WFTW Body: 

මතෙව් 24 හි උන්වහන්සේගේ නැවත පැමිණීම ගැන යේසුස් වහන්සේ තම ගෝලයින්ට පැවසූ විට, ඔවුන් අවදියෙන් සිටිය යුතු බව උන්වහන්සේ කිහිප වතාවක්ම අවධාරණය කළසේක (මතෙව් 24: 42,44; 25: 13). ආත්මිකව සුපරීක්ෂාකාරීව හා සෑම විටම සූදානම්ව සිටීම වඩාත්ම-වැදගත් දෙය වන්නේය - අනාවැකිමය සත්‍යතාවයන් පිළිබඳ දැණුම නොවේ. මතෙව් 25 හි (මතෙව් 24 හි සඳහන් අනාවැකිවලින් පසුව එහි දිගුවක් ලෙස සඳහන් වෙන්නාවූ), උන්වහන්සේගේ පැමිණීම උදෙසා සූදානම්ව සිටීම පිණිස අවදියෙන් හා විශ්වාසවන්තව සිටීමට අපව කැඳවනු ලබන ක්ෂේත්‍ර තුනක් ගැන යේසුස් වහන්සේ පවසන සේක.

1 සැඟවුණු ජීවිතය තුළ විශ්වාසවන්තකම:

මෙම උපමාවේ යේසුස් වහන්සේ කන්‍යාවන් දස දෙනෙකු ගැන කථා කළසේක (මතෙව් 25: 1-13). ඔවුන් කිසිවෙකු වෛශ්‍යාවන් නොවන බව සළකන්න (ආත්මික වෛශ්‍යාකම පිළිබඳ නිර්වචනය උදෙසා යාකොබ් 4: 4 බලන්න). ඔවුන් සියල්ලෝම කන්‍යාවන් වූහ. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන්ට මිනිසුන් ඉදිරියේ හොඳ සාක්ෂියක් තිබුණි. ඔවුන්ගේ පහන් සියල්ල දැල්වෙමින් තිබුණි (මතෙව් 5: 16). ඔවුන්ගේ යහපත් ක්‍රියා අන් අය විසින් දක්නා ලදී. නමුත් මේ සියලු කන්‍යාවන් අතර ප්‍රඥාවන්තයින් වූයේ පස් දෙනෙකු පමණි. නමුත් මෙය ආරම්භයේදී සෑම කෙනෙකුටම පැහැදිළිව පෙණෙන්නට නොතිබුණි. ඔවුන් සමඟ බඳුන් තුළ තෙල් රැගෙන ගොස් තිබුණේ පස් දෙනෙකු පමණි (මතෙව් 25: 4).

එම බඳුන් තුළවූ තෙල් ආලෝකය ඇතිවිටදී මෙන් රාත්‍රියේදී නොපෙනුණි, එසේම මෙය අන්ධකාර ලෝකයේ මිනිසුන්ට නොපෙණෙන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපගේ සැඟවුණු ජීවිතය ගැන කථා කරයි. අප සැමට බඳුනක් තිබේ. ප්‍රශ්ණය වන්නේ අපට ඒවා තුළ තෙල් තිබේද නැද්ද යන්නයි. ශුද්ධ ලියවිල්ල පුරාවටම තෙල් යන්න ශුද්ධාත්මයාණන්ගේ සංකේතයක් ලෙස භාවිතාවේ. එබැවින් එය ශුද්ධාත්මයාණන් විසින් අපගේ ආත්මයට සන්නිවේදනය කරන දෙවියන්වහන්සේගේ ජීවිතයට අදාල වේ. එම ජීවිතයේ භාහිර ප්‍රකාශනය නම් ආලෝකයයි (යොහන් 1: 4). අභ්‍යයන්තර අන්තර්ගතය තෙල් වේ. බොහෝ අය ඔවුන්ගේ බාහිර සාක්ෂිය පමණක් ලබා ගනී. ඒ ඔවුන්ගේ අණුවන කමවේ. පරීක්ෂා සහ හිරිහැර කාලයන් තුළදී භාහිර ආලෝකය පමණක් ප්‍රමාණවත් නොවන බව අපට දැනගැණීමට හැකිවේ. අපව ජයග්‍රාහීව රැගෙන යාමට දිව්‍යමය ජීවිතයේ ඇතුලාන්ත අන්තර්ගතය අවශ්‍ය වේ.

