ඇදහිලිවන්තයෙකුට තම ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත මග හැරී යා හැකිය. සාවුල්ව ඊශ්‍රායෙලයේ රජු ලෙස දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ නමුත් අවසානයේ ඔහුගේ නොඉවසිලිමත්කමේ සහ අකීකරුකමේ ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේට ඔහුව ප්‍රතික්‍ෂේප කිරීමට සිදු විය. ඔහු තවත් වසර කිහිපයක් සිංහාසනයේ සිටි බව සැබෑ වේ, නමුත් ඔහුගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔහුට මග හැරී තිබුණේය. සලමොන් තවත් උදාහරණයකි. ඔහු මෙම මුල් වසරවලදී දෙවියන් වහන්සේව සතුටු කළ නමුත්, මිථ්‍යාදෘෂ්ටික කාන්තාවන් සමඟ විවාහ වීමෙන් පසුව ඔහු වැටී ගියේය.
“මේ දිනවල කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද ඔබේ කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න”
කාන්තාරයේදී මිය ගිය ඊශ්‍රායෙල්වරුන්ගේ ආදර්ශයෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසට නව ගිවිසුමේ දෙවරක් අපට අවවාද කර ඇත. ඔවුන් සඳහා දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත වූයේ ඔවුන් කානාන් දේශයට ඇතුල් වීමයි. නමුත් ඔවුන්ගෙන් දෙදෙනෙකු හැර අන් සියල්ලන්ටම නොඇදහිලිකාරකම සහ අකීකරුකම නිසා දෙවියන්වහන්සේගේ හොඳම දේ මගහැරී ගියේය (1 කොරින්ති 10:1-12; හෙබ්‍රෙව් 3:7-14). බොහෝ ඇදහිලිවන්තයන් හට අකීකරුකම සහ යුතු දේ වෙනුවට කැමති දේ තේරීම තුළින් - බොහෝ විට විවාහයේදී හෝ වෘත්තියක් තෝරාගැනීමේදී, ඔවුන්ගේ ජීවිත සඳහා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම මග හැරී ඇත.
G Christian Weiss ඔහුගේ 'The Perfect Will of God' නම් පොතේ, බයිබල් පාසලක ගුරුවරයෙකු දිනක් තම සිසුන්ට පැවසුදේ මෙසේ සඳහන් වේ. "මම මගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ දෙවියන් වහන්සේගේ දෙවන හොඳම දේ මත" යනුවෙනි. දෙවියන් වහන්සේ ඔහුගේ තරුණ අවධියේදී මිෂනාරිවරයෙකු ලෙස ඔහුව කැඳවා තිබුණත්, ඔහු විවාහයේ ප්‍රතිඵලයක් ලෙස එම කැඳවීමෙන් ඈත් වී ඇත. ඉන්පසු ඔහු මුදල් ඉපැයීමේ මූලික අරමුණින් බැංකුවක සේවය කරමින් ආත්මාර්ථකාමී ව්‍යාපාරික ජීවිතයක් ආරම්භ කළේය. දෙවියන් වහන්සේ වසර ගණනාවක් ඔහු සමඟ දිගටම කතා කළ නමුත් ඔහු යටත් වීමට අකමැති විය. දිනක් ඔහුගේ කුඩා දරුවා පුටුවකින් වැටී මිය ගියේය. මෙය ඔහුව දණගැස්වූ අතර, මුළු රාත්‍රියක්ම දෙවියන් වහන්සේ ඉදිරියෙහි කඳුළු සලමින් ගත කිරීමෙන් පසු ඔහු තම ජීවිතය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ අතට පත් කළේය. ඔහු දැන් අප්‍රිකාවට යාමට ප්‍රමාද වැඩියි. ඒ දොර වැසී ඇත. එය තමාට දෙවියන්වහන්සේගේ හොඳම දේ බව ඔහු දැන සිටි නමුත් ඔහුට එය මග හැරී ඇත. ඔහුට කළ හැකි වූයේ තම ජීවිතයේ ඉතිරි කාලය යම් ප්‍රයෝජනයකට ගන්නා ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටීම පමණි. ඔහු බයිබල් පාසැලක ගුරුවරයෙකු වූ නමුත් මෙය දෙවියන්ගේ දෙවන හොඳම දේ පමණක් බව කිසිදා අමතක කළ නොහැකි විය.
