WFTW Body: 

මිනිසුන් වැඩ වැඩ වැඩ (අවිවේකීතාවයට) එළඹිය හැකි යම් දෙයක් මෑතකදී මා කියෙව්වෙමි. එය මෙසේය.

කිතුණුවන් සභාවට යෑමෙන් අපට වැළැක්විය නොහැක. ඔවුහු, ඔවුන්ගේ බයිබලය කියවීමෙන් අපට වැළැක්විය නොහැක. නමුත් අපට වෙන දෙයක් කළ හැකියි. අපට ඔවුන්ව ක්‍රිස්තුස් වහන්සේ සමඟ යුග (විවාහ) සම්බන්ධයකින් (කුලූපග, ඉතා හිතවත්, මනාලිය හා මනාලයා අතර සම්බන්ධය) වෙන් කළ හැකිය.

"සාතන් ලොවපුරා වූ සාකච්චා සභාවක් කැඳවා, උගෙ ආරම්භක පණිවුඩයේ යක්‍ෂ ගෝලයන්ට, ඌ කියා සිටියේ : 'කිතුණුවන් සභාවට යෑමෙන් අපට වැළැක්විය නොහැක. ඔවුහු, ඔවුන්ගේ බයිබලය කියවීමෙන් අපට වැළැක්විය නොහැක. නමුත් අපට වෙන දෙයක් කළ හැකියි. අපට ඔවුන්ව ක්‍රිස්තුස් වහන්සේ සමඟ යුග සම්බන්ධයකින් වෙන් කළ හැකිය. ඔවුහු යේසුස් වහන්සේ සමඟ මෙම සම්බන්ධය ගොඩනගා ගතහොත්, ඔවුහු කෙරෙහි අපගේ බලය කැඩී යන්නෝය. එබැවින් ඔවුහු සභාවට ගිය දෙන්, ඔහුන්ගේ මූලික (ප්‍රධාන) දේව ධර්ම තිබුණ දෙන්, ඔහුන්ගේ පුරාණ ව්‍යවහාරයන්ට ආශා කරණ (අලුත් දේ ප්‍රියනොකරන) ජීවන රටාව තිබුණ දෙන්, නමුත් ඔහුන්ගේ කාළය සොරකම් කරන්න, එවිට ඔවුනට යේසුස් වහන්සේ තුළ එවැනි යුග සම්බන්ධයක පළපුරුද්ද ගොඩනගා ගන්නට නොහැක. මෙයයි යක්‍ෂ ගෝලයිනි මට උඹලාගෙන් කෙරෙන්න අවශ්‍ය. ඔවුන්ගේ ගැළවුම් කාරයාණන් ව තදින් අල්ලා ගැනීමෙන් ඔවුන්ව වෙන අරමුණකට යොමුකරන්න.

ඌගෙ යක්‍ෂ ගෝලයන් : අප මෙය කරන්නේ කෙසේද? යැයි ඇසුවෝය.

සාතන් කීවේ, 'ජීවිතයේ අත්‍යාවශ්‍ය නොවණා දෑ තුළ ඔවුන්ව අවිවේකීව තබන්න. ඔවුන්ගේ මනස අත්පත් (මිඩංගු, අවිවේකී) කරගන්නා පිණිස බොහෝ අළුත් උපක්‍රම (කූට) උපදවන්න. වියදම් කරන්න, වියදම් කරන්න, ණයට ගන්න, ණයට ගන්න ඔවුන්ව පොළඹවන්න. ඔවුන්ගේ ඉහළ ජීවන රටාව (අධික සු‍‍ඛෝපබෝගී) පවත්වා ගැනීමට හැකි වන පිණිස, භාර්‍ය්‍යවන්ට රැකියාවට යෑමට හා ස්වාමි පුරුෂයන්ට සතියකට දින 6ක් හෝ 7ක්, දිනකට පැය 10 -12 වැඩ කරන්න ඒත්තු ගන්වන්න, ඔවුන්ගේ දරුවන් සමඟ කාළය ගත කිරීමෙන් වළක්වන්න. එහෙයින් ඔවුන්ගේ පවුල් බිඳෙන හෙයින්, ඉතා ඉක්මනින් අවිවේකී පීඩාවෙන් බේරීමට ඔවුන්ගේ නිවෙස්වලට නොහැකිය.