ඔබ අර්බුදයකදී දුර්වල නම්, ඔබ නියම ස්වභාවයෙන් දුර්වලය" (හිතෝපදේශ 24: 10) ජීවිතයේ අර්බූදකාරී අවස්ථාවන් වලින් අප කෙතරම් ශක්තිමත්ද හෝ දුර්වලද යන වග පෙන්වයි. මෙම උපමාවේදී අර්බුදය වූයේ මනාලයා ඔහුගේ පැමිණීම ප්‍රමාද කිරීමයි. අපගේ ආත්මිකත්වයේ සැබෑ තත්වය ඔප්පු කර පෙන්වන්නේ කාලයයි. අවසානය තෙක් ඇදහිල්ල පවත්වා ගන්නා ගැලවෙන්නේය. යමෙකුගේ අභ්‍යයන්තර ජීවිතයෙහි අන්තර්ගතයක් (ජීවයක්) තිබේද නැද්ද යන්න සනාථ කරන්නෙත් කාලයයි. බොහෝ දෙනා අභ්‍යන්තර ජීවයක් නැති ඉක්මණින් දළු දමන බීජ වලට ආශා වෙති. ඔවුන්ගේ හදවත් වල පස ගැඹුරු නැත (මාර්ක් 4: 5). අලුත් ඇදහිලිවන්තයින්ගේ ආත්මිකත්වය හෝ මුළු හදවතින් යුතු බව සැලකීමේදී එය තක්සේරු කිරීම අපහසු වන්නේ මෙනිසාය. අපට ඉවසීමේ ශක්තිය තිබේ නම් කාලය විසින් සියළු දේ එළිදරව් කරනු ඇත. එසේ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම උදෙසා සූදානම් වීමේ මාර්ගය වන්නේ, අප අවට සිටින මිනිසුන්ට නොපෙණෙන, අපගේ සිතුවිලි, ආකල්ප සහ චේතනාවන් තුළ දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියෙහි පවිත්‍රකම සහ විශ්වාසවන්තකමේ අභ්‍යයන්තර ජීවිතයක් තබා ගැණීමයි - අප තුළ මේවා නොමැති නම්, එනමුත් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට අප සූදානම් යැයි සිතුවහොත් අපි අපවම රවටා ගනිමුව.

2 අපගේ දේව සේවයේදී විශ්වාසවන්තකම:

දෙවන උපමාවේ, දෙවියන් වහන්සේ අපට ලබා දී ඇති තළෙන්ත විශ්වාසවන්තව භාවිතා කිරීම අවධාරණය කරයි (මතෙව් 25: 14-30). මෙම දක්ෂතා නියෝජනය කරන්නේ ද්‍රව්‍යමය දේපළ, මුදල්, සහජ හැකියාවන්, ජීවිතයේ අවස්ථා, ආත්මික දීමණාවන් යනාදියයි. මෙම ක්ෂේත්‍රයේ සියල්ලන්ම සමාන නොවේ - මක්නිසාද යත් එක් කෙනෙකුට පහක්, තවත් කෙනෙකුට දෙකක් සහ තවත් කෙනෙකුට එකක් පමණක් ලැබුණු බව උපමාවෙන් අපට පෙණේ. නමුත් සෑම කෙනෙකුටම තමන්ට ලැබුණු දේ සමඟ විශ්වාසවන්තව සිටීමට සමාන කාලයක් තිබුණි. යමෙකුට වැඩියෙන් දෙනු ලබන්නේද, ඔහුගෙන් වැඩි යමක් අවශ්‍ය වේ. එබැවින් තමන් ලැබූ තලෙන්ත දෙක හතර දක්වා වැඩි කළ තැනැත්තාට, තමන් ලැබූ තලෙන්ත පහ දහය දක්වා වැඩි කළ තැනැත්තාට හා සමාන විපාකයක් ලැබුණි. කෙසේ වෙතත් විනිශ්චය පැමිණෙන්නේ තම දක්ෂතාවය 'පොළොවේ' වළ දැමූ තැනැත්තාටය (මතෙව් 25: 18) - එනම් දෙවියන් වහන්සේ වෙනුවෙන් නොව මේ ලෝකයට, දෙවියන් වහන්සේ දුන් දක්ෂතා භාවිතා කළ තැනැත්තාටය. තමාට කිසිවක් ලැබී නැතැයි කිසිවෙකුට පැවසිය නොහැක - මන්ද සියල්ලන්ටම දෙවියන් වහන්සේගෙන් මොනයම් හෝ තලෙන්තයක් ලැබී ඇත. ප්‍රශ්ණය නම්, අපි මේ දක්ෂථා පාවිච්චි කරන්නේ කුමකටද යන්නයි. අප, අප වෙනුවෙන් භාවිතා කරන දේ පොළවේ වැළලී ඇති තලෙන්තයට සමාන වේ. දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා පමණක් අප භාවිතා කරන දේ සදාකාලික ධනය ලෙස ගණන් ගනු ලැබේ. මෙම ප්‍රමිතියෙන් අපට දැකිය හැක්කේ ඇදහිළිවන්තයින්ගෙන් අතිමහත් බහුතරයකගේ දුප්පත්කමයි. අපගේ ආදර්ශ පාඨය විය යුත්තේ " කිසිවක් අපට නොව සියල්ල දෙවියන්වහන්සේ උදෙසාය" යන්නයි. එවිට අපි ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමට සූදානම් වෙන්නෙමු. අප සතු සියල්ල අත් නොහැරියොත් අපට යේසුස් වහන්සේගේ ගෝලයින් විය නොහැක. දෙවියන් වහන්සේ විසින් දෙන ලද සියලු වත්කම් සහ දීමණාවන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් භාවිතා නොකරන තැනැත්තා ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමට සූදානම් යැයි ප්‍රකාශ කරන්නේ නම් ඔහු තමාවම රවටා ගනී.

