම්කිසි තත්ත්වයකින් බේරි යාමට නිපුණද හෝ දක්ෂද යන්න බැලීමට නොව, සත්‍යය කථා කිරීම සඳහා මම අවංකද සහ මිළක් ගෙවීමට කැමතිද යන්න බැලීමට.
උන්වහන්සේ මාව ආළේප කර, මිළය කොතෙක් වුවද දේශනා කූඩුවේ ඉඳන් සත්‍ය කථා කරන්න සේවාවක් දුන්නේ මේ ආකාරයටයි. අද දින ක්‍රිස්තියානි ලෝකයේ දේශනා කූඩුවල සිට ගෙන, ඔවුන් කුමන මිලයක් ගෙව්වද - ඔවුන් නෙරපා හරිනු ලැබුවද, හෙළා දකිනු ලැබුවද, ප්‍රතික්‍ෂේප කරනු ලැබුවද, වරදවා වටහා ගනු ලැබුවද, විවේචනය කරනු ලැබුවද හෝ බොරු චෝදනාවලට ලක් වූවද, සත්‍යය කතා කරන්නාවූ දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් බොහෝ දෙනෙක් සිටීම දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය බව මම විශ්වාස කරමි. දෙවියන් වහන්සේ එම දේවසේවය උදෙසා ඔබව සූදානම් කරන ආකාරය නම්, ඔබට මිළක් ගෙවා ඔබේ රැකියාව අහිමි වුවද, ඔබ සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔබට ඒ සඳහා මුදල් අහිමි වීමට සිදු වුවද, ඔබ සත්‍යය කථා කරයිද යන්න ජීවිතයේ සාමාන්‍ය තත්වයන් තුළ ඔබව පරීක්ෂා කිරීමෙනි. මෙය ඉතා වැදගත් ක්ෂේත්‍රයකි.