යේසුස් වහන්සේ ඔවුනට කථා කිරීම නොඇසෙණ පිණිස ඔවුන්ගේ මනස අදික ලෙස උත්තේජනය කරන්න. වාහනය ධාවනය කරණ විට උපායෙන් රේඩියෝ හෝ කැසට් එකෙන් සංගීතය අසන්න ඔහුන්ගේ සිත් ඇඳගන්න, ඔවුන්ගේ නිවෙස් තුළ නිතරම රූපවාහිණිය හෝ වී. ඩි. ඕ පටි වැඩ කරමින් පවතින්න ඉඩ හරින්න. ඒ සමඟම මේ ලෝකේ සෑම ගබඩාවක් හා ආපන ශාලාවක්ම තුළ සංගීතය නිතරම වාදනය වන බවට වග බලාගන්න. ඔවුන්ගේ කෝපි මේස සඟරා හා පුවත්පත්වලින් පුරවන්න. ඔවුන්ගේ මණස දවසේ පැය 24 පුරා ප්‍රවෘතිවලින් පුරවන්න. ඔවුන්ගේ ධාවන කාළය වෙළඳ දැන්වීම් පුවරුවලින් ආක්‍රමණය කරන්න. ඔවුන්ගේ විද්‍යුත් තැපෑල අනවශ්‍ය දෙයින් පුරවන්න : අශ්ව රේස් සූදු කෙළිය, අන්තර් ජාලයෙන් භාණ්ඩ ඇණවුන් ලැයිස්තු නාමාවලිය, සහ 'නොමිළේ' පිරිණමන භාණ්ඩ, සේවාවන් හා ව්‍යාජ බලාපොරොත්තු, දෙන සියළු ආකාරයේ ප්‍රවෘත්ති සහ දැන්වීම්.

ඔවුන්ගේ විනෝද ප්‍රීති විවේක කාලයේත් එය අධික ලෙස පාවිච්චි කරන්න ඉඩ සලසන්න. ඔවුන්ගේ පවුලේ නිවාඩුවෙන් අධික ලෙස වෙහෙස වී ඊළඟ සුමානයට ලක ලෑස්තියකින් තොරව නැවත පැමිණෙන්න සලසන්න. සොබාදහම තුළ ඇවිදයාමකට නොගොස්, ඒ වෙනුවට විනෝද උද‍්‍යාන, ක්‍රීඩා උත්සව, සංගීතමය ප්‍රසංග හා චිත්‍රපටවලට යවන්න. ඔවුහු ආත්මික සහෝදරත්වයේ සහභාගිකමට එකතුවන කළ ප්‍රලාප (කට වාචාල) හා ඕපාදූපවලට පටලවාගන්න, මෙලෙස ඔවුහු කරදර වූ හෘද සාක්‍ෂියකින් හා කැළඹුණු උද්වේගයකින් නැවත යන්නෝය.

ක්‍රිස්තුස් වහන්සේට සාක්‍ෂි දරන්න ඔවුන්ට ඉඩ හරින්න, නමුත් ඔවුන්ගේ ජීවිත බොහෝ යහපත් දැයින් තෙරපන්න, එවිට ක්‍රිස්තුස් වහන්සේගෙන් බලය සොයන්න ඔවුන්ට වෙලාවක් නොවන්නෝය. ඔහුන්ගේ සෞඛ්‍ය හා පවුලේ සමඟිය කැප කරමින්, - සියල්ලම ඔවුන්ගේ යහපත් දැය උදෙසා ඉක්මණින් ඔවුහු ඔවුන්ගේම ශක්තියෙන් ක්‍රියා කරන්ණෝය',

සෑමතැනම වෙසෙන කිතුණුවන් වැඩ වැඩ වැඩ සහ අතනට මෙතනට දුවන්න සළස්වමින්, යක්‍ෂ ගෝලයින්, උන්ට පැවරු කොටස වෙත ඉතා උත්සුකව ගියෝය.

යක්‍ෂයා ඌගෙ කූට උපක්‍රමය තුළ විජයක්ග්‍රාහී ද? කියා ඔබම විනිශ්චය කරන්න".