3 අපගේ සෙසු ඇදහිළිවන්තයින්ට සේවය කිරීමේදී විශ්වාසවන්තකම:

මෙහි අවසාන කොටසේදී, අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන අපගේ සෙසු ඇදහිළිවන්තයින් කෙරෙහි අපගේ ආකල්පය සම්බන්ධව යේසුස් වහන්සේ කතා කරන සේක (මතෙව් 25: 31-46). එම අත්‍යවශ්‍යථාවය ආත්මික හෝ භෞතික විය හැක. සමහරුන්ට රාජ්‍යය උරුම වන්නේ ඔවුන් තම සෙසු ඇදහිළිවන්තයින්ට ස්වාමින් වහන්සේට මෙන් සේවය කළ නිසා බව මෙහිදී අපට පෙණේ. ඔවුන්ගේ සේවය කොතරම් රහසිගතද යත් ඔවුන්ගේ දකුණු අත කරන්නේ කුමක්දැයි ඔවුන්ගේ වම් අත නොදැන සිටියේය (මතෙව් 6: 3). කොයිතරම්දයත්, ඔවුන් කළ යහපත ගැන ස්වාමීන් වහන්සේ ඔවුන්ට මතක් කර දෙන විට, ඔවුන්ට එය මතකවත් නැත! (මතෙව් 25: 38).

යේසුස් වහන්සේ ද මෙහි ඉගැන්වූයේ උන්වහන්සේගේ සහෝදරයින් අතරේ අවමයාට (අන්තිම අසරණයාට) අප කරන ඕනෑම සේවාවක් උන්වහන්සේට කරන සේවාවක් ලෙස සළකන බවයි (මතෙව් 25: 40). අපගේ ප්‍රවනථාවය වඩාත්ම වැදගත් ඇදහිළිවන්තයින්ට සේවය කිරීම සහ දුප්පතුන් සහ නින්දාවට ලක් වූවන් නොසළකා හැරීම නිසා උන්වහන්සේ මෙහි අවමයා (අන්තිම අසරණයා) ගැන කථා කිරීම වැදගත්ය! කෑම බීම, මිළදී ගැනීම සහ විකිණීම, තමන් වෙනුවෙන්ම තනියම ගොඩ නැඟීම සහ වගා කිරීමෙහි යෙදී සිටින අය, යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට නිසැකවම ඉතිරි වනු ඇත (ලූක් 17: 28,34). තම සෙසු ඇදහිළිවන්තයින්ට සේවය කිරීමට ප්‍රේමණීය සැළකිල්ලක් දක්වන ස්වාමින් වහන්සේට සේවය කරන අය පමණක් ගනු ලැබේ. තවත් ඡේදයක, යේසුස් වහන්සේ තවත් පිරිසක් ගැන කථා කළ සේක - ඔවුන් මෙම කණ්ඩායමට වඩා වෙනස් ය. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කළ සියලු යහපත් දේ සිහිපත් කරන්නේ මොවුහුය. ඔවුන් ද විනිශ්චයාසනයේ සිටින අතර, ඔවුන් යේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයින් දුරු කිරීම, දේශනා කිරීම, රෝගීන් සුව කිරීම යනාදිය ස්වාමීන් වහන්සේට මතක් කර දෙයි. නමුත් ඔවුන් මේ සියල්ල කළත්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි සැඟවුණු ශුද්ධ ජීවිතයක් පිළිබඳ වූ පළමු අවශ්‍යථාවය ඔවුන්ට නොතිබූ බැවින්, ඔවුන් ස්වාමින් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඔවුන් තමන් තුළ තිබූ ආත්මික දීමණා වල විශිෂ්ඨත්වය කෙරෙහි පැවතුණෝය.

සවන් දීමට.