වයිස් එහි තවදුරටත් මෙසේ පවසයි, "එමෙන්ම මීට සමාන සාක්‍ෂි දැරූ බොහෝ පුද්ගලයින් මට හමු වී ඇත. සාමාන්‍යයෙන් මෙම සාක්‍ෂි අඩු තරමින් කටුක කඳුළුවලින් නැහැවී හෝ, සලකුණුවී ඇත. දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වන්න, මක්නිසාදයත් උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්තේ මාවතට ඇතුළුවන එම තනි ප්‍රවේශය පසුකර ගොස් ඇති, පව් කළ අයව පවා භාවිතා කිරීමට උන්වහන්සේට ක්‍රම තිබේ, ජීවිතය උන්වහන්සේ මුලින් අදහස් කළ ආකාරයටම විය නොහැක. කෙනෙකුගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත මග හැරීම ඛේදවාචකයකි. ඔබටත් දෙවියන් වහන්සේගේ පළමු තේරීම මග හැරීමට ඉඩ නොතබනු ලබන පිණිස, කිතුණුවනි මෙම වදන් සහ මෙම සාක්‍ෂිය හොඳින් සටහන් කර ගන්න. උන්වහන්සේගේ දෑතට යටත් වන ඕනෑම ජීවිතයක්, ජීවන මාවතේ ඕනෑම තැනක දෙවියන් වහන්සේ නිසැකවම භාවිතා කරනු ඇත. නමුත් අපි ජීවන ගමනේ ආරම්භයේදීම, උන්වහන්සේගේ කැමැත්ත සොයා එයට යටත් වූ අය අතර සිටිමු. ඒ අනුව එම වේදනාකාරී හා ලැජ්ජා සහගත හැරවුම් මාර්ගයෙන් අපි වළකින්නෙමු."
අප විසින්ම තෝරා ගන්නා ඕනෑම ස්ථානයකදී අපට ජයග්‍රාහී ජීවිතයක් ගත කිරීමට හෝ ස්වාමින් වහන්සේට අපෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හෝ අන් අයට ආශීර්වාදයක් වීමට අපට නොහැකිය. සමහරුන්ට හැඟෙන්න පුළුවන් ඔවුන්ට තමන්ගේම වෘත්තිය සහ පදිංචි ස්ථානය තෝරාගෙන ඔවුන් කොතැනක සිටියත් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සාක්‍ෂිකරුවෙකු වීමට උත්සාහ කළ හැකි බව. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දයාවෙන් එවැනි ඇදහිලිවන්තයන් සීමිත ආකාරයකින් භාවිතා කළ හැකිය. නමුත් එවිට දෙවියන්වහන්සේගේ මිදි වත්තෙහි ඔවුන්ගේ ප්‍රයෝජනය වනු ඇත්තේ ඔවුන් උනන්දුවෙන් උන්වහන්සේගේ සැලැස්ම සොයමින් උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්තේ මධ්‍යයේ රැඳී සිටියේ නම් එය විය හැකිව තිබූ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසක් වීම පමණි. ආත්මික වර්ධනය අඩාල වීම සහ ඵලදායිත්වය සීමා කිරීම යනු දෙවියන් වහන්සේගේ නීති නොසැලකිලිමත් ලෙස නොසලකා හැරීමේ ප්‍රතිඵලයකි.
ඔබ යම් කාරණයකදී දෙවියන් වහන්සේට අකීකරු වී ඇත්නම්, ප්‍රමාද වීමට පෙර දැන් පසුතැවිලි වී උන් වහන්සේ වෙත හැරෙන්න. යෝනාගේ සිද්ධියේදී මෙන්, ඔබගේ ජීවිතය සඳහා දෙවියන්වහන්සේගේ සැලැස්මේ ප්‍රධාන ධාරාවට නැවත පැමිණීමට ඔබට තවමත් හැකිවනු ඇත.
අප සෑම කෙනෙකුටම ඇත්තේ එක් ජීවිතයක් පමණි. දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද කාර්‍යය අවසන් කළ බව අවසානයේදී පාවුල් තුමා මෙන් කිව හැකි මනුෂ්‍යයා භාග්‍යවන්තය (2 තිමෝති 4:7).
"ලෝකයත් එය සතු සියලු මාංශික තෘෂ්ණාවන් දිනක අතුරුදහන් වනු ඇත. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුගමනය කරන මිනිසා සදාකාලිකයට අයත් කොටසක් වන අතර ඔහු සදාකාලයටම පවතින්නේය" (1 යොහන් 2:17-ජේ.බී. ෆිලිප්ස් බයිබල් පරිවර්ථනය).
"ජීවිතයේ අරුත සහ අරමුණ නොදන්නා මිනිසුන් ලෙස නොව, එය දන්නා අය ලෙස වගකීම පිළිබඳ හැඟීමකින් යුතුව ජීවිතය ගත කරන්න. මේ දිනවල කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද ඔබේ කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. අනුමාන කරන්නන් මෙන් නොව නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ඔබ දන්නා දේ තදින් අල්ලා ගන්න" (එපීස 5:15-17- ජේ.බී. ෆිලිප්ස් බයිබල් පරිවර්ථනය).
©Zac Poonen – [email protected]